Sunday, December 8, 2013

මාරු සල්ලි ...





කෝ මේ සාරංග... තාම නෑ...7.30 ට ක්ලාස් එකත් පටන් ගන්නවා.. 7.00 වෙනකොට ඇවිත් ඉන්නවා කියපු එක්කෙනා. දැන් 7.15 ත් පහුවෙලා. .. තරිඳු සාරංග එනකන් බලන් හිටියා..

කොහොමහරි ඊට විනාඩි 5 කට විතර පස්සේ ඔන්න සාරංග දාඩියත් දාගෙන හති ඇර ඇර දුවන වේගෙන චූට්ටක් විතර හෙමින් එනවා තරිඳු දැක්කා.

" අයියෝ ... වෙරි සොරි.. වෙරි සොරි.. පැය කාලයි හොඳේ පරකු වුනේ.. බස් එකේ ආවා නම් ඔන් ටයිම්.. ඈත ඉදන්ම සාරංග කියාගෙන ආවා ..


ඇයි බස් එකේ නෙවෙයිද ආවේ ? තරිඳු පුදුම වෙලා සාරංගගෙන් අහුවා.

" බලන්නකෝ මාර වැඩේ වුනේ ... බො‍රැල්ලෙන් බැහැලා මේ ටික එන්න බස් එකට නගින්න සල්ලි ගන්න හදනකොටයි දැක්කේ පර්ස් එකේ මාරු සල්ලි නෑ කියලා... ලඟ පාත කඩයක් වත් ඇරලා තිබුනේ නෑ.. උදේ පාන්දර කොන්දොස්තරට රුපියල් 1000.00 ක් දික්කරහම අම්බ්රෙල්ලා පවුඩර් වෙන්න අහගන්න පුලුවන් හින්දා ඔන්න ඔහේ පයින්ම ආවා .. සාරංග ක්ලාස් එකට එන ගමන් විස්තරේ කිවුවා.. 

හොඳ වැඩේ .. අපරාදේ බස් එකට නැග්ගට පස්සේ සල්ලි ගන්න මතක් වෙන්න තිබුනේ ... තරිඳු හිනාව තදකරගෙන කිව්වා..

කතාවෙන් කතාව දෙන්නම ක්ලාස් එකේ කාඩ් එක ගන්න කවුන්ටරය ගාවට ආවා..  සාරංග පරණ කාඩ් එක එලියට ගන්න වත් එක්කම ඒක අස්සේ තිබිලා රුපියල් 10.00 ක් බිමට වැ‍ටුනා.

" ෂික් .. මේ කොලේ කලින් මට හොයාගන්න බැරි වුනානේ එහෙම වුනානම් දාඩිය දාගෙන මෙහෙම උදේ පාන්දර එක්සයිස්  කරන්න ඕනේ නෑනේ .. දාඩිය පිහිදමින් සාරංග කියද්දී එතන හිටිය ගෑණු ළමයි ටිකත් හැරිලා බැලුවා ...

යමු යමු ... වොක් එක ශරීර සෞඛයයට හොඳයි වගේ මෙතනින් යන එකත් ශරීර සෞඛයයට හොඳයි...
ක්ලාස් එකට පරක්කු වෙලා ගිහින් එලියට වෙලා හිටගෙන ඉන්න වුනොත් අපි දෙන්නම අම්බ්රෙල්ල පවුඩර් තමයි කියලා ගෑණු ළමයි ටිකට අහෙන්නේ නැතිවෙන්න තරිඳු සාරංගගේ කනට කරලා කියලා සාරංගත් ඇදගෙන ක්ලාස් එකට ගියා ... 


ප.ලි - ඔය අම්බ්රෙල්ලා පවුඩර්  කිව්වේ කුඩේ කුඩු කියන එකටලු...



34 comments:

  1. කෙටි, රසවත් කතාව...........කතාවේ නම අම්බරෙල්ලා පවුඩර් කියලා දැම්ම නම් මරේ මරු.... හී...හි...හි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානු .... ම්... අදහසත් නරක නෑ...

      Delete
  2. ඔය වගේ මාරු සල්ලි කේස් වලදි කොන්දොස්තරලාගෙන් හොඳට අහගත්තෑකි... :)
    අම්බ්‍රෙල්ලා පවුඩර් !
    මරු වචනේ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... කොන්දොස්තරලට 100.00 කොළ එහෙම දකිනකොට පුදුම තරහක් නේද එන්නේ ...

      ඒ වචනේ කලින් මාත් අහලා තිබුනේ නෑ...

      Delete
    2. ඒක නේන්නං.. හොඳම වැඩේ තමා උදේට සීයේ නොට්ටුවක් දැක්කම සිද්ද වෙන්නේ :)

      Delete
  3. මාරු සල්ලි ගැන මාත් දවසක් ලිව්ව නෙව...

    ReplyDelete
    Replies
    1. අදම එන්නම්කෝ ඒක කියවලා යන්න ...

      Delete
  4. මම නම් පර්ස් එකේ කීයක් හරි හංගලා තියා ගන්නවා. අපෙ උන් විහිලු කරන්නෙ මූ බංකර් ගහනවා කියලා. ඒත් වැඩේ කියන්නෙ ගොඩක් වෙලේට මේ කොල්ලාට වගේම මටත් උවමනා වෙලේට හංගපුවා අමතකයි.

    ReplyDelete
    Replies
    1. පර්ස් එකේ කීයක් හරි හංගලා තියා ගන්න වැඩේ නම් හොඳයි.. අමතක වෙන එකයි ප්‍රශ්ණේ නේද... නිතර පේන තැනක තිබ්බොත් ඒක ගැනෙනවනේ ..

      Delete
  5. මමත් මාරු සල්ලි නැතුව සෑහෙන්න අපහසුතාවයට පත් වෙලා තියනවා.. ඒ නිසා දැන් බස් ගාස්තුව ගානට අරන් යනවා...

    ReplyDelete
    Replies
    1. මමත් බස් එකට නගින්න කලින් ගානට සල්ලි අතට අරගෙන තමයි බස් එකට නගින්නේ ...

      සමහර බස් යන වේගෙට පර්ස් එකෙන් සල්ලි ගන්නව තියා වැටෙන්නේ නැතිවෙන්න අල්ලගෙන ඉන්නෙත් කොච්චර අමාරුවෙන්ද...

      Delete
  6. කුඩේ කුඩු කියන්නේ අම්බ්‍රෙල්ලා පවුඩර් කියලා ඔළුවට ආවෙම නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මුල් වතාවට අහද්දි මගේ ඔළුවටත් ආවේ නෑ..

      Delete
  7. මම ඒත් බැලුවා මොකද්ද මේ අම්බ්‍රෙල්ලා පවුඩර් කියලා! හොඳ වෙලාවට යටින් තේරුම දැම්මේ. නැත්තං කරකවලා අත ඇරියා වගේ වෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්... දැනගෙන හිටියා හොයාගන්න බැරිවෙන විත්තිය ... ඒකයි අපහු ලියලා දැම්මේ ...



      Delete
  8. කෙටිම කෙටි කෙටි කතාවක්,අපොයි අම්බ්රෙල්ලා පවුඩර් කතාව බලපුවම කවුරුත් දැනගෙන ඉඳල නෑනෙ, ඕක බොහොම පරණ වචනයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්... කෙටිම කෙටි කෙටි කතාවක් ...

      අපි කවුරුත් අම්බ්රෙල්ලා පවුඩර් වචනෙ කලින් අහලා තිබුනෙ නෑ.

      Delete
    2. මමත් හොල්මන් වෙලා හිටියෙ මේ අලුත් වචනෙ මොකක්ද කියල..

      Delete
    3. එහෙමද... දැන් හරිනේ...

      Delete
  9. හැලපෙ මාමා කියනවා වගේ මේක මටත් සෑහෙන ඉස්සර ඇහුනු වචනයක්...මම ඉන්න රටේ බස් වල යන්නත් තමන්ගෙ ගමනට අදාළ මුදල මාරු සල්ලි වලින් අරන් එන්න ඕනෙ...මොකද කොන්දොස්තරලා නැති නිසා රියදුරා ලග තියෙන පෙට්ටියකට සල්ලි දාන්නෙ...ඉතුරු දෙන්න විදියක් නැති නිසා ගමනට අවශ්‍ය ගාන රැගෙන එන්න ඕනෙ...නැත්තං බස් කාඩ් එක ගන්න ඕනෙ....

    ReplyDelete
    Replies
    1. සිරා අයියත් කලින් අහලා තියෙනවා එහෙනම් ...

      මටත් ඒ අත්දැකීම තියෙනවා ... හැබැයි ලංකාවට ඒ තාක්ෂණය එන්න තව හුඟක් කල් යයි...

      Delete
  10. අම්බ්‍රෙල්ලා පවුඩර්.. ඒකනම් මරු වචනේ..

    ReplyDelete
    Replies
    1. මුල්ම වතාවට වෙන්න ඕනේ ඇහුවේ...

      Delete
  11. මත් දවසක් අම්බ්‍රෙල්ල පව්ඩර් උනා... ඔය මාරු සල්ලි හින්ද

    ReplyDelete
    Replies
    1. දැන් මතක ඇතුව මාරු සල්ලි අරන් යනව ඇති එහෙනම් ...

      තුශානිගේ බ්ලොග් එකට ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා ...

      Delete
    2. අනිවාර්යයෙන්ම.

      අපේ පැත්තත් එන්න...

      ජය...!

      Delete
  12. තව කොටසක් තියෙනවද? තියෙනවා නම් හොඳයි වගේ. ඔයාට ලේසියෙන්ම මේකෙන් නවකතාවක් ගොඩනගන්න පුළුවන් , ජයවේවා

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වුවට හුඟක් ස්තූතියි... මේ තරම් දුරට පොස්‍ටු පෙලක් ලියන්න මුලින් අදහසක් තිබුනේ නෑ..

      සමාවෙන්න, මේකේ තව කොටසක් නම් නෑ.. ඉදිරියෙදි ඉඩක් ලැබෙන විදිහට නවකතාවකුත් ලියන්න උත්සාහයක් ගන්නම්කෝ...

      Delete
  13. අම්බ්රෙල්ලා පවුඩර් කියනවට වඩා ලේසිනෙ කුඩේ කුඩු කියල කිව්වනම් :D

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් සාරංගගෙයි තරිඳුගෙයි වචනයක් නේ....

      ඔන්න සසිඳුව තුශානිගේ බ්ලෝග් එකට සාදරෙන් පිලිගත්තා හොඳේ...

      Delete
  14. ටියුෂන් යන ළමයින්ට දාහේ කොල නොදෙනු!

    ReplyDelete
    Replies
    1. එතකොට හැබැයි ක්ලාස් ෆීස් ගෙනියන්න බැරි වෙනවා ...

      Delete
  15. අදයි මෙහ පැත්තේ ආවේ..ෆට්ට ලිවිල්ල දිගටම ලියන්න සහෝදරි විවේක විට ඇවිත් කියව යන්නම්...

    අම්බ්‍රෙල්ලා පවුඩර් වගේම
    coming colors not good එනපොට හොද නැ කාලයක් මගේ ශබ්ද කොශයේත් තිබ්බ

    ReplyDelete
  16. ස්තූතියි අචාර්යතුමා... සාදරයෙන් පිලිගන්නවා තුශානිගේ බ්ලොග් එකට .. විවේක තියෙන විදිහට එන්න ..

    // coming colors not good එනපොට හොද නැ කාලයක් මගේ ශබ්ද කොශයේත් තිබ්බ // අචාර්යතුමා වගේ අපේ යාළුවොත් ඔය විදිහට කියනවා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...