Sunday, October 27, 2013

කල එළි බැසි අධිවේගී මග...


2013 ඔක්තෝම්බර් 27 වෙනිදාව ශ්‍රි ලාංකේය ඉතිහාසයේ තවත් අමරනීය දවසක් ලෙසට ඉතිහාස පොතට දැන් එක් වී හමාරයි.ඒ දෙවන නිමකල අධිවේගී මාර්ගය ලෙසට කොළඹ ක‍ටුනායක අධිවේගී මාර්ගය  අද දිනයේ ජනතා අයිතියට පත්වීමත් සමගයි.

ඔන්න දේශපාලනික කෝණයකින් හරි, ආර්ථික, තාක්ෂණික වගේ හර බර කෝණයකින් ලියන ලිපියක් එහෙම නෙවෙයි මේක. 

පතිකුලයට යන මනාලියක් වෙගේ පහුගිය දවස් කීපයේ හැඩ වෙච්ච අධිවේගී මගේ සුන්දරත්වය සියැසින් දු‍ටු කෙනෙක් විදිහට පුංචි සැමරුම් සටහනක් බ්ලොග් පි‍ටු අතරෙ රඳවලා, ලොකේ පුරා විසිරිලා ඉන්න අපේ බ්ලොග් හිතවතුන්ට ඒ ගැන අභිමානයක් ගෙන එන්න දරන උත්සාහයක් කිව්වොත් මේක, හරියටම හරි.

පුංචි  දරුවෙක් ටිකෙන් ටික හැදී වැඩෙමින් ජීවිතයේ විවිධ කඩයිම් පසු කරනව වගේ අධිවේගී මර්ගයේ පෑලියගොඩ කොටසේ මුලික පියවරේ අධියරයන්ගේ සිට අද පැවති අවසන් නිමවුම දක්වා සියසින් දැක බලා ගන්නට, උදේ හවස එම මාර්ගය පසුකර යන්නියක් විදියට මට අවස්ථාව ලැබුනා.

ලොකු ලොකු තාක්ෂණික දැනුමක් මට නැති වුනත් ඉන්ජිනේරුවරුන් පාන මේ විස්කම් ගැන මගේ හිතේ තියන්නෙ හරි පුදුම සහගත් ආඩම්බරයක්. වසර කිහිපයකට කලින් පෑලියගොඩ නගරයට පැමිණි කෙනෙක්ට අද පෑලියගොඩ නගරය, අඳුරගන්න බැරි තරමට අරුමයක් එහි කරන්නට ඔවුන් සමත් වීම එයට හේතුවයි. කිලෝ මීටර් 26.8 දිගකින් නිර්මාණයවු මෙම අධිවේගී මර්ගය ගුවන් පාලම් කිහිපයකින්ද සමන්විතවෙනවා.

රාජකාරී නිවාඩු දිනයක් වුවත් අධ්‍යපනික කටයුත්තක් හා සම්බන්ද දේශනයකට අද දින සහභාගීවීමට මා පෑලියගොඩ නගරය පසුකර ගමන් ගත් නිසා අධිවේගී මර්ගයේ මංගල හෝර කිහිපයත් සියසින් දැක බලා ගන්නට මට අවස්ථාව ලැබුනා.

නේක වර්ණ් ධජ පතාකයන් නිල් ගුවනේ ලෙලදනකොට ජාතික කොඩියෙන් මතුවුනු සිංහ තේජස ශ්‍රි ලාංකේය අභිමානය ලොවට කියා පෑවා. සමනළ සිරි පා ආශිර්වාදය ‍රැගෙන ආ කැලණි ගං කුමරිය මංගල කිංකිණි හඬ නංවමින් ගලා බහිනවා දෝයි මට හිතුනා. පරිසරයේ වු  සුන්දරත්වය  ස්වභාවධර්මයෙන් මේ අවස්ථාව සඳහාම ලැබුනු තු‍ටු පඬුරක් වගෙයි.

ස්වභාවධර්මයේ මේ සුන්දරත්වයත් සමගම ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය මග බලමින් සූදානම් වු නැ‍ටුම් කණ්ඩයම්, පංච තූර්ය වාදකයින් උත්සව භූමිය තව තවත් වර්ණවත් කලා.

මේ සියලු දේ දිහා බලාගෙන පොදිකමින් ‍රැස් වෙලා හිටිය හැම මනුස්සයෙකුගෙන ඇස් වල සතු‍ටු කඳුළු පිරිල තියෙනවා මම දැක්කා.

කොහොම වුනත් ලක් මෑනියන්ගෙ දරුවන් විදිහට රටක් සංවර්ධනයේ කිරුළු දරනව දැකීම අපි හැමෝගෙම ප්‍රාර්තනාවයි. 

අවස්ථාවක් ලද විගසම විවර වූ මං පෙතේ ගමන් කරමින් එහිවූ අසිරියත් විඳගන්නට බලාපොරොත්තුවක් මගේ හිතෙත් තියෙනවා. හැකියවත් තියෙනවනම් ඔබත් මේ අධිවේගී මගේ ගිහින් තොරතුරු මටත් කියන්න. හැබැයි මතක තියාගන්නම ඕන කාරනය තමයි ආරක්ෂාව කියන එක. මොකද " වේගය මරු කැඳවයි " කියල කතාවකුත් තියෙනවනේ.

බය කරනවා නෙවෙයි. කොහොම වුනත් ආරක්ෂාව ගැන නම් දෙපාරක් හිතන්න ඕනේ...
 
ආරක්ෂාකාරී ගමනකට සුබ පතමින්  අද දිනයේ විවර වූ අධිවේගි මග කිසිදු අනතුරකින් තොර ජයග්‍රහනයේම මං පෙතක් වේවයි ප්‍රාර්ථනා කරමින් සොඳුරුවු සමරු සටහනේ නිමාව සනි‍ටුහන් කරනවා...


8 comments:

  1. කතාව ඇත්ත..ලංකාවේ අභිමානය මුළු ලෝකෙටම කියාපාන තවත් එක සංදිස්ථානයක් ..

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒ නිසාම තමයි කෙටියෙන් හරි මෙහෙම සමරු සටහනක් තියන්න ඕනෙ කියලා හිතුවේ...

      කොහොම වුනත් මේ පැත්තට ඇවිල්ලා අදහස් දැක්වුවට ගොඩක් ස්තූතියි...

      Delete
  2. අධිවේගී මාර්ගය තැනීමේ අරමුණ කුමක්ද?
    ඒ අරමුණ දැන් තනා ඇති කොටසින් තෘප්ත වේද?

    ReplyDelete
    Replies
    1. අධිවේගී මාර්ගය ගැන අයියගෙ හිතේ නම් සතුටක් නැති පාටයි.. කියනවට එක පාරක් හරි ගිහින් බලන්නකෝ...

      ප්‍රාර්ථනා කලා වගේම, මට නම් අද අධිවේගී මාර්ගයේ හා හා පුරා කියලා යන්න අවස්ථාවක් ලැබුනා. හරිම සතු‍ටුයි !

      Delete
  3. පිටිං පේන ලස්සන , අසිරිය විඳගන්න එකේ කිසිම වැ‍රැද්දක් නෑ. මේ ජීවත් වෙලා ඉන්න අවුරුදු 50ට 60ට කවුරුහරි විඳින්න තියෙන දේවල් නොවිඳ ඒවට බැන බැන ඉන්නවනං ඒක එයාලගෙ මෝඩකම... හැබැයි ඒ දේවල් විඳින අතරෙදි ඇතුලතින් වෙන්නෙ මොකද්ද කියලත් අඩු ගානෙ අපිට අදහසක්වත් තියෙන්න ඕනේ තුශානි.
    දකින දකින හැම දේකම වැ‍රැද්දක් කියන්න බලං ඉන්න ප‍ටු මානසිකත්වෙකට වඩා එහා ගියපු අර්ථෙකිනුයි මං එහෙම කියන්නෙ.
    අධිවේගී මාර්ගය ගැනම නොවුනත් ඒ ගැනත් කරුණු කීපයක් ලියැවුනු මේ ලිපිය කැමතිනං කියවලා බලන්න.
    හූනා චිකයි...

    ReplyDelete
    Replies
    1. ඔව්,, කියලා තියෙනදේට මාත් එකඟයි.. සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට.

      ඔයා ලියපු දේත් කියවලා බලන්න එන්නම්කෝ...

      Delete
  4. මාත් ඔය අධිවේගය පටන් ගන්න කලින් පයින් ගියපු මනුස්සයෙක් !

    ReplyDelete
    Replies
    1. අධිවේගී මගේ අපූරුව ඇස් දෙකෙන්ම දකින්න ඇති එහෙනම්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...