Wednesday, May 14, 2014

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

























කෙලෙස් ඝනඳුර මැකු පහන් සිල   සේ       
සාදු නද හා ‍රැව් දුන් ඝන්ඨා නද      සේ     
සිල් සුවඳ හා මුසු මල් සුවඳ           සේ      
සියළු සත සිත් නිවී පහන් වේවා !                

තරහ හිරු දු‍ටු පිනි බිදක්               සේ                       
මාන පෙණ පිඩු විසිර යන            සේ                   
මෝහ පහවන දිය බුබුළු              සේ                    
දුරුව සහනය ලැබේවා !        

සැලෙන සිත බෝ පතක්             සේ
දෝමනස් මල් පරව යන             සේ
අයස දිය මත ඇඳි ඉරක්              සේ
නික්ම ගොස් යලි නො ඒවා !            


සතර බඹ විහරණය ලත්             සේ
සතුට සැනසුම සුවය සම             සේ
උතුම් තෙමගුල පසක් කල          සේ 

ලොවට  යහපත උදාවේවා !            

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා  !
    
    

13 comments:

  1. ලස්සන කවි පෙළක්... අද තමයි මේ පැත්තට ආවේ... දිගටම එන්නම්..

    ReplyDelete
  2. සිත් පහන්වන පින් සිතුවිලි පිරීයන පිනබර වෙසක් මංගල්‍යක් වේවා!!!

    ReplyDelete
  3. ලස්සන,අර්ථවත් පැතුමක්...
    හැම දේටම මිලක් නියම වෙලා තියෙන රටේ වෙසක් එක පවා සැණකෙළියක් වෙලා නේද...?

    ReplyDelete
  4. ඔබටත් සුබ වෙසඟක් වේවා!!

    ReplyDelete
  5. අපුරු කවි පෙළක් අකුරු වැරැදි ටිකත් හරි ගැස්සුවානං මල් හතයි.....

    ReplyDelete
  6. ඔයාටත් පින්බර වෙසක් මංගල්ලයක් වේවා !

    ReplyDelete
  7. සුබ වෙසක් මංගල්ලයක් වේවා. වෙසක් සමරන්න ඕනේ ආටෝපය පෙන්වන උත්සවයක් විදිහට නෙවෙයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  8. පින්බර ඒ මැයි මාසේ
    පාලොස්වක පොහොය දිනේ
    ලුම්බිණි සල්මල් උයනේ
    කුමරෙකු ඉපදුණි සුව සේ

    සතර පෙරනිමිති දැකලා
    ගිහි ගෙය ගැන කලකිරිලා
    රාහුල පුතු ඉපදුණුදා
    නික්මිය ගිහි ගෙය හැරදා

    දුෂ්කරක්‍රියා කරලා
    මැදුම් පිලිවෙතේ ඉඳලා
    පස්මරුන්ව පරදවලා
    බුදුවිය වීරිය වඩලා

    ලොව්තුරු අප බුදු පියා
    දෙව් මිනිසුන් අරභයා
    අමා දහම් පැන් පොවා
    පිරිණිවනින් සැනහුනා

    පින්බර ඒ තෙමගුල
    සුදුවුණු මේ පොහො දින
    පහන් හැඟුම් පුබුදන
    සිල් සුවඳයි හැමතැන

    ReplyDelete
  9. ඔබටත් පින්බර වෙසක් දිනයක් වේවා, ඔබේ පින්වත් සිතුවිලි වලින් අපුඋරු පින්වත් ප්‍රාර්ථනයක්..

    ReplyDelete
  10. ලස්සන කවි පෙලක්. පින්බර වෙසක් දිනයක් වේවා


    ඔයාලාගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න

    ReplyDelete
  11. එන්න ටිකක් පරක්කු උනා. ඒ උනත් නොකියම බෑ. කවි ටිකනම් හරිම අපූරුයි තුශානි.

    ReplyDelete
  12. තුන්ලෝකයටම බැතිබර තෙමගුලක් වේවා !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...