හෙට මැයි පළවෙනිදාව. එහෙමත් නැත්නම් ලෝක කම්කරු දිනය. ඉස්කෝලේ යන කාලේ නම් මැයි පළවෙනිදාව කියන්නේ තවත් එක නිවාඩු දවසක් විතරයි. ටිකක් වැඩිපුර නිදාගන්න, අහල පහල යාළුවො එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න, ගෙදර අයත් එක්ක දවස ගෙවන්න ලැබෙන නිවාඩු දවසක්.. මොකද උපකාරක පන්ති වුනත් එදාට නෑ නේ.. ඒත් අද වෙනකොට අපි, ඒ කාලේ පහුකරලා රැකියාවක් කරන කම්කරු පන්තියට එක් වෙලා හමාරයි. ඉතින් ඒ කම්කරු පන්තියේ තවත් එක සාමාජිකයෙක්, සාමාජිකාවක් විදිහට කම්කරු දිනය දිහා ඉස්සර බලපු විදිහට බලන්න අපිට දැන් පුළුවන් කමක් නෑ...
ඒ නිසාම කායික ශ්‍රමය වගේම මානසික ශ්‍රමයත් යොදවල අවු වැසි, බාදක කම්කටොළු මැද ජීවන සටනට උරදෙන සියළුම කම්කරු පන්තියේ සහෝදර සහෝදරියන්ට ජීවන ගමන සාර්ථකව ඉදිරියට පියමනින්න ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරන්න තුශානි මේක අවස්ථාව කරගන්නවා...
මැයි පළවෙනිදාව කිව්වහම තුශානිට අමතක නොවන තවත් එක සිදුවීමත් තියනවා.. මම විතරක් නෙවෙයි ඒ මැයි පළවෙනිදාවේ අඳුරු මතකය අත්විඳින්නට ලැබුනු අය තවත් බොහෝමයක් ඇති.
එදත් දැන් වගේම කම්කරු දිනය සමරන්න කට්ටිය ලක ලැහැස්තිවුන දවසක්.. තුශානි ඒ වෙනකොට හුඟක් පුංචි නිසා ඒ ගැන ලොකූ මතකයක් නෑ. ටීවී එකෙන් රේඩියෝ එකෙන් එහෙම මොකද්දෝ තියනව කියලා අහල තිබුනත් ඒ ගැන තේරුමක් නම් තිබුනේ නෑ.. අම්මගේ සාරියකුත් ඇඳගෙන, අඩි උස සෙරප්පු දෙකකුත් දාගෙන පෙර පාසලේ ටීච වගේ බෝනික්කොන්ට අකුරු උගන්නපු එක තමයි තුශානි ඒ දවස්වල වැඩිපුරම කලේ.. ඔන්න ඔය අතරේ එක පාරටම අපේ මාමා කෙනෙක් කියාගෙන ආවා "අන්න බෝම්බයක් පුපුරලා.. කට්ටිය හුඟක් මැරිලාලු කියලා... තවත් මොන මොනවදෝ විස්තර ටිකකුත් කිව්වා.
ඒක අහල අපේ අම්මයි තාත්තයිත් හුඟක් කලබල වුනා... අම්මා මාවයි මල්ලිවයිත් තුරුළු කරගෙන හොඳටම අඬන්න ගත්තා.. හිනා වෙවී ලස්සන හීන දැක දැක නිදාගෙන හිටිය මල්ලි අම්ම අඬන සද්දෙට ඇහැරිලා අඬන්න පටන්ගත්තා. "බෝම්බයක් පිපිරුන එකට ඇයි අම්ම මෙච්චර අඬන්නේ" ඒ විදිහට අම්ම අඬනවා මීට කලින් දැකල නොතිබ්බ නිසා මම පුදුම වෙලා අම්මා දිහා ටිකක් වෙලා බලාගෙන හිටිය මට අදටත් මතකයි.. තවත් අම්මා අඬන විදිහ බලාගෙන ඉන්න බැරුව මමත් අම්මට තුරුළුවෙලා හොඳටම ඇඬුවා.. ඒ අතරේ තාත්තා අපිට ඉන්න කියලා ඉක්මනට ලෑස්තිවෙලා කොහේදෝ ගියා.
ටික වෙලාවකින් තාත්තා ආවේ උදේ ගමක් ගියපු අපේ ආච්චියි සීයයිත් එක්ක.. අපි පාර දිහා බලාගෙන උන්නු නිසා ඒ ගොල්ලෝ එනවා ඈත තියාම දැක්කා. අම්ම ඉක්මනටම කඳුළු පිහිදගෙන ලොකූ හුස්මක් ගත්ත විදිහ කඳුළු වලින බොඳ වෙච්ච ඇස් වලින් වුනත් මම දැක්ක විදිහ තාමත් මැවිලා පේනව වගේ..
"අපි බේරුනේ අනූ නමයෙන්... ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වුන නිසා අපි පෙල පාලිය පටන් ගන්න කලින් ආවා.. " කියාගෙන සීයා ගෙට ගොඩ වුනා ... ආච්චිත් සීයත් එදා ගිහින් තිබුනේ ඒ බෝම්බය පූපුරපු තැනට ආසන්නයේ පිහිටි තැනක සීයගේ යාළුවෙක් හම්බවෙන්න.
එදා පුංචි හිතට මේ දේවල් හරියට නොතේරුනත් ඒ සිදුවීම අදටත් මගේ මතකයේ ඡායාවක් විදිහට තියෙනවා.. ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ තවත් විශාල පිරිසකගේ ජීවිත බිලි ගනිමින් එදා ඒ බෝම්බය අඳුරු මතකයක් අතීතයට එක් කලා කියන එක පස්සේ කාලේක තමයි හරි හැටි තේරුම ගත්තේ. ඒ අඳුරු මතකයට හෙටට වසර 21 වෙනවා ..
පස්සේ කාලෙක සීයා අපිව දාලා නො එන ගමනක් යන තුරාවටම මැයි පළවෙනිදාවේ මේ සිදුවීම හැම අවුරුද්දෙම අපි මතක් කලා.. කොහොමවුනත් හෙට ඉස්සර වගේ ඒ ගැන කියන්න සීයා අපි ලඟ නෑ. ඒ ගැන හිතෙනකොට හිතට ලොකු දුකක් දැනෙනවා..
එදා පුංචි හිතට මේ දේවල් හරියට නොතේරුනත් ඒ සිදුවීම අදටත් මගේ මතකයේ ඡායාවක් විදිහට තියෙනවා.. ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ තවත් විශාල පිරිසකගේ ජීවිත බිලි ගනිමින් එදා ඒ බෝම්බය අඳුරු මතකයක් අතීතයට එක් කලා කියන එක පස්සේ කාලේක තමයි හරි හැටි තේරුම ගත්තේ. ඒ අඳුරු මතකයට හෙටට වසර 21 වෙනවා ..
පස්සේ කාලෙක සීයා අපිව දාලා නො එන ගමනක් යන තුරාවටම මැයි පළවෙනිදාවේ මේ සිදුවීම හැම අවුරුද්දෙම අපි මතක් කලා.. කොහොමවුනත් හෙට ඉස්සර වගේ ඒ ගැන කියන්න සීයා අපි ලඟ නෑ. ඒ ගැන හිතෙනකොට හිතට ලොකු දුකක් දැනෙනවා..