Sunday, December 1, 2013

එදා පටන් අදවනතුරු ලේන් පිටේ ඉරි ඇත්තේ ඒ හින්දා ...

සීතල උඳුවප් මාසය ආරම්භවුනා ... අපි වගේම සත්තුත් සීත කාලය ගත කරන්න සූදනම් වෙන කාලයක් තමයි මේක. ඒ අතරින් සීත කාලය වෙනුවෙන් හරිම කඩිසරව කෑම එකතු කරන එක්කෙනෙක් තමයි අපේ තුන් ඉරි අප්පු..

ඉතින් තුන් ඉරි අප්පු ගැන ජන වහරේ එන ලස්සන කවි පන්තියක් මේ ලඟදී තුශානිට අහන්න ලැබුනා.. ඒ තුශානිගේ හොඳම යාළුවෙක් ඒක මුමුණ මුමුණ හිටපු වෙලාවක. හරිම ලස්සන කවි පන්තියක්..

තුශානිගේ යාළුවා මීට කලින් Unicode භාවිතා කරලා සිංහල අකුරු ලියල නම් තිබුනේ නෑ. මේ එයාගේ මුල්ම පරිවර්තනය. 

ඔන්න තුශානි යාළුවා වෙනුවෙන් එයා සිංහල අකුරුවලට පරිවර්තනය කරපු කවි පේලිය ඔයාලටත් දැනගන්න බ්ලොග් පි‍ටු අතරට එකතුකලා ..





ළමයිනි ඉස්සර කාලේ
පන්සල් පල්ලිය ඇතුලේ
රිදී සීනු තිබුනෙත් නැහැ
කවුරුත් එය දන්නෙත් නැහැ

එක දවසක් විහාරයක ලොකු උත්සවයක් දවසක
ලේනෙක් ඒ ලඟ උන්නා
ටින් ටින් ගා හඬ දුන්නා
ඒ හඬ සැම තැන පැතිරී මිනිසුන්ගේ සිත් පැහැදී
බුදු දහමත් හොදින් ඉගෙන බුදු බණ ඇසුවා

එහි සිටි කම්මල් කරුවෙක්
එදා රැයේ ගෙදර ගොහින්
රිදී කාසි ටිකක් රැගෙන එකට දමා උනු කෙරුවා
එයින් සීනුවක් තැනුවා
රිදී දිවක් මැද තැබුවා
උදේ විහාරයට ගොහින්
එය හයියෙන් හැඬවූවා

සක් දෙවියෝ හඬ ඇසුවා
ලේනගෙ හඬ බව දුටුවා
පණිවිඩකරු විගස යවා
ලේනා එහි ගෙන්වුවා
ගෙන්වා අත්ලෙහි රඳවා
රිදියෙන් ඉරි තුන ඇන්දා
එදා පටන් අදවනතුරු
ලේන් පිටේ ඉරි ඇත්තේ ඒ හින්දා
  
ප. ලි. - මතකයෙන් ලියූ කවි පන්තියක් නිසා වචන වල වෙනස්කම් තිබිය හැකි බව සලකන්න.

31 comments:

  1. මේ කථාව නම් පළවෙනි වතාවරයි ඇහුවෙ...මම හිතන්නෙ ලේනගෙ ඉරි තුන ලැබුන හැටි ගැන මීට අමතරව තවත් උපමා කථා ඇති. මෙතැනදිත් මට මතක් වුනේ අපේ ගෙදර හිටිය දාංගලේ තිබුන පූසෙක් බෙල්ල හපලා අත ඇරලා තිබුන හොදින් වැඩුනු ලේනෙකුට වතුර පොවන්න අත උඩ තියා ගත්ත වෙලේ අතේ මාපට ඇගිල්ල බොහොම තදින් හපපු අවස්ථාව...ලේනට තියෙනවා ඉතාමත් තියුණු දිග දත් කීපයක්...ඒවායින් එකක් මගේ ඇගිල්ලෙ යටට කිදා බැස්සා...දැනුනු වේදනාව කියන්න නම් වචන නෑ....

    ReplyDelete
    Replies
    1. මමත් මේක මීට කලින් අහලා තිබුනේ නෑ.

      සේනක කරපු වැඩක් ගැනද කිව්වේ ?

      ලේන්නුන්ට තියෙන්නේ හුඟක් තියුනු දත්.. පුංචි කාලේ දත් වැ‍ටුනහම " ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ" කියන්නේ ඒ නිසා නේ ...

      Delete
    2. මටත් ඔය අද්දැකීම තියනව සිරා. හැබැයි තාම ලේනුන්ට ආදරෙයි.

      Delete
    3. දිලිනි ඉතින් කොහොමත් සත්තුන්ට ආදරෙයි නේ... ලියමුද ඒ සිද්ධියත් ?

      Delete
    4. ඒ වැඩේ කලේ සේනකට කලින් හිටිය කෙනෙක්..ඒත් සේනකත් ලේන්නු කීප දෙනෙකුම අවසන් ගමන් යැව්වා...ඒ අතරට කාක්කන් කීප දෙනෙකුත් අයත්...පරවියන් දෙන්නෙක් තුන්දෙනෙකුත් හිටියා වගේ මතකයි...සේනක මහ අසාමාන්‍ය ගතිගුණ තිබ්බ බලලෙක්...අපේ අල්ලපු වත්තෙ තියෙන දැවැන්ත සියඹලා ගසේ මුදුනටම දවසක් එයා නැග්ගා.

      Delete
  2. ලේන පැටවුට නම් මන් පොඩි කාලෙ ඉදන් හරිම ආසයි.
    හැබැයි බයයි. (හපයි කියලා)

    ReplyDelete
    Replies
    1. මාත් හරිම ආස සතෙක් ...

      Delete
  3. හ්ම්ම්ම් කොහොම වුනත් කවි ටික නම් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. සචිත්වත් සාදරයෙන් තුශානිගේ බ්ලොග් එකට පිලිගන්නවා ... දිගටම එන්න..

      Delete

  4. ලේන ගැනතියන මෙකත් බලන්න

    http://www.youtube.com/watch?v=5v8J0OXZ-6A&feature=youtu.be

    ReplyDelete
    Replies
    1. චමින්දවත් සාදරයෙන් තුශානිගේ බ්ලොග් එකට පිලිගන්නවා ...

      Delete
  5. ලේනෝ ලෙනෝ මේ දත අරගෙන මට අලුත් දතක් දියෝ කියලා දත් ඇන්දේම දත් මායි අක්කයි කොච්චර වහලෙට විසික් කරලා ඇද්ද......එත් ඉතින් ලේන්නු නෙමේ ඒ දත් ගෙනියන්නේ....හි...හි... එකෙත් හැටි නේද ඒ කාලේ අපේ හිත් කොච්චර නම් අහිංසකද කොච්චර සුන්දරද කියලා දැන් හිතෙනවා.....මේ කතන්දරෙත් හොදයි අපේ අක්කගේ හා පැංචිට කියන්න ...ස්තූති තුශා

    ReplyDelete
    Replies
    1. ඔව් ශානු... මායි මල්ලීත් එහෙම කරලා තියෙනවා ..

      ලේනෙක්ගේ වගේ ලොකු දත් දෙකක් එනකොට හිතන්නේ ලේනා අපේ වැටිච්ච දත් අරගෙන ගිහින් එයාගේ වගේ ලොකු දත් දෙකක අපිට දීලා කියලා ... ඒ කාලේ කොච්චර සුන්දරද ..

      හා පැංචිට කියන්න තව කතා ටිකක ලියන්නම්කෝ...

      Delete
    2. ඒක හොදයි,හා පැංචිට මම දන්න ඔක්කොම කතන්දර කියලා තියෙන්නේ.....කිටිගේ කතාවත් කිව්වා.

      Delete
  6. ලේන්නුන්ට මම මාර ආසයි.. අපේ දිහා මම පොඩි කාලේ හිටියා.. මේ කතාවනම් හැබැයි ඇහුවේ අද තමයි..

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි දිනේෂ්... මේ කතාව මීට කලින් මාත් අහලා තිබුනේ නෑ..

      Delete
  7. මමත් ලේනෙක් හැදුව පොඩි දවස් වල..ඊට පස්සේ ඌව යැව්ව..

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි... එතකොට කූඩුවේ ඉන්නවට වඩා නිදහසේ ඌට ඉන්න පුළුවන් නේ..

      Delete
  8. මේ කතාව ඇහුවමයි තුශානි,ලේන්නුන්ගේ දත් නං බොහොම තියුණුයි,හැපුවොත් හරි අමාරුයි.ඉරි තුන හැදුණු ආකාරය ගැන තවත් කතා තියෙනව නේද.

    ReplyDelete
    Replies
    1. ඔව් ..දත් නම් හරිම තියුණුයි.. අඹ, පේර වගේ පලතුරු කන හැටියෙන් ඒක කියන්න පුලුවන්..

      තව කතාවක් දැන ගන්න පුළුවන් වුනොත් ලියන්නම්..

      Delete
  9. මේ කතාව මමත් ඇහුවේ අද තමයි :) මම ආස ම සතෙක් තමයි ලේනා. මගේ අතින් ම කෑම කන ලේන් පැටියෙකුත් ඉන්නවා අපේ ගෙදර "බුෂී" කියලා. පුදුම දාංගලයක් තමයි. හ්ම්ම්, පිටරටවල වගේ ලංකාවේ ලේන්නු හයිබනේට් කරන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර සත්තුන්ට කෑම තියන තැනට ලේන්නුත් එනවා... කිව්වත් වගේ හරිම දාංගලයක් තමයි තියෙන්නේ...

      පිටරටවල වගේ ලංකාවේ ලේන්නු හයිබනේට් කරන්නේ නෑ.. මොකද ලංකාවට ලොකු ඍතු බලපෑමක් නෑ නේ..

      Delete
  10. මේ කවිටික කියවන්න ඕන තාලය මොකද්ද තුශානි ?
    අපේ චූටි කෙලීට මේ ටික කට පාඩම් කරවන්න ඕන !

    ReplyDelete
    Replies
    1. තාලයක් මම කොහොමද කියලා දෙන්නේ ... ම්.. කතාවක් කියනවා වගේත් කියන්න පුළුවන් ..

      කොහොම වුනත් කවි ටික කෙලි පැටියට පාඩම් කරවන්න.. එතකොට එයාම හුරතල් ලස්සන තාලෙකට කියයි...

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මේ දැනුත් ඒ එක්කෙනෙක් ටිං ටිං ගානවා..

    මේ කතන්දරේ නම් මාත් අදයි ඇහුවේ

    ReplyDelete
    Replies
    1. ඒ රිදී සීනුවක්ද දන්නෙනෑ..

      මාත් එහෙමයි රෙහානි.. මුල් වතාවටයි මේ කතාව ඇහුවේ ... කට්ටියටම දැන ගන්නයි බ්ලොග් එකටත් දැම්මේ...

      Delete
  13. මමත් මේ කතාවනම් ඇහුවමයි. මමත් ලේනෙක් ඇති කළා සෑහෙන කාලයක්. මගේ ඇතත් හපලා තියෙනවා එයා කීප පාරක්ම.

    ReplyDelete
    Replies
    1. ඉවාන්ව තුශානිගේ බ්ලොග් එකට සාදරෙන් පිලිගන්නවා ..දිගටම එන්න ...

      Delete
  14. මොකක්ද එතකොට රිදී සීනුවෙයි ඉරි 3යි අතර සම්බන්දෙ?

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ... ලේනගේ හඬ රිදී සීනු හඬක් වගේ නිසයි රිදී ඉරි තුනක් ලැබුනේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...