Wednesday, August 6, 2014

ම්හු... මට බෑ ...





පැය කට්ට දුවනවා
මැෂින් වගේ වැඩ කරනවා
හුස්ම හිර වෙන තරම්
වැඩ කන්ද ගොඩ වෙලා... 

බැලු බැලූ හැම පැත්තේ
කට්ටියම වැඩ මත්තේ
හිනාවක් කතාවක්
නැහැලු කලකින් දැක්කේ...

වැහි අනෝරා වැටෙනවා
සීතලේ තෙමෙනවා
නිවාඩුවෙ ගෙදරට වෙලා
ඉන්න බෑ වැඩ නිසා...


ඇස් දෙකත් රතු වෙලා
මූණ දැන් කැත වෙලා
අකුරු කොට කොට ඉඳලා
ඇඟිලි ටික කොට වෙලා...


 පරිඝණක තිර ඇතුලේ
වැඩ වලම තනි වෙලා
කල් මරණ හෝරාව
නොදැනීම වැඩි වෙලා...

 ගිරවි වගේ කියවන්න
කිචි බිචියේ හිනැහෙන්න
දුව පැනලා දඟලන්න
වැඩ නිසා බැරිවෙලා...
 

බ්ලොග් රෝල කියවන්න
කමෙන්ට් කර කර යන්න
කුරුට්ටක් ගා ගන්න
වෙලාවක් නැති වෙලා ...  

හපොයි මේ වැඩ කන්ද
නැද්ද කෙන්දක් වෙන්නේ
ඒත් නෑ අඩු වෙන්නේ
හිත හිතා පසු වෙන්නේ...

කවුරු හරි වෙයි නම් මෙයට
උපායක් හෙම දන්න
කීවොතින් ගැලවෙන්න

එවමි තුති මල් ඔන්න ...


32 comments:

  1. හම්මෙ මටම ලිව්වා වගේ

    කරපු ගොන්කම් වල බලෙන්
    ලිව්වා කියෙව්ව බොගි අතීතෙ
    හදා ගන්නට ලැබු අණින්
    හදා ගන්නට සදමි මෙමන් :D

    මේ මගේ කතාව ඈ :))))

    ReplyDelete
    Replies
    1. හි.. හි.. එහෙනම් ඔයාටත් මට වගේ හොඳටෝම වැඩ ඈ...

      Delete
  2. වැඩ ටික කරගෙන කරගෙන යන්න
    එතකොට වත් ඉවර වෙන්නෙ නැතෑ...
    හිහි..
    අපූරු කවියක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි.. බලමුකෝ ඒ උපාය ක්‍රියාත්මක කරලා ...

      Delete
  3. හප්පේ එහෙමද තුෂානි...මක් කොරන්නෙයි ඉතිං ....වැඩත් කරගෙන හෙමීට මොනාහරි කුරුටු ගාමු

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් ... පුළු පුළුවන් විදිහට මොනාහරි කුරු‍ටු ගාන්නම්කෝ...

      Delete
  4. අපොයි ඔවු... වැහිදාට වැඩට යන්න මාර කම්මැලියි.. වැඩට ගියත් වැඩ කරන්න කම්මැලියි !!!

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යන කාලේ වගේ වුනා නම් වැස්සට ගෙදර නවතින එක හරිම සිම්පල් වැඩක් ... :D

      Delete
  5. අර උඩ පොටෝ එකේ වගේ හිටියම වැඩ ගොඩ ගැහෙන එක අහන්නත් දෙයක්යැයි

    ReplyDelete
    Replies
    1. හි හි... ඔන්න අපි නම් එහෙම ඉන්නේ නෑලූ....

      මේකනේ වෙලා තියෙන්නේ මැලේ රාළේ ... හදිසි ව්‍යාපෘති කීපයක් නිසා ඔ‍ෆිස් එකේ හැමෝටම වෙනදටත් වඩා මේ ටිකේ ටිකක් වැඩ...

      Delete
  6. කවුරුත් මෙහෙමයි වගේ. හෆොයි

    ReplyDelete
    Replies
    1. හෆොයි කියලා වැඩක් නෑ...

      වැඩ ගොඩක් මැද්දේ වුනත් කැකුළු ගොමුවට ඔයාව සාදරෙන් පිලිගන්නවා... ඉඩකඩ තියෙන විදිහට කුරු‍ටුගාන ඒවා කියවන්න දිගටම එන්නකෝ...

      Delete
  7. ආඬවනේ...ජොබක් සෙට්වෙලා වගෙයි..

    සුබපැතුම් සුබපැතුම්!!

    කවද්ද පාටිය??


    ටික කාලයක් යද්දි ඕක හරියනවා. මෙන්න මේ විදියට අතරින් පතර කමෙන්ට්ස් කරන්න ඉබේම කාලය හැදෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... තැන්කූ තැන්කු...

      ඔපීසියට ගිහින් නම් දැන් ටිකක් කල් වෙනවා... වැඩ ටිකක් අඩු වෙච්ච වෙලාවක ඔපීසියේ රස කතා ටිකකුත් ලියන්නම්කෝ...

      Delete
  8. තුති පියුම් මමත් පුද දෙනවා තුශානියෝ ඔය උපාය මටත් කියලා දුන්නොත්....:)

    ReplyDelete
    Replies
    1. හරි හරි... අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්... තුති පියුම් ටික මතක් කරලා එවන්න ඕනේ හොඳේ... :D

      Delete
  9. වැඩිය හිතන්න එපා ඉඩ තියන වෙලාවට ඔලුව දාල යන්න.. බරක් කර නොගෙන.. විනෝදයෙන්...

    ජ ය වෙ ව ා !!!!

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තූතියි විදානේ...

      ඒක නම් සහතික ඇත්ත.. කොච්චර වැඩ වුනත් විනෝදෙන් කරන්න ඕනේ... සමහර දවස් වලට මෙච්චර වැඩ ටිකක් මම කොහොම කරාද කියල හිතා ගන්නත් බෑ..

      Delete
  10. මට වැඩ නැතුව අප්පා ඔපීසියෙ කල් මරන්නෙ....මට අවුරුද්දටම ටිකක් හරි වැඩිපුර වැඩ තියෙන්නෙ මාස දෙකයි...ඒ මාස දෙකේ ප්‍රදර්ශනයකට යන්න තියෙන නිසා ඒ....මම නම් හරිම මනාපයි වැඩ වැඩියෙන් තියෙනවා නම් එතකොට කාලය ගත වෙනවා දැනෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බැරිද ඔය ඔපීසියට අපිටත් එන්න ... :D

      කිව්වත් වගේ වැඩ වැඩියෙන් තියෙන කොට කාලේ ගත වෙනවා තේරෙන්නෙ නෑ තමයි.. ඒත ඉතින් දිගටම එහෙම වුනාම මිනිස්සුත් හරියට මැෂින් වගේ වෙනවා...

      වැඩිත් නැති, අඩුත් නැති මැදුම් පිලිවෙත තමයි හොඳම ...



      Delete
  11. පොඩි කතාවක් කියන්නම් තරහ අවසර....අපි තුන් දෙනෙක් ඉන්නවා...අනිත් දෙන්නත් ප්‍රසිද්ධ බ්ලොග්කාරිනියකුයි,බ්ලොග්කාරයෙකුයි වෘතියෙන් ඒ දෙන්නම වැඩ එක්ක බිසී මට නම් එච්චර වැඩක් හිටින් නෑ ඔන්න තුන් දෙනා සදුදා උදේක වයිබර් ගෘප් එකේ ඇවිත් කිවා "මතන්ලා මේ සතිය පට්ට බිසී සතියක් කියලා" රයිට් මටත් වැඩ වැඩි සතියක් කියලා මාත් කිව්වට මොකද අපි වෙනදා විදිහටම චැට් කරා කියන්නකෝ...... ඔන්න බිසීකමේ තරම වයිබරේ ටින්,ටොන් ගානකොට හොම්බ දාල යන්න එනවමයි.....ඒ බිසී නැති නිසා නෙවේ වැඩ එක්ක අවුල් වෙලා තියෙන ඔළුව පොඩ්ඩක් නිදහස් කර ගන්න ඒ සැහැල්ලු කතා බහෙන් අපිට පුළුවන් නිසා....අන්න ඒ වගේම තමා ගිය මාසේ මං හොදටම වැඩ පැය 12 ක් 13ක් එක දිගට ඒත් ගිය මාසේ මන් පෝස්ට් 6 ලියලා....වැඩියෙන්ම පෝස්ට් ලියපු මාසය.....ලියන එකෙත් මාර තෘප්තියක් තියෙනවා තුශා.....ඒ නිසා වැඩ අතරේ හරි ඇවිත් මොනා හරි කුරුටු ගාලා යන්න....සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ශානු... සතුටෙන් ඉන්නකොට මහන්සි දැනෙනව අඩුයි...

      කොච්චර වැඩ අස්සේ වුනත් මොනාහරි පුළුවන් විදිහට ලියල කට්ටිය කමෙන්ට් කරනව දකිනකොටත් හිතට පුදුම සතුටක් දැනෙන්නේ...

      සුබ පැතුම් වලට බොහොමත්ම ස්තූතියි.. ඉඩ ලැබෙන විදිහට මොනාහරි කුරු‍ටු ගාන්නම්කෝ...

      Delete
  12. පරිඝණක තිර ඇතුලේ
    වැඩ වලම තනි වෙලා
    කල් මරණ හෝරාව
    නොදැනීම වැඩි වෙලා...

    මටත් ඕකම තමයි.. ඔය බිසී කිවුවට අපිට ඕන දේකට වෙලාවක් හොයාගන්න බැරි නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට මාත් එකඟයි... ඕන කමක් තියෙනව නම් ඕන දේකට වෙලාවක් හොයා ගන්න පුළුවන්...

      Delete
  13. අලුත් ඔෆිසියෙ රස කතා වලින් ආයෙම හමුවෙමුකො එහෙනම්.......

    ReplyDelete
    Replies
    1. :) හරි හරි... ඉඩ ලැබෙන විදිහට ලියන්නම්කො...

      Delete
  14. කාලෙකට කාටත් ඔය දේ වෙනවා.. තුෂානි.. වැදගත් ම දේ ආසාව නැති කර නොගැනීමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකතුමා.. කොච්චර වැඩ එක්ක වුනත් මොනාහරි කුරු‍ටු ගෑවහම හිතට අමුතුම සතුටක් දැනෙනවා.. ඒ සතුට වෙන දේවල් වලින් ලැබෙන්නේ නෑ..

      Delete
  15. උපායක් දෙමි ඔබට
    ඔය ටිකෙන් ගැලවෙන්න
    බොග් ඒකෙ වැඩ ඔහෙදී
    නවත්තල වැඩ කරන්න

    වැඩ ටිකත් ඉවර වේවි
    ඊට පස්සේ බොග් යන්න
    වැඩේ හරි ගියොත් ඔන්න
    කිව්වා තුති මල් එවන්න ..

    ReplyDelete
    Replies
    1. පමා වී මුත් නමුදු
      මෙහි පැමිනි බව දැකලා
      සතුට ඉතිරී ගියා
      මහන්සිය නැතිවෙලා ..

      යකඩ ගොඩකුත් එක්ක
      නොවැ මෙහේ හරඹ මම
      හිත යකඩ වෙනකොටම
      දුවමි සයිබරය වෙත

      තෙහෙට්ටුව එහිදමා
      නැවත එමි ජවයගෙන
      වැඩ වලදි නම් පමා
      නැහැ කරන්නේ මෙමා

      Delete
    2. කවි දෙකක් අමුණලා
      ලිව්වා මම තටමලා..
      රිප්ප්ලයි එකට මෙයා
      කවි තුනක් අලවලා

      වැඩ පමා නොවේ නම්
      සියල්ලම කෙරේ නම්
      මහන්සිත් නොවේ නම්
      ජයෙන් ජය ඔබ ලබයි දැන්

      "යකඩ ගොඩකුත් එක්ක නොවැ මෙහේ හරඹ මම "
      හාඩ්වෙයාර් එකකද වැඩ ?

      Delete
    3. තුතියි ජය පැතුවාට
      නිවැරදියි අනුමානේ
      වෙනසකට නම් ඇත්තේ
      නැව් හදන එක මෙහේ. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...