Thursday, November 14, 2013

සසරේ බැඳි මිතුදම්...











 



සිප් කිරෙන් නැහැවෙමින් 
නැණ පහස විඳගනිමින්
එකම විදු මව් තුරුලේ
එක් වුනෙමු මිතු දමින්

හිරු කිරණ සුමුදු මල්
පුබුදුවන හැම වරෙක
සඳ කැලුම් ‍රැස් විලස
තුටින් එක් වුනෙමු නිති

වසත් ගී කොදෙව්වක
ගැයෙන සත්සර විලස
සිනා කිංකිණි අතරේ
එක්ව පියමං කලෙමු

පන්ති කාමර අතරේ
රුවන් සිහි වටන ලෙස
මතකයක් තෙලි තුඩින්
රූ රටා එක් කලෙමු

කඳුළු සිනහා අතරේ
එකට එක්වී බැදී
සොයුරු මිතු දම් මතින්
නොදැනීම කල් ගෙවිමු

දිනන ලොව ජය ගන්න
වැට කඩොළු පසු කරන් 

නේක මං පෙත්  අතර
කඳුළු මත නික්මුනෙමු

දිවි මගේ සොඳුරු කල්
එක්ව ගත කල විලස
මතු භවෙත් එක් වන්න
පතමු හැම මොහොතකම.
..

18 comments:

  1. ඉස්කෝලෙන් සමුගන්න එකද,දුකයි තමයි පස්සේදී මතකයක් පමණක්ම වේවි,ඉදිරියේදී තව තව අලුත් මිතුරු මිතුරියන් ලැබේවි.
    කාලය කියන්නෙ මහා අරුම පුදුම දෙයක් තුශානි කාලය කරන වෙනසට මුහුණ දෙන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඉස්කෝලෙන් සමුගන්න එක හුඟක් දුකයි හැලපතුමා.. ඒ මතකයන් හැමදාමත් අපිත් එක්ක තියේවි.

      අලුත් මිතුරු මිතුරියන් හමුවුනත් ඒ අය පාසල් කාලේ අපිට හමුවුනු අය තරමටම අපිට සමීප වෙයි කියලා හිතන්න අමාරුයි..

      ඒත් අපිට ඒ දේට මුහුණ දෙන්නම වෙනවා ...

      Delete
  2. ඉස්කෝලෙන් සමුගන්න එක තරම් වේදනාවක් දැනෙන එකක් වෙන තියෙනවද? අපූරුයි ඒ මතකය නම්..

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යන අන්තිම දවස අදයි කියල හිතෙනකොට හිතට දැනෙන දුක වචන වලින් විස්තර කරන්න අමාරුයි...

      මීට අවුරුදු කීපයකට කලින් ඒක අත්වින්දත් තාමත් ඒ දුක දැනෙනවා වෙගේ නේද ?

      Delete
  3. ඉස්කෝල කාලෙ කියන්නෙ ඉතින් .....ඇඩෙනවා කතා කරනකොටත්

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඔව්. කඳුළු අතරැඳි සොඳුරු මතකයන්..

      Delete
  4. ආපහු යන්න බැරි මතක් කලත් හිතට සැහැල්ලුවක් වෙන පාසල් කාලය………

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දර නැගිටල ඉස්කෝලෙ යන එකත්, විභාග වලට පාඩම් කරන එකත් ටිකක් අමාරු වුනත්, පාසලේදි ගෙවුනු හැම තත්පරයක්ම හරිම සුන්දරයි.

      Delete
  5. මගෙ හිත ගියේ අන්තිමට ඉස්කෝලෙ ගිය දවසට.

    ReplyDelete
    Replies
    1. ඒක අපි හැම කෙනෙක්ගෙම අමතක නොවන දවසක්..

      Delete
  6. සාමලා අමරලා පොත් තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    අපේම පාසල අපේම මව විය
    එදවස් අප හට නැත ආයේ.......

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යන කාලේ ඒ සින්දුව කොච්චර අහලා, කියලා තිබුනත් සින්දුවේ තේරුම හරියටම හිතට දැනෙන්නේ ඉස්කෝලෙන් අයින් වුනාට පස්සේ...

      Delete
  7. අපි හැමෝගෙම ජීවිත වල බොහොම සුන්දර කාල පරිජේදය පාසල් සමය තමයි. ඒකෙ විවාදයක් නැ...ජීවිතය පිළිබද මහා ලොකු වගකීමක් තිබ්බෙ නැති...දෙමාපියන් දෙන දෙයක් කාලා ඇදලා සමනලයො වගේ සැහැල්ලුවෙන් හිටිය කාලයක්....මතක් කරනකොටත් හිතට අමුතුම සිහිලක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඉස්කෝලෙ කාලේ ගැන මතක් කරන එකත් හරියට ලස්සනම ලස්සන හීනයක් දකිනව වගේ..

      හිතට දැනෙන සැහැල්ලුව, සතුට, සිසිලස වචන වලට පෙරලන්න බැරි තරම් සුන්දරයි...

      Delete
  8. ඉස්කෝලේ කාලේ.. කොච්චර මතක් වුණත් එපා වෙන්නෙ නැහැ.. ඒත් ආයෙ කවදාවත් යන්නත් බැහැනේ...

    ReplyDelete
    Replies
    1. ආපහු යන්න බෑ කියල හිතෙනකොට හිතට හරි දුකයි..

      තුශානිගෙ බ්ලොග් එකට සිතූව සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  9. කළ්‍යාණ මිතයොත් සම්පත්තියක් කියලා කියනවා නෙහ්. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... කල්‍යාණ මිත්‍රයො ලබන්න පින් කරන්න ඕනේලු...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...