අපි හැමෝම ආසයි හීන දකින්න. ඒ හීන වලට ලස්සන ලස්සන පාට තවරන්න, ඒ හීන වල නිදහසේ සැරිසරමින් ඒ හීන වල ජීවත් වෙන්න, දවසක ඒ හීන හැබෑ කරගන්න, අපි කවුරුත් ආසයි.
හීනයක් කියන්නේ පාට ගොඩක එකතුවක්. අපි ආසම පාට වලින්, අපි ආස විදිහට අපේ හීන පාට කරලා, ලස්සන කරලා ඒ හීනේ හැබෑවක් කරගෙන ජීවත් වෙන්න අපි කැමති වුනත්, එහෙම තමන් කැමති විදිහටම හීනයක් හැබෑ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ බොහොම අතලොස්සකට විතරයි. මොකද.. ඒ හීන අපි කැමති ලස්සන පාට වලින් වගේම අපි අකමැති කැත පාට වලිනුත් හැබෑ වෙන නිසාවෙන්. සමහර වෙලාවට අපි අකමැති පාටවලුයි කැමති පාටවලුයි එකට එකතු වෙලා අලුත්ම පාටකින් අපේ හීන හැබෑ වෙන්නත් පුළුවන්. කොහොම වුනත් අන්තිමට ජීවිතේ දිහා ආපහු හැරිලා බලනකොට නම් පේන්න තියෙන්නේ ජීවිතේ පාට පාට හීනයක් විදිහටයි.

පුංචි කාලේ ඉඳලාම තුශානිටත් තිබුනා එක එක විදිහේ හීන. ආගිය තොරුතුරු කියන අරුම පුදුම සත්තු, හිනා වෙවී එහාට මෙහාට පැද්දෙන ගහ කොළ, අහසේ ඉඳන් හැමෝගෙම ඕප දූප හොයන තරු කැට, ඒ හීන ඇතුලට බලෙන්ම ඇතුල් වෙලා ඒ හීන, ඒ කාලේ අරුම පුදුම හීන බවට පත් කරලයි තිබුනේ. ඇයි එතකොට බෝනික්කෝ, කාටුන් වල, සුරංගනා කතා වල හිටිය කට්ටිය තුශානිගේ හීන වලට පණ පොවලා හැබෑ ලෝකෙයි හීන ලෝකෙයි දෙකම එකක් කලාද කියලත් අද ඒ ගැන කල්පනා කරලා බලනකොට හිතෙනවා.
හැබැයි ඉතින් එක අතකට බැලුවහම අද කියලාත් ලොකු වෙනසක් නෑ.. හැබෑවක් නෙවෙයි කියලා පෙනී පෙනී තියෙන හීන එක්ක වුනත් හැබෑවක් කියලා හිතාගෙන ඒ එක්ක ජීවත් වෙන වෙලාවල් ඕන තරම්... හි.. හි..
හීනත් එක්ක හුස්ම ගන්න එක, හීන වලට පණ දෙන්න උත්සාහ කරන එක, හීන වලට අසීමිතව ආදරේ කරලා ඒ හීන වලට ලෝබ කම් කරන එක තුශානි දකින විදිහට නම් වැරැද්දක් නෙවෙයි.
ඒත් හීන හැම වෙලාවෙම හැබෑවක් නොවෙන වග ඔළුවෙ තියාගෙන ජීවිතේ හීන දකින්නත්, ඒ හීන හැබෑ කරගන්නත් උත්සාහ කරන එකයි, හැම කෙනෙක්ම කල යුතු වෙන්නේ. මොකද හැම කෙනෙකුටම ජීවිතේ හීනයක් තිබිය යුතුම නිසාවෙන්. හීන ජීවිත ජීවත් කරවනවා වගේම ජීවිතේට අරමුණක් ලබා දෙනවා ඉස්සරහට ගමන් කරන්න. ඒ නිසා ජීවිතේ ඉස්සරහට යන්න නම්, හීනය කියන්නේ අත්‍යාවශ්‍ය සාධකයක්.
ඉතින් හැම වෙලාවෙම ලස්සන පාට ගොඩකින් අමුතුම අලුත් විදිහේ හීනයක් දකින්න අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒ හීනෙම නොවුනත් ඊට ටිකක් හරි සමාන හැබෑ යතාර්ථයක් දකින්න, අත්විදින්න ඒ හීනේ අනිවාර්යෙන්ම පාර කියාවි.