ඔන්න අද තුශානි කියන්න යන්නේ, පහුගිය දවසක තුශානිගේ ගෙදරට ආපු අමුත්තෙක් ගැන. බලන්නකො ඔයාලත් අඳුරණවද කියලා.... මේ තියෙන්නේ එයාගේ පින්තූරයක්.
හරියටම හරි.... ඩ්‍රැගන් ෆෘට් යාළුවෙක් තමයි ආවේ. ඩ්‍රැගන් ෆෘට් යාළුවා තුශානිගේ ගෙවත්තට ආවේ පහුගිය දවසක වුනත් තුශානි ඩ්‍රැගන් ෆෘට් පැලේ හිටෙව්වෙ නම් හුඟක් කාලෙකට කලින්. ඉතින් ඩ්‍රැගන් ෆෘට් මල් පොහොට්ටුවක් එනවා දකිනකොටම තුශානිගේ ඉහෙත් මලක් පිපුණා වගේ සතුටක් දැනුන නිසාම ඩ්‍රැගන් ෆෘට් කතාව කට්ටියටම කියන්න දවසින් දවස පින්තූර ටිකකුත් එකතු කරගත්තා.
ඩ්‍රැගන් ෆෘට් කියන්නේ කැක්ටේසියේ (Cactaceae) කුලයට අයත් අපිශාක ලෙස වැඩෙන බහු වාර්ෂික ශාකයක්. පලතුරු ශාකයක් විදිහට වගේම විසිතුරු ශාකයක් විදිහටත් ඩ්‍රැගන් ෆෘට් අද ජනප්‍රිය වෙලා තියෙනවා.
ඩ්‍රැගන් ෆෘට් කියන්නේ කැක්ටේසියේ (Cactaceae) කුලයට අයත් අපිශාක ලෙස වැඩෙන බහු වාර්ෂික ශාකයක්. පලතුරු ශාකයක් විදිහට වගේම විසිතුරු ශාකයක් විදිහටත් ඩ්‍රැගන් ෆෘට් අද ජනප්‍රිය වෙලා තියෙනවා.
ඔය පින්තූරේ තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට් මල් පොහොට්ටුවක්. ඩ්‍රැගන් ෆෘට් මල් පිපෙන්නේ නම් රෑට.
මේ තියෙන්නේ උදේක ගත්ත පින්තූරයක්. සුදු පාටට හුරු ක්‍රීම් පාටක් තමයි ඩ්‍රැගන් ෆෘට් මලට තියෙන්නේ. පෙනුමෙන් නම් ටිකක් කඩුපුල් මලක් වගේ.
ඩ්‍රැගන් ෆෘට් මලේ තියෙන සුන්දරත්වය නිසාම Queen of night, Moon flower, Nobal Woman වගේ නම් වලිනුත් මේ
ඩ්‍රැගන් ෆෘට් මල හඳුන්වනවලු.
ඩ්‍රැගන්
ෆෘට් මල පරවෙලා ගිහින් එතනින් ඩ්‍රැගන් ෆෘට් ගෙඩිය ඇතිවෙනවා. මුලින්ම කොල
පාටට තිබිලා ඊට පස්සේ ටිකෙන් ටික රතු පාටට හැරෙනවා.
ඩ්‍රැගන් ෆෘට් විශේෂ කීපයක් තියෙනවා.
Hylocereus undatus කියන්නේ ඇතුලත සුදු පාට සහ පිට පොත්ත රතු පාටට හුරු මෙරුන් පාටක් ගන්නා විශේෂය.
Hylocereus Polyrhizus කියන්නේ ඇතුලත සහ පිට පොත්ත යන දෙකම රතු පාටට හුරු මෙරුන් පාටක් ගන්නා විශේෂය.
Selenicereus megalanthus කියන්නේ ඇතුලත සුදු පාට සහ පිටත පොත්ත කහ පාටක් ගන්නා විශේෂය.
මල් පොහොට්‍ටුව ඇතිවෙලා දවස් 30-35 වගේ කාලයක් ගතවෙනවා ඉදුණු ඩ්‍රැගන් ෆෘට් ගෙඩියක් ඇතිවෙන්න.
මේ පින්තූරේ තියෙන්නෙ තුශානිගේ ඩ්‍රැගන් ෆෘට් පැලේ හා හා පුරා කියල අපු මුල්ම ඩ්‍රැගන් ෆෘට් ගෙඩිය කැපුවහම පෙනුන විදිහ.
කෙලින්ම පලතුරක් විදිහට වගේම බීම, ජෑම්, අයිස් ක්‍රීම්, ජෙලි, වයින් විදිහටත් ඩ්‍රැගන් ෆෘට් රස බලන්න පුළුවන්.
ඩ්‍රැගන් ෆෘට් වලින් ආහාර දිර වීමේ හැකියාව වැඩි කරනව වගේම පිළිකා මර්ධනය, දියවැඩියාව , රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනයටත් , රුධිර පීඩනය පාලනයටත් ඔසුවක් විදිහට යොදා ගන්නවා කියලත් දැන ගන්න ලැබුනා.
රස වගේම ගුණත් නිසා ඔයාලත් ඩ්‍රැගන් ෆෘට් ගෙඩියක රස බලන්න වගේම ඉඩ කඩක් තියෙනව නම් පැලයක් හිටවන්නත් අමතක කරන්න එපා.
ඩ්‍රැගන් ෆෘට් ගැන මං ඉස්සෙල්ලාම ඇහුවෙ දෙදාස් හතේදි. ඒ කාලෙ තමයිලු ඔය පළතුර ලංකාවට ආවෙ. මං අහල තියෙන විදියට පිට රටක ඉඳන් ආවා ලාංකිකයෙක් හොරෙන්ලු ඔය බීජ ලංකාවට ගෙනාවෙ. එහෙමලු ඔය පළතුර ලංකාවට බෝ වුනේ. අනේ ඉතින් ඕවයේ ඇත්ත නැත්තනම් මං හරියට කියන්න දන්නෙ නෑ. මාත් ඔය අහපු කතාවක්.
ReplyDeleteබොරු කියන්නෙ මොකටද, මටනම් තවම ඔය පළතුරේ රස විඳින්නනම් පුලුවන් කමක් ලැබිලා නෑ. ඒ අතින් තුශානි ප්යා හරි වාසනාවන්තයි මේ පළතුර ගෙදරම හදාගත්ත කිව්වම.
ඒ ගැන නම් මමත් හරියට දන්නේ නෑ.
Deleteඩ්‍රැගන් ෆෘට් පැලයක් හදාගන්න නම් එච්චර අමාරු නෑ මනොෂ්. අව්ව තමයි ටිකක් ඕනේ..
මනෝෂ් අහල තියෙන කතාවම තමා මාත් අහල තියෙන්නෙ..
Deleteඒ මුල් වෙච්ච ලාංකිකය යුද්ධ හමුදාවට සම්බන්ධ වෙච්ච කෙනෙක් කියලත් මට මතකයි...
මුල්කාලෙ ඩ්‍රැගන් ෆෲට් ලංකාවට ගෙන්න් තහනම්... ඒකට හේතුව නමං මට දැන් මතක නෑ.. පස්සෙ පස්සෙ තමා ලංකාවට ගෙන්නන්න පටන් ගත්තෙ හැබැයි කඩෙන් ඇරන් ඩ්‍රැගන් ෆෲට් කන එක නං ලේසි නෑ
අප්පා ඔව් මහේෂ්, එව්ව හෙන ගනං කඩේ. ඊට හොඳයි නොකා ඉන්නවා
Deleteහා
ReplyDeleteජය වේවා!!!
:)
Deleteමේ ලගදි මාත් දැක්කා මල් ටිකක්.. මේක දැක්කම මතක් වුනේ ඒකේ ගෙඩි වල තත්වය කොහොමද කියලා බලන්න ඕන හෙට දිහාවට..
ReplyDeleteසාමන්‍යයෙන් මල් හැදිලා දවස් 30-35 කින් විතර ගෙඩි හැදෙනවා.. බලන්නකෝ එහෙනම්..
Deleteදරාගන් ෆ්රුට්වල රස මටනම් එච්චර අල්ලන්නේ නෑ, ගුණයි කියලනම් හැමෝම කියනවා , හැබැයි මෙහෙම මැද රතුපාට එකක් කාලා නෑ , අර මදය සුදුපාට එක තමයි කාලා තියෙන්නේ
ReplyDeleteමදය සුදු පාට එකට වඩා මෙරුන් පාට එක රසයි කියලයි මට හිතෙන්නේ... කෑලි කපලා ටිකක් ෆ්‍රිජ් එකේ තියල කාල බලන්නකෝ...
Deleteමැලේසියාවෙ තියෙන රතු පාට එක කෑවා නම් ඔයා ඩ්‍රැගන් පෘට් ගැන ඔහොම කියන්නෙ නෑ ඉවාන්...කන එක කන්න ඕනෙ ගොවිපලෙන් නෙලා ගත්ත අලුතම එකක්...නැත්තං රස අඩු වෙනවා...මම කෙටි කාලයක් ඉතින් මහා පරිමාණ ඩ්‍රැගන් පෘට් වත්තක් ලග කල් ගෙව්වා නොවැ...මතකනෙ..මස්සිනාගෙ කථාව...
Deleteහොද විස්තරාත්මක ලිපියක්
ReplyDeleteස්තූතියි..
Deleteහුඟක් අය ඩ්‍රැගන් ෆෘට් රස බලලා තිබුනට මලෙන් ගෙඩිය ඇතිවෙන හැටි දැකල නැතුව ඇති කියලා හිතුනා. ඒකයි විස්තර ලිව්වේ..
හ්ම්මටත් රස විදින්න වගේම ඔය ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් කමක් ලැබුනා අනුරාධපුර පැත්තෙ තියෙන ෆාම් එකකට වෙන වැඩක් කරන්න ගිය වෙලාවක.... ,මං දැක්කේ ඔවා හදලා තිබුණේ අඩි 4ක විතර් උස කොන්ක්‍රීට් කණු හිටවලා ඒ උඩ යකඩ රවුම් තියලා ,මුලුන් ඇට ගතිය නිසා වෙනසක් දැනුනට රසයි ,...කූල් නම් හොද රසයි .
Deleteනුවර පාරෙ මාවනැල්ලට කිට්ටු වෙන්න උතුවං කන්ද පැත්ත හරියට වෙන්න සෑහෙන්න තියෙනව විකුණන්න දාල
ReplyDeleteඒත් ගනන්ඇහුවාම තමා තරු විසි වෙන්නෙ
ඔව්... ගාන නම් ටිකක් සැරයි තමයි.
Deleteකාලා රස බලන්නත් තිබුනා නම් තමා වටින්නෙ.
ReplyDeleteඔව්නේ ඔව්නේ...
Deleteඩ්‍රැගන් ෆෘට් වගාවක් පටන් ගත්ත කාලේක නොමිලේ ගෙදරටම එවන්නම්කෝ...
තුශානි බොහොම පරිශ්‍රමයක් දරල කතාව පරිපූර්ණ එකක් විදියට අපට ලබාදීල තියෙනවා.
ReplyDeleteඩ්‍රැගන් පෘට් කාලානං තියෙනව ටිකක් ගාන සැරයි නමුත් හරිම රසයි.ලංකාවට ගියාම පැළයක් මගෙ පුංචි ඉඩම් කෑල්ලෙත් හිටවන්න ආසයි පැළ හොයාගන්නෙ කොහොමද කියල තුශානි දන්නවද.
:) ඔව් හැලපතුමා විස්තර ටිකක් හොයලා බැලුවා.
Deleteමව් ශාක වලින් ගන්න දඩු වලින් පැල හදා ගන්න පුළුවන්. සෙ.මී. 15 - 20 විතර දිග දඩු කෑලි හිටවන්න කලින් දවස් 1 - 2 විතර වියලි ස්ථානයක තියලා මුල් අද්දවා ගන්න ඕනේ. අනිත් කාරණේ ටිකක් අව්ව වැඩිපුර තියෙන තැනක තමයි හිටවනත් ඕනේ.
ඔන්න හැලපතුමා ලංකාවට එන වෙලාවක තුශානිට ලොකු තෑග්ගක් අරගෙන ආවොත් නම් පැලයක් දෙන්න පුළුවන් ගෙදර ගෙනිහින් හිටවන්න . :D
ඒක නං එච්චර වැඩක්යැ කෝකටත් මට පැළයක් ලෑස්ති කරල තියන්නකො එහෙනං.
Deleteහරි හරි ... පැලයක් ලෑස්ති කරලා තියන්නම්කෝ.. අර ලොකු තෑග්ග එහෙම ගේන්න අමතක කරන්න එපා හොඳේ...
Deleteමං තාම කාල නෑ ඔවුවා ....
ReplyDeleteමෙයා නම් වගාත් කරගෙන .... :(
කාලෙකට පස්සේ.... සාදරෙන් පිලිගන්නවා...
Deleteඅර වගා කරන්න ගත්තු වත්තේ ඩ්‍රැගන් ෆෘට් වගාවකුත් පටන් ගන්න ... :D
මමත් කාලා නැහැනේ තුශානියේ ඔය ඩ්‍රැගන් ෆෘට්.
ReplyDeleteබැරිද වගාවකුත් තියෙන එකේ අපිටත් කැල්ලක්,දෙකක් දෙන්න.
අපොයි පුළුවන් .. හැබැයි අර හැලපතුමා වගේ ලොකු... තෑග්ගක් අරන් එන්න ඕනේ... :D
Deleteහැලපතුමා රට ඉන්න මනුස්සයා.
Deleteමමතුමා ඉන්නේ ලංකාවේ.
ඉතින් හැලපතුමා ලො....කු තෑග්ගක් ගෙන එක සාධාරණයි.
ඒ නිසා මමතුමා පොඩි තෑග්ගක් ගෙන්නම් තුශානියේ...:D
හාකෝ හාකෝ එහෙනම් ... :(
Deleteමම ලියපු ඩ්‍රැගන් පෘට් කථාව මතකයිනෙ..මම මැලේසියාවෙ මහා පරිමාණ ඩ්‍රැගන් පෘට් වගාවක ඡායාරූප පෙන්නුවා. ඔබේ ගෙවත්තේ ඇත්තේ රසින් වැඩි වර්ගයයි. නෙලා ගත් වහාම අනුභව කලොත් තමයි උපරිම රස විදින්න පුලුවන්. පස්සෙ කාලෙක අනාගත ආයෝජනයක් විදියට ලංකාවෙ ඩ්‍රැගන් පෘට් වගාවක් පටන් ගන්න මට ආසයි. නමුත් මැලේසියාවෙ ඉදන් ලංකාවට බීජ ගෙනියන්න විවිධ බාධා තියෙන බවක් මා අසා දැනගත්තේ ඒ සදහා ක්‍රියාත්මක වූ තවත් මිත්‍රයෙකුගෙන්.
ReplyDeleteමතකයි මතකයි... පහුගිය දවසකත් මම ඒ පින්තූර ටික ආපහු බැලුවා..
Deleteඅපේ ගෙදර තියෙන වර්ගය රසම එක කියලා දැන ගන්න ලැබුන එකට නම් හරිම සතුටුයි. තව පැල කීපයක් හිටවන්න හිතුනා.
දැනට ලංකාවේ මහා පරිමාන ඩ්‍රැගන් ෆෘට් වගාවල් තියෙනවා. ඒවට බීජ ගේන විදිහත් ටිකක් හොයලා බලලා වගාවක් පටන් ගන්න.
මම ඊටත් වඩා ආසයි ඕකිඩ් වවන්න. මලක් වගේ ලදක් හොයාගත්තට පස්සෙ බැරියැ...එයාට භාරදෙන්න කරගෙන යන්න කියලා.
Deleteවගාව පටන් ගන්න ඉස්සෙල්ලා ...ඒ නිශ්පාදන මිලදී ගන්නා ආයතන ගැන හොයන්න. එහෙම ගැටළුවක් තියෙනවා බොහොමයක් නිශ්පාදනවලට.
Deleteතවමත් ලංකාවෙ ඩ්‍රැගන් පෘට් ඉල්ලුම දේශීයව සපයන්න බැරි තත්වයක් තියෙන්නෙ...අනිවාර්යෙන්ම වෙළදපොල පිළිබද හැදෑරීමක් කරලා තමයි වැඩේට බහින්නෙ.
Deleteතුශානි.....සමහර ඩ්‍රැගන් ෆෘට් නම් රහ නැහැ. ඔයාගේ හැදිච්ච ඒවා කොහොමද? මේවාගෙන් නොයෙකුත් දේ හදන්න පුළුවන්. මිල්ක්ෂේක්ස් හදන්න.
ReplyDeleteමේ පලවෙනි ඩ්‍රැගන් ෆෘට් ගෙඩිය. රස නම් හොඳයි... ලබන සතිය දිහාට විතර ඊලඟ එක ඉදුනාම මිල්ක්ෂේක්ස් හදලා බලන්න ඕනේ..
Deleteඩ්‍රැගන් ෆෘට් තමයි ලෝකයේ ඖශධ නිෂ්පාදනය සඳහා වැඩියෙන්ම ය්දාගන්න පලතුර .... ඒවාගේම ලෝකයේ නිෂ්පාදනය වෙන පලතුරකින් පළතුරක් හැටියට පරිබෝජනය (20%ක් විතරයි) කරන ප්‍රමාණය ඉතාමත්ම අඩු පලතුර ... ඉතිරි සියල්ල (80%) වෙනත් ඖශධ ඇතුළු නිෂ්පාදන සදහා බාවිතා කරනවා
ReplyDeleteමේ බවක් නම් කලින් දැනගන හිටියේ නෑ... බොහොමත්ම ස්තූතියි මැලේ රාළේ තොරතුරු බෙදාහදා ගන්න එක් වුනාට.
Delete