Monday, September 7, 2015

88. මතකද කියලා කියන්න ...


රෑ අහසෙන් තරු කැටයක්
අරන් ඇවිත් සීරුවකට
හදේ කොන එල්ලාලා
මතකද ඔබ එලිය කලා

මුහුදු පතුලේ සැඟවී ඇති
මුතු අහුරක් අරන් ඇවිත්
අමිල මුතු පොටක් බැන්දා
මතකද ඔබ ආදරයේ 

මල් ගොමුවක සුවඳ අරන්
කැටි කරලා හරි පදමට
ජීවිතයට මිහිරි සුවඳ
මතකද ඔබ එක්කල හැටි

වැහි බිඳු පිරි වලාකුලක්
විලස ඇවිත් මා අසලට
දහසක් පැතුමන් පොදිකර
මතකද ඔබ දුන්නා මට
 
හිරු එලියට බයේ දුවන
අඳුර වගේ මගේ ලොවට
එලිය වෙලා අඳුර මකා
මතකද ඔබ එකලු කලා
 
හඳේ තියෙන සොමි ගුණයට
නොදෙවෙනි ඔබෙ කරුණා ගුණ
නොඅඩුව මා වෙතට දීලා
මතකද හිටියා නිහඬව

මුවෙන් නැගෙන සිනා අහුරු
නෙතින් ගලා හැලෙනායුරු
මා දුටුවේ ඔබෙන්ම බව
මතකද කී හැටි ලඟ හිඳ

~~ *** ~~

30 comments:

  1. ඒ ස්න්දර අතීතයේ
    දුවමින් ඔබ මොබ තැන තැන
    මතකද අපි මිමිණුවා
    තුරුළුවෙමින් එක පොදියට

    ආයෙත් ඒ් අතීතයට
    පණ දෙන්නට හැකිනම් මම
    පියඹා ගුවනේ එන්නම්
    ඔබ සිටිනා තැන සොයාන

    ලස්සනයි තුශානි.

    ReplyDelete
    Replies
    1. අහ්... මේ ලියලා තියෙන්නේ පිලිතුරු පද පේලි ටිකක්... අපූරුයි.

      ස්තූතියි තෙලිදිය..

      Delete
  2. ඒක නං ලස්සනයි... කවියක් කොටන්න කියල බැලුව වැඩේ හරියන්නෙ නෑ අතෑරල දැම්ම.. මංද කවි වේලිල දැං
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්..

      :) කොහොමහරි කවි පිලිතුරක්ම ලිව්වා නම් තමයි හොඳ.

      Delete
  3. සිංදුවට හරියන පද පේලි ටිකක්..

    ReplyDelete
  4. මුහුදු පතුළ යට ඉඳලා.....

    ReplyDelete
    Replies
    1. මුහුද පේන මානයක ඉඳලාලු ලිව්වේ.. :)

      Delete
  5. කවි ටික කියවගෙන යද්දි අම්මගෙ ආදරේ මතක් උනා.

    ReplyDelete
    Replies
    1. :) මටත් දැන් එහෙම හිතෙනවා.. ස්තූතියි..

      Delete
  6. කාටද තුශානි අම්මටද ලිව්වෙ.

    ReplyDelete
    Replies
    1. Yashyantha ට දැනුනු විදිහටම හැලපතුමාටත් දැනිලා වගේ... :)

      Delete
  7. කොහොමද අමතක වෙන්නේ? :)

    ReplyDelete
    Replies
    1. :) හ්ම්.. වෙන්න බැරි වුනත් එහෙම වෙනවා..

      Delete
  8. අමතක කරන්න බැරි තරමට මතකය රිදවනවා
    අමතක කරන්න නොහැකිව සිත ලත වෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්... " මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ... " කියලා අර සින්දුවකිනුත් කියන්නේ. :)

      Delete
  9. මමත් මේ කවියක් අමුනන්නයි බැලුවෙ. කෝ මේ වෙලාව හොඳ නෑ. කවි හැදෙන්නෙම නෑ අප්පා.
    තුශානි, ලස්සන කවියක්.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... උත්සාහ කරලා බලන්න කවි අමුනන්න බැරි වෙන එකක් නෑ..

      Delete
  10. කියට වඩා මම බැලුවේ පින්තුරේ දිහා , ඔය කාටුන් පින්තුරේ දැක්කම මට මතක් වුනේ මේ සින්දුව බලන්න එකේ වීඩියෝ එක දිහා
    https://www.youtube.com/watch?v=ImzEAe3Mlks

    ReplyDelete
    Replies
    1. පට්ට විෂුවල් එක ඉවාන්. එවගේම ගති සිංදුව.

      Delete
    2. ඉන්න ඉන්න මාත් බලන්න..

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. තුෂානි,
      මාතෘතාව දැක්කේ 88 මතකද කියලා කියන්න,
      කියලා..
      ඔව් 88-89 හොදට මතකයි. මැරුණත් අමතක වෙන් නෑ..

      හැබැයි අමතක කරමු ඒ දේවල් හෙට වෙනුවෙන්....

      ජ ය වේ වා !!!

      Delete
    2. :) අපි ඉතින් මෙහෙට ආවේ ඒ කාලේලු...

      Delete
  12. අප්පට සිරි දන්නෙම නැතිව අපේ පොහොට්ටි පොහොට්ටුවක් දාලා. ඉතිං දැං තත්වෙත් අන්තිම කවිය විදිහට ලියන්න තිබුණනෙ තුෂානි.
    (අන්න බොලාටත් කට ඇරලා යමක් ලියන්න හැකි දෙයක් ලීවා - මෙය මුදල නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.)

    ReplyDelete
    Replies
    1. :O පොහොට්ටී ??? මෙන්න මෙයා මට අලුත් නමකුත් දාලා.. හි..හි..

      පහුගිය ටිකේ ටිකක් බිසී වුනා... එන්නම්කෝ ඒ පැත්තේ..

      Delete
  13. ලස්සනයි තුශානී................

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...