Thursday, December 11, 2014

ඔපීසියේ රස කතා - (3)

ඔපීසියේ රස කතා කියන්න ගත්තත් මේ වෙනකන් කියන්න පුළුවන් වුනේ බොහොම කීපයක් විතරයිනේ. ඔය පහලින් තියෙන්නේ කියපු ඒවා..


ඉතින් අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔපීසිය ගැන තව කතාවක් කියන්න ඕනේ කියලා හිතුන නිසයි අද මේ පෝස්ට් එක ලියන්න ගත්තේ...

ඒත් ඉතින් රස කතාවක් කිව්වට රස කෑම ගැන තමයි මේ කියන්න යන්නේ.. ඔව් ඔව්.. මහන්සිවෙලා කෙට්ටු කරගන්න හැදුවට බතල ශරීරයකට උරුමකම් කියන්න හේතු වෙ කෑම ගැන තමයි කියන්න යන්නේ.. හි.. හි... :-)

ඔපීසියේ කෑම කියලා විශේෂයෙන් කිව්වේ උදේ පාන්දර නැගිටලා කෑම එකක් හදාගෙන ඔපීසියට අරගෙන එන්න කරදර වෙන්න අපේ ඔපීසියේ අයට ඕනේ නැති නිසා. උදේට දවල්ට වගේම රෑ වෙනකන් වැඩ කරනව නම් රෑටත් කෑම ඔපීසියෙන්ම අපිට ලැබෙනවා. ඒත් ඉතින් ඒ චාන්ස් එක අපි වගේ අයට ලැබුනට, අපේ පවුල් පන්සල් වෙච්චි ඈයොන්ට නම් ඒ චාන්ස් එක ලැබෙන්නේ නෑ. මොකද ගෙදර ඉන්න අනිත් අයට කන්න බොන්න උදේ පාන්දර නැගිටලා කෑම හදන්න වෙනවනේ. කොහොමින් කොහොම හරි ඒකෙන් අපිට තවත් චාන්ස් එකක් ලැබෙනවා. ඒ තමයි ඒයාලා ගෙදර උයන එක එක ජාතිවල කෑම රස විඳීමේ අවස්ථාව නොමිලේම අපිට උදාවීම.

ඉතින් කුකුළත් අතේ අරගෙන උදේ පාන්දරම ඔපීසියට එන අපේ ඈයොන්ගේ පළවෙනි රාජකාරිය වෙන්නේ අර ඉස්සර රජ්ජුරුවෝ උදේට එක එක වර්ගයේ රාජ භෝජන අනුභව කලා වගේ උදේ කෑම වේල ගන්න එක. බුෆේ එකෙන් ඔපීසියේ කෑම බෙදාගෙන අපිටම වෙන්වූනු කෑම මේසේක තමයි කට්ටිය උදේට මුණ ගැහෙන්නේ. අපිටම වෙන්වුනු කෑම මේසයක් කිව්වේ නොදන්න අලුත් කෙනෙක් හැර වෙන කිසිම කෙනෙක් අපේ මේසේ වාඩි නොවෙන හින්දා. හරියට මේසේ අපිටම ලියලා දීලා වගේ. හි..හි.. 


වෙන අය කවුරුත් එන්නේ නැති නිසා අපේ කට්ටිය කිසිම කරදරයක් නැතුව සුපුරුදු විදිහට ගෙදරින් ගේන කෙසෙල් කොල වල ඔතපු ලොකු ලොකු බත් මුල්, කිරිබත්, අල, බතල, කඩල, කවුපි වගේ දේවල් අතින් කටින් අරගෙන මේසේ වටේට වාඩි වෙනවා. හැබැයි ඉතින් අපේ මේසේ වාඩි නොවුනට අහල පහල මේස වල වාඩි වෙලා ඉන්න අනික් ඩිවිෂන් වල අයගේ උකුසු ඇස් නම් ගේන කෑම වල සුවඳට පැටලිලා අපේ මේසේ පැත්තට එන විදිහ නිකමට හරි වට පිට බැලුවොත් දැක ගන්න පුළුවන් වෙන නිසා වැරදිලාවත් වටපිට බලන්න නම් අපි යන්නේ නෑ..හි..හි..



ඉතින් ඔන්න ඔය විදිහට දවසක් කට්ටියම රජ බොජුන් අනුභව කරලා තම තමන්ගේ රාජකාරී වල යෙදිලා ඉන්නකොට හදිස්සියේම අපේ එක්කෙනෙක්ට හමේ අසාත්මිකතාවයක් ඇති වුනා. තේරෙන  බාසාවෙන් කියනව නම් අතේ ටිකක් ලොකු පළු වගයක් ඇවිත් තිබුනා. ඒක ඉතින් ඒ තරම්ම දෙයක් නෙවෙයි නිසා ඒ ගැන කාගේවත් විශේෂ අවධානයක් තිබුනේ නෑ. අතේ පළු ආපු එකෙනා අයතනයේ වෛද්‍ය මධ්‍යස්ථානෙට ගියා ඒකට මොනාහරි බෙහෙතක් ගන්න. 

"බලන්ඩකෝ හරිම වැඩේ වුනේ..." මෙන්න ටික වෙලාවකින් එයා එනවා හිනා වෙවී. 

"ඇයි මොකද වුනේ ? දොස්තර මොනාද කිව්වේ ? බෙහෙත් ගත්තද ? දොස්තර නැත්ද ? එක එක්කෙනාගෙන් එක එක ප්‍රශ්ණ. 

" හපොයි ප්‍රශ් පත්තරයක් අහන්නේ නැතුව චුට්ටක් ඉන්නකෝ කියන්න. "

" හරි හරි කියන්නකෝ. "

" දොස්තර මගෙ
න් අහුවා උදේට මොනාද කෑවේ කියලා. කාපු ජාති ඔක්කොම දොස්තරට කියන්නයැ.. හි..හි..  මං ඉතින් මොනාද කියන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට මෙන්න දොස්තර මට බනිනවා උදේට කාපු දේ වත් මතක නෑ නේද කියලා. 

මං ඉතින් " නෑ ඩොක්ටර්.. මේ.. " කියනකොටම මෙන්න එයා බෙහෙත් ටිකත් ලියලා දීලා මට කියනවා .

" මීට පස්සේ වත් අඩුම තරමේ කන බොන දේවල් ගැනවත් අවදානෙන් ඉන්න කරන කියන වැඩ ගැන කෙසේ වෙතත්. ඔය රෑෂ් එක හුඟක් වෙලාවට කාපු කෑමක් නිසා වෙන්න පුළුවන්. හරියටම කියන්න තිබුනා හේතුවා අඩු තරමේ කාපු කෑමවත් මතක තිබුනා නම් ." කියලා 

මට මාර ලැජ්ජාව. ඩොක්ට මං ගැන මොනා හිතුවද දන්නේ නෑ... මොනා කරන්නද ඉතින් මමත් හිනා වෙලා බෙහෙත් ටිකත් අරගෙන ආවා ...

හෙට ඉඳලා එහෙනම් එක එක කෑම ජාති කන්නේ නැතුව එක ජාතියක් විතරක් කන්න. ඔයාගේ ටික අපිට වුනත් කන්න බැරියැයි නේද ..

"ඔව් ඔව් ඔය හෙට කියන දවස අපු දවසේ ඉඳලා මම එහෙම කරනවා එතකල් ඉන්නකෝ" කියලා එළුවෙක් වගේ කියලා පුරුද්ද නම් අත ඇරියේ නෑ අද වෙනකන්ම.  :-)


23 comments:

  1. ඒ කියන්නේ අච්චාරුවක් තමයි කාලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. හි..හි.. ඒකට කියන්නේ අච්චරරුවක්ම නොවාන අච්චාරුවක්.. :D

      Delete
  2. නියම ඔපිස් එකක් නේ. තුන් වේලම කෑමත් දෙනවා.
    අරූ නම් ශුවර් එකටම අච්චාරුවක් කාලා ඇත්තේ. සමහරුන්ට දැල්ලෝ කකුළුවෝ ඉස්සෝ වගේ සැර කෑම කෑවහමත් හමේ ආසාත්මිකතා ඇති වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. හතු, සැමන්, අන්නාසි වගේ දේවල් වලිනුත් ආසාත්මිකතා ඇතිවෙනවා.. එක එක්කෙනාගේ ශරීර කූඩු වෙනස්නේ.. :)

      Delete
    2. ඒකනේ.. එක එක අයගේ ශරීර වෙනස් නෙහ්.

      Delete
  3. බඩ අහල මූට පිස්සුද කියලා. ඒකයි කේස් එක!

    ReplyDelete
    Replies
    1. හැබැයි එහෙම වුනා කියලා අද වෙනකම් පාඩමක් නම් ඉගෙන ගෙන නෑ.. :D

      Delete
  4. එතකොට කසාද බැඳපු උන්ට ඔපීසියෙන් කෑම දෙන්නෙ නැත්ද? හරිම අසාධාරණයිනේ.. අපේ ඔපීසියත් ඒ අතින් නම් හොඳයි.. තුන් වේලම කන්න දෙනවා.. බැඳපු නොබැඳපු හැමෝටම..

    මොනව කන්න තිබ්බත් මටනම් ලන්ච් රූම් එකක විනාඩි 5කට වඩා ඉන්න බෑ.. මොනව හරි තියෙන දෙයක් කොටාබාල ඉක්මනට අයින් වෙන්න ඕනි. සමහරුන්ටනම් ලන්ච් රූම් එක පාර්ලිමේන්තුව වගේ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ .. හැමෝටම කෑම හම්බවෙනවා.. බැඳපු අය ඉතින් ගෙදර අයටත් කෑම හදලා එන නිසා එයින් ටිකක් අරගෙන එනවා..

      උදේට වේලාසන යන නිසා වෙලා තිබුනට ලන්ච් ටයිම් එකේ දි නම් වැඩි වෙලා කෑම කන්නේ නෑ..

      Delete
  5. ඔය වගේ එක ගෑනු ළමයෙකුට කෑමෙන් පස්සෙ ආසාත්මිකතාවක් ඇතිවෙලා ඩොක්ට ලඟට ගියාම කාපු එව්ව ඇහුවලු.දවල්ට කාපු කෑමවල විස්තරේ කියපුවම ඔය ළමය වැඩ කරන්නෙ හොටලේකද කියල ඩොක්ට ඇහුවම නෑ ඩොක්ට රජයේ කාර්යාලයක කිව්වලු.

    ReplyDelete
    Replies
    1. හි..හි... රජයේ කාර්යාල වල කෑම වෙලාවට සීමා නෑනේ.. ඔන්න අපි නම් රජයේ නෙවෙයි.. :D

      Delete
  6. හික් හික් ඩොකාට කියන්න වෙන්නේ ඩොක්ට හැමදාම කන්නේ කොත්තු වගේ දෙයක් කියලා තමා

    ReplyDelete
    Replies
    1. මේ ඇවිත් ඉන්නේ කාලෙකින්..

      ඔව් ඔව්.. ඒක නම් දෙන්න පුළුවන් හොඳ උත්තරයක් තමයි.. :D

      Delete
  7. මොකක්ද නගෝ දන්සැලක් ඇරියා වගේ බොලාට නොමිලේම කන්න බොන්න දෙන මේ ඔපීසිය...රජයේ එකක්ද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. අපේ ඔපීසිය පෞද්ගලික අංශයේ එකක්.. තව විස්තර ඉසරහට කියන්නම්කෝ.. :)

      Delete
  8. ලොකු ස්ටාෆ් එකක් ඉන්න ඔපිසියක් වගේනේ.වැඩ කරන අයට කන්න දීලා පිරිමහන්න පුළුවන්ද.:D

    ReplyDelete
    Replies
    1. :) ඔව් මනෝජ්.. ඉන්න ස්ටාෆ් එකේ හැටියට කෑම දෙනවා කියන එක ලේසි නෑ.. ඒත් හැමදේම විශාල මුළුතැන්ගෙයක ක්‍රමානුකූලව සිද්ද වෙනවා..

      Delete
  9. //හරියටම කියන්න තිබුනා හේතුවා අඩු තරමේ කාපු කෑමවත් මතක තිබුනා නම්//

    අන්න ඒහෙම තමයි කන්න ඔ්නේ තුශානි............... මමත් ඒහෙම තමයි කන්නේ........ අාය මතක් කරන්න බැහැ... පොලිස් බල්ලෝ දාන්න ඔ්නේ හොයන්න.................... හැක්...................

    ReplyDelete
    Replies
    1. හි..හි.. මෙයත් එහෙනම් ඒ ජාතියේම තමයි නේද..

      ඉවාන් කියලා තිබුනා වගේ හදිස්සියෙවත් කෑවේ මොනාද කියලා කවුරුහරි ඇහුවොත් කොත්තු කියලා තමයි කියන්න වෙන්නේ..

      Delete
  10. අක්කේ ඔතන වැඩට ගන්නේ නැද්ද කාවවත්...?මටත් එන්න ඔතනට

    ReplyDelete
    Replies
    1. හි..හි.. මෙයාටත් අපේ ඔපීසියේ රස කෑම කන්න හිතිලා වගේ..

      Delete
  11. ඔපිස් ඒකෙ වැඩ වලට වඩා කන එක වගේ කරන්නෙ... :P

    ReplyDelete
    Replies
    1. හපොයි... අපි එහෙම නැතෝ.... උදේට විතරයි ඔහොම කන්නේ. ඒත් වෙලාවට සීට් එකේ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...