සප්ත ස්වරයේ රටා අතරින්
මැවුනු ඔබෙ හඬ මනහරයි
ගීතයේ හැඟුමන් එකින් එක
මතුවු ඔබෙ රුව පින් බරයි
මැවුනු ඔබෙ හඬ මනහරයි
ගීතයේ හැඟුමන් එකින් එක
මතුවු ඔබෙ රුව පින් බරයි
කලා කෙත අස්වාද්දාලන්නට
කළ මෙහෙය ඔබෙ අනර්ඝයි
අඩුව පිරවිය නොහැක අද දින
අප ඔබට බෝ ණය ගැතියි
දැයෙන් සමුගෙන ගියත් ඔබ අද
මෙලෙස නිසසල වු ගතින්
අමර ගී හඬ අමරණීයයි
සමග ඔබෙ රුව හදවතේ
ගුරු පියාණනි
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි
ඔබට නිවන් සුව ...
කළ මෙහෙය ඔබෙ අනර්ඝයි
අඩුව පිරවිය නොහැක අද දින
අප ඔබට බෝ ණය ගැතියි
දැයෙන් සමුගෙන ගියත් ඔබ අද
මෙලෙස නිසසල වු ගතින්
අමර ගී හඬ අමරණීයයි
සමග ඔබෙ රුව හදවතේ
ගුරු පියාණනි
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි
ඔබට නිවන් සුව ...
:'(
ReplyDelete:'(
Deleteයලි යලිත් මේ දෙරනේම අපේ හිත් සනසන්න අප අතරම ඉපදේවා
ReplyDeleteමගෙත් පැතුම ඒකමයි...
Deleteහෙළයේ මහා ගාන්ධර්වයා තනතුර වේකන්ට් නිසා ඉරාජ් වීරරත්න එයට පත්කල යුතු යැයි යෙජනා කරමි.
ReplyDelete++++++++++++
Deleteකුසලාන පුරෝගෙන හිඳී සේකරාණෝ
ReplyDeleteසැක නෑර යන්න සුබ ගමන් දේවයාණෝ..
අපි හුඟක් දුක් වෙද්දි
සේකරට සතුටු ඇති
ලියූ පද පොදි ගහන්
මඟ බලන් ඉන්නවැති...
ගොළු වෙච්ච වීණාවේ
තත් හෙමින් හඬනවැති
ඒ ලොවේ මෙයින් මතු
මියුරු සර නිමක් නැති...
ඔව් ශානි ... මහගමසේකරයන්, කේමදාසයන් , අමරදේවයන් ඉන්න දිව්‍ය ලෝකය දැන් හරිම සුන්දර ඇති...
Deleteසදා අමරණීය අමරදේවයන්ට නිවන් සුව පතමු...
ReplyDeleteඒත් නිවන් යන්න කලින් තව එක පාරක් හරි අපි අතරට එන්න පුළුවන් නම්
Deleteඅපේ පැතුමත් එයයි තුශානී.............
ReplyDeleteඔව් කුරුටු යාළුවනේ..
Delete