කාලෙකින් මොනාහරි ලියන්න හිතුවත් කොහෙන් කොහොම පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ...
හ්ම්.. ඔව් ඔව්... අවුරුද්දකට විතර පස්සෙ තමයි. 2018 අවුරුද්දට මුකුත්ම ලියන්න බැරි උනා. ඉන්නකො ඉතින් බනින්න පටන් ගන්නෙ නැතුව නිදහසට කාරනා ටික කියනකල්...
2018 අවුරුද්ද තුශානිගෙ ජීවිතේ විශේෂ අවුරුද්දක්. රෝස කැලෙන් පුංචි දෝණියෙක් ගෙදරට ගේන්න පෙරුම් පුරා ගෙන ඉදලා ඒ හීනෙ හැබෑ කර ගත්ත අවුරුද්ද තමයි 2018 අවුරුද්ද කියන්නෙ. ඉතින් එකතු වුනු අලුත් අමුත්ති එක්ක කාලෙ ගෙවිලා ගියා දැනුනෙවත් නැති තරම්.
2018 එහෙම ගෙවිලා ගිහින් 2019 උදා වුනේ අභියෝග ගොඩක් එක්ක.
උදේ පාන්දර සුරංගනාවියෝ එක්ක හිනා වෙවී සැපට නිදාගෙන ඉන්න දෝණිගෙ මූණ ඉඹලා කදුළු පුරෝගෙන ඔපිස් යන එක කොයි තරම් නම් අමාරු වැඩක්ද කියල හිතා ගන්න පුළුවන් ඇතිනෙ. ඉතින් නිවාඩු ඉවර වෙලා ඔපීසියටත් දුවන්නත් ඔපීසියෙ වැඩ ටික ඉක්මනට ඉවර කරලා අලුත් රාජකාරි ටික නොපිරිහෙලා ඉෂ්ට කරන්න ගෙදර දුවගෙන එන්නත් කාලෙත් එක්ක ලොකු සටනක් කරගෙන යනවා. ටිකක් මහන්සියි තමයි. ඒත් දෝණිගෙ හිනා මූණ දකින කොට ඒ මහන්සිය නිකම්ම නැතිවෙලා යනවා.
ඉතින් ඔන්න ඔය කාරණා නිසා පුරුදු විදිහට බ්ලොග් අවකාශෙ සැරිසරන්න කාලා වේලා වෙන් කරගන්න එක දැන් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි..
කොහොම වුනත් පොඩි හරි වෙලාවක් අරගෙන මේ පැත්තට ඇවිත් යන්න ඕනෙ කියලා හිතුන නිසයි 2019 අවුරුද්දට ආරම්භයක් විදිහට අද මේ post එක ලිව්වේ.
ඉතින් තොරතුරු බෙදා ගන්න ඉස්සර වගේම මේ පැත්තට කට්ට්ය ගොඩ වෙලා යයි කියලා තුශානි විශ්වාස කරනවා...
welcome back
ReplyDeleteThank you !
Deleteආව්.. ආව් .. අළුත් අමුත්තියටත් එක්ක දෙන්නටම වෙල්කම් එහෙනම්.. උණුසුම් සුභ පැතුම් අලුත් දෙමව්පියන්ට..!!!
ReplyDeleteබොහොම ස්තූතියි !
Deleteරෝස කැලෙන් ආපු පුංචි සුරංගනාවිටයි, එයාගෙ ලස්සන පවුලටයි සිත්තර පවුලෙන් ආදරණීය සුබපැතුම්!!! :)
ReplyDeleteබොහොම ස්තූතියි !
Deleteඅලුත් කතාව ඉක්මනට ලියන්ඩෝ.... එක කියවන්න කොහොම හරි අපි එනෝ... :)
අලුත් පුංචි කැකුළිය හා එයාව කැන්දාගෙන ආ තුශානිට කොළොම්පුරේ බ්ලොග් එකෙනුත් සුබ පැතුම්. අලුත් පුංචි කැකුලිගේ වැඩ රාජකාරි කප්පරක් ඇති විවේකයක් ලැබුනාම ඉදලා හිටලා බ්ලොග් ලිපියක් වත් ලියයි කියලා බලාපොරොත්තුවෙනවා........
ReplyDeleteබොහොම ස්තූතියි !
Deleteඑක තමයි බලමුකො .... :)
පුංචි දුවටයි තුශානිටයි දෙන්නටම සුබ පැතුම්!! අවුරුද්දක්ම ලිව්වේ නැහැනෙ. මේ අවුරුද්දෙ ඉඳලවත් ලියන්න බලන්න.
ReplyDeleteබොහොම ස්තූතියි !
Deleteදන්නවද හැලපතුමා... අද මේ කමෙන්ට්ස් ටික දැක්කහම පුදුම සතුටක් දැනුනා තාමත් කැකුලු ගොමුවට යන එන අය ඉන්නවා නේද කියලා. ඉතින් කොහොම හරි ඉඩක් හදාගෙන මොනාහරි ලියන්න ඕනෙ.
ඉස්ෙසල්ලාම සුභ පතන්න ඒපායැ ෙදා්නියැන්ට. අවුරුද්දක් ෙනෙමයි ෙදකක් ගියත් ෙම් පැත්තෙ අාපු ඒකයි වටින්ෙන්. ජය ෙව්වා
ReplyDeleteබොහොම ස්තූතියි !
Delete:) මම හිතුව කට්ටියට මාව අමතක වෙලා ගිහින් ඇති කියලා... එහෙම නෑ කියලා දැනෙන කොට හරි සතුටුයි... ජයවේවා !
සුබ පැතුම් ❤️
ReplyDeleteබොහොම ස්තූතියි !
Deleteතුශානි, ඔයාත්....
ReplyDeleteඅම්මෝ සන්තෝසෙ බැරුවා...
ලියන්න අප්පේ ලියන්න.
රෝස කැලෙන් ගෙනා දූ පැටියටයි අම්මටයි දෙන්නටම සුභ පැතුම්!
බොහොම ස්තූතියි ! :)
Deleteහරිම සතුටුයි කට්ටිය තාම මේ පැත්තට ගොඩ වෙලා යන්න එන එක ගැන.
සුබ පැතුම් නගා , අලුත් අමුත්තියටත් එක්කම
ReplyDeleteබොහොම ස්තූතියි !
Deleteඒ අපිටත් ඉන්නවා නේ හලෝ රෝස කැලෙන් ආපු පුංචි සුරංගනාවියක්!
ReplyDeleteදැන් ආපහු ඔෆිස් යනවා කියන්නේ සුරංගනාවී පොඩ්ඩක් ලොකුත් ඇති එහෙනම්...
එහෙමද ... ඔන්න එහෙනම් අපෙනුත් සුබ පැතුම්...
Deleteදැන් මාස 6 යි. රජයේ රැකියාවල වගේ දිග නිවාඩු අපිට නෑනෙ. :(