හෙට උදේ පාන්දරම තුශානි ගෙදර කට්ටියත් එක්ක ගමේ යන්නයි ලෑස්තිවෙන්නේ. ගම කිව්වේ තුශානිගේ තාත්තගේ ගම. අකුරැස්සේ තමයි යන්නේ.
ගමේ ගියාම අවුරුදු තෑගී නම් ගොඩයි. ඒ තෑගී වලින් තුශානි වැඩිපුරම කැමති, ගමේ හිටිය තුශානිගේ තාත්තාගෙ නංගිගෙ අතින්ම ලස්සනට මහලා හම්බවෙන ගවුම අදින්න. ඒ ගවුමත් ඇඳගෙන තාත්තාගේ නංගීගේ දුවයි, මල්ලිගේ දුවයි අපේ මල්ලියි එක්ක ගමේ ඇවිදින්න යන්න තුශානි ගොඩක් ආසයි.
ඔන්න
එක අවුරුද්දක තුශානිට නැන්දාගෙන් ලැබුනු අවුරුදු ගවුම තුශානිට ටිකක්
හිරටයි තිබුනේ.
ඔව් අනේ... තුශානි ටිකක් බතල වෙලා හිටියේ. හි..හි...
හෝව් හෝව්... ඉතින් කලින් අවුරුද්දට වඩා ඊලඟ අවුරුද්ද වෙනකොට ඕනම ළමයෙක් ටිකක් උස වෙනව මහත වෙනවනේ.. නේද ?
හෝව් හෝව්... ඉතින් කලින් අවුරුද්දට වඩා ඊලඟ අවුරුද්ද වෙනකොට ඕනම ළමයෙක් ටිකක් උස වෙනව මහත වෙනවනේ.. නේද ?
ඉතින් තුශානිත් ටිකක් උස වෙලා චූට්ටක් විතර මහත් වෙයි කියලා නැන්දාට අමතක වෙන්න ඇති.
අයියෝ චුට්ටක් හිර වුනාට මොකද, අවුරුද්දට නැන්දා ලස්සනට මහලා දීපු ගවුම අඳින්නේ නැතුව ඉන්න පුළුවන්යෑ. ඒ නිසා ටිකක් අමාරුවෙන් වුනත් කොහොමහරි ගවුම ඇඳගත්තා. වැඩේ කියන්නේ ගවුම මහලා තිබුනු පැට්න් එකේ හැටියට ඒ ගවුමට සිප් එකක් වත් දාලා තිබුනේ නෑ. ඒ නිසා මුලින්ම අත්දෙක දාලා ගවුම ඔළුවෙන්ම දාලා තමයි ඇඳගන්න වුනේ. ඔන්න ඔය පල්ලේහා රුපේ තියෙන විදිහට තමයි ගවුම තිබුනේ.
ටිකක් හිරට වුනත් කොහොමහරි ගවුම
ඇඳගත්තනේ... ඊට පස්සේ ඉතින් සුපුරුදු විදිහටම නංගිලා දෙන්නයි මල්ලියි එක්ක
ගමේ යාළුවන්ට දෙන්න ගෙනිච්ච දේවලුත් අරගෙන උදේ ඉඳලා ගමේ හැමතැනම ඇවිදින්න යනවා.
තුශානිට ඉන්නේ මල්ලි කෙනෙක් නිසා තුශානිට අඳින්න බැරි ඇඳුම් ගොඩක් වෙලාවට ගමේ ළමයින්ට දෙන්න ගෙනියනවා. සමහර ඇඳුම් මම එක පාරකට වඩා ඇඳපු නැති ඒවා. සපත්තු සෙරප්පු, බෑග් හොඳ තත්වේ තියෙනවා නම් ඒවත් අරගෙන යනවා ටිකක් අගහිඟකම් තියෙන ළමයිට දෙන්න. හුඟක් දවස් වලට ගෙදරින් ගෙනියනකොටම ගෙනාපු දේවල් වලින් ටිකක් අඩුවෙනවා. මොකද අපේ නංගිලා දෙන්නටත් ඒවා හරියන නිසා එයාලත් ඒවයින් ටිකක් කොහොම හරි ගන්නවා.
ගමේ ළමයිනුත් ගෙනිච්ච ගමන් ඇඳුම් ඇඳලා අපිටත් පෙන්නනවා කොහොමද කියලා. ඒ වෙලාවට නම් හිතට ලොකු සතුටක් දැනෙනවා. මට හිතෙන්නේ මගේ ඇඳුම් මට වඩා ලස්සනට තියෙනවා වෙන ළමයි ඇන්දහම. අහ්.. අද වගේම ඉස්සරත් තොරොම්බල් ගොඩක් තුශානිට තිබුන නිසා ඇඳුම් වලට හරියන මාල ,වලලු, කොන්ඩ කටු, ටිකකුත් අරගෙන යන්න තුශානි අමතක කරන්නේ නෑ. ඉතින් ඒවත් දාල කොන්ඩේ ලස්සනට පීරලා කටු ගැහුවහම ඇඳුම් වල හැඩ හරි ලස්සනට කැපිලා පේනවා.
සමහර වෙලාවට මගේ ඇඳුම් ඒ ළමයි ඇඳගෙන අපිත් එක්ක එකට සෙල්ලම් කරනකොට අපේ අම්මටයි තාත්තටයි මාවයි ඒ ළමයින්වයි පැටලෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. මොකද එයාලා දැකලා තියෙන්නේ මම ඒ ඇඳුම ඇඳගෙන ඉන්නවනේ.
කොහොමින් කොහොමහරි ගෙනාපු දේවල් දාගත්ත බෑග් ටිකත් අතින් කටින් එල්ලගෙන ගමේ හැමතැනම ගිහින් දවල් කෑම වෙලාවට තමයි ගෙදර එන්නේ.
සාමාන්‍යයෙන් ගමේ ඇවිදින්න ගියාම ගස් වල තියෙන එක එක පලතුරු ජාති කඩාගෙන කාලා, අඳුරන ගෙවල් වලට ගියාම හම්බවෙන එක එක ජාතියේ කෑම ජාති කාලා ආපහු ගෙදර එන්නේ දවල් කෑම කන වෙලාවත් සෑහෙන පහුවෙලා. ඒත් ඉතින් බැනුම් අහන්න වෙයි කියලා තියෙන බයට මිසක් බඩගිනි වෙලා නම් නෙවෙයි.
තේ, තැඹිලි, බෙලිමල් වගේ දේවල් බොන්නත් මඤ්ඤොක්කා, දන්දින්නල, රාජාල වගේ අල ජාති කන්නත්, කජු පුහුලන්, අන්නාසි, පේර, දොඩම් වගේ පලතුරු ජාති කන්නත් ගමේ ඇවිදිනකොට අපිට හම්බවෙනවා. සමහර වෙලාවට අපි එනවා කියලා දන්න නිසා හැලප, වැලි තලප, ආස්මි වගේ කැවිලි ජාති හරි විශේෂ මොනාහරි හරි හදලා තියෙන වෙලාවලුත් තියෙනවා.
ඒ විතරක් නෙවෙයි ගෙදර ගේන්නත් ගොඩක් දේවල් ඒ ගෙවල් වලින් ලැබෙනවා. කජු පුහුලන්, කෙසෙල්, අන්නාසි වගේ පලතුරුත්, තේ කොළ පැකට්, කුරුඳු, ගොරකා, ගම්මිරිස් වගේ දේවලුත් අතින් කටින් උස්සගෙන තමයි අන්තිමට ගෙදර එන්නත් සිද්දවෙන්නේ.
කොහෙන් මොනදේ කාලා බීලා ආවත් ගෙදර ඇවිත් දවල් කෑම කන එක නම් අනිවාර්ය දෙයක්. මහන්සිවෙලා අපිටම කියලා නැන්දගේ අතින්ම හදපු කෑම නොකා හිටියෝත් නැන්දා තරහ වෙයි කියලා කිය කිය තමයි අත්තම්මා අපිට කෑම බෙදන්නේ. ඒ නිසා අමාරුවෙන් හරි ටිකක් කන්නම වෙනවා. කොහොම වුනත් නැන්දගේ කෑම වල නම් තියෙන්නේ පුදුම රසක්. කෑම විතරක් නම් කමක් නෑ. කෑම කාල කිරි පැණි කන්නත් එපායෑ.
හැබැයි ඔය ඔක්කොටම කලින් අපි හැමෝම නාලා තමයි කෑම මේසේට වාඩි වෙන්න ඕනේ. මොකද උදේ ඉඳලා, තේ ගස් අස්සේ, කුඹුරු වල, කැලෑ වල ගිහින් මඩ ගාගේන, දාඩිල නාලා නේ ඉන්නේ. අපේ අම්මගේ වචන වලින් කියනව නම් හඩ්ඩො ටිකක් වගේ තමයි ගෙදර එන්නේ. හි..හි..
ඔන්න එතකොට තමයි වැඩේ පටන් ගත්තේ. කිටි කිටියේ හිරට ගවුම ඇඳගෙන ගියාට කාටද අනේ ඕක ගැන හිතන්නවත් වෙලා තියෙන්නේ. ගමේ කොයි තරම් දේවල් තියෙනවද කරන්න.
ගවුම ගලවන්න තියා හිතන්නවත් බැරි තරමට හිර වෙලා. සිප් එකකුත් නැති නිසා ඔලුවෙන්ම එපැයි ගලවන්නත්. අම්මට ගලවන්න බැරි තැන නැන්දයි අත්තම්මයිත් ඇවිත් දැන් මගේ ගවුම ගලවන්න හදනවා.
ගවුම ගලවන්න තියා හිතන්නවත් බැරි තරමට හිර වෙලා. සිප් එකකුත් නැති නිසා ඔලුවෙන්ම එපැයි ගලවන්නත්. අම්මට ගලවන්න බැරි තැන නැන්දයි අත්තම්මයිත් ඇවිත් දැන් මගේ ගවුම ගලවන්න හදනවා.
ටිකක් හිතලා බලන්නකෝ කට්ටියම වටවෙලා ගවුම ගලවන්න හදනකොට මට මොනා හිතෙන්න ඇත්ද කියලා.
දන්නවද... ඒ වෙලාවේ නම් මට හිතුනේ ගවුම හිර වෙලා මාව මැරෙයි කියලා. හි..හි...
මම ඉතින් බයටම හයියෙන් අඬන්න ගත්තා. මම අඬනවා දැකලා නංගිලා දෙන්නයි මල්ලියිත් හොඳටම අඬනවා.
" දූ චුට්ටක් අඬන්නේ නැතුව ඉන්න මම ගවුම පිටිපස්සේන් කපන්නම්" කියලා නැන්දා කතුර අරගෙන ඇවිත් ගවුම කපලා තමයි මාව බේර ගත්තේ.
" දූ චුට්ටක් අඬන්නේ නැතුව ඉන්න මම ගවුම පිටිපස්සේන් කපන්නම්" කියලා නැන්දා කතුර අරගෙන ඇවිත් ගවුම කපලා තමයි මාව බේර ගත්තේ.
ඊට පස්සේ තුශානිට සතුටු හිතෙන්න ඇති කියලා නේද හිතන්නේ.. කොහොම සතුටු වෙන්නද අවුරුදු තෑග්ගට හම්බවුනු ගවුම ඉරිලා තියෙනවා දැක්කහම.
" මම දූ ට වෙන ගවුමක් මහලා දෙන්නම් දැන ඉක්මනට නාලා එන්නකෝ බත් කන්න." කියලා නැන්දා කිව්වහම තමයි ඔන්න ටිකක හරි ගියේ.
කොහොම වුනත් එදායින් පස්සේ නම් තුශානි කවමදාකවත් හිරයි වගේ කියලා හිතෙන ඇඳුම් අමාරුවෙන් අඳින්න ගියේ නෑ.
කොහොම වුනත් එදායින් පස්සේ නම් තුශානි කවමදාකවත් හිරයි වගේ කියලා හිතෙන ඇඳුම් අමාරුවෙන් අඳින්න ගියේ නෑ.
හෙටත් ගමේ යනකොට නැන්දා ලස්සන අලුත් ගවුමක් මහලා, රසට කෑම උයලා තියයි කියලා හිතුනත් එහෙම වෙන්නේ නෑ කියලා හිතෙනකොට දැනෙන්නේ කියා ගන්න බැරි තරමේ දුකක්.
ඒ මීට හරියටම මාස තුනකට කලින් හදිසි අනතුරක් වෙලා නැන්දා අපිව දාලා ගියපු නිසා. හෙට අපි යන්නේ නැන්දගේ තුන් මාසේ දානේට.
ඒ නිසා මේ අවුරුද්දේ වෙනදා වගේ තුශානිට අලුත් ගවුමක් තෑගී ලැබෙන්නේවත් නැන්දාගේ රස කෑම කන්න ලැබෙන්නේ වත් නෑ. අලුත් ගවුමක් නැතත් මහ ගෙදරට ගොඩවෙනකොට හිනාවෙලා ඉස්සරහට එන නැන්දා ගේ ලස්සන මූණ හෙට දකින්න නොලැබෙනකොට මොනවා හිතෙයිද කොයි විදිහට ඒක දැනෙයිද කියන එක තුශානිට තාමත් හිතා ගන්න බෑ.
තුශානි.. අලුත් අවුරුද්දට සුභ පතන්නත් බැරිවුණා බ්ලොගයට... ඔබටත් බ්ලොගයටත් ඔය සුන්දර කතා වලටත් සුභම සුභ නව වසරක් වේවා..... ඉතින් තුශානි අද කතාවත් අගෙයි... ගවුම කැපුවාම අායෙමත් අඩෙන ඒකත් අහන්නත් දෙයක් යෑ නේද?????
ReplyDeleteඅවුරුද්දට පොස්ට් එකක් ලියලා එකපාර කට්ටියටම සුබ පැතුව නිසා මටත් බ්ලොග් කීපයකට විතරයි සුබ පතන්න ඉතුරු වෙලා තිබුනේ. ඔන්න ගී පවුරේ නම් මම සුබ පැතුමක් ලිව්වා කට්ටියටම සුබ පතලා.
Delete:-) ටිකක් හිර වුනාට ඒ ගවුම ලස්සනට තිබුනා. ඒ නිසා දුක හිතුනා.
ගමේ ගිහිං ඇවිත් පිංතුරද සහිත අංග සම්පූර්ණ වාර්තාවක් ලබාදෙයි නේද?
ReplyDeleteමේ සැරේ යන්නේ නැන්දාගේ දානේට නිසා පිංතුරද සහිත අංග සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන්න ඉඩ කඩක් තියෙයිද කියන්න අමාරුයි. බලමුකෝ.... :-)
Deleteඅපරාදෙ ගවුම.ඒත් ඉතිං මොනා කරන්නද? මේ කාලෙ ගෑල්ලමයි අදින හිර ඩෙනිම් හෙම ගලවන්න මාවත් ඕනි වෙයිද කියලා මටත් හිතෙනවා වෙලාවකට..
ReplyDeleteඔව් ගවුම නම් අපරාදේ...
Deleteහි..හි.. ඒක තමයි කට්ටියක්ම ඕනේ ඇති ඒක ගලවන්න.
මාස තුනකට කලින්.. අයියෝ.. නැන්දාට සුභ ගමන්.. නැන්දා නැතිව උනත් අවුරුද්ද ප්‍රීතිමත්ව ගත කරන්න ලැබේවා.. මම නම් අද තමයි ගමේ (ගාල්ලේ) ඉඳන් වැඩට කොළඹ ආවේ..
ReplyDeleteනොහිතපු වෙලාවක හදිසි අනතුරක වෙලා නැන්දා අපිව දාලා ගියා.. ස්තූතියි.
Deleteගමේ ගිහින් අවුරුදු හොඳට සමරන්න ඇති නේද.. :-)
තුශානිගේ තාත්තාගේ ගම අකුරැස්සෙද? සිතූගේ තාත්තාගෙ ගමත් අකුරැස්සෙලු ඔන්න!
ReplyDeleteදානෙ වැඩ කටයුතු හොඳට කරන්න....
හරිම ශෝක්නේ... අපි අකුරැස්සේ තලහගම
Deleteපෙරේදා බණ තිබුනා. ඊයේ හාමුදුරුවෝ දාහත් නමක් වැඩම කරවලා දානේ දුන්නා.
අද ඔෆිස් එන්නත් ඕනේ නිසා ඊයේ හවස ආපහු ආවා. ස්තූතියි සිතූ..
මුල ඉඳල පෝස්ට් එක බොහොම සැහැල්ලුවෙන් කියවගෙන ආවේ. ඒත් අනිතිමේ ඒක මහ වේදනාවක් උනා. කරකවල අතෑරිය වගේ.
ReplyDeleteඇයට සුබ ගමන් පතනවා.
මටත් පුදුමයි මම කොහොමද මෙහෙම ලියන්න හිත හදා ගත්තේ කියලා. පරණ මතකයන් එක්ක ආපස්සට යද්දී නැන්දා අද නෑ කියන එක මට අමතක වෙලා ගියා.
Deleteස්තූතියි මනෝෂ් ...
හෙහේ තුශානියටත් වෙන වැඩ.නැන්දාට අවුරුද්දට කලින් ඇඟේ මිම්ම යැව්වානම් හරි නේ.
ReplyDeleteකොහොම වුනත් ජිවිතේ ඔහොම තමයි තුශානියෝ,නැන්දට සුබ ගමන්!
ඔව් අනේ.. හැබැයි ඉතින් එක අවුරුද්දක විතරයි ඔහොම වුනේ.
Deleteආවොත් යන්නම වෙනවනේ. ඒ නිසා අමාරුවෙන් වුනත් හිත හදා ගන්න වෙනවා. ස්තූතියි මනෝජ්.
ඉස්සෙල්ලම ලැබූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.. බැදලා නැත්නම් බදින්න ලැබේවා.. බැදලනම් ඉක්මනට දරුවෝ ලැබේවා...
ReplyDeleteනැන්ද ඒ දවස්වලම හිරට අන්දලා මොඩ් කරලා ගන්න හදල තියෙන්නේ තුෂානිව.. :D
නැන්දට නිවන් සැප ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...
අවුරුදු සුබ පැතුම් වල්ට ස්තූතියි. ඒත් ඉතින් ඉක්මනටම අමාරුවේ වැටෙන්න ප්‍රාර්ථනා කාලට නම් පූර්ණ විරෝධය. ඒකනේ හිර වුනාට කොහොමහරි ඇඳගත්තේ. ගලවන්න ගිහින්නේ ප්‍රශ්නේ වුනේ. හි..හි...
Deleteනැන්දාගේ සොහොනේ " නිවන් සැප ලැබේවා" කියලා ගහලා තිබුන විදිහ මේ වචන පේලිය දකින හැම වෙලාවකම මට මතක් වෙනවා.
ඇති ඉතිං බතලෙ වගේ. ගවුම හිරවෙන එක අහන්න දෙයක්යැ. (දුවපියෝ...!)
ReplyDelete:O මෙන්නෝ මෙයා මට බතලයි කියලෝ.... ( කෝ මේ මදාවී... )
Deleteහෙහ් කෑම ලිස්ට එක දැක්කම ඒක කාපු බුවා/ බුවී බතල/ලි වෙන්නැතිව තියෙයි යැ
ReplyDeleteහම්මේ ඉතිම් නේ
කෝම බංඩියක්ද...
හපොයි හපොයි. මුණටම මෙහෙමත් කියන්න පුළුවන්ද.
Deleteඒකනේ අපි ඉඳලා හිටලා ගමේ යන්නේ. හි..හි..
ගලව ගන්න බැරි එක වෙනම සීන් එකක්... ඒක කපල හරි ගන්න බැරියැ...
ReplyDeleteසමහර ලොකු උදවිය අඳින ඇඳුම් දැක්කම අපිට බය හිතෙනවා පාරේ ඇවිදගෙන යද්දී ඒවා පුපුරයිද කියලා... :D
:D ඔව් ඔව්.. විශේෂයෙන් සාරි ජැකට්.
Deleteඅපේ ඔපීසියේ එක්කෙනෙක්ට ලොකු අකරතැබ්බෙකුත් වුනා. හි..හි...
මේ අන්න කවුද කියනවා ජබ්බ තුශානි ලු..
ReplyDeleteඔන්න මම නම් නෙමෙයි
හපොයි...
Deleteෂ්... කෑගහන්න එපා ඉතින්. තව කට්ටියට ඇහුනොත් එයාලත් එහෙම කියයි.
ඒකනෙ ටිකක් කෑම පාලනය කරල බර ටිකක් අඩු කර ගන්න කියන්නෙ
ReplyDeleteඔව්.. ඔව්.. අර ඔයාගේ වැඩේ නම් හරිම සාර්ථකයි. කිලෝ 4.5 විතර අඩු වුනා. මේ දවස් ටිකේ ආපහු එක එක කෑම කැවුන නිසා අයෙමත් සතියක් වැඩේ පටන් ගන්න ඕනේ.
Deleteඅකුරුස්ස පහු කරාම තියෙනවා දෙදියගල කියල මරු පොස්ට් එකක්. ගිහින් නැද්ද.?
ReplyDeleteම්හු. ගිහින් නෑ... තාත්තාගෙන් අහලා බලන්න ඕනේ.
Deleteඅනේ හරිම දුක්බරයි ලිපියේ අවසානය..මමත් ඉස්සර අම්මලාගෙ මහ ගෙදර යනවා කිව්වම හරිම ආසාවෙන් යන්නෙ පොඩි එකා කාලෙ...එහෙදි කිරි අම්මා සීයා මාමා වගේ අය හමුවෙන නිසා...බලන්න ගතවෙච්ච වසර 20 ක වගේ කාලය තුල මේ චරිත සියල්ලම ජීවතුන්ගෙන් සමු අරගෙන...ඒ අතීතයේ මතකය විතරයි දැන් මට තියෙන්නෙ.
ReplyDeleteඔව් සිරා අයියේ... ආපස්සට හැරිලා බැලුවහම සතුටු වෙන්න දේවල් ගොඩක් වගේම දුක් වෙන්න දේවල් ගොඩකුත් අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා.
Deleteජීවිතේ ගැන කරන අර්ථ විවරණයක් වගේ. සතුට අතර මැද හිටි හැටියේ දුක මතු වෙනවා. හිතන්න දෙයක් ලිව්වට ස්තූතියි යාළුවා
ReplyDeleteබොහොම ස්තූතියි යාළුවා... ඔයාව සාදරයෙන් කැකුළු ගොමුවට පිලිගන්නවා.
Delete