Sunday, December 15, 2013

පොහෝ දින පිලිගන්න හරසරින් සුපුන් සඳ සූදානමින් ...





නේක තරු වැල්  පිරිවරන්
වලා පට තිර පිස      දමන්
සුපිපි සේපාලිකා   සුවඳින්
චන්ද්‍ර මණ්ඩල ‍රැස්   අරන්


සිනහ පිරි මුව මඩල    මෙන්
ශ්වේත වර්ණෙන්  බබලමින්
සිල් සුවඳ සත වෙත්    අරන්
අමා කරුණා ගුණ       දරන් 


සීත ‍රැයේ දැල්වුනු      පහන්
පරදමින් ‍රැස්         විහිදමින්
කිරි දියර නැහැවු    ලෙසින්
බබලමින් සිත් සන්තොසින් 


අමාවක ඝනඳුරු               මකන්
ගුවන් ගැබ කල එළි          කරන්
පොහෝ දින පිලිගන්න හරසරින් 
සුපුන් සඳ                   සූදානමින්

29 comments:

  1. පද පේළි ටික ලස්සනයි .......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට ...

      Delete
  2. ඇත්තටම අපූරුයි මේක නම්..

    ReplyDelete
    Replies
    1. හඳ පායල තියෙන අපූරුව දැක්කහම ඒ ගැන ලියන්න ඕනේ කියලා හිතුනා..

      ඇගයීමට ස්තූතියි..

      Delete
  3. ඉතින් අදවත් පන්සලකට ගොඩවුනොත් නරකද?හි හි

    ReplyDelete
    Replies
    1. ඔන්න කියපු නිසාම පන්සල් ගියා ...

      Delete
  4. සරල රසවත් මුදු මොළොක් කවි පෙළක්!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හදිස්සියෙම හිතට ආපු සිතුවිලි ටිකක්... කවි පද පේලි ටිකකට පෙරලුවොත් හොඳයි කියලා හිතුනා ...

      අගය කලාට හුඟක් ස්තුතියි... ඒක තුශානිට ලොකු ශක්තියක් ...

      Delete
  5. ලස්සනයි තුශානි. සිල් ගන්න යනවද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග ..

      සිල් ගත්තෙ නම් නෑ... එත් අපි අද සිල් ඇත්තන්ට දානයක් දුන්නා ...

      Delete
  6. බුද්ධාලම්භන ප්‍රීතිය...

    ජය...!

    ReplyDelete
    Replies
    1. ම්... ඔව් ඔව් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඉන්නේ ...

      හුඟක් වටින පිංකමක් කරගන්න අද පුලුවන් වුනා..

      Delete
  7. ලස්සනයි තුශානි,පෝයට මොකද කළේ

    ReplyDelete
    Replies
    1. අපේ සීයා නැතිවලා අදට හරියටම අවුරුදු 9 ක් වෙනවා ...සීයා තුශානිගේ ජීවිතේ හුඟක් ලගින් හිටිය කෙනෙක්. ඉඩකඩක් ලැබුනොත් ඒ ගැන විස්තර ඉදිරියේදි ලියන්නම්..

      ඉතින් ඒ නිසා අද අපි පන්සලටයි , සිල් ඇත්තන්ටයි දානයක් දුන්නා ...

      Delete
  8. බොලේ....නගාට ලස්සනට කයි ගොතන්නත් පුලුවන් නොවැ...හද පායනකම්ම හිටියා නේද කයියක් කියන්න...

    ReplyDelete
    Replies
    1. අනේ නෑ.. කලින් ගොතපු කයි කීපයකුත් ඇති... ඉඩකඩක් තියෙනව නම් ගිහින් බලන්න ...

      Delete
  9. ඇයි අනේ කවි මට පත්තියම් වෙන්නෙම නැත්තෙ ??? මට අර රසවින්දනේන මොකක්ද එක නැද්ද කොහෙද :(

    ReplyDelete
    Replies
    1. ම්.. ඒකට තියෙන හොඳම බෙහෙත දන්න විදිහට කවියක් ගොතන්න උත්සාහකරන එක..

      උත්සාහ කරලා බලමු නේද? අනිවාර්යයෙන්ම එනවා කියවන්න ...

      Delete
  10. සොඳුරු කවි පෙළක්. කියෙව්වෙ නම් පෝය පහු වෙලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ඒකට කමක් නෑ කොහොමහරි මේ පැත්තේ ඇවිත් ගියානේ ...

      Delete
  11. සඳ අමාවකයි කිව්වලු !
    ලස්සන කවි පද ටිකක් !

    ReplyDelete
    Replies
    1. හඳත් හරියට අපේ ජීවිත වගේ නේද .... අමාවක, පස්ලොස්වක වගේ දුක, සතුට දෙකම තියෙනවා...

      Delete
    2. ඔවු... ඒක හරි.. අපේ ජීවිත වගේ !

      Delete
  12. අපිත් ලෑසිතියි පෝය දින පිළිගන්න
    බිත්තර හංගන්න
    මස් මාළු නොගෙනෙන්න
    හොරෙන් හරි මල් කඩා
    පන්සලට ගෙනියන්න
    ඔන්න ඔය වගේ
    පෝයට අපි.. හද පායන කොට
    පුන් සද වගේ

    ReplyDelete
    Replies
    1. දේශකතුමාගේ පොහොය පිලිගැනීමත් හරි අපූරුයිනේ...

      Delete
  13. කොහොම හරි වෙන්න යන වෙනසට සුභ පැතුම්. හැමදාම අමාවක තියෙන්නේ නෑ නෙව

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි... ලිව්වේ නම් ජීවිතේ වෙනසක් ගැන නෙවෙයි..

      Delete
  14. ආ ....................පෝය පහු වෙලා නෙව දැන්...
    අගනා කවි ටිකක් තුශා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි... ආපහු ඉතින් දුරුතු පෝය තමයි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...