උදාවෙලා තියෙන්නේ අවුරුදු මාසය නිසා හැම කෙනෙක්ම මේ දවස්වල බොහොම උනන්දුවෙන් අවුරුද්දට ලැස්ති වෙනවා ඇති. ඉතින් එහෙම අවුරුද්දට ලෑස්ති වෙන මේ වෙලේ අපි හුඟ දෙනෙකුගේ නොදැනුවත්කම සහ නොසැලකිලිමත්කම නිසා අපේ අතින් සිද්ද වෙන අපිට හුඟක් හානිදායක දෙයක් ගැන කියන්න තමයි අද තුශානි මේ ලෑස්තිවෙන්නේ.
අවුරුද්දට කැම ජාති හදන්න පටන් අරගෙනද තියෙන්නේ ?
තාම නෑ... ඒත් අද හෙටම පටන් ගන්න ඕනේ. එහෙම නේද ?
හරි... මේ දේ කියන්න ඕනේ වුනේ, කෑම ජාති හදන්න පටන් ගන්න කලින්. අවුරුදු කියලා විශේෂ කලේ අවුරුදු කාලේට ටිකක් වැඩිපුර කෑම ජාති කොයි ගෙදරක වුනත් හැදෙන නිසා. හැබැයි ඉතින් අවූරුදු කෑම හදද්දී විතරක් නෙවෙයි හැමදාටම මේ කියන කාරණාව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා.
කැම ටිකක් වහලා තියන්න, හදන කැවිලි ටිකක තෙල් ටික බේරෙන්න තියලා තියන්න, කෑමක් ඔතලා තියන්න, පිටි ටිකක් හලා ගන්න, මිශ්‍රණයක් දාලා තියෙන්න, කෑමක් කාටහරි ඔතලා දෙන්න, ඔයාලා මොනවද පාවිච්චි කරන්නේ ?
ම්.... හුඟක් දෙනෙක්ගේ උත්තරේ වෙන්නේ "පත්තර පිටු "
ඔන්න අදින් පස්සේ නම් ඔය කෑම සම්බන්ද වැඩ වලට පත්තර පිටු පාවිච්චි කරන්න එපා. හේතුව මෙන්න මේකයි.
පත්තර පිටු වල අකුරු, රූප මුද්‍රණය කරන්න නොයෙක් වර්ගයේ සායම් පාවිච්චි කරනවා. ඒ මුද්‍රණ කටයුතු වලට ගන්න සායම් වල තියෙන එක එක වර්ගයේ රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට හුඟක් හානිදායකයි. පිලිගන්න පුළුවන්ද ඒ රසායනික ද්‍රව්‍ය පිලිකා ඇති කරන්නත් හේතු වෙනවා කියලා ?
ඔව්... පිලිගන්න ටිකක අකමැති වුනත් මේ රසායන ද්‍රව්‍ය ආමාශය, අන්ත්‍රය, ගලනාලය, සම වගේ තැන් වල පිළිකා ඇති කරන්න හේතු වෙනවා. පිළිකා විතරක් නෙවෙයි තවත් ලෙඩ ගොඩකට මේ රසායන ද්‍රව්‍ය හේතු වෙනවා.
ඒත් ඔයාලා දැන් කල්පනා කරනවා ඇති කොහොමද එහෙම වෙන්නේ කියලා. මෙන්න අහගන්නකෝ, පත්තර පිටුවක් උඩ කැමක් තියලා තියෙනකොට හරි, පත්තර පිටුවකින් ඒ කෑම ඔතලා තියෙනකොට හරි ඒ කෑම වලට අර පත්තර පිටුවේ තියෙන වර්ණක උරා ගන්නවා.
මේ දේ හොඳටම බලා ගන්න පුළුවන් පාන් ගෙඩියක් හරි බනිස් ගෙඩියක් හරි පත්තර පිටුවකින් ඔතලා තිබ්බහම. චුට්ටක් මතක් කරලා බලන්නකෝ ඒකේ අර පත්තර පිටුවේ තිබුනු තීන්ත ගැවිලා තියෙන විදිහ. ඉතින් ඒ තීන්ත වල තියෙන රසායනික ද්‍රව්‍ය ශරීර ගත වුනාම අපි හීනෙකින් වත් නොහිතන හොයා ගන්න බැරි ලෙඩ අපිට හැදෙන්න පටන් ගන්නවා.
ඔය මාළු, මස් වර්ග වුනත් අපි මිලදී ගන්න සමහර වෙලාවට ඒවා පත්තර පිටු වල ඔතලා දෙනවා. එතකොට නම් අපිට හිතෙනවා ඔය තීන්ත ගැවුනත් හෝදලා ගන්න නිසා ගැටළුවක් වෙන එකක් නෑ කියලා. ඒත් ඒ නිගමනය වැරදියි. මස් මාළු වල තියෙන තෙත ගතිය නිසා ඒ තීන්ත ඒ මස්, මාළු වලට උරා ගන්නවා හේදුවත් නොයන විදිහට.
ඉතින් මේ දේවල් දැන දැන ලෙඩ වෙනවට වැඩිය හොඳයි නේද හානියක් වෙනවා කියලා දැනෙන දේවල් නොකර ඉන්න එක? ඒ නිසා කෑම ජාති ගොඩක් හදන්න, ගොඩක් කට්ටියට කෑම ජාති බෙදන්න ඉන්න මේ අවුරුදු කාලේ ඉඳලා වත් ටිකක් ඒ ගැන කල්පනා කලොත් හොඳයි කියලයි හිතුන නිසයි තුශානි මේ දේවල් කියන්න හිතුවේ.
එතකොට දැන් ඔයාලා කල්පනා කරනවා ඇති අපි මොනවද පත්තර පිටු වෙනුවට පාවිච්චි කරන්නේ කියලා. මෙන්න ඒකට උත්තරේ.
වර්ණක නොයෙදූ සුදු කොළ හොයා ගන්න පුළුවන් නම් ඒවා පාවිච්චි කලාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අද වෙනකොට සමහර අය නම් මේ දේට යොමුවෙලා ඉන්නවා. ඒ නිසාම සුදු කොළ වෙළඳපොලේ ගන්නත් තියෙනවා.
වර්ණක නොයෙදූ සුදු කොළ හොයා ගන්න පුළුවන් නම් ඒවා පාවිච්චි කලාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අද වෙනකොට සමහර අය නම් මේ දේට යොමුවෙලා ඉන්නවා. ඒ නිසාම සුදු කොළ වෙළඳපොලේ ගන්නත් තියෙනවා.
පත්තර පිටු පාවිච්චි කරන සමහර කාර්යයන් වලට අපිට පුළුවන් කෙසෙල් කොළ, තල් කොළ, නෙලුම් කොළ වගේ ස්වභාවික දේවල් පාවිච්චි කරන්න. එහෙමත් නැත්තම් ස්වභාවික දේවල් යොදාගෙන හදන වට්ටි, පෙට්ටි, කූඩ වගේ දේවල් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම මැටි මුට්ටි, ඇතිලි වුනත් පාවිච්චි කරන්න පුළුවන්නේ. මැටි මුට්ටි කිව්වහමයි මතක් වුනේ. කැවුම් එහෙම දාලා තියෙන මැටි මුට්ටියක් දෙකක් නම් තුශානිලගේ ගෙදරත් හැම අවුරුද්දකම වරදින්නේ නෑ.
ප්ලාස්ටික් භාජන වුනත් සමහර දේවල් වලදී පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් පිටි ටික හලා ගන්න, කැවිලි අඩුක්කර ගන්න ප්ලාස්ටික් ට්‍රේ පාවිච්චි කරන්න පුළුවන්. කැවිලි ජාති දාලා තියන්න, කැවිලි ටිකක් කාටහරි යවන්න වුනත් ප්ලාස්ටික් පෙට්ටියක්, ප්ලාස්ටික් භාජනයක් පාවිච්චි කරන්න පුළුවන්.
අවුරුදු දවසේ අහල පහළ ගෙවල් වලට අවුරුදු කෑම ටිකක් ගෙනියනකොට නම් කොළයක ඔතලා මොනාහරි යවන වට වඩා පිඟානක තියලා පිරිසිඳු සර්වියට් එකකින් වහලා වගේ ගෙනියන්න පුළුවන් නම් මට හිතෙන්නේ හුඟක් හොඳයි.
අවුරුදු දවසේ අහල පහළ ගෙවල් වලට අවුරුදු කෑම ටිකක් ගෙනියනකොට නම් කොළයක ඔතලා මොනාහරි යවන වට වඩා පිඟානක තියලා පිරිසිඳු සර්වියට් එකකින් වහලා වගේ ගෙනියන්න පුළුවන් නම් මට හිතෙන්නේ හුඟක් හොඳයි.
තුශානිලාගේ ගෙදර ඔය කෑම පිඟන් ගෙනියන වැඩේ නම් හැම අවුරුද්දේම කරන්නේ තුශානියි, මල්ලියි. මොකද හැම ගෙදරකම අවුරුදු කෑම මේසයේ සිරිය නැරඹීමේ විශේෂ වරප්‍රසාදය සහ ඉක්මනින් අවුරුදු තැගි ගොඩක් ලබා ගැනීමේ හැකියාව ඒකෙන් හම්බ වෙනවනේ.. හි..හි..
ඒ ඇරුනහම ටිකක් ඈත ගෙයක් නම් පන් පෙට්ටියක, කඩදාසි පෙට්ටියක, ප්ලාස්ටික පෙට්ටියක වගේ කෑම දාලා යවන්න පුළුවන්.
ම්..
ඔය කිව්වේ තුශානිට මේ වෙලාවේ මතක වෙච්චි දේවල් ටිකක්. සමහර විට ඔයාල ගාව
මීට වඩා හොඳ අදහස් ඇති. ඒ දේවලුත් පහලින් එකතු කරන්න පුළුවන් නම් අපි හැම
කෙනෙක්ටම හුඟක් ප්‍රයෝජනවත් වේවි.
එහෙනම් අවුරුදු ලබන්න කලින් තුශානි දීපු මේ අවුරුදු තෑග්ග ඔයාලටත් පුළුවන් තවත් කෙනෙක්ටත් දීලා තව කෙනෙක්වත් දැනුවත් කරන්න. අවුරුද්දට හැමෝම ලෑස්ති වෙන මේ වෙලේ මේ තෑග්ග හුඟක් වටියි නිරෝගීව, සතුටින් ජීවිතේ ගත කරන්න.
සුභ වේවා රාජසම්පත් ලැබේවා!! හැක්
ReplyDeleteතුෂානි දැං විස්වාසබල් කෙනෙක් වගේ..
හි..හි.. ඒ මොකද විස්වාසබල් කෙනෙක් වගේ කිව්වේ ?
Deleteපිගානක දාල ගෙනියන වැඩේ නම් හොදයි වගේ. රිටන් එක දෙන්නම වෙනවනෙ.. හික් හික් . තුෂානි කිව්වා වගේ ලේසියට කරන වැඩ වලින් අපිටමයි හානිය කරගන්නේ.. වැදගත් ලිපියක්
ReplyDeleteකෑම කිව්වොත් ඉතින් තුෂානිටත් .... පිගන් අරගෙන ගෙවල් ගානේ යන්නෙ.. :P
කවුද අනේ කනවා කිව්වේ.. // අවුරුදු කෑම මේසයේ සිරිය නැරඹීමේ විශේෂ වරප්‍රසාදය සහ ඉක්මනින් අවුරුදු තැගි ගොඩක් ලබා ගැනීමේ හැකියාව// හි..හි...
Deleteඊටත් චුට්ටක් හිතලා බලනන්න කෑම පිඟන් ටික ගෙනිහින් දීලා ගෙදර අයටත් කරන්නේ කොච්චර ලොකු උදව්වක්ද කියලා. :D
මට නං මතක ඇති කාලෙක ඉඳන් අපේ ගෙවල්වල බැදුම් පිළිස්සුම් වල තෙල් බැස්සුවේ පත්තර කඩදාසි උඩ තියලයි.මස් මාළු එතුවෙ හබරළ කොලවලයි.
ReplyDeleteදැන්නං පත්තර කොලවල බත් මුලක් වත් ඔතන්න දෙන්නෙ නෑ.
හුඟක් තැන්වල පත්තර කොළ තමයි පාවිච්චි කරන්නේ.. ඒත් සමහර අය නම් මේ ගැන දැනුවත්.
Deleteඔව්.. දැන දැන ඒ දේවල් නොකර ඉන්න එක තමයි කරන්න ඕනේ.
ගොඩක් වැදගත් තොරතුරක් නේද? අපේ ගෙදරත් ඔය වැඩේ නම් කරනවා.. මේ අවුරුද්දෙ ඉඳන් නොකර ඉන්න ඕනෙ..
ReplyDeleteඔව්.. ඔව්.. ආපහු කරන්න එපා. සතුටුයි ටික දෙනෙක් හරි මේ විදිහට දැනුවත් කරන්න පුළුවන් වුනාට.
Deleteමේ කතාව මමත් කොහෙන් හරි දැක්කා.
ReplyDeleteගොඩක් බලපාන්නේ තෙල් ජාති වලින් හදපු කෑම පත්තර වල දැම්මම කියල මම අහල තියෙන්නේ.
කෙසෙල් කොලේක හරි, නැති බැරි කමට ලන්ච් ශීට් එකක හරි බෙදපු බත් එකක් ඔතාගෙන යන්න පත්තර කොළ පාවිච්චි කරන එක අවුලක් වෙන්න විදිහක් නැහැ...
හැබැයි ගෙදර ගිහින් බලන්න ඕනේ අම්මා කැවුම් කොකිස් හදද්දී පත්තර කොල පාවිච්චි කරනවද කියලා...
මතක විදිහට පාවිච්චි කලේ බට පතුරු වලින් හදපු ලොකු කිරි ගොට්ටක් වගේ...
තෙල් ජාති වලින් හදපු කෑමක් නොවුනත් ඒ කෑම වල පත්තර කොලේ තියෙන තීන්ත ගෑවෙන්න පුළුවන්.
Deleteකෑම ඔතාගෙන යන්න නම් පුංචි පෙට්ටියක් පාවිච්චි කරන එක තමයි හොඳම වැඩේ. එහෙමත් නැත්නම් සුදු කොළ පාවිච්චි කලත් ගැටලුවක් නෑ. කෙසෙල් කොලෙන් හරි ලන්ච් ශීට් එකෙන් හරි පත්තර වල තියෙන තීන්ත වල තියෙන රසායන ද්‍රව්‍ය කෑම වලට මිශ්‍ර වෙන්නේ නෑ කියලා 100% කියන්න බෑනේ. ඒ නිසා පුලුවන් තරම් ඒ දේවල් නොකර ඉන්න එක තමයි හොඳ.
අපේ අම්මත් පාවිච්චි කරන්නේ ලොකු කිරි ගොට්ටක්. පත්තර කොළ පාවිච්චි කරනව නම් මේ සැරේ ඉඳලා වත් නොකර ඉන්න. :-)
ඇයි තුශානියා දැකලා නැතිද සමහර අය බත් කලා බත් එක ඔතාගෙන ගිය පත්තරේන්ම අතේ ඇඟිලි වල ඉඳුල් පිහදනවා.
ReplyDeleteඔය පත්තර පිටු වල තීන්තට අපේ අත් කළු වෙන වෙලාවල් පවා තියෙනවා.
ගමන සුදු කොළ බන්ඩලයක් අරන් යන්ට ඕනේ ගෙදර.
ඔව් මනෝජ් මාත් දැකලා තියෙනවා.
Deleteහොඳයි, හොඳයි.... සතුටුයි වෙනසක් කරන්න හිතුවට.
බොහොම වැදගත්!
ReplyDeleteමාලු, මස් දෙන්නෙම පත්තරවල ඔතලනෙ. රටේ මේ තරම් පිළිකා රෝගීන් වැඩිවෙන්නෙ ඔය වගේ අපි වැඩිය නොහිතන සුලු සුලු වැරදි පුරුදු නිසා තමා මයෙ හිතේ.
ස්තූතියි..
Deleteඒක ඇත්ත. අපි පුංචි කාලේ පිලිකා ගැන අද තරම් අහන්න තිබුනේ නෑනේ.
පුංචි කාලේ කිව්වේ .. එක්දහස් නමසිය බර ගණන්වලද ...
Delete:O හපොයි අපි එච්චර වයස නැතෝ....
Deleteහැබැයි දැන් නම් ඉට්ටයිල් එක පන් ,කොළ තමා. පන් පෙට්ටිවල තමා දැන් ෆුඩ් සිටි එකේ තියෙන ඒවත් තියෙන්නේ ... ඔන්න හැටි
ReplyDeleteහි..හි.. ඉට්ටැයිල් එක නිසා හරි වත් අහිතකර දේවල් වලින් ඈත් වෙනවා නම් ඒකත් හොඳයි හැබැයි..
Deleteමේක මාත් ලියන්න හිතාගෙන හිටපු එකක්.. ඒත් ඉතින් එහෙම හිතාගෙන ඉන්න තව ඒව කීයක් තියේද නේද? ඔන්න නගේ උඹ මට වඩා ඉස්සර වෙලා.. කැමති නැද්ද කොම්පැණියක හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි ඔෆිසර් වගේ ජොබක් කරන්න.. අපේ ඉන්නව සමහරු මෙලෝ රහක් නෑ.. හැක්..
ReplyDeleteඅහ්... එහෙමද.. මමත් මේ ගැන ලියන්න ඕනේ කියලා හුඟක් කල් ඉඳලා හිත හිත හිටියේ.. අවුරුදු නිසයි හදිස්සියේම ලියලා කට්ටියට පොඩි පණිවිඩයක් දෙන්න හිතුවේ..
Deleteහි..හි.. එහෙම ජොබ් එකකුත් නරකම නෑ.. යකඩ අස්සේ ඉන්න නිසා අපේ ඔපීසියේ අයට නම් සෙෆ්ටි තමයි ෆ්ස්ට්.
ඇත්තටම මං දන්න විදියට කඩවල් වල කෑම ජාතිත් පත්තරවල ඔතල දෙන්න තහනම් දැන් ඔය හේතුව නිසාම. තුශානි බොහොම වැදගත් කාරණයක් අපිට මතක්කරල දුන්නෙ.
ReplyDeleteඔව්.. නීතියෙන් දඬුවම් විඳින්න තියෙන බයට කඩවල් වල නම් කෑම ඔතන්න දැන් පත්තර කොල පාවිච්චි වෙන්නේ නෑ. සතුටුයි දෙයක් දැන ගත්තා නම් :-)
Deleteතුශානිට ජයවේවා
ReplyDeleteඔහෝ.... ඔයා අලුත් යාළුවෙක් නේද ? සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට...
Deleteඅවුරුදු ඉස්පෙෂල්............... පට්ට යෑ
ReplyDelete:-) අවුරුද්දට කලින් අවුරුදු තෑගි... තැන්කූ...
Deleteඔය පත්තරවලින් කෑම ඔතන්න එපා කියන්නෙ තීන්ත වල තියෙන ඊයම් ශරීරගතවෙන නිසා. ඕකට සිංහලෙන් කියන්නෙ ලෙඩ් පොයිසනින්.
ReplyDeleteපත්තරවල කෑම ඔතන්නෙ නැති මිනිස්සු ගෙදර බිත්තිවල බාල තීන්ත ගානව. ඒවගෙත් අරවගේම ඊයම්. ඊයම් විස උනාම විශේෂයෙන්ම දරුවන්ට ඕකෙ ලොකු බලපෑමක් තියෙනව. දැන් ලෝකෙ දියුණු රටවල ළමයින්ට හදන ඉස්කෝල, පුටුමේස වගේම ඇඳන් වලහ්, ගෙවල් වලත් ලෙඩ් රහිත තීන්ත පාවිච්චි කරන්න නීති දාල තියෙන්නෙ. නමුත් ලංකාවෙ ඔය ගැන දන්නෙත් නෑ අති බහුහරය.
එක අතහකට ලංකාවෙ ලෙඩ් මොනාද, ඔය බැලු බැලු අත ඇස්බැස්ටස් තියෙන්නෙ ඕඩි හෙලේට. කවුරුත් ගනන් ගන්න එකක්ය!
ඇස්බැස්ටස් වලින් මැරෙනව, ඊයම් වලින් ලෙඩ වෙනව පේන්නෙ නෑ, පෙනි පෙනි මැරෙන ලෙඩ වෙන මාර්ග අනතුරු ගැනත් ගාණක් නෑ. අනේ මන්ද බං!
බොහොම ස්තූතියි ඉන්දික අයියා...
Deleteඔයා කියපු දේවලුත් බොහොම වටිනවා අපි හැම කෙනෙක්ටම.
මේ කාලෙට වැද්ගත් ගොඩක්ම වටින පණිවිඩයක්!
ReplyDelete:-) ඔව්.. මේ කාලේදී හැමෝටම වැදගත් වෙයි කියලා හිතුන නිසයි ලිව්වේ..
Delete//කැවුම් එහෙම දාලා තියෙන මැටි මුට්ටියක් දෙකක් නම් තුශානිලගේ ගෙදරත් හැම අවුරුද්දකම වරදින්නේ නෑ. //
ReplyDeleteඅවුරුදුකාලෙට තුශානිලගේ ගෙදර ගියත් පාඩු නෑ වගේ....
දැනුවත් කිරීමට බොහොමත් ස්තූතියි තුශානි...
:-) එන්න එන්න කිසි ප්‍රශ්නයක් නෑ...
Deleteපුංචි දේකින් හරි කට්ටිය දැනුවත් කරන්න ලැබීම ගැන සතුටුයි. ස්තූතියි කටුස්...
දැන් කඩ වල උනත් පත්තර කොල පාවිච්චි කරන එක තහනම් නේ.. මට හොදට මතකයි ඉස්සර කඩෙන් ආප්ප එහෙම ගේන දවසට සමහර දාට අන්තිම ආප්පේ අකුරු ටික එහෙමම ඇලිලා.. බොහොම හොද සිහිකැදවීමක්..
ReplyDeleteතහනම් නිසා කඩවල නම් පත්තර කොල පාවිච්චි වෙන්නේ නෑ. ඒත් ගෙවල් වල හුඟක්ම නොසැලකිලිමත්කම හා නොදැනුවත්කම නිසා තාමත් මේ දේ සිද්දවෙනවා.
Deleteස්තූතියි දිනේෂ්...
දැනුවත් කිරීමට ස්තුතියි තුෂානි, පොඩ්ඩක් මේ ගැන පරෙස්සම් වෙන්න කියන්න ඕන.
ReplyDeleteස්තූතියි.. ඔව්.. පුළුවන් නම් අනිත් අයවත් දැනුවත් කරන්න.
Delete//මේ දේ හොඳටම බලා ගන්න පුළුවන් පාන් ගෙඩියක් හරි බනිස් ගෙඩියක් හරි පත්තර පිටුවකින් ඔතලා තිබ්බහම.//
ReplyDeleteහරි තිබ්බා කලුපාට සායම් දෙකේම ගෑවිලා..... පරීක්ෂණය සාර්ථකයි දැන් මේ පාන්ගෙඩියයි බනිස් ගෙඩියයි මම කෑවට කමක් නැද්ද
ම්.... කෑවට කමක් නෑ ලෙඩ වෙලා දුක් විඳින්න කෑමති නම්. :-)
Deleteකාලා මලොත් මැරෙන්න කලින් මට කියලා මැරෙන්න මල ගෙදර එන පාර.
Deleteමිනිස්සු ඕවා දැනගත්තත් කම්මැලි කමට සහ පුරුද්දට පත්තරම පාවිච්චි කරනවා,,,මෙහෙ නම් පත්තර කොළ පාවිච්චි කරන්නේ නැති තරම් කිසිම දේකට.. එක එකදේවල් වලට ඒවා වෙනුවෙන් නිපදවපු කඩදාසි සහ බාජන තියෙනවා ,
ReplyDeleteඔව්. ඔමා... නොදැනුවත් කමට වඩා කම්මැලිකමටයි, පුරුද්දටයි තමයි ගොඩක් දෙනෙක් පත්තර කොල පාවිච්චි කරන්නේ.
Deleteඅපේ රටේ ඒ තරමට එන්න තව හුඟක් කල් යයි.
ඉතාම වටිනා ලිපියක් නගෝ. ඔයා මේ මතුකරපු කාරණය ගැන කිසිම මාධ්‍යයකින් හෝ වෛද්‍ය වැඩසටහනකින් හෝ කවදාවත් කථා කරලා නෑ. පත්තර මුද්‍රණ තීන්ත කියන්නෙ මගේ වෘත්තීය ජීවිතය තුල මම නිතර ආශ්‍රය කරපු දේවල්. ඩිජිටල් ප්‍රින්ටින් වලට ගන්න තීන්ත නම් ඉතාම විෂ සහිතයි.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා පතනවා. මමයි මලයයි තමයි අපේ ගෙදර කෑම පිගන් බෙදා හැරීමේ කටයුත්ත කොලේ.
ස්තූතියි සිරා අයියේ.. මේ ගැන වැඩිය කතා බහට ලක් නොවුනත් සිද්දවෙන හානිය බොහොම බරපතල නිසයි පොස්ට් එකක් විදිහට ලියන්න හිතුවේ.
Deleteඔයාටත් පවුලේ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.