Thursday, May 12, 2016

106. ටෙඩී මමී ...

මතකනෙ මම ටෙඩී ඩැඩී ගැන කිව්වා...  අමතක කට්ටිය ඉන්නව නම් මෙතනින් ගිහින් බලලා එන්නකෝ... ඔන්න අද කියන්න යන්නේ ටෙඩී මමී ගැන. පහුගිය අට වෙනිදා මව්වරුගේ දිනයත් සමරපු නිසා මම හිතුවා ඒ ගැනත් කියන එක හොඳයි කියලා. 


එහෙනම් ඔන්න අහගන්නකෝ... ලෝකයේ ටෙඩී බබාලා වැඩිගානකගේ අම්මා, එහෙමත් නැත්තම් ලෝකයේ වැඩියෙන්ම ටෙඩී බබාලා ඉන්න අම්මා වෙන්නේ ජැකී මයිලි. මේ ඉන්නේ එයා...


ජැකී මයිලි කියන්නේ කුඩා කාලයේ ළමා නිවාසයක හැදුණු වැඩුණු ගැහැනු ළමයෙක්. හුඟක් අග හිඟකම් එක්ක ගෙවුනු එයාගේ ජීවිතේ පුංචි  කාලේදී, එයා   සෙල්ලම් කරන්න අඩු තරමේ එකම එක ටෙඩී කෙනෙක් වත් ඉඳලා නෑලු... ඒත් ඉතින් ටෙඩීලට හුඟක් ආදරය කරපු මෙයා හිතලා තියෙනවා කවදා හරි දවසක එයාටම සල්ලි හම්බකරන්න පුළුවන් වුනා ලෝකයේ වැඩිම ටෙඩීලා ගානක් ඉන්න කෙනා වෙන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ එයා ටිකෙන් ටික ටෙඩීලා එකතු කරන්න පටන් අරගෙන තියෙනවා. 


ඉතීන් එහෙම ටෙඩී බෙයාලා එකතු කරන්න පටන් ගත්තු ජැකී මයිලිට මේ වෙනකො ටෙඩීලා 8000 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි ආරංචි වුනේ...

වයස අවුරුදු 70 විතර වෙන එයාට 2012 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට එක එක ප්‍රමාණයේ, එක එක වර්ගයේ ටෙඩීලා 8026 ක් ඉඳලා තියෙනවා. 



ඉතින් ඒ තරම් ටෙඩීලා ගොඩක් ලෝකේ කිසිම කෙනෙකුට ඒ වෙනකොට ඉඳලා නැති නිසා ටෙඩී බෙයාලා වැඩිම ගානක් ඉන්න කෙනා හැටියට ජැකී මයිලිට ගිනස් ලෝක වාර්තා පොතටත් යන්න අවස්තාව ලැබිලා තියෙනවා. කොහොමින් කොහොමහරි අද වෙනකොටත්  ගිනස් වාර්තා පොතට ගියපු ලෝකයේ වැඩිම ටෙඩී බෙයා හිමිකාරිනිය විදිහට තමයි ජැකී මයිලි සැලකෙන්නේ.


ඒ වගේම ජැකී මයිලි එයාගේ මේ ටෙඩී එකතුව  ටෙඩීලට ආදරය කරන අය වෙනුවෙන් විවෘත කරලත් තියෙනවා. ඉතින් ඔයාලත් ආසද දවසක ගිහින් මේ ටෙඩී එකතුව බලන්න ? 

හරි එහෙනම් මෙන්න ලිපිනය

Teddy bear town
No - 108
main street
Hill City, S.D. 
USA


ටෙඩි බෙයාර් කර්මාන්තයේ ආරම්භය ඇමෙරිකාවේ සහ ජර්මනියේ සිදු වුනත් වර්තමානය වෙන කොට විශාල වශයෙන් ටෙඩි බෙයාර් නිපදවීම චීනය හා ඉන්දුනීසියාව වගේ රටවල සිදු කෙරෙනවා. 

වසර සීයකට අදික ටෙඩි බෙයා අතීතයේ එදා මෙදා තුර මසා නිම කරපු පුංචිම ටෙඩී බෙයා ගැන දන්නවද ?  එයාගේ ප්‍රමාණය මිලි මීටර් 9ක්. මේ ඉන්නේ එයා. 




දකුණු අප්‍රිකාවේ චෙරිල් මොස් තමයි මෙම කුඩා ටෙඩි බෙයා (Micro bears) නිෂ්පාදනය කරන තැනැත්තා විදියට වාර්තා වෙන්නේ. මේ පුංචි ටෙඩී බෙයාලා වසර 6ක පමණ කාලයක ඉඳලා විශේෂ ටෙඩි බෙයාර් අලෙවි සල්වල දකින්න ලැබෙනවා.


එතකොට ලෝකයේ ලොකුම ටෙඩි බෙයා ? ඔව් ඔව් එයා ගැනත් කියනවා. මෙයා ගෙදර තියා ගන්නවත් බැරි තරම් ලොකු ටෙඩී කෙනෙක්. එයා අඩි 55 යි අඟල් 4ක් (16.86 සෙ. මී.) උස ටෙඩී කෙනෙක්. මේ ඉන්නේ
ටෙඩී.

මේ යෝධ ටෙඩි බෙයාව හදල තියෙන්නෙ ඩානා වොරන් කියන ඇමෙරිකානු ජාතිකයා. 2008 ජුනි 6 වැනිදා හදලා ඉවර කරපු මේ ටෙඩියාගේ නම Connect The Dreams හෙවත් C.T.Dreams කියලා තමයි නම් කරලා තියෙන්නේ. 


මේ ඉන්නේ තවත් ප්‍රසිද්ද ටෙඩී කෙනෙක්. අදුරනවනේ සුප්‍රකට චිත්‍රපට නළු ටෙඩ්. හොලිවුඩ් චිත්‍රපටි තරුවක් වන මෙයත් අද බොහොම ප්‍රසිද්ද කෙනෙක්.  


එතකොට මෙයා.. මෙයාවත් දන්නවනේ.. අපි හැමෝම බොහොම ආසාවෙන් නරඹපු Winnie the Pooh එකේ Pooh ත් බොහොම ප්‍රසිද්ධ ටෙඩී කෙනෙක්.

එදා අද වගේම හෙටත් ටෙඩීලා හැමෝගෙම ආදරය දිනන්ගන්න සමත් කට්ටියක් බවට පත් වෙලා තියෙන වග ටෙඩීලා ආපු මේ ගමන් මග දිහා බැලුවහම බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් එදා හිටිය අද ඉන්න වගේම හෙට ඉපදෙ පුංචි ළමයිනුත් මේ ටෙඩීලාව බොහොම ආදරෙයන්  වැලඳ ගනීවී.  





57 comments:

  1. දැං අම්මා තාත්තා ගැන දන්නවා නේ සහෝදර සහෝදරියෝ ගැනත් හොයල බලමු.. හැක් ජය වේවා.. මෙව්වා වටින්නේ අද නෙමෙයි හෙට.

    ReplyDelete
    Replies
    1. ආ එතකොට මේ උත්තර දෙන්නේ ලොකු සහෝදරයා.. හැක්..

      Delete
    2. @ දේශ් - ටෙඩී බ්‍රරෝ අන්ඩ් ටෙඩී සිස්... හි..හි..

      ඔව් ඔව්.. දේශ් බබලා ටෙඩීලා ගැන අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න දවසක ආපහු මේක බලන්න වෙයි තමයි... ;)

      Delete
    3. @ කළණ - ඔන්න දේශ් උත්තර දීලා... ;)

      Delete
  2. ‘‘පූ වළහා සහ මිතුරෝ‘‘ නිසා පූ මගෙත් යාළුවෙක් වුණා.. ඒ පොතෙන් අපි ළමයින්ට නාට්‍යත් කළා.. පූ ගෙ චරිතය නම් කරන්න මට බැරි වුණා. මං උන්නෙ ක්‍රිස් ට...

    ReplyDelete
    Replies
    1. හරිම ශෝක් නේ...

      පූ ගෙ චරිතේ කරන්න නම් ඔහොම ඉඳලා බෑ තරූ අක්කා.... ටිකක් මහත් වෙන්න ඕනේ මේ මම වගේ :D

      Delete
    2. ටිකක් මහත් වෙන්න ඕනේ මේ මම වගේ //
      අහ්.. අන්න හරිලු.. හැබැයි ස්ටේජ් එක කඩං වැටුනොත් වග කියන්නෙ නෑලු...
      :D :D

      Delete
    3. හුහ්.. එහෙම කොහොමද.. ස්ටේජ් එකක් වුන්නම හොඳට ශක්තිමත්ව තියෙන්න ඕනෙලු...

      Delete
    4. ඉස්ටේජ්එක කොච්චර සක්තිමත් වුණත් වැඩක් නෑනෙ ඒකට නගින්නෙ අලි නං
      හැක්

      Delete
    5. අහ්.. අලිත් ස්ටේජ් වලට නගිනවද :O

      ඔය කිව්වේ දේශපාලන අලි වෙන්ටෑ ;)

      Delete
  3. ටෙඩී කතා ඇදලා ම යනවා නේද?????????

    අර ජැකීගේ විස්තර කියද්දි මතක් වුණ දෙයක් කියන්නම්. ගොඩක් විට මිනිස්සු කරන්නේ ජීවිතය පුරාම ඇරියස් පියවන එක තමා. තමන්ට අත්පත්කර ගැනීමට නොහැකි ව තිබූ ආසාවන් හැකි වුණ තමන් අසීමිත ව හඹායෑම මනුස්ස ගතියක්..... මිනිස්සු සල්ලි වලට ආසා වීමේ කතාවකුත් ෆ්‍රොයිඩ් කියනවානේ..........

    ReplyDelete
    Replies
    1. හි..හි.. මෙතනින් සමාප්තයි !

      ඔව් කුරුටු.. සමහරු තමන්ට බැරි වුනොත් තමන්ගේ ළමයින් මාර්ගයෙන් හරි ඒවා ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා.

      Delete
  4. හෙහ්... කෙල්ලො ටෙඩි බෙයාලට කැමති ඇයි? දවසක් මගේ යාලුවෙක්ට කිව්ව "මචං අරුගෙ කෙල්ල ටෙඩි බෙයාලට මාර ආසයිලු. දැන් උගේ කාර් එකේ පිටිපස්ස පුරෝල තියෙන්නෙ ටෙඩිබෙයා ලගෙන්. පිටිපස්ස පේන්නෙත් නෑ ඩ්‍රයිව් කරනකොට. පුදුම අමාරු බං මුන්ට තියෙන්නෙ" කියල. ඒ පාර අරූ කියපි "අනේ පලයන් බං යන්න. ටෙඩි බෙයාල තුරුළු කරන ෆොටෝ ගහන, ඔය වගේ මල විකාර කරන එවුං ඕකෙන් බලාපොරොත්තු වෙන්නෙ වෙන දෙයක්. මම හරී අහිංසකයි, තාම පොඩි එකා වගේ, තාමත් බෝනික්කො එක්ක ඉන්නේ, ටෙඩි තුරුළු කරන නිදාගන්නෙ. ඒ තරමට සියුමැලියි, සුකුමාරයි, මලක් වගේ කියල පිට එවුන්ට පෙන්නන්නයි ඔය වැඩේ කරන්නෙ.." කියපු ඉතුරු ටික මෙතන ලියන්ඩ බෑ... ඕන්න මේක මගේ අදහස නෙවෙයි. උගේ අදහස...

    ReplyDelete
    Replies
    1. ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා වගේම ඕන කෙනෙක්ට ඒක ඕන විදිහකට දැකලා ඕන දෙයක් කියන්නත් නිදහස තියෙනවා... ඉතින් කෙනෙක් මෙහෙම කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..

      ඒක නෙවෙයි .. පුංචි බෝනික්කි එහෙම කොහොමද ? දැන් ටිකක් ලොකු ඇති නේද ?

      Delete
    2. හම්මේ ... බේරෙන්ඩ බෑ.. මේ 28ට අවුරුද්දක්...

      Delete
    3. :O එහෙමද .. බලන්නකෝ අවුරුද්දක් ගෙවිලා ගිහින් තියෙන ඉක්මන...

      ඔන්න දෝනිට කලින්ම තුශානි නැන්දා සුබ පතනවා...

      Delete
    4. බොහොමත්ම ස්තුතියි තුශානි...

      Delete
  5. අපූරු විස්තරේ. පහුගිය දවසක තවත් පෝස්ටුවකුත් තිබුනා.. ඒකකට එකක් අලුත් විස්තර. අගෙයි තුශානි අක්කේ..

    ReplyDelete
    Replies
    1. නිර්මාණි නම් ඉක්මනටම මේ පැත්තට දුවගෙන එයි කියලා හිතුවා :)

      බොහොම ස්තූතියි නංගෝ...

      Delete
    2. ඒකනේ අක්කේ.. එන්නැතුව කොහොමද??

      Delete
  6. http://www.theodoreroosevelt.org/site/c.elKSIdOWIiJ8H/b.8684621/k.6632/Real_Teddy_Bear_Story.htm

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      මේ විස්තරත් මම කලින් පොස්ට් එකේදී කිව්වා...

      Delete
  7. ටෙඩි බෙයාල ගොඩායි :D

    ReplyDelete
  8. ටෙඩීලා ගැන පෝස්ටුවක් ලියූ ටෙඩී...
    හැක්.. වැඩේ කියන්නෙ ටෙඩියෙක් වත් මෙයා තරම් ලොකු නැති එකලු
    හිහි

    ReplyDelete
    Replies
    1. හි..හි... කොහෙන්හරි ඔය හොඳ කණ්නාඩි දෙකක් හොයාගෙන දාලා බලන්ඩකෝ අනේ .. මේ ටෙඩී පොස්ට් දෙකේම ඉන්නවා මට වඩා ලොකු ටෙඩීලා.. ;)

      Delete
  9. ටෙඩි බෙයාලාගේ අච්චි තමයි තුශානි.

    ReplyDelete
    Replies
    1. හුහ්... හම්බවෙයිනේ ආපහු ඔය කොහෙදි හරි... පරිස්සම් වෙලා ඉන්ඩ ඈ.... ;)

      Delete
  10. තුශානි,,,ඒංගලන්තේ ආපු දවසක ගිහිල්ලා බලන්න

    මේ ටෙඩි බෙයාර්ස්ලා එකතුකරන අයට කියන්නේ arctophilists කියලලු නේද? අපි ඉන්න ගමේ තියෙනවා ප්‍රසිද්ධ toy museum එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තොරතුරට... ගියොත් අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕනේ...

      ඔව්.. ඔව්.. මාත් arctophilist කෙනෙක් තමයි හි..හි..

      මියුසියම් එක බලන්න ගිය වෙලාවක අපිටත් බලන්න පින්තුර ටිකක් අරෙගෙන එවනවද ?

      Delete
  11. වටිනා ලිපියක්.

    ReplyDelete
  12. ජොනී ඩෙප් බාර්බී ඩෝල්ලා එකතු කරනවා කියන්නේ.

    අර ලොකු බලු තඩියව අර ගන්න ඕන. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... එයාට ලොකු බාබි ඩෝල් එකතුවක් තියෙනවා කියලා මාත් අහලා තියෙනවා...

      හපොයි... බලු තඩියෙක් නෙවෙයි ලස්සන වලස් පැංචෙක් ගන්න...

      Delete
  13. ඔය ටෙඩීලා ඔක්කොම පොත් බවට පත් වෙනව නම් මං ඔය ඔක්කොම ටික මිළට ගන්න ලෑස්ති...)))

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි පොතක් කියවන එක සහ ටෙඩී කෙනෙක් ලඟ තියාගෙන ඉන්න එක සමාන කරන්න පුළුවන් දෙවල් දෙකක් නෙවෙයි... පොත් ගන්න එක පොත් කියවන එක හුඟක් හොඳයි. ඒත් ටෙඩී කෙනෙක්ට පොතක කතාවක් කියලා දෙනකොට, ටෙඩී කෙනෙක් ලඟ තියාගෙන පොතක් කියවනකොටත් දැනෙන්නේ වෙනස්ම හැඟීමක්. ඒ නිසා පොත් ගන්න අතරතුරේ ටෙඩියෙකුත් ගන්න එකේ වැරැද්ද නෑ කියලයි මම හිතන්නේ... :)

      Delete
  14. තුශානිත් තරමක ටෙඩියෙක් නේද?

    ReplyDelete
    Replies
    1. ම්..... අර ලස්සන ... ශෝක්... ටෙඩීලා ඉන්නෙ අන්න ඒ වගේ ;)

      Delete
  15. ටෙඩි අක්කගේ පෝස්ට් එකනං නියමයි ටෙඩි අක්කේ

    ReplyDelete
    Replies
    1. හි.. හි.. තැන්කූ තැන්කූ ටෙඩී මල්ලී ...

      Delete
  16. මාත් කවදහරි යනෝ ඔය ටෙඩීලා ටික බලන්න!

    ReplyDelete
    Replies
    1. :) ඔව් සිතූ... මාත් ආසවෙන් ඉන්නේ යන්න...

      Delete
  17. අයියෝ ටෙඩි ඩැඩී මග ඇරිලා ඕන් දෙකම එක පාර කියෙව්වා... දැන් ඉතින් දරැවෙක්මල්ලෙක් ඉන්න කාලෙට මේ විස්තරේ කියා දුන්න හැකි ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඉක්මනටම එහෙම අවස්ථාවක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... :)

      මේ .. ඔන්න කියලා දීලා ලස්සන ටෙඩියෙකුත් අරගෙන දෙන්න ඕනේ හරිද ...

      Delete
  18. තුෂාරි අක්ක මෙහෙම දිගටම ටෙඩියො ගැන ලිව්වොත් නම් මමත් ළඟදීම ටෙඩියෙක් ගනී :D රසවත් ලිපියක් අක්කෙ :)

    ReplyDelete
    Replies
    1. හි.. හි.. එහෙමද ... ඔයත් ටෙඩී කෙනෙක් ගන්න... ටෙඩී කෙනෙක් කියන්නේ හොඳම හොඳ යාළුවෙක්...

      බොහොම ස්තූතියි නංගා...

      Delete
  19. ටෙඩි ගැන කිව්වම මතක් උනෙ පොඩි කාලෙ එක ටෙඩියෙකුට රන්ඩු කර ගත්ත මායි මගෙ නැදැ වෙන අක්ක කෙනෙකුයි ගැන. ඇත්තටම අපි දෙන්නම දන්නෙ නැ කාටද ඒ ටෙඩි මුලින්ම ලැබුනෙ කියල.. හැබැයි ඉස්කොලෙ නිවාඩු දෙන හැම සැරෙකම අපි එහෙ ගියම ඒ අක්කයි මයි ටෙඩිට රන්ඩු. දැන් ඒ ටෙඩ් කොහෙ ඉන්නවද දන්නෙ නැ...:) :)

    ඇත්තම තුශානි ඔයා කිව්ව වගෙ තමන්ට කර ගන්න බැරි උන දෙවල් මොන විදිහෙන් හරි ලබා ගන්න අය දැක්කම හරිම දුක හිතෙනව නෙද

    ReplyDelete
    Replies
    1. අහ් එහෙමද ... හොඳවෙලාවට මට ඉන්නේ මල්ලි කෙනෙක්. පිරිමි ළමයි ඉතින් ටෙඩීලට වැඩිය කැමති නැති නිසා මට නම් ටෙඩීලට රණ්ඩු වෙන්න ඕනේ වුනේ නෑ.. :)

      ඔව්.. කරන්න පුළුවන් දේවල් බැරි දේවල් අඳුනගෙන දෙයක් කරන්න උත්සාහ කරනවා නම් තමයි වඩා වැදගත් වෙන්නේ...

      Delete
  20. කලින් දැන සිටි නැති විස්තරයක්...ස්තූතියි නගා...

    ReplyDelete
    Replies
    1. සිරා අයියා කාලේකින් මේ පැත්තේ... අලුත් දෙයක් දැන ගත්තා නම් ඒක මටත් සතුටක්...

      Delete
  21. ඔබේ නව ජිවිතයට සුභ පැතුම්. දිවියට එක්වුණා කියල ආරංචියක් ආව. බොහොම සන්තෝසයි.

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූතියි අජිත් අයියා...

      Delete
  22. අලුත් සුබ ආරංචිය ගැන නිව්ස් එක දැක්කා. සුභ මංගලම් තුෂානි! සතුටින් පිරුණ සුබ අනාගයක් ඔබ දෙපළටම! :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...