පරතෙරක් නොපෙනෙනා සයුරක
මහමෙරක් පැතුමන් අරන්
සයුර ගුවනට මුසුවනා ඉම
ඈත සිතිජය වෙත යමින්...
මහමෙරක් පැතුමන් අරන්
සයුර ගුවනට මුසුවනා ඉම
ඈත සිතිජය වෙත යමින්...
යකඩ බඳ ලෙස ජීව ලද මුත්
ප්‍රාණ ලැබ ඩහදිය මතින්
සයුර හා උරෙනුර ගැටෙන්නට
නැකැත් මොහොතින් පිටවෙමින් ...
ප්‍රාණ ලැබ ඩහදිය මතින්
සයුර හා උරෙනුර ගැටෙන්නට
නැකැත් මොහොතින් පිටවෙමින් ...
පහන් තරුවෙන් එළිය ලැබගෙන
මින් රැලෙන් මං ලකුණු අසමින්
පෙළට නැග එන රළ මතින් පැන
නිම් වලළු පසු කර ගොසින්...
මින් රැලෙන් මං ලකුණු අසමින්
පෙළට නැග එන රළ මතින් පැන
නිම් වලළු පසු කර ගොසින්...
තනි වුනත් මහ සමුදුරේ මැද
පාළු සීතල රාත්‍රියේ
නිමාවක් දකිනා තුරාවට
හැරවුමක ඉඟි නොම වුනේ...
පාළු සීතල රාත්‍රියේ
නිමාවක් දකිනා තුරාවට
හැරවුමක ඉඟි නොම වුනේ...
ජීවිතේ මෙය මැයි පසක් කර
දුක සතුට රළ පෙළ දිගේ
ගමන අවසන නැංගුරමලා
දුක සතුට රළ පෙළ දිගේ
ගමන අවසන නැංගුරමලා
නැවත ගමනක මතු දිනේ...
නෞකාව සහ සයුර හරිම පුදුමාකාර විදියටයි කවිය සමඟ බැඳිලා තියෙන්නෙ. ඒ සම්බන්ධ සියලු උපමා, රූපක භාවිතා කරල ඔබ ඉතාම සාර්ථකව මේ නිර්මාණය කරල තියෙනවා. නියමයි.
ReplyDeleteස්තූතියි මනෝශ්... මුහුදේ යන නැවත් හරියට අපේ ජීවිත වගේ... දුක සතුට කියන රළ පෙළත් එක්ක දිග ගමනක් ගිහින් ගමන අවසානයේ නැංගුරම් දාලා අපහු ගමනක් පටන් ගන්නවා ...
Deleteමුළු කවි පෙළම ලස්සනයි. අවසන් කවිය ජීවිතය ගැන බොහෝ දේ පසක් කරනවා.
ReplyDelete:) හැමදාමත් වගේ කරන දිරි ගැන්වීම් වලට හුඟක් ස්තූතියි..
Deleteඈත් මුහුදෙ යන නැව් දිහා බලාගෙන ඉන්නකොට අපේ ජීවිතත් මේ වගේ නේද කියලා හිතෙනවා ...
මුහුදට උපමා කරල ලීවත් අපේ ජීවිතේ ගැල කියන්නත් ගැලපෙන කවි පෙලක්...
ReplyDeleteලස්සනයි... වගෙම විශිෂ්ටයි..
ජයවේවා
ඔව් ... චුට්ටක් හිතලා බැලුවොත් මුහුදේ යන නැවත් හරියට අපේ ජීවිත වගේ...
Deleteබොහොමත්ම ස්තූතියි අගය කිරීම් වලට ....
ඇත්තෙන්ම ලස්සනයි තුශානි
ReplyDelete:) හුඟක් ස්තූතියි ...
Deleteඅඩේ නැව් ගැන නේ, නියමයි අප්පා. හරිම ලස්සනයි, මොකද මේ වෙසක් එකෙන් පස්සේ නිවාඩු ගත්තද? පේන්න හිටියේ නැත්තේ?
ReplyDeleteඔව්... රාජකාරිය දේව කාරියනේ... :) ඒ නිසා බ්ලොග් එක පැත්තේ වැඩිය එන්න ඉඩ කඩක් තිබුනේ නෑ..
Deleteඔයා නම් නැව් ගැන හුඟක් දේවල් දන්නවනේ.. පිළිගන්නව නේද මුහුදේ යන නැවත් හරියට අපේ ජීවිත වගේ කියලා....
මුහුදේ යන නැවකට මග පෙන්වන්න පහන් කණුවක්,තරු එළියක් ඕනෙමයි නේද.?නැතිනම් නැව අතරමං වෙන්න පුළුවන්.
ReplyDeleteඉතින් තුශානියා කියන දේ ඇත්ත.ජිවිතේටත් නිවරදි මග පෙන්වීමක් තියෙන්න ඕනේ නැතිනම් නැව ජීවිතෙත් වල්මත් වෙන්න පුළුවන්.
ඔව්..ආදරෙන් බලාගන්න වගේම හරි වැරැද්ද කියලා දෙන නිවැරදි මග පෙන්වීමක් ජීවිතවලට ඕනේ...
Deleteඑතකොට අතරමං නොවී වගේම කොයිතරම් බාදක ආවත් ඒවා සාර්ථකව ජයගෙන ඉදිරියට යන්න පුළුවන් ...
නැව මුහුද ජීවිතය... ඒකම විශ්වයක පුංචි උපමා...... නැව් ගමන නං පංකාදුයි ගොඩබිමක් පෙන්න තියන තුරා. අනේ ඉන් පස්සේ......අපා දුකක්.
ReplyDeleteකොහොමත්ත අපූරු උපමා සහිතව ජීවිතය ගැන ලියු මේ නිර්මාණය අගයමිිමි.
ඒක නම් ඇත්ත .. කොයිතරම් සුන්දර විදිහට පෙනුනත් ගොඩබිමක් නොපෙනෙන මහ සාගරේ තනි වුනාම දුකයි තමයි... ටිකක් කල්පනා කරලා බැලුවොත් ජීවිතෙත් ඒ වගේමයි ...
Deleteඅගය කිරීම ලොකු ශක්තියක්... බොහොමත්ම ස්තූතියි..
නැව් ගැන කීවට කියවෙන්නෙ ජීවිතේ ගැන නේද.
ReplyDeleteනැවයි ජීවිතෙයි දෙකම එක වගේ... :)
Deleteඇත්ත තුශානි...
ReplyDeleteජීවිතේ කියන්නෙත් මුහුදේ පාවෙන නැවක් වගේ තමයි.... දහසක් බාධක පරයා ඉදිරියට ඇදෙන... නවතින.... නැවතත් යන... කැඩෙන බිදෙන.. වැටෙන සහ නැගිටින.. දිනෙක ඒ මුහුදට ම යටවන....
ලස්සන නිර්මාණයක් තුශානි...
පුංචි කාලේ ඉඳලම ඈත මුහුදේ යන නැව් දිහා බලාගෙන ඉන්න මම හුඟක් ආසයි.. ඒ නිසාමද මන්දා ජීවිතෙත් ඒ විදිහට පේන්නේ...
Deleteබොහොමාත්ම ස්තූතියි අගය කිරීමට ...
හබලක්වත් නැති අපට නැව් ටොක් කුමටද???
ReplyDeleteකව්ද ඩිවරයෙක් කියලා තිබුණා...
ලස්සන කවි පෙලක්....
ජ ය වේ වා!!!!
හ්ම්.. ඒකත් ඇත්ත තමයි.. හැබැයි ධනාත්මකව හිතුවොත් මෙහෙම කතාවකුත් මම අහලා තියෙනවා " නැවක් ගැන හිතුවොත් හබලක් හරි හොයා ගන්න පුළුවන්ලු"
Deleteස්තූතියි විදානේ...
මට අමතක් වුනා නාරද දිසාසේකරගේ "මේ භවයේදී මුළු දිය දාහේ ..එකතු නොවනු ඇත අප ආයේ " කියන සින්දුව .
ReplyDeleteජීවිතය කියන්න සුරැක නිරන්තර ගමනක් යෙදෙන නෞකාවක් වගේ තමයි
මමත් කැමති සින්දුවක්.. :)
Deleteනැව් ගැන, මුහුද ගැන කොයි තරම් නම් පද වැල් ගෙතිලා ඇත්ද ...
ඉතාම අලංකාරයි. ප්‍රේමය...ප්‍රේමයේ වියෝව ගැන කවි කථා බ්ලොග් අවකාශයෙන් කියවලා හෙම්බත් වෙලා ඉන්න වෙලාවක නෞකාවක් වැනි අජීවි වස්තුවක් පිළිබද සජීවී චිත්‍රයක් අපේ හිත් වල මැවෙන විදියට ඔබේ පද පෙළ ගැහිලා තියෙනවා.
ReplyDeleteහුඟක් ස්තූතියි සිරා අයියේ... අගය කිරීම ලොකු ශක්තියක්..
Delete