Thursday, December 25, 2014

මේ අවුරුද්දේ නත්තල් තෑග්ග...


පල්ලියේ ඝන්ටාරේ රෑ දොළහේ කණිසම වදිනවත් එක්කම මුළු පලාතම වහගෙන හිටිය නිහැඬියාව සීතලට තව තව ගුලි වෙලා ඇකිලෙන්න පටන් ගත්තා. ආකාසේ ආධිපත්‍ය පතුරවගෙන දීප්තිමත් වල්ගතරුවක් හරිම ලස්සනට පායලා. කොයිතරම් ලස්සනයිද කියනව නම් ඒ දිහාවෙන් ඇස් වෙන පැත්තකට ගන්න බැරි තරම්. සීතල වැඩි නිසාමද කොහෙදෝ සීතල හුල‍ඟෙන් බේරෙන්න, එක එක ඇඳුම් පෙරව ගෙන වගේ ටික වෙලාවකින් වල්ග තරුව තවත් ලොකුවෙලා පෙනුනා. වල්ග තරුවේ පහළ කෙලවර පොළවේ ගෑවෙන තරමට දික් වෙලා. 

මෙන්න ඊට පස්සේ වල්ග තරුවේ ඇතුලේ ඉඳලා ලස්සනම ලස්සන සැන්ටා කෙනෙක් විදිහට ඇඳපු ටෙඩී කෙනෙක් හරියට අර ලිස්සන බෝට්‍ටු වලින් පහට එනවා වගේ වල්ග තරුව දිගේ පහළට ලිස්සලා ආවා..  

තෑගි මල්ලකුත් කරේ තියාගෙන, එයාට තිබුනු ලස්සන හිනා වෙන ඇස් වලින් මං දිහා බලලා මාත් එක්ක හිනා වෙලා, හිමින් හිමින් අඩි තියලා එයා මං ලඟට ආවා  .


"සුබ නත්තලක් තුශානි ... ඔන්න මම ඔයාට මේ අවුරුද්දෙත් නත්තල් තෑගි අරන් ආවා..

ඒක ඇහුවහම තුශානිට හුඟක් සතු‍ටු හිතුනා..
 


ආ ... ඔයාම තෑග්ග ඇරලා බලන්නකෝ මොනවද තියෙන්නේ කියලා.. සැන්ටා ටෙඩී තුශානිගේ අතට තෑග්ග දීලා කිව්වා.

තුශානි ඉතින් තෑග්ග අතට අරගෙන බොහොම පරිස්සමි ඇරලා බලන්න ගත්තා. ලස්සන රතු පාට ‍රැපින් එකකින් ඔතලා, ටෙඩීලා තුන්දෙනෙක් ... ආ.. නෑ නෑ හතර දෙනෙක් අලවලා, රිබන් මල් පොකුරක් උඩින් ගහලා තමයි තෑග්ග තිබුනේ.


චූටි කාලේකින් හදිස්සියේ ඇන්ද එකක් නිසා එච්චර ලස්සන නෑ කියලා කිව්වට මේ බලන්නකෝ ඒ තෑග්ග කොච්චර ලස්සනයිද කියලා..

තුශානිට හුඟක් සතු‍ටුයි වගේම මේ තෑග්ග තුශානිට හුඟක් වටිනවා.. ඒ හින්දමයි මේ තෑග්ග ඔයාලටත් පෙන්නන ඕනේ කියලා හිතුවේ.
තුශානිට වගේම ඔයාලටත් මේ වෙනකොට නත්තල් තෑගි ලැබිලා ඇති. තෑගි ලැබුනත් තෑගි නොලැබුනත් නත්තලේ සතුට හැමදාටම ජීවිතේ ‍රැඳිලා තියෙන සුබම සුබ නත්තලක් තුශානි බ්ලොග් යාළුවෝ හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා. සාමය, සතුට, සෞභාග්‍ය පිරුණු සුබම සුබ නත්තලක් වේවා !



10 comments:

  1. ඔබටත් සුබම සුබ නත්තලක් වේවා!!!

    ReplyDelete
  2. එසේම වේවා , ජයෙන් ජයම වේවා

    ReplyDelete
  3. සැන්ට ටෙඩී සුපිරි පොරක් නේ.. නත්තල හා ලබන්නාවූ නව වසර සුභ වේවා.. ජය ශ්‍රී!

    ReplyDelete
  4. සැමට සාමය ,සතුට ,සුවය බොහෝ ලැබෙන සුබ නත්තලක් ..

    ReplyDelete
  5. ඔබටත් සුබ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා....!!

    ReplyDelete
  6. සුබ නත්තලක් වේවා..!

    ReplyDelete
  7. සාමය සතුට සම්පත හැම පිරෙන්නයි
    සීතල සුලඟ දොර දොර පිස හමන්නයි
    නත්තල අරුත සැම සිත් තුල පිපෙන්නයි
    සුවපත් නැවුම් සුභ වසරක් ලබන්නයි

    ReplyDelete
  8. නත්තල සමරලා දවස් තුනකට පස්සෙ මේ පැත්තට ආවෙ...ප්‍රීතිමත් නත්තලක් කියලා පතන්නම් මමත්...

    ReplyDelete
  9. මෙයාට ටෙඩීලා ගොඩක් හම්බ වෙලා !

    ReplyDelete
  10. නත්තල් නිවාඩුවෙන් පස්සේ ඊයේ තමයි මේ පැත්තේ ආවේ.
    තුශානියාට නම් සැන්ටා තෑගි දීලා තියන්නේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...