දෙදහස් දාහතරේ සීතල දුරුත්තේ දී
නව වසරකට පා තැබුවා තුටින් බැඳී
කාලය ගත වුනා නොදැනිම දවස් සතී
සමගින් අලුත් වසරේ නව පැතුම් පොදී
නවම් මැදින් දින පසුකර ඉන් පස්සේ
ඉක්මන් ගමනකින් ආවා බක් මාසේ
රබන් සුරල් ඔන්චිලි වාරම් අස්සේ
අවුරුදු සැමරුවා එනතුරු මැයි මාසේ
තෙමගුල සිහි කරලා හැම දෙන වෙසක් මහේ
ආමිස ප්‍රතිපත්ති පූජා අතර තුරේ
දන් සැල් තොරණ ඉදි වුවා සතර දෙසේ
පොසොන් ලබන තුරු පසුකර වෙසක් දිනේ
ඇහැළ මල් පිපී සුන්දර ඇහැළ ගෙවී
නිකිණි බිනර වප් ලැබුවා පෙළට සැදී
රාජකාරී බෝ වුවත් එකට බැඳී
බ්ලොග් එක වෙතට ආවා හැකි හැම විටදී
පළවෙනි උපන්දිනේ සැමරුවා වප් මාසේ
පෝස්ටු පනහකුත් ලිව්වා ඒ අස්සේ
කවි පද බඳින්නට හිත ආවා බෝසේ
කවි පද වැල් බැඳුනා ඉල් උඳුවප් මාසේ
හිතුනා නැවත ආ මග දෙස බලන්නට
කැටිකර එයත් කවියෙන් මෙහි තබන්නට
එළබෙන වසර කිරියෙන් ඉතිරී යන්නට
තිරණ සරණ පතනවා මා ඔබ හැමට
උදයෙම ලබන්නට බ්ලොග් සොහොයුරු පහස
ReplyDeleteආවෙමි නව වසරෙ.... හිරු නැග එන විට අහස
පුංචි කැකුළු මල් ඉසි................... ආසිරි විලස
සුභ වේ ජයෙන් ජය වේ......... ඔබ සිරි නිවස!!!
කවියට කවියෙන්ම සුබ පතලා යන්න
Deleteආවට තුති මල් මිටක් පිදුවා ඔන්න
නව අවුරුදු පැතුම් සේරම ඉටු වන්න
පතනවා කළන මිත්‍රයා ජය ලැබ ගන්න
සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!
ReplyDeleteනොදකින විශ්වයේ සොඳුරු තැන් සොයායන ඔබේ ගමනට සුබ පැතුම් එක්කරන ගමන් නව වසරටත් හදවතින්ම සුබ පතනවා !
Deleteකියන්නට බැරි වුණත් පබදා කවි අකුරු
ReplyDeleteහොද හිත ඇත පතනෙමි දිගාසිරි
තුශානිටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා
කවි පද වලින් සුබ නොපැතුවට, ජීවිතයෙන් හෙම්බත් නොවී ජීවිතය විඳින්න මහේෂ් අකුරු කල විදිහේ අපූරුව පහුගිය වසර පුරාවට අපි දැක්කා
Deleteසුබ පතනවා ලැබුවාවු වසරත් සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියලා.
තුෂාණිට සුබ නව වසරක් වේවා.
ReplyDeleteඔබේම ආරකින් ඔබ ලියු ලිපි තුශානිට නම් ටිකක් බර වැඩියි වගේ තමයි දැනුනේ. ඒත් හිතන්න යමක් ඒ තුල තිබුනා.
Deleteසුබ පතනවා ඔබටත් ඔබේ ඉදිරි වැඩකටයුතු වලට මේ අලුත් අවුරුද්දේ..
ජය සතුට සපිරි සුබ නව වසරක් වේවා!
ReplyDeleteඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සදානන්දකර වූ ආදරය අංශුවෙන් අංශුව අකුරු කර ඉක්මනින්ම අපට කියන්න ලැබෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !
Deleteලස්සන කවි ටිකක් !
ReplyDeleteතුශානිටත් කෑමෙන් බීමෙන් අඩු නැති සුබ නව වසරක් වේවා !
හපොයි.. අමාරුවෙන් කෙට්ටු වෙන්න හදනකොට මෙයත් කරන ප්‍රාර්ථනා ... :D
Deleteම්.. ඔයාට නම් වැඩි වැඩියෙන් ඇවිදින්න යන්න පුළුවන් වෙන සුබ වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
අර මොකෝ ? ඔයියා මහත ද ?
Deleteෂ්.... කෑගහන්න එපා... :D
Deleteලස්සනයි .... සුබ අලුත් අවුරුදක් වෙන්න ඕන.... වැඩි වැඩියෙන් ලියවෙන්න ඕන ...
ReplyDeleteබොහොමත්ම ස්තූතියි..
Deleteඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් පතන ගමන් සාදරෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට ... :)
සුබ නව වසරක් වේව
ReplyDeleteඅවුරුදුත් අරගෙන මේ ඇවිත් ඉන්නේ කාලෙකින්..
Deleteඅපේ වමත් කරුවන්ගේ සංගමේ සාමාජිකයක් විදිහට සුබ පතනවා සහෝටත් වැඩ කටයුතු සාර්ථන වෙන්න කියලා...
තුෂානිටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!
ReplyDeleteඔයාටත් එසේම ප්‍රාර්ථනා කරනවා..
Deleteඒ වගේම ගීතය අරුත්ගන්වමින් ඔබ බ්ලොග් කලාවට දුන් ප්‍රාණය තව තවත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා...
නගා බොහොම සූර විදියට කයි ලියනවා...එවැනි කයි බර ගානක් ලියවෙන වසරක් වේවා 2015....සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා !
ReplyDelete:) බොහොමත්ම ස්තූතියි...
Deleteසිරා අයියටත් ලැබුවාවු 2015 වසර සුබම සුබ වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ඔන්න කැකුළු මල් අධිපතිනි තුෂානිට මගෙනුත් මල් මිටක්.
ReplyDeleteඅද තමයි මේ පැත්තේ ආවේ. ලස්සන කවි ටික.
නගා ටිකක් පරිස්සම් වෙන්න..මේකා මල් කොබා...නම වගේම තමයි වැඩත්...
Delete:) බොහොමත්ම ස්තූතියි...
Deleteඔයාටත් සුබ අලුත් අවුරුද්දක් පතන ගමන්ම සාදරයෙන් පිළිගන්නවා කැකුළු ගොමුවට..