පසුගිය පෙබරවාරි 15 වෙනිදාව අතීතයට එකතුවුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරළ මිනිසෙක් ලෙස නිහඬ සේවයක් කළ සොඳුරු මිනිසෙකුගේ අවසන් හුස්ම පොද වා තලයට මුසු කරමින්.
පුවත්පත් කළාවේදියෙකු, ගේය පද රචකයෙකු, ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක වරයෙකු, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස ළමා, තරුණ, වැඩිහිටි කාගෙත් ආදරය දිනාගත් ඔහු නමින් මහින්ද අල්ගම.
ඔහුගේ පන්හිඳෙන් ලියවුනු ගී පද රචනා වෙනුවෙන් 2011 වර්ෂයේ රාජ්‍ය සංගීත උළෙලේදී මහගමසේකර අනුස්මරණ සම්මානයෙන්ද පිදුම් ලැබූ ඔහු රුක්අත්තන මල මුදුනේ, චන්ද්‍ර මඩුළු යට, සඳ එළිය ඇවිල්ලා, රාන් කුරුල්ලා වැනි ගී රැසකද හිමිකරුවාය. ඔහුගේ ගී පද රචනා පිළිබඳවත්, පුවත්පත් කලාවේදීත්වය පිළිබඳවත් බොහෝ දෑ පසුගිය වකවානුව තුල කථා බහට ලක්වුන නිසා ඒ පිළිබඳ වැඩි යමක් ලියන්න තුශානි අදහස් කරන්නේ නෑ. මේ සටහන තුශානි ලියන්න හිතුවේ ඔහු ඇසුරේ ගුරුහරුකම් ලබමින් තුශානි දැක්ක ඒ සොඳුරු නිහතමානී චරිතයේ බොහෝ දෑ අපි හැම කෙනෙකුගේම ජීවිත වලටත් වටිනා ආදර්ශයක් වෙන නිසාවෙන්මයි.
තුශානිට මුලින්ම මහින්ද මාමා මුණගැහුනේ ගුවන් විදුලිය තුල විකාශය වුනු ළමා පිටිය වැඩසටහනකට සහභාගී වෙච්ච අවස්ථාවකදී. මර්සි නැන්දගේ පොස්ට් එකේදි කිව්ව වගේ ගුවන් විදුලියේ ඇන්ටිලා අන්කල්ලා නැති නිසා මහින්ද අල්ගම චරිතය කා අතරත් ප්‍රසිද්ධ වුනේ මහින්ද මාමා කියල. මහින්ද මාමා ඉක්මනින් තරහ යන ටිකක් සැර කෙනෙක් වුනත් ඒ සැරවැර කම් අතරේ සැඟවිලා තිබුනේ ආදරණීය තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් නිසි මගට ගන්න දරණ ගන්න උත්සාහයක් සමඟ බැදිච්ච පිය සෙනෙහසක්.
ගුවන් විදුලිය තුල ඉහළ විනයක් හා ශික්ෂණයක් තිබිය යුතුයි යන්න තදින්ම විශ්වාස කල මහින්ද මාමා, මාධ්‍ය තුලින් ශ්‍රාවකයන් වෙතට යන සෑම දේකම සෑම වචනයක් පාසාම, හරවත් බවක් රැඳී තිබිය යුතුයි යන දැඩි ප්‍රතිපත්තිය අනුගමනය කළ පුද්ගලයෙක්. ඒ නිසාම මහින්ද මාමත් එක්ක වැඩ කිරීම අපි හැම කෙනෙක්ටම ටිකක් අභියෝගයක් වුනා කිව්වොත් ඒකේ වරදක් නෑ. ඒ අතරෙන් මහින්ද මාමගෙන් බැනුම් අහපු නැති අය හිටිය නම් හිටියෙ හරිම සුළු පිරිසක්. කොහොම වුනත් වැඩසටහන අවසන් වෙලා මැදිරියෙන් එළියට එනකොට මහින්ද මාමගේ හිතේ වගේම අපි කාගේවත් හිත් වලත් බැනුමක සේයාවක් වත් රැඳිලා නොතිබිච්ච බව නම් සඳහන් කළයුතුමයි.
මාධ්‍යය හසුරුවන කෙනෙකුට පුළුල් දැනුම් සම්භාරයක් තියෙන්න ඕනෙ කියන එක මහින්ද මාමා තදින් විශ්වාස කළ නිසාම ගුවන් විදුලි වැඩසටහන් මැදිරිය තුලට පමණක් කොටු නොකර මැදිරියෙන් පිට විවිධ ස්ථාන වල සිට ගෙන එන්න ලොකු වෙහෙසක් ගත්තා.
පහළින් තියෙන පින්තූරය ඒ වගේ මැදිරියෙන් පිට වැඩසටහනකට සහභාගි වෙච්ච වෙලාවක ගත්ත ඡායාරූපයක්.. එහි දෙවෙනි පේළියේ වම් පැත්තෙ ඉඳන් තුන්වෙනියට ඉන්නෙ මහින්ද මාමා ...
මාධ්‍යය හසුරුවන කෙනෙකුට පුළුල් දැනුම් සම්භාරයක් තියෙන්න ඕනෙ කියන එක මහින්ද මාමා තදින් විශ්වාස කළ නිසාම ගුවන් විදුලි වැඩසටහන් මැදිරිය තුලට පමණක් කොටු නොකර මැදිරියෙන් පිට විවිධ ස්ථාන වල සිට ගෙන එන්න ලොකු වෙහෙසක් ගත්තා.
පහළින් තියෙන පින්තූරය ඒ වගේ මැදිරියෙන් පිට වැඩසටහනකට සහභාගි වෙච්ච වෙලාවක ගත්ත ඡායාරූපයක්.. එහි දෙවෙනි පේළියේ වම් පැත්තෙ ඉඳන් තුන්වෙනියට ඉන්නෙ මහින්ද මාමා ...
ඒ පින්තූරය තුශානිට බොහොම සතුටින් මතක් කරන්න පුළුවන් මතකයන් ගොඩක් එක්ක බැඳුනු හුඟක් වටින සිහිවටනයක් වුනත් අද ඒ පින්තූරේ දකින කොට තුශානිගෙ හිතට ලොකු දුකකුත් දැනෙනවා ..
අපි හැදී වැඩුනේ බරපතල නීති රීති අතරේ වුනත් ඒ හැම දෙයක් තුලින්ම ඔහු අපිට කිසිදු තැනකින් ලැබිය නොහැකි ජීවිතය පිළිබඳ වු ගැඹුරු පාඩමක් ඉගැන්නුවා. ඒ වගේම අපි ලද ශික්ෂණය, විනය අපේ ජීවිත වලට ලොකු පන්නරයක් ලබා දුන්නා වගේම අදටත් ලබාදෙනවා. ශරීරයෙන් පුංචි මිනිසකු වු ඔහු යහපත් මාධ්‍ය කලාවක් උදෙසාත්, හරවත් හා නිවැරදි මාධ්‍ය භාවිතයක් උදෙසාත් සිය ආධුනිකයින් මෙහෙයවූ දැවැන්ත චරිතයක් ලෙසින් කාගේත් ආදරය දිනා ගන්නට සමත් වුනා. ශ්‍රව්‍ය මාධ්‍යයට නව කලාවක් හඳුන්වාදුන් ඔහු ළමා ලෝකය ජයගත් ලෝ ප්‍රකට ළමා පොත් සිංහලට පරිවර්තනය කරවමින් ළමා මනසට වටහාගන්නට පහසු ලෙස සරළ බසින් ළමා නාට්‍ය බවට පත්කරන්නට සමතෙක් වුනා. සමනළ ලන්ද, දැනුම වැඩුම , රේඩියෝ රඟ මඩල, චාරිකා, ළමා ගී, වගේ විවිධ වු වැඩ සටහන්ද ඒ අතරින් කැපී පෙනුනා.
මහින්ද මාමා නිෂ්පාදනය කළ ළමා වැඩසටහන් අතුරෙන් මාමා හුගක්ම කැමැත්තෙන් කලේ ළමා නාට්‍ය නිෂ්පාදනය කියලා කිව්වොත් ඒකට හැමෝම එකඟ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ අතරිනුත් ජිල් ජෝන් සහ ලන්දේසි දූපත, රූකඩ පැංචා, ගලිවර්ගේ චාරිකා, එමිලි, ඈන් වගේ ළමා නාට්‍ය ඉදිරියන් තියෙනවා. ළමා නාට්‍ය හා බැඳුනු තොරතුරු ගැන කියන්න බොහෝ දේ තිබුනත් අත් දිග කමිසයකින් සැරසිලා නාට්‍ය පිටපත් ටිකත් අරගෙන මැදිරියට එන මහින්ද මාමාගේ රුව මතක් වෙන වාරයක් පාසා හිතට දැනෙන දුක, ඒ අකුරු සියල්ල බොඳ කර හමාරයි.
ජනප්‍රියත්වය පසුපස හඹා නොයමින් සැමවිටම හරවත් සොඳුරු සිහිවටනයක් පරිපූර්ණව දැයට දායාද කළ ඔහු අද නික්ම ගොස් අවසානයි. ඔහුගේ අමිල මෙහෙය ගුවන් විදුලියට වගේම ලොකු කුඩා වැඩිහිටි හැමටම පිරවිය නොහැකි පාඩුවත් බවට පත්ව අවසානයි. සැබවින්ම ජීවිතයේ සරළ බව, සැහැල්ලු බව අපට කියාදී අද ඔහු නො එන ගමනක් ගොස් අවසානයි. ඔබ තනන්නට වෑයම් කළ, අපට ගමන් කරන්නට මග පෙන්වු ලෝකය හැරදා ඔබ ගොස් අවසානයි.
ආදරණීය මහින්ද මාමේ ඔබට නිවන් සුව ලැබේවා !
මං ඉස්සෙල්ලා එනකොට තිබුනේ නෑ මේක..
ReplyDeleteඔහු ගැන ඔබ වැනි කීප දෙනෙකු (දයා, යසනාත්, සිසිර කුමාර) කතා කරනවා දුටුවාට අනිත් අයට එහි අරුමයක් නැති හැඩයි. මොකද මේ ලොකය හුරු වෙලා ඉන්නේ ප්රහර්ෂණවාදි කලාකරුවන්ට කත් අදින්න විතරයි නේ..
අල්ගමයෙනි සුභ ගමන්!! ඔබටත් ස්තුතියි තුෂානි මතක ගබඩාව ඇවිස්සුවාට
මහින්ද මාමා ජනප්‍රියත්වය බලාපොරොත්තුවෙන් වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසාම එයාව අඳුනන පිරිස හරි අඩුයි..
Deleteස්තූතියි දේශකතුමා ...
මහින්ද මාමාට නිවන් සුව පතමි !
ReplyDeleteඔය පින්තූරේ ඔයා ඉන්නේ කොතනද තුශානි ???
පින්තූරේ මාව හොයා ගන්න නම් දේශකතුමාගේ අර ලොකු කරල බලන කණ්නාඩිය ගන්න වෙයි...
Deleteෆොටෝ එක ගන්න කැමරා එක දීලා යනකොට ඉස්සරහ සීට් ඔක්කොම පිරිලා .. ඉන්නෙ අර රතු පාට එකක් ඇදන් ඉන්න එක්කෙනාට පිටිපස්සේ..
මහින්ද අල්ගම ..... කලාවේ නිහඬ දැවැන්තයෙක් ..සුභ ගමන්
ReplyDeleteඔව්.. ඒ අඩුව කිසි කෙනෙකුට පුරවන්න බෑ..
Deleteඔබට නිවන් සුව මහින්ද අල්ගම මහතාණෙනි... දැක නැතත් ඔහුගේ නිරිමාණ රස විද ඇත මම...
ReplyDeleteමධුරංග අහපු හිංද ආයෙ අහන්ෑ... ඒත් උත්තරේ ඕන
ඔහුගේ නිර්මාණ තුලින් ඔහුගේ ප්‍රතිරූපය ආදරය කළ පිරිස බොහෝමයි..
Deleteඔන්න උත්තරේත් දීලා තියෙන්නේ.. හැබැයි තුශානි මීට වඩා දැන් හුඟක් වෙනස්..
අල්ගමයන්ගේ බාල සොහොයුරෙක් ආශ්‍රය කරන්නට ලැබුණු නිසා ඔහු ගැන ගොඩක් දේ දැනගත්තා.
ReplyDeleteඅර මධු අහපු එකටත් උත්තරයක් දෙන්න තුශානි.
මහින්ද මාම ගැන දන්න පිරිස හරිම අතලොස්සක් හැලපතුමා .. නිහතමානී, සරළ, දැනුම් සම්භාරයකින් යුක්තවුනු ආදර්ශවත් චරිතයක්..
Deleteඋත්තරේ නම් දුන්නා.. ඒත් මේක ටිකක් පරණ පින්තූරයක්...
රුක්අත්තන මල මුදුනේ සිංදුව ගැන කිනම් කතාද තුශානි ...
ReplyDeleteමහින්ද මාමා ලියපු සින්දු අතරින් මමත් ආසාම සින්දුව..
Deleteස්තුතියි තුෂි ...විස්තර ගොඩක් දැනගත්ත.
ReplyDeleteඔහුට නිවන් සුව පතමි...!
මහින්ද මමා ගැන කියන්න දේවල් බොහෝමයි.. වචනයෙන් විස්තර කරන්න බැරි තරම් විශාල සේවාවක් ඔහුගෙන් සිද්ධවුනා..
Deleteඔහු වැනි අය නිශ්පාදනය කරපු වැඩසටහන් අපි විතරක් නෙවෙයි අපෙන් පස්සෙ ආපු පරම්පරාවල අය උනත් රසවිඳිනවා...
ReplyDeleteඒ සුන්දර වැඩසටහන් වෙනුවෙන් ස්තූතියි මහතාණෙනි...
ඔබට...සුභ ගමන්
ඔව් චාම්ස්.. ඔහු අද අපි අතර නැති වුනත් ඔහුගේ නිර්මාණ හැමදාටම අපි අතර පවතියි..
Deleteමම මෙතුමාව දන ගත්තේ "රුක්අත්තන මල මුදුනේ" ගීතය නිසා . එකත් ඉස්කෝලේ ප්‍රොජෙක්ට් එකක් නිසා.. ඇත්තටම වැඩි ප්‍රසිද්ධියට අකමැති පුද්ගලයෙක් කියල අහල තියෙනවා...
ReplyDeleteඔබට නිවන්සුව මහතාණනි..
මෙතුමා වෙනුවෙන් ඉඩක් වෙන් කරලා කාලගුණ දැක්වුවාට ඔබටත් ස්තුතියි තුෂානි..
තමන්ගෙන් විය යුතු දේ උපරිමයෙන් කළා මිසක් මහින්ද මාමා ප්‍රසිද්ධිය පසු පස ගිය කෙනෙක් නෙවෙයි..
Deleteඑතුමා අපට ලබා දුන් දේ අපරිමිතයි යසිත්.. ඊට කළගුණ සලකන්න අපි දැන් ප්‍රමාද වැඩියි..
සුභ ගමන් කියා මමත් පතන්නම්...උපන් දේශයට ණය නැති මනුස්සයෙක් කියලයි කියන්න කැමති.
ReplyDeleteඔව් සිරා අයියේ.. අපි ඔහුගේ උදාර සේවයට ණයයි...
Deleteබොහෝ දේ කර...නිහඬවම සමුගත් ශ්‍රේෂ්ඨයින් ගොන්නට තවකෙක්...
ReplyDeleteඅල්ගම මැතිඳුනි ඔබට නිවන් සැප පතමි!
සැබවින්ම ඔහු නිහඬ මෙහෙයක් කළ ශ්‍රේෂ්ඨයෙක්..
Deleteලංකාවෙ මෙවන් උදාර මිනිසුන්ට හිමිතැන මදි.
ReplyDeleteඔව්... ඒ අය ගැන අවදානය යොමු වෙනකොට ප්‍රමාද වැඩියි..
Deleteමේ පැත්තට අපු එක ගැන නම් හුඟක් සතුටුයි... සාදරයෙන් පිළිගන්නවා තුශානිගේ බ්ලොග් එකට...
ජනප්‍රියත්වය පස්සෙ ගියේ නැති මිනිස්සු තමුන්ගෙ සේවය කරලා නිහඬවම නික්ම යනවා... එතුමාට නිවන් සුව අත්වේවා කියලා මාත් පතනවා...
ReplyDeleteනිවන් සුව ප්‍රාර්ථනා කරන්න එක් වුනාට හුඟක් ස්තූතියි..
Deleteඒ වගේම ඔයාව ආදරයෙන් පිළිගන්නවා තුශානිගේ බ්ලොග් එකට..
එතුමාට නිවන් සුවය පතනවා
ReplyDeleteඅපෙත් පැතුම ඒකමයි.. ස්තූතියි පැමිණියාට ..
Deleteමගෙත් යාලුවෙක් ඉන්නවා ලමාපිටියේ හිටපු ගම්පහ රත්නාවලියෙන් ආපු
ReplyDeleteවිදුල ගුවන් විදුලියෙත් හිටපු කෙනෙක්
පරණ පොස්ට් එකක් කියවලා වගේ... :)
Deleteළමා පිටිය කියන්නේ ළමයි ගොඩක් සම්බන්ද වෙන තැනක්. ඉතින් සමකාලීනව එකට වැඩසටහන් කරපු අය ඇර හැමෝම අදුර ගන්න අවස්තාව ලැබෙන්නෙ නෑ. අපිත් එක්කත් ගම්පහ රත්නාවලියෙ අය කිහිපදෙනෙක්ම හිටියා.
ස්තූතියි ළමා පිටියෙ මතකය ආපහු අරගෙන ආවට...
ගෙදර හිටියොත් නම් උදේට වෙලඳ සේවය අහනවා සල්පිටිකෝරාලගේ උදේ සින්දු ටික අහන්න.
Deleteමගේ යාලුවගේ නම අක්ෂිලා 2010 AL.