බලන්න ... 2015 අවුරුද්ද උදා වෙලා අද වෙනකොට දවස් 5 ක් ගතවෙලා ගිහින්. ඒ කියන්නේ අපිටත් නොදැනීම කාලය බොහොම ඉක්මනින් ගිවීගෙන ගිහින්. ඉක්මනින්ම ගෙවීගෙන යන මේ කාලයත් එක්ක අපි යන්ත්‍ර සූත්‍ර වගේ වැඩ කරනවා මිසක්, චුට්ටක් නැවතිලා හිතන්න එක විනාඩි පහක හරි කාලයක් අරගෙන තියෙනවද කියලා අහලා බැලුවොත් හුඟ දෙනෙක් ගෙන් ඒකට ලැබෙන්නේ " නැහැ" කියන පිළිතුර.
අපි කවුරුත් ඒ ගැන නොසලකා හැරියට
චුට්ටක් නැවතිලා හිතලා බලන්න ගන්න විනාඩි පහ අපේ ජීවිතයට කොයි තරම් වටිනවද
කියලා දැනෙන්නේ අපිටම ප්‍රශ්නයක් ඇවිත් නැවතිලා ටිකක් හිතන්න සිද්ද වුන
වෙලාවට.
ඒ නිසා අද තුශානි හිතුවා මේ අවුරුද්දේ ලියන මුල්ම පෝස්ට් එක
විදිහට හිතන්න යමක් ඉතිරි කරන දෙයක් ගැන ලියන්න ඕනේ කියලා. ඉතින් බෝතල් අඩි තියෙන
ලොකූ කණ්නාඩි දෙකකුත් දාගෙන, පොත් ගොඩකුත් වටේට තියාගෙන පොත් ඇතුලේ වගේම ලෝකය එහා මෙහා යාකරගෙන දැල් බැඳගෙන ඉන්න අන්තර්ජාලයටත් ගොඩ වෙලා බැලුවා ජීවිතය ජය ගත්ත මිනිස්සු ප්‍රශ්ණ වලට මුහුණ දීපු විදිහ, එයාලගේ සිතුම් පැතුම් මොනවගේද , එයාලා මොනවගේ දේවල්ද කරලා තියෙන්නේ කියලා.
අන්න එහම හොයාගෙන යද්දී සෑහෙන කියන්න දේවල් හම්බවුනා. ඒ අතරින් එකක් තමයි මේ.
Coca - Cola සමාගමේ හිටපු විධායක නිලධාරී බ්‍රයන් ඩයිසන් මහත්තයා ජීවිතේ හිතන්න ඕනේ දේවල් පහක් ගැන තත්පර තිහක කෙටි දේශනයකින් විස්තර කරලා තියෙනවා. සමහරවිට ඔයාලා මේ ගැන දැනටමත් දන්නවා වෙන්නත් පුළුවන්. දන්න අයට ආපහු මතක් වෙන්නයි නොදන්න අයට දැන ගන්නයි තමයි මේ සටහන තියන්නේ.
බ්‍රයන් මහත්තයා කියන විදිහට ජීවිතය කියන්නේ, හරියට බෝල පහක් අහසට විසිකරමින් ආපහු ඒවා අල්ල ගනිමින් කරන ක්‍රීඩාවක් වගේලු හැබැයි මේ හැම බෝලයක්ම බිම වැටෙන්න නොදී අල්ල ගන්නත් ඕනේලු. එයා ඒ බෝල පහ හිතන්න කියලා කියන්නේ රැකියාව, සෞඛ්‍ය, පවුල, මිතුරන් හා විනෝදාංශ විදිහටයි.
මේ ක්‍රීඩාවේදී ටික කාලයක් යද්දී අපිටම ඉක්මනින්ම තේරේනවලු අර රැකියාව කියන බෝලය අනික් බෝල වලට වඩා ටිකක් වෙනස් කියලා. හරියම මෙන්න මේ වගේ; අනික් බෝල හතර වීදුරු බෝල හතරක් කියලා හිතුවොත් රැකියාව ඊට වෙනස් රබර් බෝලයක් වගේලු.
.
ඒ කියන්නේ රැකියාව කියන බෝලය අපේ
අත්වැරැද්දකින් හරි පුංචි අතපසුවීමකින් හරි මේ ක්‍රීඩාවේදි අපේ අතින් අත
ඇරිලා බිමට වැටුනොත් නැවතත් ඒක ආපහු අපි වෙතට එනවලු හරියට රබර් බෝලයක් බිම
වැටිලා ආපහු එනවා වගේ. ඒත් සෞඛ්‍ය, පවුල, මිතුරන් විනෝදාංශ කියන බෝල එක
පාරක් හරි අපේ අත්වැරැද්දකින් හරි අතපසුවීමකින් හරි බිම වැටුනොත් ඒවා වීදුරු බෝල වගේ නිසා පලුදු වෙලා ආපහු තිබුන තත්වෙට පත්වෙන්නේ නෑලු.
ඒ නිසා ජීවිතය කියන මේ ක්‍රීඩාවේදි අපි අර බිම වැටුනත් නැවත අපි වෙත එන රබර් බෝලයට වඩා, බිම වැටුනොත්
පලුදු වෙලා යන වීදුරු බෝල හතර ගැන වැඩි සැලකිල්ලක් යොමු කරලා වැඩි
අවධානයකින් යුතුව කටයුතු කරන්න ඕනේ කියලා තමයි බ්‍රයන් මහත්තයා පෙන්නලා
දෙන්නේ.
ඇත්තටම අපි අපේ ජීවිත ගැන කල්පනා
කරලා බැලුවහම අපි වැඩි අවධානයක් දීලා තියෙන්නේ වීදුරු බෝල වලට වඩා රබර්
බෝලයෙන් කියවෙන රැකියාවට. රාජකාරිය දේව කාරිය විදිහට සලකන එකේ වරදක් නෑ.
ඒත් ඒ නිසා ජීවිතයේ අනිකුත් වටිනා දේවල් නැති කරගත යුතු වෙන්නේ නෑ. අන්න ඒ
නිසා මේ අවුරුද්දේදීවත් රාජකාරිය වගේම තමන්ගේ සෞඛ්‍යය, පවුල ගැන, දුක
සැපේදී ලඟ ඉන්න යාළුවෝ ගැන, හිත නිදහස් කරගන්න, සැහැල්ලු කරගන්න පුළුවන්
විනෝදාංශ ගැන ටිකක් වැඩිපුර අවදානය යොමු කරමින් කටයුතු කරන්න උත්සාහ කරමු
නේද...
ම්.. ඔයාලම චුට්ටක් නැවතිලා හිතලා බලන්නකෝ... :)
නැවතිලා හිතලා බලන්න තුශානි ලියපු තවත් ඒවා ..
වටිනා අදහසක්
ReplyDelete:) ඒ නිසාමයි ඔයාලටත් දැනගන්න මේ විදිහට ලියන්න ඕනේ කියලා හිතුනේ..ස්තූතියි..
Deleteඅළුත් අවුරුද්දෙ අපූරු අදහසක්...
ReplyDeleteස්තූතියි තුශානි...
බෝල පහේ කතාව නං ටක්කෙටම හරි
ස්තූතියි.. ඔව්.. මැෂින් වගේ වැඩ කරනවා මිසක් තමන් ගැන, තමන් ලඟ ඉන්න අය ගැන හිතලා බලන්න කාලයක් වෙන්කරගන්නේ නෑනේ අපි.
Deleteහැබැයි මොනවා වුනත් අපි හැමෝම රැකියාව කියන බෝලය තද කරලා අල්ලාගෙන , අනික් ඒවා ගැන බොහෝවිට තැකීමක් නෑ
ReplyDeleteඒක ඇත්ත... අනිතිමේදී රැකියාවෙන් විශ්‍රාම අරගෙන ඒක අතාරින්න වුන දාට තමයි අනිත් දේවල් වල වටිනාකම දැනෙනේ..
Deleteමේ අදහස නම් සෑහෙන්න වටිනවා. අළුත් අවුරුද්දේ මේ වගේ අදහසක් අපිට ඉදිරිපත් කලාට බොහොම ස්තූතියි තුශානි !
ReplyDeleteකට්ටිය මේ ගැන දන්නවා ඇති කියලා නොලියා ඉන්නත් හදලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැන ගන්න තමයි මේ පොස්ට් එක ලිව්වේ.
Deleteලැබුනු ප්‍රතිචාර දැක්කහම මටත් හුඟක් සතුටුයි. :)
බෝල ටික හරියට ගානට අල්ලගමු මේ අවුරුද්දේ.. ජයවේවා..
ReplyDelete:) ඔව් ඔව්.. ජයවේවා..
Deleteමං නම් අර වීදුරු බෝලත් එක්ක කොහොමත් සෙල්ලං කරන්නේ නෑ.. පරිස්සමට අරන් තියල දාන සෙල්ලමක් රබර් බෝලත් එක්ක තමයි.. ඔය හින්දම දැනට රබර් බෝල කීපයක්ම මාරු කරන්නත් උනා.. දැන් සෙල්ලම් දාන බෝලෙත් කොයි කලක් තියේද දන්නේ නෑ.. හැබයි ඒ ගැන කවදාවත් කණගාටු වෙන්නේ නෑ. රබර් බෝල ගැන මගේ පොලිසි එක මෙහෙමයි.. Love your profession.. but not the Company :D ජය ශ්‍රී!
ReplyDeleteඒක තමයි වෙන්න ඕනේ කල්‍යාන මිත්‍රයා... අපි හුඟ දෙනෙක් අතින් නොවෙන්නෙත් ඒකම තමයි... ජය ශ්‍රී!
Deleteඅලුත් අවුරුද්දේ වටින පෝස්ටුවක්! ස්තුති වේවා!
ReplyDeleteපෝස්‍ටුවෙන් හිතන්න යමක් ලැබුනා නම් ඒක මටත් සතුටක්.. ස්තූතියි..
Deleteඅදහස් ටිකනම් රන් හා සමානයි.
ReplyDeleteහැබැයි විනෝදාංශ බෝලෙත් රබර් නේද?
:) ස්තූතියි.. සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට.
Deleteමෙතනදී කියන්නේ හිත නිදහස් කරගන්න, සැහැල්ලු කරගන්න පුළුවන් විනෝදාංශයක නියැලෙන්න අපි අමතක කලොත් හරි අතපසු කලොත් හරි ඒ දේවල් වලින් අපි ඈත් වෙනවා කියන එකයි. කාලයක් ගතවෙලා ගියාම අපහු අපිට ඉස්සර විදිහට ඒ දේවල් වල නියැලෙන්න බැරි වෙනවලු.
බොහොම වැඳගත් තොරතුරක් මේ ලිපියෙන් සන්නිවේදනය වෙන්නෙ...ස්තූතියි නගෝ...මමත් මේ කාරණා දිහා මේ විදියට බැලුවෙ නෑ අද වෙනකං...
ReplyDelete:) ස්තූතියි... ලිපියෙන් ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් වුනා නම් ඒක මටත් සතුටක්.
Delete