පරතෙරක් නොපෙනෙනා සයුරක
මහමෙරක් පැතුමන් අරන්
සයුර ගුවනට මුසුවනා ඉම
ඈත සිතිජය වෙත යමින්...
පහන්
තරුවෙන් එළිය ලැබගෙන
මින් රැලෙන් මග විමසමින්
පෙළට නැග එන රළ මතින් පැන
නිම් වලළු දක්නා රිසින්...
මින් රැලෙන් මග විමසමින්
පෙළට නැග එන රළ මතින් පැන
නිම් වලළු දක්නා රිසින්...
යකඩ බඳ ලෙස ජීව ලද මුත්
ප්රාණ ලැබ ඩහදිය මතින්
සයුර හා උරෙනුර ගැටීගෙන
පසු නොබා පෙරටම යමින්...
ජීවිතෙත් මෙය මැයි පසක් කර
දුක සතුට රළ පසුකරන්
ගමන අවසන නැංගුරමලා
නැවත ගමනක මතු දිනේ...
~*~
+++
ReplyDeleteආ නංගි නැවක් ගිලලා වගේ :P
ReplyDelete+++++
ReplyDeleteනැව් ටෝක් ;)
ReplyDelete(Y)
ReplyDeleteඅගේ... ජීවන නෞකාව සිහින මතින් ගමන් අරඹා ඇත.
ReplyDeleteසිහිනපුරේ පැත්තෙත් අැවිදින් යන්න ඒන්න.
http://sihinapure.blogspot.com
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDelete