Wednesday, April 27, 2016

104. පාට පාට හීන ...


අපි හැමෝම ආසයි හීන දකින්න. ඒ හීන වලට ලස්සන ලස්සන පාට තවරන්න, ඒ හීන වල නිදහසේ සැරිසරමින් ඒ හීන වල ජීවත් වෙන්න, දවසක ඒ හීන හැබෑ කරගන්න, අපි කවුරුත් ආසයි.

හීනයක් කියන්නේ පාට ගොඩක එකතුවක්.
අපි ආසම පාට වලින්, අපි ආස විදිහට අපේ හීන පාට කරලා, ලස්සන කරලා ඒ හීනේ හැබෑවක් කරගෙන ජීවත් වෙන්න අපි කැමති වුනත්, එහෙම තමන් කැමති විදිහටම හීනයක් හැබෑ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ බොහොම අතලොස්සකට විතරයි. මොකද.. හීන අපි කැමති ලස්සන පාට වලින් වගේම අපි අකමැති කැත පාට වලිනුත් හැබෑ වෙන නිසාවෙන්.  සමහර වෙලාවට
අපි අකමැති පාටවලුයි කැමති පාටවලුයි එකට එකතු වෙලා අලුත්ම පාටකින් අපේ හීන හැබෑ වෙන්නත් පුළුවන්. කොහොම වුනත් අන්තිමට ජීවිතේ දිහා ආපහු හැරිලා බලනකොට නම් පේන්න තියෙන්නේ ජීවිතේ පාට පාට හීනයක් විදිහටයි. 

 
පුංචි කාලේ ඉඳලාම තුශානිටත් තිබුනා එක එක විදිහේ හීන. ආගිය තොරුතුරු කියන අරුම පුදුම සත්තු, හිනා වෙවී එහාට මෙහාට පැද්දෙන ගහ කොළ, අහසේ ඉඳන් හැමෝගෙම
ඕප දූප හොයන තරු කැට, ඒ හීන ඇතුලට බලෙන්ම ඇතුල් වෙලා ඒ හීන, ඒ කාලේ අරුම පුදුම හීන බවට පත් කරලයි තිබුනේ. ඇයි එතකොට බෝනික්කෝ, කාටුන් වල, සුරංගනා කතා වල හිටිය කට්ටිය තුශානිගේ හීන වලට පණ පොවලා හැබෑ ලෝකෙයි හීන ලෝකෙයි දෙකම එකක් කලාද කියලත් අද ඒ ගැන කල්පනා කරලා බලනකොට හිතෙනවා.




හැබැයි ඉතින් එක අතකට බැලුවහම අද කියලාත් ලොකු වෙනසක් නෑ.. හැබෑවක් නෙවෙයි කියලා පෙනී පෙනී තියෙන හීන එක්ක වුනත් හැබෑවක් කියලා හිතාගෙන එක්ක ජීවත් වෙන වෙලාවල් ඕන තරම්... හි.. හි.. 

හීනත් එක්ක හුස්ම ගන්න එක, හීන වලට පණ දෙන්න උත්සාහ කරන එක, හීන වලට අසීමිතව ආදරේ කරලා ඒ හීන වලට ලෝබ කම් කරන එක තුශානි දකින විදිහට නම් වැරැද්දක් නෙවෙයි. 

ඒත්  හීන හැම වෙලාවෙම හැබෑවක් නොවෙන වග ඔළුවෙ තියාගෙන ජීවිතේ හීන දකින්නත්, ඒ හීන හැබෑ කරගන්නත් උත්සාහ කරන එකයි, හැම කෙනෙක්ම කල යුතු වෙන්නේ. මොකද හැම කෙනෙකුටම ජීවිතේ හීනයක් තිබිය යුතුම නිසාවෙන්. හීන ජීවිත ජීවත් කරවනවා වගේම ජීවිතේට අරමුණක් ලබා දෙනවා ඉස්සරහට ගමන් කරන්න.  ඒ නිසා ජීවිතේ ඉස්සරහට යන්න නම්, හීනය කියන්නේ අත්‍යාවශ්‍ය සාධකයක්.

ඉතින් හැම වෙලාවෙම ලස්සන පාට ගොඩකින් අමුතුම අලුත් විදිහේ හීනයක් දකින්න අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒ හීනෙම නොවුනත් ඊට ටිකක් හරි සමාන හැබෑ යතාර්ථයක් දකින්න, අත්විදින්න ඒ හීනේ අනිවාර්යෙන්ම පාර කියාවි.



41 comments:

  1. තුශානි අක්කේ මට අදටත් ඔය වගේ හීන පේනවා. මේ ඊයෙ රෑත් මං දැක්කා අපේ ගෙදර පූසා කතා කරනවා...

    ඔව්.. ජීවිතේට හීනයක් හැමෝටම තියනවා.. ඒ හීනෙට හීනයක් විතරක් වෙන්න ඉඩ නො දී හැබෑවක් කර ගන්න එක තමන් අතේ තියන වැඩක්..

    ReplyDelete
    Replies
    1. එහෙමද ඔයත් එහෙනම් මම වගේ තමයි... හි..හි...

      හරියටම හරි නංගියෝ.. හීන හැබෑ කරගන්නවද නැද්ද කියන එක අපේ අතේ තමයි තියෙන්නේ...

      Delete
    2. @ කසුන් - ඔයා කොහොමද දන්නේ නිර්මාණිට පේන සත්තු... ;)

      Delete
  2. ඒත් ඉතිං අනේ ඔක්කෝම හීන කළුසුදු කියන්නේ එහෙනං

    ReplyDelete
    Replies
    1. කවුද අනේ එහෙම කියන්නේ ?

      කවුරුත් කියන ඒවා අහන්නේ නැතුව ඔයා කණ්නාඩි දෙකත් දාගෙනම නිදා ගන්නකෝ. එතකොට පාට පාට හීන පෙනෙයි ;)

      Delete
  3. හීන කලු සුදු කියන එක මම විශ්වාස කරන්නේ නෑ. සමහරවිට එකදාස් නමසිය තිස් හතලිස් ගනං වල කලු සුදු සීන තියෙන්න ඇති. අද ත්‍රීඩී.

    ReplyDelete
    Replies
    1. ඔයා නං හැන්රි 7ඩී ඒවත් බලනවා ඇති. හැක්

      Delete
    2. @ ඩූඩ් - අන්න හරි ඩූඩ්.. පාට පාට ත්‍රීඩී හීන... හි..හි..

      Delete
    3. http://bluejeansntshirts.blogspot.com/2012/10/14-7d-movie.html

      Delete
    4. තැන්කූ දේශ්.. මේ පොස්ට් එක මම කලින් කියවලා තිබුනේ නෑ...

      Delete
  4. මෙහෙමයි තුශානි......

    හීන දකින මිනිස්සු තමා කවදා හරි ඒ හීන හැබෑ කරගන්නේ. හැබැයි දකින හීන හැබෑ කරගන්නට උත්සාහ කිරීමයි වැදගත් ම දේ.

    ReplyDelete
    Replies
    1. ඔව්... උත්සාහය නැත්තම් කොයි තරම් හීන දැක්කත් වැඩක් වෙන්නේ නෑ...

      Delete
  5. හැකි තරම් හීන දකින්න.දකින හීන දිනෙක සැබෑ වේවි.

    ReplyDelete
    Replies
    1. හීන ජීවිත ජීවත් කරවනවා... ඒ නිසා ලස්සන හීන, ජීවිතේ ඒ ලස්සන කරා අරගෙන යන්න පාර කියනවා..

      Delete
  6. රෑ හීනෙන් දවසක් මම රජ ගෙදරට ගියානේ
    තිස්ස පවා කෑම මේසෙ තලප තමයි හපන්නේ
    බේබි පැටව් ජංගි ඇඳන් වැලි කිරිබත් උයන්නේ
    හැබැයි මට පෙනුනේ හීනයක් අනේ
    අනේ ඇයිද හීන හැබෑ නොවන්නේ

    ReplyDelete
    Replies
    1. දැකලා තියෙන හීනේ හරි අපූරුයි අනේ
      හීනෙන් හරි රජ ගෙදරට ඔයත් ගියානේ
      හීන හැබෑ වෙනවා කියලා කියනවාලුනේ
      ඒක නිසා ඉවසාගෙන ඉන්න තියෙන්නේ

      Delete
  7. හීන දකින්න කවුද ආස නැත්තේ ?

    ReplyDelete
  8. රෑට පේන හීන ගැන කතා කරනව නම් භද්‍රජී මහින්ද ජයතිලක කියන දක්ෂ නවකතාකරුවට හීනෙන් තමන්ගෙ නවකතාවලට අවැසි වස්තුබීජ පෙනෙනවලු.. හින තනිකරම මානසික ව ගොඩනැගෙන දෙයක්..

    ...දවල් හින නම් ඉතින් දැක්කට මදි.. හැබෑ කරගන්නත් ඕන නේද..

    ප.ලි___
    මේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකත් නිකං හිනවලට සම්බන්ධයි වාගෙ..))

    ReplyDelete
    Replies
    1. ඔව්... මත් එකඟයි ඔයාගේ කතාවට... මනසින් ගොඩනගන දේවල් සහ හීන අතර ලොකු සම්බන්දයක් තියෙනවා වගේම හීන හැබෑ කරගන්න උත්සාහය තියෙන්නත් ඕනේ...

      ටෙම්ප්ලේට් එක විතරක් නෙවෙයි බ්ලොග් එකම හීනයක් :)

      Delete
  9. දකින හීන පස්සෙ යන්නත් ඕන...
    එතකොට තමා දිනන්න පුලුවං. හීන දකින්නෙ නැති කෙනාගෙ ඇති වැඩකුත් නෑ නැද්ද හා..

    ඔය රෑට පේන හීන නං මතක හිටින්නෑ කියන්නකො. ඒව නං වෙලාවකට හින්දු පිලුම්වගේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ හා.... ;)

      එහෙම බැලුවහම ඔයා මේ වෙනකොට සෑහෙන හින්දි පිලුම් ගන්නක් බලලා ඇති නේ.. හි.. හි...

      Delete
  10. ජනක රත්නායකගේ පාට පාට හීනයක් චිත්‍රකතාව බලලා තියෙනවාද.....

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔයාව සාදරෙයෙන් පිළිගන්නවා කැකුළු ගොමුවට..

      නෑ.. බලලා නෑ.. :(

      Delete
    2. තුශානි.....ඔය ලමයාට මාව අමතකයි නේද? ඒකනේ මුලින්ම සාදරයෙන් පිලිගන්නේ...හූ..හූ.

      Delete
    3. මේ අර "අවුල් වන්නට පෙර"ලිව්ව අරූනේ බොල.

      Delete
    4. අහ්... එහෙමද... හරිම සතුටුයි මේ පැත්තට ආවට...

      ඉතින් කොහොමද කොහොමද ? පේන්න හිටියේ නෑනේ පහුගිය ටිකේ.. තොරතුරක් හොයා ගන්න බැරුවයි හිටියේ... :)

      Delete
    5. @ මනොජ් - තැන්කූ මනෝජ්... එයාව නමින් දැනගෙන හිටියේ නෑ..

      Delete
    6. ඔය මනෝජයගේ බොරු තුශානි....

      Delete
    7. මම එහෙම තුශානිට බොරු කියනවාද ?

      Delete
    8. @ ඇරුණ - එහෙනම් කියමු බලන්න අපිටත් ඒ පැත්තට එන පාර...

      Delete
    9. @ මනෝජ් - මේ දවස් වල මට හම්බවෙන්නේම බොරු කියන අය...

      මේ... ඔයාවත් අපායේ යයි හරිද ;)

      Delete
  11. මං මේ කල්පනා කලේ මං ඊයෙ රෑ දැකපු හීනෙ මොකද්ද කියල. මං දැක්කනෙ පාට ගොඩකින් ජෙලි කනවා.. :) එතකොට ඒකත් පාට පාට හීනයක්! :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... පාට පාට ජෙලි නිසා ඒකත් පාට පාට හීනයක් තමයි.. හි.. හි...

      Delete
  12. ජීවිතේට හීන තියෙන්නෝනි.රෑ ඇඳේ දකින සොඳුරු,අඳුරු සිහින සමහර වෙලාවල සැබෑ ලොව එලිවෙනව වගේම,ජීවිතේ හීනත් බොහොම කලාතුරකින් හරි කිහිපයක් එලිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝෂ්.. හැම හීනයක්ම නොවුනත් හීන හැබෑවෙන වෙලාවල් තියෙනවා...

      හැම හීනයක්ම හැබෑ නොවුනත් සැබෑ ලෝකෙ ඉන්න අයට වඩා හීන ලෝක වල ඉන්න අය එක්ක ජීවත් වෙන එක ජීවිතේට සතුටක්...

      Delete
  13. සිහිනය සිහිනයක්ම බැව්
    නෙතු ඇරෙන කල්
    නොදැනේවි

    සිහිනයට පාටක් වූ බැව්
    නෙතු අරුණු පසු
    සිහිවේවි

    ReplyDelete
    Replies
    1. සැබෑව සිහිනයක්ම බැව්
      නෙත් වැහෙන තුරාවට
      නොදැනේවී..

      නෙක පාට තවරාපු
      මායාවක් බව
      සිහිවේවී..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...