Wednesday, April 23, 2014

ගීයේ හිමිකරුවා ඔබයි ...



  ජීවිතයේ සොඳුරු කවියේ
 විසිරුණු පද වැල් එක් කොට
පද වැල් එකිනෙක ඇමිනූ
මනහර රන් පන්හිඳ ඔබ

වයලීනයේ සුසර තතට
අතැඟිලි ගැටෙනා තාලේට
මැවුනු සප්ත ස්වර රටාවේ
සොඳුරු මියුරු තනුවකි ඔබ

හඬ ගා ගී රාව දෙන්න
 පද වැල් තනුවට ගයන්න
ආදරයෙන් හුස්ම පෙවු
  මධුර ගීත ස්වරයයි ඔබ 

මිණි කිංකිණි හඬ අතරේ
පා තබනා හැටි තාලෙට
කියාදෙමින් වාරු දුන්නු
යෝධ බලැති ශක්තිය ඔබ
 
වෙයි නම් සුමිහිරි ගීයක්
පද වැල් තනු පදමට මුසු

ඒ සැමටම මුල් ගල වු
ගීයේ හිමිකරුවා ඔබයි ...

30 comments:

  1. බුදු අම්මේ... ගීතයේ හිමිකරුවා මහ අමාරුකාරයෙක් නේ...

    ReplyDelete
    Replies
    1. ම් ... අපූරු පද වැලක් ලියන්න, ඒ පද වැලට හරියන තනුවක් දාන්න, තනුවට මියුරු හඬක් මුසු කරන්න කෙනෙක්ට පුළුවන්නම් අමාරුකාරයෙක් වුනත් නොවුනත් ඒ ගීයේ හිමිකරුවා .... :)

      Delete
  2. සුබ පැතුම්! සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. හිතට ආපු සංකල්පනාවක්... :)

      Delete
  3. අපි දන්නේ නෑනේ ඔයාගේ ගීයේ හිමිකරුවා ගැන.. ඒ මතකය බිඳක් අවදි කලොත්.. හික්ස් :)

    සුබ පැතුම් තුශානි !

    ReplyDelete
    Replies
    1. හපොයි.. වරදවා වටහගන්න ඔට්ටු නෑ හරිද...

      හිතට ආපු දේවල් ටිකක් කොලේක ලියවුනා එච්චරයි... :)

      Delete
  4. හෙන වැඩකාරයෙක්නෙ අප්පා,සුබ පැතුම් තුශානි.

    ReplyDelete
    Replies
    1. ගීයක් ලියන්න, තනුවක් දාන්න, ලස්සනට ඒක කියන්න පුළුවන් කෙනා වැඩකාරයෙක් තමයි... එහෙම කෙනෙක් හම්බවෙන්න හුඟක් වාසනාවන්ත වෙන්න ඕනේ..

      මේ කවි සංකල්පනාවක් හැලපතුමා ... : )

      Delete
  5. මේ වගේ සිතුවිලි හිතට එන්නත් මොකක් හරි හේතුවක් ඇති නොවැ...:)

    ReplyDelete
    Replies
    1. කවි පදයක් වත් කුරුටු ගා ගන්න බෑ නොවැ මෙයාලත් එක්ක.. :)

      Delete
  6. ත්‍රී ඉන් වන් අය බොහොම අඩුයි. කවුරු වුනත් පරිස්සම් කරගන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක ඇත්ත .. එහෙම අය හරි අඩුයි..

      Delete
  7. ලස්සන පද පෙළක් තුශානි...
    (සංකල්පනාවක් විතරයි කියපු නිසා වෙන මොකුත් කියන්නෙ නෑ ඉතින් ;) )

    ReplyDelete
    Replies
    1. : ) හා හා ... බොහොම ස්තූතියි චාම්ස් ..

      Delete
  8. ඔන්න වරදවා වටහා ගත්තෙ නෑ හිටගෙන..
    ලස්සන කවිපෙලක්...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හි.. හි... හොඳයි හොඳයි ඉඳගෙන...

      බොහොමත්ම ස්තූතියි විදානේ...

      Delete
  9. බොහොම ලස්සන පද වැල් කීපයක්.

    ReplyDelete
  10. හිමිකරුවා හිතට රිංගුවම ඉතින් එක ගීයක් මොකෝ ගී පොතක්ම ඒ නමට ලියන්න බැරිය..

    ReplyDelete
    Replies
    1. මෙයත් දන්න දේවල්... බලමුකො බලමුකෝ...

      Delete
  11. ක්ලැරන්ස් විජේවර්ධන, රූකාන්ත, ආත්මා ලියනගේ, හොද ත්‍රී ඉන් වන් වැඩකාරයො....මේ කියන කෙනත් එහෙමද...

    ReplyDelete
    Replies
    1. ඔව් ... එහෙම කෙනෙක් ගැන හිතලා තමයි ලිව්වේ...

      Delete
  12. වෙණ තතත් හැඬවෙන තැනත් ඔබ....

    ReplyDelete
    Replies
    1. // අහස සේ ඔබ අනන්තයි
      සයුර සේ ඔබ අනන්තයි..
      මේ විශ්වයේ මා දකින්නේ
      ඔබමැ පමණයි... ඔබ අනන්තයි.. // මාත් ආස කරන ගීතයක්..

      Delete
  13. කවියක් වුවත් ඒක කියවෙන කෙනා අතර මං වෙන්න ලියල තියෙනව තුශානි...
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න සමාවෙන්න අතරමං කරන්න හිතාගෙන ලිව්වා නෙවෙයි.. :)

      ස්තූතියි මහේෂ්...

      Delete
  14. හරිම ලස්සනයි, අපූරු පද ගැලපීමක් වගේම ලස්සන තාලයක් ගොඩක් රස වින්දා ස්තූතියි ඉතිං ජය වේවා

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තූතියි... කැකුළු ගොමුවට සාදරෙයෙන් පිළිගන්නවා...

      Delete
  15. ඔය ඉතින් ආදරෙන් ඉන්න වෙලාවට කියන දේවල්නේ . . මගේ හැමදේම ඔයා කියන ගෑනු ළමයින්ම තමයි පොඩ්ඩ එහා මෙහා වෙද්දි මගේ ඔක්කොම නැති කලේ ඔයා කියල කියන්නේ හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. :) ගෑණු ළමයි විතරක් නෙවෙයි පිරිමි ළමයිනුත් එහෙම තමයි...

      හොඳම දේ හැමදේම ඔයා කියල නොකියම ඉන්න එක නේද ... හි.. හි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...