Tuesday, December 24, 2013

නත්තල් තෑග්ග...


සීතල උඳුවප් මාසේ සුවිශේෂිම දවස වන අසිරිමත් නත්තල් දිනය හරියටම 12.00 කණිසමට පල්ලියේ සීනු හඬත් එක්ක උදාවුනා... 

බෙත්ලෙහෙම් පුරේ පායපු දීප්තිමත් වල්ගා තරුවක කිරණ අතරේ හැංගිලා ජුසේතුමාගෙත් මරියතුමියගෙත් පුංචි පුතා විදිහට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ එළිය දැක්කෙ සාමයේ පණිවිඩයත් අරගෙනයි... 

ඒ අසිරිමත් නත්තල උදාවුනු මේ මොහොතේ අපේ බ්ලොග් ලියන යාළුවන්ට වගේම සියළුම ලෝක වාසී කිතුනු යාළුවන්ටත් නත්තල් සුබ පැතුම් ගෙන එන්න ඕනේ කියලා තුශානි හිතුවා..

ඉතින් ලැබුවාවු නත්තල " සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නත්තලක් වේවා "    කියලා තුශානි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...

තුශානිට නත්තල් සීයා තෑගි අරන් ආපු හැටි තමයි පින්තූරේ තියෙන්නේ... පින්තූරෙත් තුශානිට ලැබුනේ නත්තල් තෑග්ගක් විදිහට.. ඒ නිසා තුශානිට හරිම සතුටුයි...

අනිත් සතුටු කාරණය තමයි අද තුශානි ලියන්නේ එයාගේ  20 වෙනි පෝස්ට් එක ...

බ්ලොග් පිටු අතරේ මෙච්චර දුරක් එන්න තුශානි හිතලා වත් තිබුනේ නෑ... ඉතින් ඒකට උදව් කරපු හැම කෙනෙක්ටම හුඟක් ස්තූති කරන්නත් තුශානි මේක අවස්ථාවක් කරගන්නවා ...

තුශානිට ඔයාලා වෙනුවෙන් දෙන්න නත්තල් තෑග්ගක් නම් නෑ.. එත් මේ වෙලාවේ  මගේ හිතට දැනෙන සතුට ඔයාලගෙ ජීවිත වලටත් ලැබෙන්න කියලා නත්තල් තෑග්ගක් විදිහට තිළිණ කරනවා...

30 comments:

  1. ඔයාට සාමය ,සතුට ,සුවය බොහෝ ලැබෙන සුබ නත්තලක් ... එසේම ඔබේ පවුලේ හැමෝටමත්

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පවුලේ හැමෝටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

      Delete
  2. 20 ට සුබපැතුම්, සුබ නත්තලක් වේවා තුශානිට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉවාන් ... ඔයාටත් සුබ නත්තලක්...

      Delete
  3. සුභම සුභ නත්තලක් තුශානි. 20 ටත් සුභ පැතුම්.
    සුභ දවසක්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ..සුබ දවසක් .

      ස්තූතියි චතුරංග... ඔයාටත් සුබ නත්තලක් !

      Delete
  4. තුශානිටත් පවුලේ සැමටත් සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැලපතුමා ඇතුළු පවුලේ සැමටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!

      Delete
  5. 20ට ත්, නත්තලටත් සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධනා ... ඔයාටත් සුබ පැතුම්..

      Delete
  6. තුශාටත්,පවුලේ සැමටත් සුබ නත්තලකට ආසිරි!

    ReplyDelete
    Replies
    1. ශානු නම් නත්තල් සමරනවනේ...පල්ලි එහෙම යන්න ඇති නේද ?

      ඉතින් උදාවුනු නත්තල සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වෙන්න කියලා මමත් මුළු හදවතින්ම සුබ පතනවා ..

      Delete
  7. ඔයාටත් සාමය සතුට සෞභාග්‍යය පිරි සුබම සුබ නත්තලක් වේවා

    ReplyDelete
    Replies
    1. යසිත්ටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

      Delete
  8. සුබ නත්තලකට වගේම විසිවෙනි පෝස්ටුවටත් සුබපැතුම්..දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. මේ තරම් වත් දුරක් එන්න බලාපොරොත්තුවක් තිබුනේ නෑ.. කරපු දිරිමත් කිරීම් තුශානිට ලොකු ශක්තියක් වුනා ...ඒ හැමදේටම බොහොමත්ම ස්තූතියි.. ඉඩකඩ ලැබෙන විදිහට ඉදිරියෙදිත් ලියන්න උත්සාහ කරන්නම්කෝ...

      Delete
  9. පරක්කු වෙලා වුණත් සුබ ම සුබ නත්තලක් වෙවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම ප්‍රාර්ථනා කරනවා.. පමා වෙලා වුනත් එවපු නත්තල් තෑග්ගට නම් හුඟක් ස්තූතියි...

      Delete
  10. පරක්කු උනාට සමා වෙන්න ඕන....ඔයාටත් සුභ නත්තලක් පතනවා

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා !!!

      Delete
  11. සමාවෙන්ඩ ඕනා....
    පරක්කු උණාට..
    සුභම සුභ නත්තලක් වේවා.............

    ReplyDelete
    Replies
    1. හරි හරි ඔන්න සමාව දුන්නා ...

      ඔයාටත් සුබ නත්තලක්...

      Delete
  12. සුබ නත්තලක් වේවා තුශානි !!!
    පොඩ්ඩක් පමා උනා... ඒ නිසා සුබ පැතුම ටිකක් විතර නිමිලා... කමන් නෑනේ !

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබම සුබ නත්තලක් ...

      අයියෝ කමක් නෑ... පරක්කුවෙලා ලැබුනත් සුබ පැතුමක් නේ ... පරක්කුවෙලා හරි ඇවිත් යන්න ආවට ස්තූතියි...

      Delete
    2. ඔයා කතෝලික කෙනෙක්ද තුශානි ?

      Delete
    3. අනේ නෑ.. මම බුද්ධාගමේ ..

      Delete
  13. පලවෙනි වතාවටයි මේ බ්ලොග් එක බැලුවෙ. තෑග්ග පිළිගන්න නං පරක්කු වැඩියි. කමක් නෑ, ස්තූතියි !!!
    මම නත්තල් දවසෙ නත්තල් සීයට ලියුමක් ලිව්වා. කැමති අය කොටා බලත්වා...!
    නත්තල් සීයා වෙත ,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට.. අපිත් එන්නම්කෝ ලියුම කියවන්න ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...