Tuesday, March 29, 2016

101. නෙළුම් යායේ මෝදු වුන නෙළුම් පොහොට්ටුව ...



පහුගිය මාර්තු 26 වෙනි ශනිදාව තුශානිගේ ජීවිතේ මතකයේ රැඳුණු ලස්සන දවසක්. බ්ලොග් ලිපි කියවන්න තිබුණු ආසාවට බ්ලොග් එක පටන් ගත්තත් මේ වගේ සුන්දර අත්දැකීමක් අත්විඳින්න විඳින්න්න ලැබෙයි කියලා නම් තුශානි කවදාවත් හිතලා තිබුනේ නෑ...

මීට අවුරුදු දෙකහමාරකට කලින් අහම්බෙන් තුශානිට බොහොම අපූරු බ්ලොග් එකක් කියවන්න අවස්ථාව ලැබුනා. ඉතින් ඊට පස්සේ තුශානි රැයක් දවාලක් නැතුව  බ්ලොග් වලට ඇබ්බැහි වෙලා වගේ එක දිගට බ්ලොග් කියෙව්ව හැටි හරිම අපූරු මතකයක්. 

පස්සේ තුශානිට ඕනේ වුනා ඒවාට කමෙන්ට් කරන්න. කොහොමහරි කමෙන්ට් කරන්න ප්‍රොෆයිල් එකක් හදාගැනීමේ අන්තිම ප්‍රතිපලේ වුනේ ඉතින් බ්ලොග් ලියන්න පටන් ගත්තු එක.   

බ්ලොග් ලෝකේ ආසාවෙන් කියවපු, කිසි දවසක සියැසින් දැකලා නොතිබුනු,  බ්ලොග් වල හිමිකරුවන්, හිමිකාරිනියන් දැන හඳුනගන්න, එයාලත් එක්ක කතා බහ කරන්න තුශානිගෙ හිතේ ලොකු හීනයක් තිබුනා.

බ්ලොග් සම්බන්ද කිසිම දේකට එන්න කලින් අවස්ථාවක් නොලැබුන නිසා තුශානි හැබැහින් දැකලා අඳුරගෙන හිටියේ බ්ලොග් කරුවන් කීප දෙනෙක් විතරයි. ඒ නිසා ටිකක් චකිතයකින් තමයි එතනට ආවේ. ඒත් ආවට පස්සේ නම් හරිම හුරු පුරුදු, කාලේක ඉඳන් දන්න කට්ටිය ඉන්න තැනකට ආවා වගේ තමයි දැනුනේ. ඒ තරමටම හැම කෙනෙක්ම හරිම සුහදශීලි , හූරු පුරුදු අය වුනා.

බොහොම ආදරණීය පිලිගැනීමක් එතන තිබුණා. ඒ වගේම කළණයි, ඉවානුයි එතන හිටිය අනිත් අය හඳුනවලා දීපු නිසා ඉක්මනින්ම කට්ට්ය අඳුර ගන්නත් ලොකු පහසුවක් වුනා. 

ශාලාව ඇතුලට යනකොට මුලින්ම තුශානිගේ ඇහැ ගියේ නෙළුම් යායක් වගේ සරසලා තිබුණු වේදිකාවට.  කඩිසර කූඹි ටිකක් වගේ එහෙට මෙහෙට දුව දුව වැඩේ සාර්ථක කරගන්න කට්ටිය ලොකු කැපවීමක් කරලා තිබුන බවත් ප්‍රේක්ෂකාගාරේ හිටිය අපිට පේන්න තිබුනා. 

ගීත , අදහස් විමසුම් , නාට්‍ය එක්ක නොදැනීම සොඳුරු හෝරා කීපයක් ගෙවිලා ගියා වගේම සහෝදර බ්ලොග් කරුවන්, බ්ලොග් කාරියන් සම්මා ලබනකොට ඒ ජයග්‍රාහී හිනා මුණු එලිය කරන්න දෑත් එකට එක් කරනන් අවස්ථාව ලැබුනු එකත් ලොකු සතුටක්. 

 " දමනය " පෝස්ට් එක වෙනුවෙන් බස්සී , ඉවාන්, අශාන් සමග තුශානිටත් ලැබුනු අගයකිරීම ගැනත් දැනෙන්නෙ කියාගන්න බැරි නිහතමානී සතුටක්. බ්ලොග් ලෝවේ සොඳුරු සිතැත්තන් සිතැත්තියන්ගේ අත්පොසසන් හඬින් වේදීකාවට ගොඩ වීමම තුශානිට වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්. විසාල නෙළුම් ‍යායක පුංචි නෙළුම් පොහොට්ටුවක් වෙන්න ලැබීම හරියට හීනයක් වගේ. 

තුශානි පසු පස හිඳිමින් තුශානිව ධෛර්යමත් කල හැම කෙනෙක්මත් , පුංචි කැකුළු මල් ගොමුවට ගොඩ වැදිලා අදහස් දීලා, අගය කරලා , අඩුපාඩු පෙන්නපු හැම කෙනෙක්මත් තුශානිගේ ඒ ජයග්‍රාහනයේ කොටස් කරුවෝ කියලයි තුශානි විශ්වාස කරන්නේ. බොහොම ස්තූතියි හැමෝටම.

ඉතින් හැම දෙනා එක්කම නොවුනත් පුළුවන් වුන විදිහට ගොඩ දෙනෙක් එක්ක කතා කරන්න ලැබීමත් , ඒ අයට සුබ පතන්න ලැබීමත් එදා තුශානි අත්විඳපු ලොකු භාග්‍යක් විදිහටයි තුශානි සලකන්නේ.

හුඟක් කැපවෙලා නෙළුම් යාය බ්ලොග් සම්මාන උලෙල සංවිධානය කරපු හැමෝටමත්, සම්මා ලබපු , හමුවෙලා කතා කරපු , කතා කරන්න බැරි වුනු හැමෝටමත් ආයෙත් සුබ පතන්න මේක අවස්ථාවක් කරගන්නවා. 

වර්මානයේ බ්ලොග් ලියන අපේ කට්ට්යට වගේම , කලින් බ්ලොග් ලියලා පොඩ්ඩක් මහන්සි ඇරපු කට්ටියටත් මේ සම්මාන උලෙල හොඳ උද්දීපනයක් ඇති කරලා තියෙනවා කියලාත් මට හිතෙනවා ආපහු ලියන්න පටන් ගන්න. ඒ නිසා ඉක්මනින්ම පරණ අයගේ අලුත් පොස්ට් කීපයකුත් දකින්න ලැබෙයි කියල අපි බලාපොරොත්තුවෙන් ඉමු නේද ..:)

සාර්ථක නිමාවක් වගේම තවත් ඉදිරියට මේ වගේ කටයුත් සංවිධානය කරන්න අවශ්‍ය ශක්තිය,  ධෛර්යය ලැබෙන්න කියලත් තුශානි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. 



එහෙමනම් ආයේමත් මෙවන් සොඳුරු තැනකදී හමුවෙමු.. 


 



67 comments:

  1. Replies
    1. තැන්කූ තැන්කූ මෙන්ඩා...

      Delete
  2. තුශානිට සහ බ්ලොගයට සුභ පැතුම්....

    ඔබව හමුවී කතා කිරීමට ලැබීම ගැන සතුටුයි... තව ටිකක් වෙලා හිටියානං තව ටිකක් සෙට් වෙලාම විස්තර කතා කරගන්න තිබුණා.... ඊළග වතාවේ එහෙම කරමු... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුරේ කට්ටියම අඳුන ගන්න පුළුවන් වුන එකටත් කට්ටියටම සුබ පතන්න පුළුවන් වුන එකටත් මටත් හරිම සතුටුයි.

      ඉවර වෙන්කන් ඉන්න බැරි වුන එක ගැන නම් දුකයි ආයේ හමුවෙමුකෝ.. ජයවේවා...

      Delete
  3. Replies
    1. තැන්කූ තැන්කූ දේශ්.. මම හිතුවා ඔයත් එයි කියලා.

      Delete
  4. හමුවන්නට ලැබීම සතුටක් තුෂා...

    ReplyDelete
    Replies
    1. ඔව්... හරියට කාලේක ඉඳන් දන්න කෙනෙක් හම්බවුනා වගේ දැනුනේ. හරිම සතුටුයි...

      Delete
  5. සැක් ඉතරක්... කතා කරන්න බැරි උනානෙ. අවුරුදු උත්සවේදි වත් සෙට්වෙමු තුශානි. සුභපැතුම්.

    (ඉවානෙයද කොහෙද කිව්ව ඔය හතර දෙනා ආතර් සී ක්ලාක් ගෙ දරුවො කියල. හැබෑට මං අහන්නෙ, ප්‍රසිද්ධ ස්ථාන වල කියන්ඩ වටින කතා ද ඔව්ව ඈ...?)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ... ඔන්න මම නම් ඔයා සම්මාන ගන්නකොට අප්පුඩි ගැහුවා හරිද කතා නොකලට.. හම්බවෙමුකෝ අයෙම දවසක...

      ( ඒකනේ... එහෙමත් කියනවද මම අහන්නේ... බැරි වෙලාවත් ටීවී එකේ එහෙම දැම්ම නම් කට්ටිය පෝලිමේ එයි අපිව හොයාගෙන.. :P )

      Delete
    2. //ඉවානෙයද කොහෙද කිව්ව ඔය හතර දෙනා ආතර් සී ක්ලාක් ගෙ දරුවො කියල. හැබෑට මං අහන්නෙ, ප්‍රසිද්ධ ස්ථාන වල කියන්ඩ වටින කතා ද ඔව්ව ඈ...?//

      හම්මේ ඉතින් නේ.. :D

      Delete
  6. තුශානි කියපුවාම තාම මැවෙන්නෙ ලස්සන දිලිසෙන ඇස් තියෙන කෙලිත්තියක් කියහල්ලකො
    මං නං හිතුවෙම මුංදැගෙ බරට ඉස්ටේජ් එක කඩං වැටෙයි කියල
    හැක් හැක්...

    යන්න කලිං අන්තිම තත්පරේ හරි වේව් එකක් දාන්න පුලුවං වුණ එක ගැන සතුටුයි හමුවෙමු ආයෙම දවසක...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ආනේ... ඔයා එහෙමද මාව හොයා ගත්තේ... මම ඒත් බැලුවා කොහොමද මාව හරියටම අඳුරගත්තේ කියලා තැන්කූ ඈ.. :P

      අශානුත් හිටිය නිසා ඉස්ටේජ් එක බැලන්ස් වුනා මගේ හිතේ.. හි.. හි...

      ඔයත් එක්කනම් කතා කරලා යන්නමයි හිතාගෙන ආවේ.. ආයේ දවසක හම්බවෙමුකෝ...

      Delete
    2. //අශානුත් හිටිය නිසා ඉස්ටේජ් එක බැලන්ස් වුනා මගේ හිතේ..//

      ඕකනෙ බැරි... :D

      Delete
  7. මම හිතන් හිටියෙ තුෂානි කියන්නෙ පොඩි ගැල්ලමෙක් කියල හැබැයි එදා දැක්කෙ ලොකු සුදු ලස්සන අක්කෙක් (අක්කෙක් වෙන්න ඕන මම හිතන්නෙ ;) ...) හිනා උනාට කතා කරන්න හම්බුනේ නැහැනෙ.ආයේත් දවසක හමුඋනාම කතා කරන්නම් :) ලැබුන සම්මාන වලට මගෙන් සුබපැතුම් :)

    ReplyDelete
    Replies
    1. // ලොකු සුදු ලස්සන අක්කෙක්.. // හපොයි... ම්.. ලොකු අක්කෙක් නම් තමයිලු හැබැයි ඉතින් ඉතුරු වචන දෙක :P හි..හි...

      ඒකනේ .. අයෙමත් දවසක හම්බුනොත් අනිවාර්යයෙන්ම කතා කරමු හොදේ..

      බොහොම ස්තූතියි නංගියෝ...

      Delete
  8. Replies
    1. බොහොම ස්තූතියි උපේක්ෂා.. දකින්න ආසාවෙන් හිටියේ ඔයාව..

      Delete
  9. සුබ පැතුම් තුෂානි...
    කතා කරන්න බැරි වීම ගැන කණගාටුයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඒකනේ.. අයේ දවසක හම්බවෙමුකෝ..

      Delete
  10. සුබ පැතුම්. ලබන නෙලුම් යායේ හොඳම බ්ලොගර් වෙන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කසුන්.. :O හප්පේ මෙයත් කරන ප්‍රාර්ථනා...

      Delete
  11. වචනයක් දෙකක් කතාකරන්න නම් බැරිවුනා දරුවෝ. ඒ ගැන දුකයි. ආයෙත් මේ වගේ උත්සවයකදී හමුවෙමු.ඔබට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මම තරහයි විචාරක අන්කල් එක්ක..

      මම ඔයාගේ ලඟට ඇවිත් කතා කරලත් මාව මතක නෑනේද... : (

      Delete
    2. මාත් හිටියා නේද එතැන?

      Delete
    3. ඔව්..ඔව්.. ඒ ලඟ පාත හිටියා..

      Delete
  12. තුශානිගේ සම්මානයටත් හද පිරි සුබ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්... මනෝජ්ලා ගොඩක් නිසා ටැපලිලා හිටියේ හි.. හි..

      ආයෙ දවසක අනිවාර්යයෙන්ම හම්බවෙලා කතා කරමු හොදේ..

      Delete
  13. ආ මේ ඉන්නෙ. සම්මානෙ ගත්ත විනාඩියක වගේ වෙලාව ඇතුලත දැකල හිනා වුණා විතරයි, ඊටපස්සේ කොහෙන් ගියාද කියල හොයන්න නෑ. :D ඇයි අක්කෙ අඩුම තරමේ ලැබුණ තෑගී ටිකවත් අරගෙන යන්න එපැයි. පැරාගේ පොත් ටිකයි, ඉයන්ගේ CD's ටිකයි මම අන්තිමට බස්සි අක්කට දීල ආවා. කොහොම වුණත් උණුසුම් සුභ පැතුම් සම්මානයට. ආපහු වෙලාවක හමු වෙමු.

    ඇත්තටම මමත් හිතන් හිටියේ තුශානි කියන්නෙ වැඩිම වුනොත් මට වඩා වැඩිම වුණොත් අවුරුද්දක් දෙකක් වැඩිමල් අක්ක කෙනෙක්, නැත්තන් මට වඩා බාල කෙනෙක් කියල. බලද්දී සෑහෙන වැඩිමල්.

    ReplyDelete
    Replies
    1. අපරාදේ පොත් ටික නේද... කියලාවත් එන්න ඔයාව හොයා ගන්න බැරි වුනා. මන් ලඟ තිබුනු ඔයාගෙයි බස්සිගෙයි තෑගි ටික ඉවාන්ට දීලා ආවේ...

      උණුසුම් සුභ පැතුම් ඔයාටත්. ආපහු වෙලාවක හම්බවෙමුකෝ...

      // බලද්දී සෑහෙන වැඩිමල්. // හපොයි... ඔය කියන තරම් වයසක් නෑ අනේ මට.. බර්ත් සර්ටිෆිකට් එකක් එවන්නම්කෝ වෙලාවක හි.. හි..

      Delete
    2. ඉවාන් තමයි අනිත් එක්කෙනා. උත්සවේ ඉවර වුනාට පස්සේ ඉවාන් අයියව ඇහැටවත් දැක්කෙ නෑ. මං ටික වෙලාවක් බලන් ඉඳල පොත් ටික බස්සි අක්කට දීල ආවා. හම්බ වුණ වෙලාවක බස්සිගෙන් ඉල්ලගන්නකො. තෑගි ටික නම් පස්සේ වෙලාවක ගන්න බැරියැ.

      බොහොම ස්තූතියි, අනිවාර්යයෙන්ම.

      හහා මට වඩා අවරුදු 3-4ක්වත් වැඩිමල් කොහොමහරි. :D

      Delete
    3. අක්කෙ මෙන්න මේකට ඊමේල් එකක් දාන්න පොඩ්ඩක්,
      ashanravindu@yahoo.com

      Delete
    4. අහ් හරි.. ඔන්න ඊමේල් එකක් එවලා ඇති බලන්නකෝ...

      Delete
  14. සුබ පැතුම් තුශානි!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපතුමා.. තුශානිව දකින්න ඇති නේද ?

      Delete
  15. එදා දොර ලඟදි මටයි සිත්තරාටයි මුලින්ම හම්බවුනේ ඔයාවනේ. සතුටුයි අඳුරගන්න ලැබුණ එකට. ඒ වගේම සම්මානයටත් සුබ පැතුම්! :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... මටත් සතුටුයි අඳුර ගන්න ලැබුනට...

      සම්මානෙට ඔයාටත් සුබ පැතුම් ! පස්සේ හම්බුනේ නෑනේ සුබ පතන්න :)

      Delete
  16. සුබ පැතුම් තුශානි...

    යන්න ලෑස්ති වෙලා කේක් කෑලි හතරක් කෑවයි කියල කට්ටිය ඔයාව හොය හොය හිටියා තව සම්මානයක් දෙන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කඳුළු..

      හප්පේ කට්ටිය ඒකත් දැකලාද.. මම හිතුවෙ කවුරුත් දැක්කේ නෑ කියලා හි.. හි..

      Delete
    2. ඔන්න...වෙන නම් මුකුත් දැක්කෙ නෑ හොඳේ....මේ ඇත්තමයි .....

      Delete
    3. හි.. හි.. හාකෝ හාකෝ..

      Delete
  17. සුභ පැතුම් තුෂානි.

    පස්සේනේ දන්නේ මට ඉස්සරහා පුටුවේ ඉදලා තියෙන්නේ තුෂානිනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ..

      අපරාදේ.. දන්නවා නම් කතා කරන්න තිබුනා... අපහු වෙලාවක හම්බවෙමුකෝ..

      Delete
  18. හදවතින්ම සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලලිත්..

      Delete
  19. ලද සම්මානය වෙනුවෙන් හෘදයාංගම සුභපැතුම් ...!

    තව තවත් ලස්සන නිර්මාණ බිහිකරන්න , ජයග්‍රහණ ලබන්න හැකිවේවා ..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳරු...

      ලියන ඒවා කියවන්න දිගටම මේ පැත්තට එන්න...

      Delete
    2. මේ පළමු දවස නෙමෙයි, ඒත්, මං හිතන්නේ කමෙන්ට් කරන්නෙ නම් නැතුව ඇති නේ ... ආයි ආවාම කමෙන්ට් එකක් දාලා යන්නම්කෝ ...

      Delete
    3. හා.. කියෙව්වා කියලා හරි දාලා යන්න.. එහෙම දැක්කහම දැනෙන සතුට විස්තර කරගන්න බෑ... :)

      Delete
  20. බ්ලොග් ස්ෆියරයේ ලබාගත් මේ සාර්තකත්වයට සහ ඇගයීමට මාගේ උණුසුම් සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී...

      ලියපු දේවල් කියවන්න මේ පැත්තට ආපු ඔයාලා තමයි තුශානිට ලොකු ශක්තියක් වුනේ...

      Delete
  21. Replies
    1. අහ්.. විදානේව දැක්කට කතා කරලා සුබ පතන්න බැරි වුනානේ..

      ආපහු හම්බුනොත් අනිවාර්යයෙන්ම කාතා කරමු..

      Delete
  22. Replies
    1. :O සුබ පැතුම් දෙකක් නේද.. ජය වේවා !

      Delete
  23. මම නම් එතන නොහිටියත්, උදේ ඉඳන්ම කු‍ටුහලයෙන් හිටියේ වෙන දේ දැනගන්න. ඒ වගේ සුහද හමුවකට යන්න ලැබෙන එකත් ලොකු වාසනාවක් තමා. සුභ පැතුම් තුශානිටත්, පුංචි කැකුළු මල් බ්ලොගයටත්.

    ReplyDelete
    Replies
    1. හි..හි.. දන්නවද... ඩුඩ් කියලා වෙන එක්කෙනෙක්ට රැවටිලා හිටියේ.. තව පොඩ්ඩෙන් ගිහින් අහනවා ඩුඩ්ද කියලා...

      ඒ වගේ සුහද හමුවකට යන්න ලැබෙන එකත් ලොකු වාසනාවක් තමා. මතක් වෙනකොටත් ආසයි.

      සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි..

      Delete
  24. මට එදා වැඩිපුරම උනේ මේ අහවලා මේ අහවලා කියල එක එකාට අඳුන්නල දෙන්න.. හික්.

    තුෂානි ට කසුන් (අහසෙන් එන්න) ඇවිත් හිටියා හමු උනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ නම් බොරු... වැඩිපුරම වෙලා ගියේ අර සම්මාන ටික හදන්න.. ඕනේ නම් කාගෙන් හරි තව අහලා බලන්න... ;) අපි හොඳට බලාගෙන හිටියේ පැයකට වැඩිය ගියා.. හි.. හි...

      කසුන්ගෙන් තමයි එන්න පාර අහගත්තෙත්.. ආවට පස්සේ හොයා ගන්න බැරි වුනානේ වචනයක් හරි කතා කරලා යන්න..

      Delete
    2. /* කසුන්ගෙන් තමයි එන්න පාර අහගත්තෙත් */

      ජීවිත අපි හිතනවාට වැඩිය කොච්චර වෙනස් ද කියලා හිතෙනවා නේද ඒ වාක්‍යය දැක්කාම?

      Delete
    3. ඒ වෙනකොට කසුන්ගේ විතරයි ටෙලිෆෝන් නම්බර් එකක් මම ලඟ තිබුනේ. ඉතින් කලින් එතනට ගිහිනුත් නොතිබුන නිසා කසුන්ට කෝල් කලාම එයා යන විදිහ කිව්වා හිතුවට වඩා බොහොම පැහැදිලිව.

      කිසිම ප්‍රශ්ණයක් නැතුව එතනට ගියාම මටත් ඔය විදිහටම හිතුනා.

      Delete
  25. සුබ පැතුම් තුශානි! තව තවත් හොඳට ලියන්න.

    එන්න බැරි වුණා නේ ඔයාලාව දැක බලා ගන්න.. බලමු වෙන ඉවෙන්ට් එකකදි වත්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතු...

      ඒකනේ.. අයේ දවසක අනිවාර්යයෙන්ම හමුවෙමු..

      Delete
  26. දැන් ඔයාට ලැබුනේ ඒ තෑගිවලින් හතරෙන් එකක්ද? ඒ කියන්නේ සම්මානයෙන් කාලක්, පැරාගේ පොතෙන් පිටු පනහක් විතර?

    කවුද අර විද්‍යා කතාව ලියපු සමරසිංහ කියන බ්ලොග්කාරයා?

    ReplyDelete
    Replies
    1. පුංචි දෙයක් අපි හතර දෙනාට වෙන වෙනම දුන්න නම් හොඳයි හැමෝටම ඒක සිහිවටනයක් විදිහට තියා ගන්න.. කොහොමවුනත් ලැබුනු දේ අපි සමාදානයෙන් බෙදා ගත්තා.. පොත කාගෙන් හරි ඉල්ලගෙන කියවන්න ඕනේ..

      අර... මයික් එකක් ලඟට වෙලා හිටිය කෙනාලුනේ ඔය සමරසිංහ කියන්නේ හි..හි..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...