ඔන්න ඉතින් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ තුශානි පුරුදු විදිහට උදේ පාන්දරම ඔපීසියට ගොඩවුනා.. ඔව් ඔව්.. අර කලින් කිව්ව ඔපීසීයම තමයි. හි..හි..
කලින් ඔපීසියම කිව්වට මොකද, සති දෙක තුනට ඒකත් සෑහෙන විදිහට වෙනස් වෙලා.. හප්පේ... මොනා වෙනස් වුනත් පුටුව ඉතුරු වෙලා තියෙන එකම මදැයි කියලා හිත හදාගෙන ඔන්න ඉතින් වැඩ පටන් ගත්තට, පුටුවෙ ඇලවිලාම ඉන්න වෙන ගානට මේසෙ උඩ වැඩ සෑහෙන ගොඩ ගැහිලා තිබුනා.
" මිස්.. මිස්.. " හුරු නැති පිරිමි කටහඩක්

හපොයි... තේ ගේන කෙනාත් වෙනස් වෙලා...
මේස උඩ තිබුනු ෆයිල් කන්දේ උඩම ෆයිල් එකේ Report කියන වචනෙට උඩින් මෙන්න අවුරුදු විස්සක විතර කොලුවෙක් දත් තිස් දෙකම පේන්න හිනා වේගෙන තේ එකත් අතේ තියාගෙන ඉන්නවා..
"ඔයා අලුතෙන්ද ආවේ ? " Report කියන වචනෙ ඔළුව ඇතුලට කිඳා බස්ස ගන්න ගමන්ම මම ඇහුවා..
" ඔව්... " බ්ලා.. බ්ලා.. බ්ලා... කියලා මොනාද ටිකක් එයා කිව්වත් මගේ ඔළුව තිබුනේ හදලා යවන්න තිබුනු Report එකේ.
" හරි තැන්ක්යු. තේ එක තියන්න. ඔයා තව විනාඩි 15 කින් එන්න. මට හදිස්සි ෆයිල් එකක් තියෙනවා Head office එකට යවා ගන්න.
අපි එයාට මලිත් කියමුකෝ. මලිත් කිව්වට මොකද ඒ වෙලාවේ නම්, කියපු නම ගම විස්තර ටික මගේ කණ් බෙරේට වදින්නේ නැතුව අර ෆයිල් එකේ පැටලිලයි තිබුනේ.
ඔන්න ඉතින් මලිත් හා කියලා ඔළුව වනලා ගියා.
ගෙවිලා ගියේ හරියටම විනාඩි දා හතරයි තත්පර පනස් පහයි මෙන්න මලිත් ඇවිත් මේසේ ගාව.
" මිස් ෆයිල් එක දැන් ගෙනියන්නද ? "
"අහ්.. වෙලාවටම ඇවිත් නේද ? මේක ඉක්මනට ගිහින් xxx ට දීලා ඉඳලා අරගෙනම එන්න. "
හා කියලා ඔන්න මලිතුත් ෆයිල් එක අරගෙන ගියා..
මෙන්න ටික වෙලාවක් යනකොට වම් ඇහේ කෙලවරේම ඇහි පිහාට්ට ගාවින් පේනවා මලිත් ඉන්නවා ඔපීසියෙ කෙනෙක් එක්ක කතා කර කර.
"බලන්නකෝ හදිස්සියි කියලා දීලත් ගිහින් නෑනේ.. කිසි ගානක් නැතුව අරයත් එක්ක කතාව. දැන් විනාඩි විස්සකටත් වැඩියි. ම්... ගිහින් එන්න නම් වෙලාවක් නෑ. එතනට යන්නම යනවනේ විනාඩි පහළවක් විතර. "
රතු කට්ට පනින්න ඔන්න මෙන්න ගානට එක එක ඒවා ඔළුවට එන්න ගත්තා. කෝකටත් කතා කරලා අහනවා මොකද යන්නෙ නැතුව කරන්නෙ කියලා.
ඒත් ඉතින් කතා කරන්නෙ මොකක් කියලද.. නම වත් අහගත්තෙ නෑ නේ.. කමක් නෑ චුට්ටක් එතනට ගිහින් බලන්න ඕනෙ. කියලා හිතලා වැඩ ටික පැත්තක තියලා එතනට ගිහින්ම බැලුවා.
"අනේ මිස්.. තාම යන්න බැරි වුනා මේ දැන් යනවා කියලා කියන්න ඇති කියලා නේද හිතුනේ..
ම්හු.. එයාට කිසි ගානක් නෑ. ලඟට යනකොටත් හොඳට දත් තිස් දෙක පේන්න හිනා වේගන ඉන්නවා.
" තාම ගියෙ නෑ නේද .. යන්න යන්න ඉක්මනට ෆයිල් එක ගෙනියන්න.. "
"නෑ.. මිස් මම.. මම... " කියලා මෙන්න මෙයා අත දික් කර කර මොකක්ද කියන්න හදනවා.
"හරි හරි කමක් නෑ දැන් යන්න. ඕක හදිසි ෆයිල් එකක්. "
ඔන්න දැන් එතකොටම මට පේනවා ඔපීසියේ එතන වටේ හිටිය දෙතුන් දෙනෙක් ටිකක් අමුතු විදිහට හිනා වෙනවා.
"ම්.. ඇයි මෙයාලා හිනා වෙන්නේ... මොකද....." ඔන්න ආපහු ප්‍රශ්ණ ටිකක් මගේ ඔළුවට එක, දෙක ගානේ එන්න පටන් ගත්තා..
" මිස්... මම මේ ඔෆිස් එකේ නෙවෙයි.. අයියා තමයි මේ ඔෆිස් එකේ ඉන්නේ. අපි නිවුන්නු. මට මගදි හම්බුනා අයියා යනවා. මිස්ගේ ෆයිල් එක වෙන්න ඇති අරගෙන ගියා. "
ප.ලි. - මීට වඩා අකර තැබ්බ අවස්ථාවන්ට ඔපීසියේ එකෙනෙක් දෙන්නෙක් හැරෙන්නට අනිත් හැමදෙනාම මුහුණ දී ඇති බැවින් මෙය නොගිහින හැකි තරම් සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න. හි.. හි..

හැක හැක ඕකනේ කියන්නේ ගුරුන්ටත් සොරි වෙදුන්ටත් සොරි සොරි වෙදහාමිනේලාටත් අකුරු වරදී කියලා
ReplyDeleteඅහ් ... ඔයාටත් මේ දෙපාරක් වැරදිලා තියෙන එකේ මට එක පාරක් වැරදුනාම මොකෝ... ;)
Deleteමලිත් සහ මල්ලි මාරුවෙලා.. හැක්.. වෙල්කම් බැක් ටු ඔෆිස්..
ReplyDeleteහි..හි.. ඒකනේ.. තැන්කූ කළණ...
Deleteහෙක් හෙක්. දවසක් කොම්පැණි අයිතිකාරයා දැක්කලු එක පොරක් ඔහේ ඉඳගෙන ෆෝන් එකට ඇන ඇන ඉන්නවා. පැය කින් විතර ආයෙ එතනින් යන ගමන් බැලුවාම පොර තවම ඒ වැඩේමලු. මල පැනපු අයිතිකාරයා පොර ලඟට ගිහින් ඇහුවලු තමුසෙගෙ පඩිය කීයද කියලා. පොරත් මොකක්ද ගානක් කියලා. අයිතිකාරයා සාක්කුවට අතදාලා වොලට් එක අරගෙන මෙන්න තමුසෙගෙ මේ මාසෙ පඩිය. මේකත් අරන් යනවා යන්න. ආයෙ මේ පළාතෙ එන්න එපා කිව්වලු. පොරත් ඒක සාක්කුවෙ දාගෙන ගිහින්.
ReplyDeleteපස්සෙ අයිති කාරයා සුපවයිසර්ට ඔය කතාව කිව්වාමලු දැනගත්තේ අර පොර වෙන කොහෙද කොම්පැණියකින් මොකක්ද පණිවිඩේකට ආපු මෙසෙන්ජර් කෙනෙක් කියලා.
ඔයිට සමානම වැඩක් උනා අපේ ඔපීසියෙත්.
Deleteඅපේ ඔපීසියේ එක්කෙනෙක් දවසක් ටිකක් රෑ බෝ වෙලා ඔපීසියෙන් off වෙලා යනකොට අර මම කියපු මලිත් ඉඳලා තියෙනවා ඔෆිස් එකේ. මෙන්න ගේට් එක ගාවට යනකොට ආපහු මලිත් ඉන්නවලු සුදු පාටට හුරු ඇදුමක් ඇඳගෙන එන පාරේ බිත්තියට හේත්තුවෙලා. බය වෙලා එහෙම නෑ එයා... ටිකක් පුදුම හිතුනලු... ;)
ඩූඩ්,
Deleteඔය සීන් එක ජනක ශ්‍රීනාත් (නම හරිද දන්නෑ) ගෙ චිත්‍රකතාවක තිබ්බ.
"වෙඩින් කතා ලියනව කියල පොරොන්දු වුනා මතකයි....?"
ReplyDeleteහි..හි.. පොරොන්දු උනා නේන්නම්...
Deleteඒත් ඉතින් කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ...
අපේ රෙජිමේන්තුවේ හිටියා නිවුන්නෝ දෙන්නෙක්. මේ දෙන්න කඳවුරු මුරයට දැම්මම, එකෙක් මුරයේ ඉන්න වෙලාවට එකෙක් ඕෆ් නම්, වැඩ නැති එකා මුරයේ තියලා, වැඩ කර කර හිටිය එකා යනවා, කෙල්ල බලලා එන්න. ඒ වගේම අනික් එකාටත් ඒ විදිහට උදව් කරනවා.
ReplyDeleteමෙයින් එක සහෝදරයෙක් ඉතා අවාසනාවන්ත ලෙස LTTE ස්නයිපර් ප්‍රහාරයකින් මියගියා.
එහෙමද .... මගෙත් යාළුවො දෙන්නෙක් හිටියා නිවුන්නු. දෙන්න හිටියේ පන්ති දෙකක. ටීචර්ස්ලට එහෙම සෑහෙන්න පටලැවෙනවා. දෙන්නගෙ පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා ඒත් බැලු බැල්මට එක වගේ. දැන් දෙන්නම වෛද්‍යවරියන් දෙන්නෙක්. එකම hospital එකේ නිසා සමහර වෙලාවට ලෙඩ්ඩුන්ටත් පටලැවෙනවලු.. හි..හි...
Deleteහී හී මරු වැඩේ... මේ නිවුන්නු නිසා හොඳ හොඳ වැඩ වෙලත් ඇති.... තව ඉස්සරහට හොඳ හොඳ වැඩ වේවී....
ReplyDeleteඔය නිවුන්නු නිසා මටත් හොඳ වැඩක් උනා...
ඉස්කෝලේ කාලේ පොඩි පන්තිවල හිටියා සුපුන්, කසුන් කියලා නිවුන්නු දෙන්නෙක්... මේ දෙන්නත් රූපෙන්, කට හඬින් එක වගේ... හැබැයි ඉස්කෝලේ දෙන්නා හිටියේ හවුස් දෙකක. මං හිටපු හවුස් එකේ ළමයා දවසක් මං එක්කන් ගියා තරග වලට.. ගියාට පස්සේ මෙයා කියනවා මේක මගෙ හවුස් එක නෙවෙයි.... මං ඉන්නෙ xxxx හවුස් එකේ. අයිය තමයි මේකෙ ඉන්නෙ කියුවා..... ඉතින් එදයින් පස්සේ ඔක්කෝටම කලින් නම අහල තමයි ඉන්නේ....
හි..හි... හැබැයි නම විතරක් අහලත් හරියන්නෙ නෑ. බොරුවට නම් කිව්වෝත් ආපහු අමාරුවේ වැටෙනවා..
Deleteඒ කසුනුයි මේ කසුනුයි දෙන්නම එක්කෙනෙක්ද?
Deleteඅහ්... කිව්වත් වගේ ඒ කසුනුයි මේ කසුනුයි දෙන්නම එක්කෙනෙක්ද ඈ ?
Deleteආ..... නෑ....නෑ....
Deleteඅපේ පන්තියේත් හිටියා නිවුන්නු ඩබලක්.උන් දෙන්නාව අනෙක් උන්ට එකිනෙකාගෙන් වෙන් කරලා අඳුරගන්න පුළුවන් උනාට මට නම් තාමත් එහෙම බැහැ.
ReplyDeleteඑහෙනම් හොඳ හොඳ දේවල් වෙලා ඇති අඳුරගන්න බැරුව හි..හි...
Deleteයුග දිවියට සුභ පැතුම්.
ReplyDeleteසමහර විට නිවුන්නු බිරින්දෑ වරුන්ටත් වෙන්කරල අඳුන ගන්න බැහැලු. එතකොට තමයි ...........
බොහොම ස්තූතියි ඉයන්...
Deleteබිරින්දෑ වරුන්ටත් අඳුර ගන්න බැරිවුනොතින් නම් මාර වැඩේ තමයි වෙන්නේ.. :O
සුබ පැතුම් යුග දිවියට! :)
ReplyDeleteබොහොම ස්තූතියි සිතූ... :)
Deleteහප්පේ ඔයාගෙ තනිකඩ ජීවිතේ අහවර වුණාද.. සුබ පැතුම් අලුත් ජීවිතේට..!!
ReplyDeleteඒකනේ... තනිකඩ ජීවිතේ අහවර වුනා... බොහොම ස්තූතියි යාළුවා...
Deleteමගෙන් සුබ පැතුම් තුෂා.....අනේ ඉතින් ඒකෙත් හැටි... බැන්න නම් හරි වැඩේ තමා
ReplyDeleteබොහොම ස්තූතියි කිඹුලී...
Deleteඅපේ සමහර අය නම් එක එක දේවල් වෙලා බැනලත් තිබුනා.. එච්චර හිතන්නෙ නෑනේ ඔහොම එකක්...
යුග දිවියට සුභ පැතුම්.
ReplyDeleteබොහොම ස්තූතියි ආචාර්යතුමා...
Deleteඔක්කොටම කලිං හනිමූන්කතා ලියමු...!
ReplyDeleteහි..හි... බලමුකෝ බලමුකෝ... ;)
Deleteවෙල්කම් ටුද ක්ලබ් තුෂා. දැන් තමයි නියම ජීවිතය සහ නියම අභියෝග වලට එළඹෙන්නෙ. ඔයාල දෙන්නට ඒකට සාර්ථකව මුහුණ දෙන්න ලැබේවා...!
ReplyDeleteබොහොම ස්තූතියි ඩ්‍රැකී...
Deleteනව දිවියට අපෙනුත් සුබ පැතුම්....!!!
ReplyDeleteනිවුන්නු ගැනනම් ඕනම නෑ. එක්තරා සිදුවීමක් හින්දා මට දැං නිවුන්නු දකිනකොටත් මළ පනිනවා....
බොහොම ස්තූතියි ආර්යන්...
Deleteමොකද්ද අප්පේ ඔය තරම් වෙච්ච සිද්දිය ? වෙලාවක පොස්ට් එකකින්ම කියමුකො බලන්න ...
එක සැරයක් නිවුන් සොයුරියන් ඉන්න පවුලක වැඩිමල් කෙල්ලව අපි දන්න අදුනන කෙනෙක් බැන්දලු....ඊට පස්සෙ ඉතින් දවසක් මිනිහා නෝනගෙ ගෙදර ගිය වෙලාවක නෝනව ඇදලා අරගෙන උම්මා එක්ක එහෙම දෙන්න හදනකොට එයා කෑ ගහනවාලු...අනේ අයියෙ අක්කා අරහෙ කියලා....
ReplyDeleteඒක නෙමෙයි..ඔයා බැන්දෙයි...අපි දන්නෙත් නෑ නොවැ...මගේ සුභ පැතුම් එහෙනම්...දරුවො දුසිමක් විතර ලැබිලා සිංහල ජාතිය තව තවත් පෝෂණය කිරීමට හේතු වාසන වේවා !
Deleteහි... හි... නිවුන්නු බැන්දහම ඔහොම වැඩ වෙන්න පුළුවන් තමයි...
Delete:) ඒකනේ.. සිරා අයියා පහුගිය ටිකෙ වැඩිය පේන්න හිටියෙත් නෑනේ.. සුබ පැතුම දෙකටම බොහොම ස්තූතියි...