මතකනෙ මම ටෙඩී ඩැඩී ගැන කිව්වා... අමතක කට්ටිය ඉන්නව නම් මෙතනින් ගිහින් බලලා එන්නකෝ... ඔන්න අද කියන්න යන්නේ ටෙඩී මමී ගැන. පහුගිය අට වෙනිදා මව්වරුගේ දිනයත් සමරපු නිසා මම හිතුවා ඒ ගැනත් කියන එක හොඳයි කියලා.
එහෙනම් ඔන්න අහගන්නකෝ... ලෝකයේ ටෙඩී බබාලා වැඩිම ගානනකගේ අම්මා, එහෙමත් නැත්තම් ලෝකයේ වැඩියෙන්ම ටෙඩී බබාලා ඉන්න අම්මා වෙන්නේ ජැකී මයිලි. මේ ඉන්නේ එයා...
ජැකී මයිලි කියන්නේ කුඩා කාලයේ ළමා නිවාසයක හැදුණු වැඩුණු ගැහැනු ළමයෙක්. හුඟක් අග හිඟකම් එක්ක ගෙවුනු එයාගේ ජීවිතේ පුංචි කාලේදී, එයාට සෙල්ලම් කරන්න අඩු තරමේ එකම එක ටෙඩී කෙනෙක් වත් ඉඳලා නෑලු... ඒත් ඉතින් ටෙඩීලට හුඟක් ආදරය කරපු මෙයා හිතලා තියෙනවා කවදා හරි දවසක එයාටම සල්ලි හම්බකරන්න පුළුවන් වුනාම ලෝකයේ වැඩිම ටෙඩීලා ගානක් ඉන්න කෙනා වෙන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ එයා ටිකෙන් ටික ටෙඩීලා එකතු කරන්න පටන් අරගෙන තියෙනවා.

ඉතීන් එහෙම ටෙඩී බෙයාලා එකතු කරන්න පටන් ගත්තු ජැකී මයිලිට මේ වෙනකොට ටෙඩීලා 8000 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි ආරංචි වුනේ...
වයස අවුරුදු 70 විතර වෙන එයාට 2012 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට එක එක ප්‍රමාණයේ, එක එක වර්ගයේ ටෙඩීලා 8026 ක් ඉඳලා තියෙනවා.
ඉතින්
ඒ තරම් ටෙඩීලා ගොඩක් ලෝකේ කිසිම කෙනෙකුට ඒ වෙනකොට ඉඳලා නැති නිසා ටෙඩී
බෙයාලා වැඩිම ගානක් ඉන්න කෙනා හැටියට ජැකී මයිලිට ගිනස් ලෝක වාර්තා පොතටත්
යන්න අවස්තාව ලැබිලා තියෙනවා. කොහොමින් කොහොමහරි අද වෙනකොටත් ගිනස් වාර්තා පොතට ගියපු ලෝකයේ වැඩිම ටෙඩී බෙයා හිමිකාරිනිය විදිහට තමයි ජැකී මයිලි සැලකෙන්නේ.
ඒ වගේම ජැකී මයිලි එයාගේ මේ ටෙඩී එකතුව ටෙඩීලට ආදරය කරන අය වෙනුවෙන් විවෘත කරලත් තියෙනවා. ඉතින් ඔයාලත් ආසද දවසක ගිහින් මේ ටෙඩී එකතුව බලන්න ?
හරි එහෙනම් මෙන්න ලිපිනය
Teddy bear town
No - 108
main street
Hill City, S.D.
USA
ටෙඩි බෙයාර්
කර්මාන්තයේ ආරම්භය ඇමෙරිකාවේ සහ ජර්මනියේ සිදු වුනත් වර්තමානය වෙන කොට
විශාල වශයෙන් ටෙඩි බෙයාර් නිපදවීම චීනය හා ඉන්දුනීසියාව වගේ රටවල
සිදු කෙරෙනවා.
වසර සීයකට අදික ටෙඩි බෙයා අතීතයේ එදා මෙදා තුර මසා නිම කරපු පුංචිම ටෙඩී බෙයා ගැන දන්නවද ? එයාගේ ප්‍රමාණය මිලි මීටර් 9ක්. මේ ඉන්නේ එයා.
දකුණු
අප්‍රිකාවේ චෙරිල් මොස් තමයි මෙම කුඩා ටෙඩි බෙයා (Micro bears)
නිෂ්පාදනය කරන තැනැත්තා විදියට වාර්තා වෙන්නේ. මේ පුංචි ටෙඩී බෙයාලා වසර 6ක
පමණ කාලයක ඉඳලා විශේෂ ටෙඩි බෙයාර් අලෙවි සල්වල දකින්න ලැබෙනවා.
එතකොට ලෝකයේ ලොකුම ටෙඩි බෙයා ? ඔව් ඔව් එයා ගැනත් කියනවා. මෙයා ගෙදර තියා ගන්නවත් බැරි තරම් ලොකු ටෙඩී කෙනෙක්. එයා අඩි 55 යි අඟල් 4ක් (16.86 සෙ. මී.) උස ටෙඩී කෙනෙක්. මේ ඉන්නේ
ඒ ටෙඩී.
ඒ ටෙඩී.
මේ යෝධ ටෙඩි බෙයාව හදල තියෙන්නෙ ඩානා වොරන් කියන ඇමෙරිකානු ජාතිකයා. 2008 ජුනි 6 වැනිදා හදලා ඉවර කරපු මේ ටෙඩියාගේ නම Connect The Dreams හෙවත් C.T.Dreams කියලා තමයි නම් කරලා තියෙන්නේ.
මේ ඉන්නේ තවත් ප්‍රසිද්ද ටෙඩී කෙනෙක්. අදුරනවනේ සුප්‍රකට චිත්‍රපට නළු ටෙඩ්. හොලිවුඩ් චිත්‍රපටි තරුවක් වන මෙයත් අද බොහොම ප්‍රසිද්ද කෙනෙක්.
එතකොට මෙයා.. මෙයාවත් දන්නවනේ.. අපි හැමෝම බොහොම ආසාවෙන් නරඹපු Winnie the Pooh එකේ Pooh ත් බොහොම ප්‍රසිද්ධ ටෙඩී කෙනෙක්.
එදා අද වගේම හෙටත් ටෙඩීලා හැමෝගෙම ආදරය දිනන්ගන්න සමත් කට්ටියක් බවට පත් වෙලා තියෙන වග ටෙඩීලා ආපු මේ ගමන් මග දිහා බැලුවහම බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් එදා හිටිය අද ඉන්න වගේම හෙට ඉපදෙන පුංචි ළමයිනුත් මේ ටෙඩීලාව බොහොම ආදරෙයන් වැලඳ ගනීවී.