Saturday, February 14, 2015

ආදරයට ආදරයෙන් ...




ආදරය දකින්න, ආදරය විඳින්න, කියලා දුන්නේ 
ආදරය ...

ආදරය දෙන්න, ආදරය කරන්න, පුරුදු කලේ 
ආදරය ...

උණුහුමට තුරුල්වෙන්න, ලං වෙලා හාදු දෙන්න, තරවටු කලේ 
ආදරය...

බෑ කියලා හිතෙන දේ කරන්න, අලුත් දේ හිතන්න, ධෛර්යය දුන්නේ ආදරය... 

දුක හිතුනම තරහ වෙන්න, තරහ වෙලා යාළුවෙන්න, හිතත් එක්ක චන්ඩිකම් කලේ ආදරය...

අඬනකොට සනසන්න, මොනවහරි කියලා හිනස්සන්න, වචන දුන්නේ ආදරය...

වැටි වැටී නැගිටින්න, නොවැටී හිටගන්න, ශක්තිය දුන්නේ 
ආදරය...

හුස්මක් වගේ ලඟ ඉඳන්, මල් කැකුලක් තරමට පරිස්සම් කලේ 
ආදරය... 

ජීවිතය තේරුම් ගන්න, ජීවිතය දිනන්න පාර පෙන්නුවේ 
ආදරය ... 

ප.ලි. - ආදරය කියන්නේ එක් දවසකට සමරන්න ඕනේ දෙයක් නෙවෙයි කියලයි තුශානි හිතන්නේ. හැම දවසකම හැම තත්පරයකම ආදරයෙන් ඉන්න පුළුවන් නම් ඒකයි සැබෑ ආදරය.. සැබෑ ආදරයක් වෙනුවෙන් හැම කෙනෙක්ටම සුබ පතන්න අද දවසේ මේක අවස්ථාවක් කරගන්නවා.

ප.ප.ලි. - වැලන්ටයි වෙනුවෙන් තුශානි ලියන පළවෙනි සහ අන්තිම පොස්ට් එක මේක  :)


24 comments:

  1. වැලන්ටයි වෙනුවෙන් තුශානි ලියන පළවෙනි සහ අන්තිම පොස්ට් එක මේක :) ///
    ඇයි අප්ප මහණවෙන්ට වත් හිතනවද ඈ

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳයිද .. බැරි එකනේ ප්‍රශ්නේ... :)

      Delete
  2. //ආදරය කියන්නේ එක් දවසකට සමරන්න ඕනේ දෙයක් නෙවෙයි කියලයි තුශානි හිතන්නේ.//
    මාත් හිතන්නේ එහෙම තමයි...... මේකට එක දවසක් දාගත්තාම ඒඑකම දවසේ කොහොමද ඔක්කම කට්ටිය එක්ක මේක සෙල්බ්රේට් කරන්නේ

    ReplyDelete
    Replies
    1. හි..හි.. ඒකත් ඇත්ත තමයි.. :)

      Delete
  3. ඔව් ඉතිං ආදරේ එක දවසකින් සමරලා අයින් කරන්න ඇහැක් දෙයක් නං නොවෙයි.අනික ඔය වැලන්ටයින් කියන සංකල්පෙ මේ මෑතකදි ලංකාවට පහළ වුනු දෙයක්නෙ.මොකෝ ඊට කලින් කොල්ලො කෙල්ලො ආදරේ කළේ නැතුවයැ.

    ReplyDelete
  4. මට නම් හැමදාම වැලන්ටයින්.අද කියලා විශේෂත්වයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. උඹට මොකද උඹ පෙම් කුරුල්ල නොවැ.එහෙනං අර ඔෆිස් එකේ කෙල්ලගෙ වැඩේ හරිගියා ඈ.

      Delete
    2. අයියෝ නැහැ බං හැලපයියේ එක වැරදුණා නොවැ.

      Delete
    3. @ හැලප - මාත් මේ ඒකම තමයි කියන්න හිටියේ... :D

      Delete
    4. @ මනෝජ් - ම්හු... ඔය කිව්වට හැමදාම වැලන්ටයින් වෙන්න නම් මොකක් හරිම විශේෂත්වයක් ඇති. :D

      Delete
  5. වෙලාවකට ජීවිතය ජීවත් කරන්නෙ...
    ඒ ජීවිතයම එපා කරවන්නෙත්..
    ආදරය...

    ලස්සනයි තුශානි අක්කෙ...
    සුභ ආදරවන්තයින්ගේ දිනයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්.. ස්තුතියි.. ඔයාටත් එසේම ප්‍රාර්ථනා කරනවා..

      Delete
  6. //ආදරය කියන්නේ එක් දවසකට සමරන්න ඕනේ දෙයක් නෙවෙයි කියලයි තුශානි හිතන්නේ.//

    මගේ මතයක් මේකම තමයි...වැලන්ටයින් දිනය කියන්නෙ අහිංසක ජෝඩු වල පර්ස් එකට කෙලින ෆැන්ටසි වචනයක්...

    ReplyDelete
    Replies
    1. :) සිරා අයියාත් මේ මාසය පුරාම ආදරේ ගැන කිව්වනේ... විශේෂයෙන් ලියනව කිව්ව මාසේ අන්තිම පොස්ට් එක කියවන්නත් අපි බලාගෙන ඉන්නවා.

      Delete
    2. ඒක විරහා වේදනාවෙන් දුක් විදින හැමෝටම ආදර්ශමත් එකක් වේවි...අපි යුනිකෝඩ් වලින් යම්කිසි සමාජ ප්‍රගමනයකට හේතු වෙන දෙයක් ලියන්න ඕනෙ. ආදරයේ විරහව ගැන බණ නොකියා...රිදුන හිතට ලං වෙලා අවශ්‍ය දේ කියන්නයි මේ මාසය මම යොදාගත්තෙ.

      Delete
  7. කතාව නම් ඇත්ත. ප.ප.ලි. තමා ප්‍රශ්නේ!

    ReplyDelete
  8. වැලන්ටයින් ඇතත් නැතත් ආදරේනම් හැබෑ නම් හැමදාම තියෙ

    ReplyDelete
  9. තුෂ්.... මේකට දවසක් ඕනිම නෑ.... හැමදාම.... හැමවිටම

    ReplyDelete
  10. //වැලන්ටයි වෙනුවෙන් තුශානි ලියන පළවෙනි සහ අන්තිම පොස්ට් එක මේක :)// වැලා ගැන මිස ආදරේ ගැන නෙවෙයිනේ..

    (ප.ප.ප.ලි: මොකෝ කොල්ලා බැන්නද පත්තරේ දාගෙනනම් ලවු කරන්න බෑ කියල.. හැක් හැක්.. )

    ReplyDelete
    Replies
    1. හපොයි .... ඔව් ඔව්.. ආදරේ ගැන නෙවෙයි වැලන්ටයි ගැනයි ලියන්නැත්තේ...

      ( හි..හි.. ප.ප.ලි එක කට්ටියටම ප්‍රශ්ණයක් වෙලා නේ.. :) )


      Delete

Related Posts Plugin for WordPress, Blogger...