Wednesday, December 3, 2014

මාලිගාවට යනවද ? ආපහු එනවද ?


තරු නැති අහස බිමට බැහැලා වගේ 
බලන බලන හැම පැත්තම ඝන අන්දකාරයෙන් වැහිලා...
වැස්සක සේයාවක්වත් නැති වුනත් එකපාරට එන විදුලි එළියෙන් 
මුළු පලාතම දවාලක් වගේ විටින් විට එළිය වුනා...


පේන මානෙක මනුස්ස පරාණයක් තියා 
මනුස්ස වාසයක සේයාවක්වත් නෑ.. 

    එතකොට  
"   මම "
ඔව් මම තනියම

ඔන්න ආයෙමත් විදුලි එළියක්...
ඒ එළියට මගේ ඇස් නිලංකාර වෙලා ටික වෙලාවක් යනකන් මුකුත්ම පේන්නේ නැතුව ගියා...

ඊට පස්සේ ඇලඩින්ගේ පහනෙන් එන දුමාරය වගේ රවුමට කැරකෙන දුම් වලාවක් මගේ ඉස්සරහ කැරකුනා...



ඔරලෝසුවේ තත්පර කට්ට වගේ හද ගැස්ම, වෙද නලාවක් නැතුවම කණට ඇහෙන්න ගත්තා ...

දුමාරය ටිකෙන් ටික අඩු වෙනකොට මං ඉස්සරහ තිබුනේ, පරණ තාලේට හදපු මහ විසාල ගරාවැටුනු ගල් මාලිගාවක් ...

නැවතිල්ලක් නැතුව කෑ ගහන රැහැයියන්ගේ සද්දේ නිසා මුළු පලාතේම තිබුනේ හරිම මූසල පෙනුමක්...


මෙන්න ටික වෙලාවකින් ලොකු හැරමිටියක් ගත්ත වයසක ගෑණු කෙනෙක් මං ඉස්සරහ මගේ දිහා ඇහිපිය ගහන්නේ නැතුව බලාගෙන ඉන්නවා..

අවුල් වුනු සුදු පාට දඟර ගැහුනු කොන්ඩේ.. 
ගිරා හොටක් වගේ වකුටු වුනු නහය.. 
බිත්තර ගෙඩි දෙකක් තරමට ලොකු ඇස් දෙක නිසා
මුණේ තිබුනේ බලන්න බැරි තරම් හරිම නපුරු පෙනුමක්.. 

එයාගේ අතේ තිබ්බ හැරමිටියේ කෙළවර තිබුනු මිනී ඔළු කට්ට එහෙට මෙහෙට පැද්දි පැද්දී මොනවද කියන්න හදනවා..

ටික ටික අපි ලං වුනා .. 
 
ඒ කියන්නේ එයා මං ලඟට ඇවිදගෙන ඇවිත්.. 

"   හහ් හහ් හා ... ඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ මාලිගාවට... "

ඒත් මම හිතුවේ නෑ ඔයා මෙහෙට එයි කියලා... 

කෝ ඔයාගේ හිතේ තිබුණු ශක්තිය ?  
මූණේ තිබුනු හිනාව ?
දඟකාර කතාව ?
ඉවසීම  ?

මගේ මාලිගාවට ඇතුල් වෙන්න නම්, ඒ හැම දෙයක්ම මේ දොරටුව ගාව තියලා තමයි එන්න ඕනේ.. 

සතුට, සැනසීම, නිදහස, ආදරය, නිරෝගීකම 
හැර ඔයාට ඕනේ හැම දේම මාලිගාව ඇතුලේ තියෙනවා. 

තේරුනානේද ඔය ළමයට ?





කම්මුල් දිගේ සීතල කඳුළු කැට 
එකින් එක පහළට වැටෙන්න ගත්තා...

කෑ ගහලා අඬන්න ඕනේ කියලා හිතුනත් 
එහෙම කරන්න ශක්තියක් ඒ වෙලේ තිබුනේ නෑ...
 
 මුළු ඇඟම සීතල අයිස් කුට්ටියක හිර කරලා වගෙයි දැනුනේ..

වචනයක් වත් කතා කරගන්න බැරුව ගොළු වෙලා වගේ දැනුනත්
 අමාරුවෙන් මම වචන ටිකක් ගැට ගහගත්තා

මට ආපහු යන්න ඕනේ.. 
ඒ දේවල් එළියේ තියලා මාලිගාව ඇතුලට යන්න මට ඕනේ නෑ... 

හහ්.. හහ්.. හා... මෝඩ ගෑණු ළමයා.. 

හැමදාම හැම තත්පරයකදිම ජීවිතේ එක එක දේවල් වලින් හිත් රිදව ගත්ත එක එක විදිහේ අය හුඟක් එනවා මේ මාලිගවට ඇතුළු වෙලා 
සතුට, සැනසීම, නිදහස, ආදරය, නිරෝගීකම 
වගේ දේවල් නැති කරගන්න.

ඒ අතරින් සමහර අය මාලිගාවට ඇතුල් වෙනවා.. 
තවත් සමහර අය ආපහු හිත හදාගෙන හිත ශක්තිමත් කරගෙන 
හැරිලා යනවා.

හොඳයි එහෙනම්

මාලිගාව ඇතුලට යන්න හිතුණු දවසක ආපහු මෙහේ එන්න 


අතේ තිබ්බ හැරමිටිය තුන්පාරක් බිම ඇනපු ඒ වයසක ගෑණු කෙනා 
දුමාරය අතරේ  එකපාරටම නොපෙනී ගියා.  

 -------------------------------


දූ ඔයා අද ඔෆිස් යන්නේ නැද්ද ? අසනීපයි වගේ නම් නිවාඩුවක් දාලා ගෙදර ඉන්න. 

නෑ අම්මා ... මට දැන් සනීපයි.. ඉක්මනට ලෑස්තිවෙලා ඔෆිස් යන්න ඕනේ.. 

30 comments:

  1. හීන ලෝකෙ මාත් ඇවිද ගියා වගේ දැනුනා. ලස්සනයි. ඒත් මේ දවස් වල මේ හීතලටයි වැස්සටයිද මන්දා බ්ලොග් කාරයෝ සේරටම හීන පේන්න පටන් අරන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්.. මේ සීතල උඳුවප් මාසෙනේ ඒකයි.. හි.. හි..

      Delete
  2. මෙයා හීන බලලා අපිවත් ඒකට ඇදන් යනවා.. මරු මරු..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කු... ඔන්න මාලිගාව ඇතුලට යනව එහෙම නෙවෙයි හොඳද ..

      Delete
  3. /// සතුට, සැනසීම, නිදහස, ආදරය, නිරෝගීකම
    හැර ඔයාට ඕනේ හැම දේම මාලිගාව ඇතුලේ තියෙනවා./// හි හි හී.. අපේ ලොක්කගේ මාළිගාව වගේ.. ලැජ්ජ බය ඇරල ඇතුලට ගියානම් හැමදාම හීන ලෝකෙක ඉන්න තිබ්බා.. කවද හරි මාළිගාව පිටින් ගිනිබත් වෙනකම්..

    ReplyDelete
    Replies
    1. හි..හි.. ඇත්ත තමයි.. කොහොමත් මේ දවස්වල කට්ට්ය එළියට ඇතුලට යන එකනේ සිද්ධ වෙන්නේ..

      Delete
    2. මමත් කමියාටම හු මිටි තියන්නම්.
      පොඩි දේශපාලන කතාවක් මේක ඇතුලේ තියෙනවා වගේ මටත් හිතෙනවා තුශානියෝ.

      Delete
    3. හපොයි.. මෙයාලා මේ දවස් වල දේශපාලන කතාම කියවලා ඒ විදිහටද කොහෙද හැම එකක්ම පේන්නේ.. :(

      Delete
  4. තුශානි හරිම ලස්සන කතාවක්........... අැත්තට ම චූටි කාලේ බලපු සුරංගනා කතා මතක් වුණා.... ගෙබි කුමාරයා.... හිම කුමාරි........... අැලඩින්ගේ කතාව.. ඒවායේ චරිත............. ගර්ඩා කායිල්.... මුද්දේ භූතයා............ පුංචි ලොක්කා........ නියමයි තුශානි................ සාර්ථකයි...

    ReplyDelete
    Replies
    1. :) බොහොමත්ම ස්තූතියි ගී පවුරේ.. වෙනස් විදිහේ අමුතු දෙයක් ලියන්න හිතුනා..

      Delete
  5. ඔහේ පලයන්,,,, පට්ට හීනෙ....!!!

    ReplyDelete
    Replies
    1. හි..හි.. ඒකනේ ඒකනේ..

      Delete
  6. සුරංගනා ලොවකට ගියෙමි....

    ReplyDelete
    Replies
    1. :) සිහින ලොවෙන් සුරංගනා ලොවට ස්තූතියි දිලිනි..

      Delete
  7. මම උනානං මාලිගාව ඇතුලට ගිහින් බලනවා........ ලස්සන කතාව....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොනා ..

      දන්නවද ... මාලිගාව ඇතුලේ මොන දේ තිබුනත් වැඩක් නෑ.
      එළියේ තියලා යන්න වෙන දේවල් ඊට වැඩිය හුඟාක් වටිනවා..

      Delete
    2. ඔව් එත් ඒ එළියේ තියල යන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවනම්........මාලිගාව ඇතුලට ගිය ගොඩක් අය ඒ ඇතුලට ගෙනියන්න බැරි දේවල් මාලිගාව ලගට එන්න කලින්ම නැතිකරගෙන වෙන්න ඇති ...

      Delete
    3. ඔව්... ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.

      Delete
  8. තවමත් හීනෙ එක්ක ඉන්නව වගේ දැනෙනව..පට්ට

    ReplyDelete
    Replies
    1. :) ඒත් ඉතින් හීන ලොවෙන් පියවි ලොවට එන්නම වෙනවනේ.. ස්තූතියි උමේෂ්..

      Delete
  9. ශා... මරු හීනයක් නේ.
    ඒක නෙමේ බ්ලොගේ සයිස් එක අඩු කලා ද ? මට පොඩි සයිස් එකෙන් බ්ලොග් එක පේනවා. ඒකත් මරු !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග...

      එහෙම පේනවද ? මුකුත් වෙනසක් නම් කලේ නෑ..

      Delete
  10. වෙන කෙනෙක්ගේ හීනයක් බැලුවමයි ඔය හි හි හීනෙ අස්සෙන් මොකක්දෝ කතාවකුත් කිවුවා නේද?? මාලිගාවට ඇතුල් වෙන්න තියලා යන්න ඕනි දේවල් එක්ක ගලපුවොත් නම් ව්‍යන්ගෙකුත් තියනවා වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව්.. ෂැගී හිතපු විදිහ හරි .. :)

      Delete
  11. අපූරුයි තුශානියො
    හීනයක් කියවන එකෙත් මහ ගතියක් තියේ මොකද සාමාන්‍යයෙන් හීන අහන ඇහිදින එක නෙව කරන්නෙ එහෙමත් වෙලාවක තමයි හීන කියවන්නෙ
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්.. ඔයටත් හීන හැබෑ කරගන්න සුබ පතනවා.. :)

      Delete
  12. හීනයක්....අපිට හීන පේන්නේ නෑ අෆ්ෆා...කන පැලෙන්න පැය 12ක් එක දිගට වැඩ කරලා නිදා ගන්න වැටුනම ආයේ හීන තියා,රෑට එකෙක් මැරුණා කිව්වත් ඇහැරෙන්නේ නෑ....හරිම අපුරුවට ලියලා තුශා....අපුරු හීනයක් බැලුවා

    ReplyDelete
    Replies
    1. :) වැඩ ගොඩක් අස්සේ වුනත් මේ පැත්තට ඇවිත් හීන බලලා ගියාට හුඟක් ස්තූතියි...

      Delete
  13. අර නහය වකුටු ආච්චිව තනිපංගලමේ පාළු පාරක එන වෙලාවක මුලිච්චි උනොත් කොහොමට තියේවිද...කෙල්ල හූ කියාගෙන දුවයි...

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ.. අපි නම් ඔය තනිපංගලමේ පාළු පාරක නොයන්නේ අනිත් කට්ටිය බය වෙන එකෙන් වලක්වගන්න. නැතුව ඒ වගේ ආච්චිලට බයකට එහෙම නෙවෙයි හරිද .. හි..හි..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...