හිම වැටෙන සීතල රාත්‍රියක
දෙවෙන්දොරා සං වෙත ,
දෙ අත් පටලාගෙන නොවූවත් හිත් තදින් ආලෙන් වෙලී
තෝකියෝව පුරා අපි සැරි සැරූ හැටි
දෙපස වූ වීදී පහන් කණු කියයි
සැබෑ පෙම්වතුන් බව ආදරේ නාමයන්..
මුල් වතාවට අපි එකිනෙකා හමුවුනු මිදෝරිය
මුහුණට මුහුණලා කෝපි රස විඳි අවන්හල්
එකට ඉඳගෙන කබුකි නාට්‍යයයට පෙම් බැඳි රංග ශාලා
අද තනිකමේ සැඩ සුලඟට ගසාගෙන ගිහින්...
යමු නේද ආයෙමත් සකුරා මල් පිපෙන කාලේට
සකුරා මල් බලන්න ඇවිදින්න යන්න
ඔයා ආස කරපු සුෂි, සෂිමි රස බලන්න
කන්ද මුදුනට ගිහින් ලා පූපේ ශාලාවෙන් කෝපි බොන්න...
ඔයා අඳින චිත්‍ර දිහා ආසාවෙන් බලන් ඉන්න
පුංචි පුංචි උදව් ඔයාට කරලා දෙන්න
මට හැමදාම බැරි ඉංගිරීසි ටිකක් ඉගෙන ගන්න
පුළුවන් වේවී නේද අයේමත් දවසක...
මතකද ඔයා මට අරගෙන දීපු අර නපුරු මූණ
ඇයි එතකොට මම අරගෙන දීපු සෞම්‍ය ගෑණු මූණ
ඒක ඔයා මට ආපහු දුන්නත්
නපුරු මූණ තාමත් මං ලඟ...
කන්නොන් දෙවියන් ඉදිරියේ අපි ප්‍රාර්ථනා කලා වගේ
එකතු වෙන්න පුළුවන් වෙයිද අපිට අපේම ලෝකෙක
ඒ දවස එනකන් මං ඇඟිලි ගැන ගැන ඉන්නවා
සකුරා වසන්තය ලංකාවට ගේන්න...
මීට
නොරිකො
නොරිකො
සැබෑ ආදරේකින් මිදෙන්න උනාම හරිම අමාරුයි වෙන් කරගන්න අර මූණු දෙක.. තුශානී දැන් ලොකු ළමයෙක්.. හරිම සතුටුයි..
ReplyDeleteස්තූතියි කල්‍යාණ මිත්‍රයා..
Deleteඑදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ පොත කියෙව්වහම හිතුනු අදහසක් තමයි ඔය..
තුශානි තාමත් අම්මගේ චූටි දුව හරිද .. :)
නියමයි ලස්සනට ලියල තියෙනවා :)
ReplyDeleteබොහොම ස්තූතියි සොනා.. :)
Deleteඋපරිමයි තුෂානි, නවකතා පොතේ මතක මැදින් ඔයාගෙ මේ පැදි පෙල නිසා කවදාවත් නොදුටු ටෝකියෝවෙ වීදි දිගේ මාත් ඇවිදගෙන ගියා. සීතලයි...
ReplyDelete:) වෙනස් දෙයක් ලියන්නයි ඕනේ වුනේ.. ස්තූතියි මනෝෂ්..
Deleteහිජෝනි උත්ස්කුෂි
ReplyDeleteඅරිගතෝ ගොසයිමස් :)
Deleteතුශානි මළගියඇත්තෝ පොත කියවල වත්ද කියල මට නිකං හිතුණා.බලපුවම වැඩේ ඇත්ත.ලස්සන කවි ටික.
ReplyDeleteස්තූතියි හැලපතුමා.. නොරිකො විදිහට හිතලා බලන්න ඕනේ කියලා හිතුනා..
Deleteලස්සනයි තුශානි
ReplyDeleteටිකක් වෙනස් වගේ ඒ වුණත් අවුලක්ම නෑ අපූරුයි
ජයවේවා
තැන්කූ තැන්කූ.. තුශානිට ටිකක් අමුතු අමුතු ඒවනේ හිතෙන්නේ ඒකයි වෙනස් වගේ පේන්නේ හි.. හි..
Deleteහෙහ්.. මේ දවස්වලටම ගැලපෙන කවි පදවැල් ටිකක්..
ReplyDeleteම්.. සීතල උඳුවප් මාසේ නිසා වෙන්න ඕනේ එහෙම කිව්වේ.. :D
Deleteමලගිය ඇත්තෝ කියෙව්වම ටික වෙලාවකට වෙනම ලෝකෙකට යනවා , තුශානිටත් ඒකම වෙලා වගේ
ReplyDelete:) ඔව් ඔයා කිව්ව කතාව හරි...
Deleteඇත්තටම පොතත් එක්ක වෙනමම ලෝකෙකට යනවා වගේ දැනෙනවා.
මලගිය ඇත්තෝ කිව්වම මම මුල්ම කාලේ හිතුවේ "හොල්මන්"පොතක් කියලා.පස්සේ දැන ගත්තේ මෙහෙම කතාවක් බව.
ReplyDelete:) ඔව් මනෝෂ්... මමත් මේ පොත අතට අරගෙන කියවන්නේ නැතුව තිබ්බ අවස්ථා කීපයක්ම තියෙනවා.
Deleteමම සංචාරය කරන්න ඉතාම ආශාවෙන් ඉන්න රටවල් අතලොස්සෙන් එකක් ජපානය..හරිම ආසයි දවසක එහෙට ඇවිදින්න යන්න...කාලයකට ඉස්සර මූණු පොතෙන් මට සමීප වෙච්ච ජපන් මිතුරියක් හිටියා යූකීකෝ කියලා...ඇය සහ මා අතර ඉතාමත් දැඩි මිත්‍රත්වයක් ගොඩ නැගුනා...මම ඇයට බෞද්ධ කථා කියා දුන්නා...ඇය මට ජපන් භාෂාව කියා දුන්නා...නමුත් අදුරු දවසක පොඩි සිදුවීමක් අරභයා මම හැසිරුන විදියෙන් ඒ සබදතාව හබක් උනා...මාළු ඇඹුල් තියල් හදන හැටි අම්මගෙන් අහලා කියන්න කිව්ව...රෑට රෑට නොතේරෙන ඉංගිරිසියෙන් මා එක්ක කථා කලා යුකීකෝ එදායින් පස්සෙ කවදාවත් කථා කලේ නෑ...මට ඔය කථාව තමයි ඔයාගෙ කවි පද ටික කියවලා මතක් උනේ...
ReplyDeleteඒ විදිහේ දැඩි මිත්‍රත්වයක් බිඳිලා යුකීකෝගේ හිත රිදෙන්න සිරා අයියා මොනවද කලේ ?
Deleteසමාවෙන්න එහෙම ඇහුවට. එත් ඒ කමෙන්ට් එක කියෙව්වහම මට ඒ ප්‍රශ්නේ තමයි ආවේ.