ඔයාට පුළුවන්ද වාහනයක් පදින්න ? ඔන්න බෑ කියලා නම් හරියන්නේ නෑ. මේ වාහනේ පදින්න ඉගෙන ගන්නම වෙනවා.
නෑ... නෑ... මේ වාහනේ පදින්න ලයිසන් ඕනේ වෙන්නේ නෑ.
හ්ම්... ඕනේ කරන්නේ හරියට වාහනේ පැදගෙන යන්න ඉගෙන ගන්න එක විතරයි.
හරිනේ එහෙනම්. දැන් වැඩේ පටන් ගමු.
මුලින්ම වාහනේ
ඉස්සරහට අරගෙන යන්න පුරුදු වෙන්න ඕනේ. පටන් ගන්නකොටම හයියෙන් යන්න බෑනේ. ඒ
නිසා බොහොම හෙමින් ටික ටික තමයි ඉස්සරහට යන්න ඉගෙන ගන්න ඕනේ.
මෙහෙම ඉස්සරහට යද්දි මූණ දෙන්න වෙන පළවෙනිම ප්‍රශ්ණේ තමයි පාරේ තත්වය. වාහනේ පැදගෙන යන්න හම්බවෙන පාර හොඳට කාපට් කරපු එකක් වගේම, ගල් බොරලු තියෙන අබලන් වෙච්චි පාරක් වෙන්නත් පුළුවන්. ඉතින් පාරේ තත්වය කොහොම වුනත් ඉදිරියටම යන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා හිත ටිකක් ශක්තිමත් කරගෙන ගමන යන්නයි තියෙන්නේ.
කෙළින් පාරවල් ලෝකේ කොහේවත් නෑනේ. ඒ වගේ මේ වාහනේ පැදගෙන යන පාරවලුත් කෙලින් පාරවල් නෙවෙයි. ඒ නිසා වමට හරවන්න, දකුණට හරවන්න, රිවස් කරන්න, U ටර්න් ගහන්නත් ඉගෙන ගන්න වෙනවා.
ඒ වගේම පාරේ යද්දී එක එක මං සලකුනුත් දකින්න ලැබෙනවා. ඒවාට අවනත වෙමින් නොගියොත් ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. ඒ නිසා මං සලකුනු හඳුනගෙන ඒවා අනුගමනය කරන්නත් ඉගෙන ගන්න වෙනවා.

ඔහොම ඉස්සරහට යනකොට තව ඔයාලට කඳු , පල්ලම්
හම්බවේවි. එතකොට ඉතින් හපොයි බෑ කියලා නැවතිලා ඉන්නේ නැතුව, ටිකක් කල්පනාවෙන් වැඩි බලයක් යොදලා ඒ කඳු තරණය
කරන්නත්, පල්ලම් වලදි බොහොම පරිස්සමින් වටපිටාව ගැන අවබෝධයෙන් පහළට එන්නත් පුරුදු වෙන්න ඕනේ.
වේගෙන යන්න පුළුවන් තැන් වලදී වේගෙන් යන්නත් හෙමින් යන්න ඕනේ තැන් වලදි හෙමින් යන්නත් ටිකක් නැවතිලා ඉන්න ඕනේ තැන් වලදි ටිකක් නැවතිලා ඉන්නත් ඔන්න අමතක කරන්න නම් එපා.
ඒ වගේම පාරේ යන අනික් වාහන ගැනත් ටිකක් හිතන්න පුරුදු වෙන්න ඕනේ. සමහර විට ඒ වාහන නිසා අපේ ගමනට බාදා එන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ වාහනේ නිසා අනිත් අයගේ ගමනට බාදා එන්නත් පුළුවන්. මේ නිසා වැදගත් වෙන්නේ තමන් ගැනත් අනුන් ගැනත් හිතලා කාටවත් කරදරයක් නැති විදිහට තමන්ගේ වාහනේ පැදගෙන යන එක.
ඔය කිව්වේ පොදුවේ අපි හැම කෙනෙක්ටම මුහුණ දෙන්න වෙන කාරණා ටිකක් විතරයි. ඒත් ඉතින් අපි එක එක්කෙනා එක එක විදිහේ වාහන වල එක එක විදිහේ පාරවල් වල යන නිසා ගමන ගැන තීන්දු තීරණ බොහෝමයක්ම ගන්න වෙන්නේ තමන්ටම තමයි.

එහෙනම් යමු නේද ...
ඔව්... ඔව්... ඔයා හිතුවා හරියටම හරි .
අපේ මේ ජීවිතෙත් මම කිව්ව අර වාහනේ වගේම තමයි.
වාහනේ අරගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ....
ජයග්‍රහණ, පැසසුම් වගේ හොඳ කාපට් පාරවල වල වගේම බාදක කම්කටොළු, පරාජයන් කියන බොරලු පාරවල් වලත් නවතින්නේ නැතුව ඉස්සරහටම...
ජීවිතෙත් කෙලින් පාරක් නෙවෙයි නිසා වමට, දකුණට, වගේම අපස්සටත් හැරෙන්න වෙයි නොනැවතී යන්න නම්. ටිකක් කල්පනා කරලා, යන්න ඕනේ කොයි පැත්තටද කියලා තීරණය ගන්න වෙන්නේ ඉතින් අපිටම තමයි.
ඒ සමහර පාරවල් වලදි නම්, පාර හරි නෑ, හරි වැරදියි හරි හිතුනොත් අපිට හැරිලා එන්න පුළුවන් වුනත් හැම පාරකදි නම් අපිට හැරිලා එන්න බැරි බව විතරක් අපි අනිවාර්යයෙන්ම මතක තියා ගන්න ඕනේ.
පාරේ යද්දී අපිට මං සලකුණු හම්බ වෙනවා වගේ ජීවිත ගමන යද්දිත් අපිට මගදි හම්බවෙන අයගෙන නොයෙක් විදිහේ උපදෙස්, ඉස්සරහ ගැන අනාවැකි, අනතුරු හැඟවීම් වගේ දේවල් ලැබෙනවා. ඉතින් අපි ඒ ගැන චුට්ටක් වත් හිතන්නේ නැතුව ඉස්සරහට යනවා කියන්නේ හරියට අපි අනතුරකට අත වනනවා වගේ වැඩක් නිසා අඩුම තරමේ සූදානම් ශරිරෙන් වත් යන්න වගබලා ගන්න ඕනේ.

කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්න පුළුවන් නිසා අමාරුයි අමාරුයි කිය කිය කන්ද පාමුලට වෙලා ඉන්නවට වඩා උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන් කඳු නගින්නත් කොහොමහරි හිතට ගන්න ඕනේ.
හැබැයි ඉතින් අනිත් අය යන විදිහ කොපි කරලා ඒ විදිහටම යන්න ගියොත් නම් වැඩේ හරියන්නේ නෑ. මොකද අපි එක එක්කෙනාගේ වාහන , වාහනය යන පාරවල් වෙනස් නිසා තමන්ගේ ජීවිතේ ගැන, තමන්ගේ ගමන් මග ගැන, තීන්දු තීරණ අරගෙන සාර්ථක ගමනක් යන්න වෙන්නේ තමන්ටම තමයි.
ඒ නිසා මේ දේවල් ටික හිතට අරගෙන කට්ටියම තම තමන්ගේ වාහන වලට නැගලා ඉස්සරහට යන්න උත්සාහ කරමු නේද ?
හරි යං එහෙනං.. තරගෙට හැක් හැක්
ReplyDeleteහරි යමු.... ඔන්න තරගෙට ගියාට අනිත් වාහන හප්පගෙන යන්න ඔට්ටු නෑ හරිද ..
Deleteඔටෝ ගියර් වාහන එලෝන අයත් ඉන්නවා. හයිබ්‍රිඩ් එලෝන අයත් ඉන්නවා. වාහනෙන් වාහනේ අලුත් වෙවී පැදවීම පහසුවෙවී යද්දී වියදම වැඩි වෙනවා.
ReplyDeleteමේවා ගැන මොනවද යුෂ්මතියට කියන්න තියෙන්නෙ?
හේතු පහදන්න අවසර ස්වාමීනී !
Deleteම්.. ඔටෝ, මැනුවල් හරියට දුප්පත් පොහොසත් වගේ, වාහනේ පැදගෙන යන්න තියෙන පහසුව කොහොම වුනත් යන්න වෙන්නේ අර කියපු පාරවල් වලම වමට දකුණට හරවලා, කඳු පල්ලම් මාර්ග සංඥා වලට අනුකූලවමනේ.
හයිබ්‍රිඩ් එලෝන අයත් ටිකක් පිං කරපු කට්ටිය. ඒ වියදම සහ පහසුව අතින්.එතකොට වාහනෙන් වාහනේ අලුත් වෙවී පැදවීම හරියට මේ වගේ ; අපි සමහර වෙලාවට ඉන්න තැන මාරු කරනවා, නැත්තම් අලුත් රස්සාවකට යනවා, එහෙමත් නැත්තම් විවාහය වගේ ජීවිතේ ටිකක් වෙනස් වෙන දෙයක් කරනවා කියලා හිතන්න්කෝ. එතකොට වෙන්නේ වාහනේ මාරු වීමක් වගේ දෙයක්. මාරු කරන වාහනේ සුපිරි වානහයක් වෙයිද අබලන් වාහනයක් වෙයිද කියන එක තමයි ප්‍රශ්ණේ. කොහොමවුනත් වියදම වැඩි වෙනවා. :)
ජීවිත ගමන....... කාර් ඒකකින් කෙසේ වෙතත් ෆුට් සයිකලෙන් යන මිනිහාටත් යන්න තියෙන ඒකම ගමන..... දුක, වේදනාව, හිමිවීම් අහිමිවීම් වගේ දේවල් වලින් අඩුවක් නැති අපේ ජීවිත ගමන
ReplyDeleteඔව්... වැදගත් වෙන්නේ යන වාහනේ නෙවෙයි.. බෑ කියලා නවතින්නේ නැතුව හැමදේම උපේක්ෂාවෙන් විඳගෙන ඉස්සරහටම යන එකයි.
Deleteලැයිසොන් එපා කිව්වට උපදිනකොටම එකක් දෙනව නේද? කොහෙ යන්න ගියත් ඒක බලනවනේ.. ඒ සැහැල්ලු වාහන පැදපු කාලේ නම් මල් හතයි.. දැන් ඒකට.. බර වාහන ලයිසනුත් ඇරගෙන තව ඇටෑච්මන්ට් දෙක තුනකුත් එල්ලගෙන හරිම අමාරුවෙන් තමයි අෆ්ෆා අදින්නේ. තෙල් වියදමත් සැරයි.. ඒ මදිවට ටික ටික ලෙඩ දෙනවා ඇංජිමත්.. ඒත් ඉතින් අදින්නම එපැයි.. ජය ශ්‍රී!
ReplyDeleteඇයි බං ලර්නර්ස් එකේ ඉගෙනගත්ත කාලෙ ඒ ටිකත් ලියපං
Delete@ කලණ - ඔව් ඔව්.. අමුතුවෙන් ලයිසන් ගන්න ඕනේ නෑ උපදිනකොටම ගේන ලයිසන් එක ඇති කියලා කිව්වේ.
Deleteහෆොයො හෆොයි.. ඔහොම හිතලා හරියන්නේ නෑ.. අන්න අරෙහේ දේශ් රේස් යන්නත් කතා කරනවා. ලඟම තියෙන ගරාජ් එකකට ගිහින් බ්‍රේන් වොෂ් එකක් එහෙම කරගෙන ලෑස්තිවෙන්නකෝ.. ජය ශ්‍රී!
@ හැලප - ඔය කියන්නේ කලණ බර වාහන ගන්න ලර්නර්ස් එකෙන් ඉගෙන ගත්ත හැටි වෙන්න ඇති නේද හි..හි...
Deleteජිවිත රෝදේ තමයි අපේ වාහනේ.. ඒ රෝදේ ගෙනියන්න තව රෝදත් එපැයි.. බලන් ගියාම ඔක්කොම රෝද එක වගේ... එකිනෙකට සමානයි...
ReplyDeleteතුෂානි කියල තියෙන්නේ අපුරුවට...
ස්තූතියි...
Deleteමේ.. කොබෝ අයියේ, මට හිතෙන්නේ රෝද ඔක්කොම සමාන නෑ කියලා. කෙනාගෙන් කෙනාට වෙනස්නේ. එහෙම නේද ?
රෝදය හොයාගත්තෙ කවුද මල්කොබෝ....
Delete@තුෂානි , රෝද නම් එක වගේ වෙන්නේ කැරකෙනවා කැරකෙනවා කැරකෙනවා.. එකී ජිවිතේ රෝදේ වගේ කිව්වේ
Delete@ සිරෝ . මමනම් නෙමෙයි..
එහෙනං ඉස්ටෑට් කරගෙන යමුකො බලන්න.හැබැයි හප්පන්න ඔට්ටු නෑ හරිද.
ReplyDeleteහි..හි.. හාකෝ හාකෝ..
Deleteවාහනේ මොකක් වුනත් හැමෝම යන ගමන එක වගේනේ.. අනතුරක් නොවී යන එක තමයි වැදගත්..
ReplyDeleteඔව් දිනේෂ්... තමන් අනතුරක් කරගන්නෙත් නැතුව, අනුන්ට අනතුරක් කරන්නෙත් නැතුව ඉස්සරහට යන ඒකයි වැදගත්.
Deleteහ්ම්,ජිවිත වාහනේ එහෙනම් ඔහොමයි පදවන්න ඕනේ.
ReplyDelete:) ම්.. ඔය පොදු උපදෙස් ටිකක්. එක එක්කෙනාගේ වාහනේ, එතකොට යන පාරවල් වෙනස් නිසා ඒ වාහනේ පදවන්න ඕනේ විදිහ ටිකක් වෙනස් වෙනවා.
Deleteමේ දවස් වල මගේ නම් රිවර්ස් ගියර් එක විතරද කොහෙද වැඩ කරන්නෙ ;)
ReplyDeleteහපොයි හපොයි ... ඉක්මනටම වාහනේ නවත්තලා ෆස්ට් එකට දාලා ගමන පටන් ගන්න එතකොට හරි...
Delete( එහේ මකුළු දැල් කඩලා හෙම්බිරිස්සාව හැදිලා ඉන්නේ... ඔන්න ඉක්මනටම මොනාහරි ලිව්වේ නැත්තම් තරහම තරහයි හරිද ... )
ස්වාධීන අදහසක් ද? හරි ම නිර්මාණාත්මක යි.
ReplyDeleteස්තූතියි....
Deleteදවසක් තුශානිට යාලුවෙකුගෙන් lift එකක් හම්බවුනා. ඉතින් වාහනේ යන ගමන් යාළුවා තමයි කිව්වේ ජීවිතේත් හරියට මේ වාහනේ වගේ නේද කියලා. ඒ නිසා මේ අදහසේ අයිතිය නම් යාළුවගේ. මම කලේ ඒ අදහසට පුංචි පුංචි දේවල් ටිකක් එකතු කරපු එක විතරයි.
මගෙ වාහනේ නම් මේ දවස්වල ලෙඩ දෙනව අනේ.. කමක් නෑ යමුකො යමුකො..
ReplyDelete:) ගනන් ගන්න එපා අනේ.. වාහන වල හැටි ඔහොම තමයි.. යමු යමු...
Deleteඅපි පාරේ යන වාහන වල නෙමේ ගමන් උඩින් ,,, හුළග වැස්ස එක්ක තමයි අපේ ගණු දෙනු ,,, ලස්සනයි තුෂ්
ReplyDeleteඑහෙමද ... තැන්කූ තැන්කූ ...
Deleteඅදමයි නේද මේ පැත්තට ගොඩවුනේ... ඔන්න ඔයාව සාදරයෙන් පිලිගත්තා කැකුළු ගොමුවට.
මමත් මේ දවස් වලඩෙකර් බස් එකක් පදින්න පුරුදු වෙන ගමන්
ReplyDeleteහි..හි.. හොඳයි හොඳයි..
Deleteමම ඉස්සෙලම හිතුවේ වාහනයක් ගැන තමයි කියන්න යන්නේ කියලා , තුශානිගේත් මාර ඉට්ටයිල් තියෙන්නේ
ReplyDeleteඅමුතු අමුතු ඒවා හිතෙන ලෙඩේ මට තාම තියෙනව අනේ. ඒකයි අමුතු විදියට ලියන්නේ :D
Deleteපාරවල් කිව්වහම මතක් උනේ. මට යකාගේ පඩිපෙල හරහා කළුපහනේ ඉදලා ඔහියට පයින් ගිහින් එන්න ආසාවක් ආවා. ඒක තාම ඉශ්ට කරගන්න උනේ නෑ නෙව.
ReplyDeleteකාලෙකින් ගියේ නෑ නේද කොහේවත් ?
Deleteහොඳයි හොඳයි... ගිහින් අපිටත් විස්තර කියන්නකෝ...
මධුරංග, යනවනම් මටත් කියපන් මගෙත් කැමැත්තක් තිබුනා ඔය ගැන...
Deleteසමහර තැන් වල කන්ද නැග්ග ගමන් පල්ලම නෑ....එහෙම වෙලාවට ඉවසීම තියෙන්නත් ඕනෙ...
ReplyDeleteඔව්.. කන්දක් නැග්ග නිසා අනිවාර්යයෙන්ම පල්ලමක් තියෙයි කියන බලාපොරොත්තුව හිතේ තියාගෙන ඉසරහට ගියහම හරි.
Deleteහොදම වැඩේ බයිසිකලයක යන එක තමා...ලෙඩ අඩුයි!!
ReplyDeleteදුප්පත් කමට නේ?
:) මුලින්ම ඔයාව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට....
Deleteකිව්වත් වගේ වාහනේ සරළ වෙන තරමට ලෙඩ නම් අඩුයි තමයි.
හා හා පාගල යාමුකෝ හැටේ..
ReplyDeleteහෝව් හෝව් .... චුට්ටක් ඉන්න මේ මල් මාලේ දාලා ඔයාව පිලිගන්නකන්...
Deleteඅහ්.. දැන් හරි. යමු යමු ....
ජිවන ගමනේ අපි තාමත් වැටිවැටි ඇවිදින නිසා, වැටෙන එකයි ඇවිදින එකයි දෙකේම ලොකු අවුලක් නැහැ. දැන් හුරුවෙලා තියෙන්නේ.. හෙක් හෙක්..
ReplyDeleteඒ කෙසේ වෙතත් අපේ පොඩි එකා බයිසිකලෙයි, පොඩි පහේ වාහනයි පදින්න ගිහින් වැටෙන්න හදන එකෙන් බේර ගන්න එක තමයි අපිට තියෙන ලොකුම අවුල...
වයසේ හැටියට නෙමෙයි දැන් එව්වන්ගේ වැඩ...
ලොකු පුතාවත් සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට. කිව්වත් වගේ වැටි වැටි හරි ඉස්සරහට යන එක තමයි කරන්න තියෙන්නේ.
Deleteඔව්.. ඔව්.. අද කාලේ පුංචි පැටව් අපි පුංචි කාලේ වගේ නෙවෙයි.