කෝ මේ සාරංග... තාම නෑ...7.30 ට ක්ලාස් එකත් පටන් ගන්නවා.. 7.00 වෙනකොට ඇවිත් ඉන්නවා කියපු එක්කෙනා. දැන් 7.15 ත් පහුවෙලා. .. තරිඳු සාරංග එනකන් බලන් හිටියා..
කොහොමහරි ඊට විනාඩි 5 කට විතර පස්සේ ඔන්න සාරංග දාඩියත් දාගෙන හති ඇර ඇර දුවන වේගෙන චූට්ටක් විතර හෙමින් එනවා තරිඳු දැක්කා.
" අයියෝ ... වෙරි සොරි.. වෙරි සොරි.. පැය කාලයි හොඳේ පරකු වුනේ.. බස් එකේ ආවා නම් ඔන් ටයිම්.. ඈත ඉදන්ම සාරංග කියාගෙන ආවා ..
ඇයි බස් එකේ නෙවෙයිද ආවේ ? තරිඳු පුදුම වෙලා සාරංගගෙන් අහුවා.
" බලන්නකෝ මාර වැඩේ වුනේ ... බොරැල්ලෙන් බැහැලා මේ ටික එන්න බස් එකට නගින්න සල්ලි ගන්න හදනකොටයි දැක්කේ පර්ස් එකේ මාරු සල්ලි නෑ කියලා... ලඟ පාත කඩයක් වත් ඇරලා තිබුනේ නෑ.. උදේ පාන්දර කොන්දොස්තරට රුපියල් 1000.00 ක් දික්කරහම අම්බ්රෙල්ලා පවුඩර් වෙන්න අහගන්න පුලුවන් හින්දා ඔන්න ඔහේ පයින්ම ආවා .. සාරංග ක්ලාස් එකට එන ගමන් විස්තරේ කිවුවා..

හොඳ වැඩේ .. අපරාදේ බස් එකට නැග්ගට පස්සේ සල්ලි ගන්න මතක් වෙන්න තිබුනේ ... තරිඳු හිනාව තදකරගෙන කිව්වා..
කතාවෙන් කතාව දෙන්නම ක්ලාස් එකේ කාඩ් එක ගන්න කවුන්ටරය ගාවට ආවා.. සාරංග පරණ කාඩ් එක එලියට ගන්න වත් එක්කම ඒක අස්සේ තිබිලා රුපියල් 10.00 ක් බිමට වැටුනා.
" ෂික් .. මේ කොලේ කලින් මට හොයාගන්න බැරි වුනානේ එහෙම වුනානම් දාඩිය දාගෙන මෙහෙම උදේ පාන්දර එක්සයිස් කරන්න ඕනේ නෑනේ .. දාඩිය පිහිදමින් සාරංග කියද්දී එතන හිටිය ගෑණු ළමයි ටිකත් හැරිලා බැලුවා ...
යමු යමු ... වොක් එක ශරීර සෞඛයයට හොඳයි වගේ මෙතනින් යන එකත් ශරීර සෞඛයයට හොඳයි...
ක්ලාස් එකට පරක්කු වෙලා ගිහින් එලියට වෙලා හිටගෙන ඉන්න වුනොත් අපි දෙන්නම අම්බ්රෙල්ල පවුඩර් තමයි කියලා ගෑණු ළමයි ටිකට අහෙන්නේ නැතිවෙන්න තරිඳු සාරංගගේ කනට කරලා කියලා සාරංගත් ඇදගෙන ක්ලාස් එකට ගියා ...

ප.ලි - ඔය අම්බ්රෙල්ලා පවුඩර් කිව්වේ කුඩේ කුඩු කියන එකටලු...