සරු සාරේට ඇති හේනක
හිටියලු ගොවි මත්තයෙක්
නමින් "හේතු" යි කියන්නැහැක
සරු ඵලදා ඇති හේනේ
එළවළු ගොඩ වැඩි වෙනකොට
නගරේ පැත්තේ ගෙනියන්නට
ට්‍රැක්ටර් කට්ටක් ගන්නට
හේතු හාමි ගත්තා හිතට
ටික ටික හරි ගෙවා ගන්න
ගත්තත් වාහනේ ඔන්න
එය එලවන් පාරේ යන්න
ඒත් දන්නේ නෑලු මෙන්න
ගත්තත් වාහනේ ඔන්න
එය එලවන් පාරේ යන්න
ඒත් දන්නේ නෑලු මෙන්න
ගන්න ඕනෑ ලයිසොන් එකක්
එතකොට ලැබෙනවාලු එල් බෝඩ් එකක්
ප්‍රශ්නෙට තියෙනවා නෙව හොඳ පිලියමක්
හොයාගෙන ගියාලු ලර්නර්ස් එකක්
මහත්තයෝ මම ගොවියෙක්
තියෙනව මට ට්‍රැක්ටරයක්
ගන්න කියලා ලයිසොන් එකක්
කියන්නකෝ මට හොඳ විදිහක්
අපොයි ඒක සුළු දෙයක්නේ
මේක අපේ රැකියාවනේ
ලයිසොන් අපි අරන් දෙන්නේ
හොඳ පුහුණුවකුත් එක්කනේ
හේතු හාමි හරි සතුටින්
දිනයක් හෙම අරන් කලින්
පුරුදු පුහුණු වෙන්න හිතන්
ගියාලු හරි උජාරුවෙන්
විභාගයක් තියෙනවාලු
එහි ලකුණුත් ඕනේමයිලු
මාර්ග සලකුණු බෝමලු
බහුවරණෙන් තියෙනවාලු
ලියන්න කියවන්න හොඳට
ඉගෙන ගත්තේ නෑ කරුමෙට
බෑ නොවැ කියවන්න හොඳට
අකුරු තියෙනවා පරහට
වාහන එලවන් යන්නට
අකුරු ඕනේ නෑනේ හොඳට
වැඩේ අත ඇරලා දාන්ට
වෙයි දෝ මේ නිසා මෙමට
එක්කෝ ඕනේ නෑ ඩ්‍රයිවින්
තියෙනව නොවැ වැඩ යහමින්
දන්න කෙනෙක් හෙම ඩ්‍රයිවින්
ගන්නව මම වෙන ගමකින්
හේතු හාමි එහෙම හිතලා
තිබුනු හීනේ පසෙක තියලා
එල් අකුරට අතත් වනලා
ගමට ගියා බසයේ නැගිලා
~පින්තූර අන්තර්ජාලයෙන්... ~