පහුගිය දවස් ටිකේ තිබුනු වැඩ රාජකාරි ගොඩත් එක්ක වෙඩින් කතා කියන්න තුශානිට මේ පැත්තට එන්නත් බැරිවුනා. කොහොම වුනත් පොරොන්දු කඩ කරන්න බෑනේ ඉතින් ඒ නිසා අද තුශානි හිතුවා කෙටියෙන් හරි තවත් විස්තර ටිකක් කියන්න.
කලින් දවසේ කියපු බණ කතාව කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒකත් කියවලාම එන්නකෝ. හි..හි..
වෙඩින් එකකට සූදානම් වෙන්නෙ කොහොමත් මාස කීපයක ඉඳලනේ. ඉතින් ඔය මාස කීපෙකට කලින් කරන්න තියෙන වැඩ අතරේ උත්සවේ ගන්න තැන හොයලා බලන්න, ඕනෙ කරන දේවල් ලෑස්ති කරන්න, ඇදුම් ලෑස්ති කරගන්න වගේ දේවල් ගොඩක් කරන්න තියෙනවා. ඒ නිසා ඒ කාලේට ඉතින් සෑහෙන කටු තමයි.. කොහොම වුනත් ලොකුම කට්ටක් කන්න වෙන්නෙ වෙඩින් එක දවසට.
අද කාලේ කාන්තා පාර්ශවයේ කෙනෙක් වෙඩින් එකකට යනකොට මූණ පාට කරගන්න, සාරි අඳින්න කොන්ඩෙ හදා ගන්න පැය ගානක් ගත වෙන හැටි ඔය නෝනා මහත්තුරුන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඉතින් එහෙම බැලුවහම මනමාලියෙක්ට අන්දලා ඔලුවෙ මල් ගහන්න කොයිතරම් වෙලාවක් යනවද කියලා අනිවාර්යයෙන්ම ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති.
ඉතින් ඔන්න වෙච්චි අකරතැබ්බ අතරේ මුල්ම එක තමයි මහ පාන්දර ඉඳලා කිලෝ ගානක් බර සාරියක් ඇඳගෙන ඉන්න වෙච්චි එක. ඒ මදිවට හෙල්මට එකක දැම්මා වගේ හෙයා ස්පෙරේ වලට ගල් ගැහුනු කොන්ඩෙයි මල් ගොඩයි එක්ක ඉන්න එකත් ලේසි පහසු නෑනේ.
අද කාලේ මනමාලියන්ට හැඩ ගන්වන එක ලොකු ව්‍යාපාරයක් වෙලා නිසා සැලුන් වල අය හැඩ ගන්වන්න ඉන්න ප්‍රමාණය අනුව තමයි වෙලාවල් උනත් දෙන්නේ. ඒ කියන්නෙ මනමාලියන් 4 දෙනෙක් හැඩ ගන්වන්න ඉන්නව නම් පැය දෙකෙන් දෙකට තමයි ගන්නේ. මුල් එක්කෙනා 12.00 ට ඊලඟ එක්කෙනා 2.00ට ඊලඟ එක්කෙනා 4.00 ට අනිත් එක්කෙනා 6.00 ට විදිහට.
සමහර සැලුන් වල නම් එකපාර 25 කට 30 කට උනත් අන්දන අය ඉන්නවා. ඔය හුඟක් ප්‍රසිද්ද අය කරන්නේ සහායකයින්ට කියලා ඔක්කොම ටික කරලා එයා ඇවිත් තැල්ල පොඩ්ඩක් හදලා ෆොටෝ එකට ඉන්න එක විතරයි.
අනේ ඉතින් තුශානිටත් සිද්ද වුනා 6.00 වෙනකොට ෆොටෝ ගන්න තැනට යන්න ඕනෙ නිසා පාන්දර 2.00 ට සාරි පටලව ගන්න පටන් යන්න.
කොච්චර කලින් දේවල් කරලා තිබ්බත් වෙඩින් එකට කලින් දවස කියන්නේ කොහොමත් ටිකක් වැඩ තියෙන දවසක්. ගොඩක් පැතිවල තියෙන සම්ප්‍රදායක් තමයි මනමාලයත් එක්ක දෙවනි මනමාලයෝ රෑ කෑමට එන එක. කොහොමත් කට්ටිය ඇවිත් යනකොට රෑ වෙනවනේ. ඒක දෙපැත්තටම අපහසුවක් නිසා අපි නම් කලින්ම කතාවෙලා කෑම වේල වෙනමම දවසකට දාගෙන එදාට රෑ කෑමක් වෙනුවට තේ පැන් සංග්‍රහයක් තමයි ලෑස්ති කලේ. මට හිතෙන්නේ ඒක අපිට ලොකු පිටිවහලක් වුනා තෙහෙටුව ටිකක් අඩු කර ගන්න.
ඉස්සර කාලේ වගේ අද කාලේ මනාලියන්ට ගෙවල් වල හැඩ වෙන්න අවස්තාවක් නෑනේ. ඒසි ඕනේ , ලයිට් ඕනේ විදිහට නැතිවෙයි, මේකප් බඩු ඔක්කොම ගේන එක කරදරයි වගේ කතා ගොඩක් හැම සැලුන් එකකින්ම අද කාලේ අහන්න ලැබෙන කතා ටිකක්. එක අතකට බැලුවහම ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ. කොහොම වුනත් අනිත්මට තුශනිටත් සිද්ද වුනා සැලුන් එකට ගිහින් ලෑස්ති වෙලා ගෙදරට එන්න.
ඉතින් ඔන්න අපි කට්ටිය පාන්දර 2.00 වෙනකොටම සැලුන් එකට ගියා. මෙන්න එතකොට මනමාලියෙක් ඉන්නවා වාඩි වෙලා නිදි කිර කිර. කොයිතරම් ලස්සනට අන්දලා තිබුනත් මූණෙ තිබුනෙ හරිම තෙහෙට්ටු පාටක්. ඒ නිසා ඔන්න ලඟදි බඳින කෙනෙක් එහෙම ඉන්නවා නම් මේ වෙලාවල් කලමනාකරණය ගැන ගොඩක් සැලකිලිමත් වෙලා වැඩ ටික කර ගන්නවා නම් ගොඩක් හොඳයි කියන දේ ඒ සිදුවීමත් එක්ක තුශානිට දෙන්න පුළුවන් උපදෙසක්. අනිත් දේ තමයි පුංචි ළමයි මල් කුමාරියන් විදිහට ගන්නවා නම් එයාලා අන්දන්න ගත වෙන වෙලාව අනුව පස්සේ ගෙන්න්න ගන්න කටයුතු කිරීමත් හරිම වැදගත්.
කොහොමින් කොහොමහරි පාන්දර 5.00 වෙනකොට මූණු පාට කරලා සාරි අන්දලා මල් ගහලා ඉවර වෙලා ගෙදරට යාගන්න ලැබුනා. උඩරට විදිහට සැරසුනු අය දන්නවා ඇතිනේ මාල හතේ බර. ඒ මදිවට ඒ ටික එකට පැටලෙනකොට හදා ගන්න තියෙන අමාරුව. සාරියෙ බරයි, කොන්ඩ මෝස්තරේ බරයි, කිලෝ ගානක් බර මල් බොකියයි අතට ගත්තහම රොබෝ වගේ තමයි ඇවිදින්න වෙන්නේ හි.. හි...
කියන්න ඕනේ තව කාරණා ටිකක් තියෙනවා. ඇහැල්ලු සාරියක් තෝර ගන්නවා නම් ඒක ලොකු පහසුවක්. බොරුවට ලොකු ගනන් දීලා සාරි ගන්න එකත් තුශානි විශ්වාස කරන හැටියට බොරු වැඩක්. මාල හත දාන්න හිතාගෙන ඉන්නව නම් මූණට සුදුසු තැල්ලක් තෝර ගන්න එකත් හරිම වැදගත්. එතකොට සෙරප්පු දෙක ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් වෙලා දාගෙන එහාට මෙහාට යන්න ඕනෙ නිසා කකුලට අපහසුවක් නොවෙන සෙරප්පු දෙකක් තෝර ගන්න එක වැදගත්. ඒ වගේම පැනඩෝල්, ප්ලාස්ටර්, කිරි පැකට් , පැකට් කරපු බනිස් වගේ දේවල් පොඩි බෑග් එකකට දාලා වෙනමම කෙනෙක්ට දීලා තියන එකත් වැදගත්. මොකද හදිස්සියකදි ඕනේ උනාම හැම තැනම හොය හොය දුවන්න ඕනේ නෑනේ එතකොට.
ඔන්න ඉතින් ගෙදර චාරිත්‍ර වාරිත්‍ර ටික ඉවර වෙලා 6.00 වෙනකොට ෆොටෝ ගෙන්න තැනට ගියා. සාමාන්‍යයෙන් 7.30 පහුවෙනකොට අව්ව වැටෙන්න ගන්න නිසා ෆොටෝ ගන්නව නම් සුදුසුම වෙලාව 6.00ත් 7.30 ත් අතර වෙලාව. ඊටත් අව්වට දාඩිය දාලා මේකප් දියවෙලා ගිහින් වෙන අකරතැබ්බෙන් බේරෙන්නත් පුළුවන්නේ හි... හි....
ෆොටෝ ගන්නවා කියන එකත් ලේසි නෑ.. ෆොටෝ ගන්නවට වඩා ෆොටෝ වලට පෙනී හිටින එක ලේසි නෑ. ඇයි ඉතින් එයාලා කියන කියන විදිහට හිනාවෙන්න, එක එක දේවල් කරන්න නම් දවසකට හරි නළුවෙක් හරි නිළියක් හරි වෙලා රඟ පාන්න පුළුවන් වෙලා තියෙන්න ඕනෙ. හි.. හි...
කොහොම වුනත් බොහොම සුහදශීලී කැමරාමන් කෙනෙක් තොරගන්න එක නම් ගොඩක් වටිනවා. මොකද එතකොට අනවශ්‍ය පීඩනයකින් තොරව ස්වභාවික, ලස්සන පින්තූර ටිකක් ඒකෙ අවසාන ප්‍රතිඵලය විදිහට ලබා ගන්න පුළුවන්.
ඒ වගේම යහළු යෙහෙලියන් මල් කුමර කුමරියන් තෝර ගන්නකොටත් හුඟක්ම පොඩි අය නැතුව ටිකක් තේරෙන අය ගත්තහමත් මේ ෆොටෝ වැඩේ ලේසි වෙනවා. එතකොට කාලය අපතේ යන එක ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්. එත් එක්කම ටිකක් විනෝදෙට බර වගේ කට්ටියක් ඉන්නව නම් ගොඩක් තාත්වික ලස්සන ෆොටෝ ටිකක් ගන්නත් පුළුවන් කම ලැබෙනවා. ඒ නිසා ඔන්න බඳින්න එහෙම ඉන්න අය ඒ ගැනත් ටිකක් හිතලා බලන්න.
ඔන්න ඉතින් ෆොටෝ එහෙම අරගෙන ආපහු අපි වෙඩින් එක තිබුනු හෝටලයට ආවා. කොහොම වුනත් ඒ වෙලාව ටිකක් මහන්සි, බඩගිනි වෙලාව ඉතින් මොනාහරි කාලා බීලා පොරුවෙ චාරිත්‍ර වලට ලෑස්ති වෙන එක තමයි සුදුසුම දේ. මොකද පොරුවේ චාරිත්‍ර සාමාන්‍යයෙන් පැය බාගයක් වත් අඩුම තරමේ තියෙනවනේ. ඊටත් ඒ වෙලාවට මහන්සි වැඩි කමට හදිස්සියෙ වත් කලන්තයක් වත් හැදුනොත් එක එක කතා අහන්නත්වෙන එක අපේ රටේ හැටිනේ හි..හි..
ඔය පෝරුවේ නැගලා තියෙන කට්ටිය දන්නව ඇතිනේ පැය බාගයක් විතර පොරුව උඩට වෙලා ඉන්නෙ එකේ තියෙන අමාරුව.. හැබැයි ඉතින් අෂ්ටක කියන කෙනාගේ අතේ තමයි ගොඩක් වෙලාවට ඒ චාරිත්‍ර හරියට සිද්ධ වීම රැඳිලා තියෙන්නෙ. සමහර අය නම් ඒ අවස්ථාව හුඟක් සංවේදී අවස්තාවක් කරලා හැමෝම අඬවන වෙලාවලුත් තියෙනවා. මම නම් විශ්වාස කරන හැටියට ඒක ඒ තරම් සුදුසු නෑ කියලා.
වෙඩින් එකකදී හුඟක්ම සැලකිලිමත් වෙන්න ඕනේ කාරනාව තමයි කාල කලමනකරණය. මොකද ෆොටෝ ගන්න, කට්ටිය එක්ක කතා කරන්න ගියහම නිකම්ම කාලේ ගත වෙලා යනවා. ඒ නිසා කවුරුහරි කෙනෙක්ට නිතර වෙලාව මතක් කරන්න කියලා කියලා තිබ්බොත් එක ලොකු පහසුවක්.
අනිත් දේ තමයි වෙලාවට ප්‍රධාන කෑම වේල ලබාදෙන එක. මොකද ඒක ප්‍රමාද කරනවා කියන්නේ මිනිස්සු බඩ ගින්නේ ඉන්නවා කියන එකනේ. ඒ නිසාත් එක එක ප්‍රශ්ණ ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා වෙලාවට කට්ටියට කන්න දෙන එක හරිම වැදගත්.
අනිත් විශේෂම කාරණාව තමයි කොච්චර මහන්සි වුනත් කොච්චර අපහසුතා තිබුනත් මූඩ් එක ගානට තියා ගන්න එක. මොකද හැමෝගෙන අවදානය තියෙන්නෙ මනාලා යුවල වෙතටනේ. ඉතින් මහන්සි අපහසුතා අමතක කරලා කට්ටිය එක්ක සතුටින් විනෝදයෙන් ඒ පැය කීපය ගත කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.
ඉතින් මේ වෙලාවේ ඔළුවට ආපු තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙන පැති ටිකක් ගැන තමයි ඔය කිව්වේ.
ඔය බැඳපු ඈයොත් තව කාරණා ටිකක් මේකට එකතු කලොත් අපේ බඳින්න ඉන්න ඈයොන්ට තවත් ප්‍රයෝජනවත් වෙයි. හි.. හි...
ඔය බැඳපු ඈයොත් තව කාරණා ටිකක් මේකට එකතු කලොත් අපේ බඳින්න ඉන්න ඈයොන්ට තවත් ප්‍රයෝජනවත් වෙයි. හි.. හි...
එහෙනම් ඉතින් තුශනිගේ සුපුරුදු කතා එක්ක ඉක්මනින් හමුවෙමු..
වෙඩිං ගන්න අය කන්න දෙන්න ඉස්සෙල්ල සැර ජාති දෙන්නත් මතක තියාගන්න. නැත්තං වෙනදේ දන්නෙ රවී තමයි.
ReplyDeleteඑහෙමද බලමුකෝ රවී මොනාද කියන්නේ කියලා...
Deleteඒවා නැත්තම් වෙඩින් එකත් නෑ වගේ සමහර අයට හි..හි..
අප්පෝ ආයේ නම් බන්දින්නේ නෑ නෑමයි . .. :P
ReplyDeleteඅපොයි ඔව් අයේ නම් බදින්නේ නෑ නෑ නෑ.. මයි.. ;)
Deleteමගේ අම්මෝ පාන්දර දෙකේ ඉඳන් අර බර සාරියයි මාල ටිකයි ඇඳගෙන හිටියට වෙනම තෑග්ගක් දෙන්න ඕනි .ගොඩක් දෙනෙක්ට මගුල් ගෙදර දවසේ කාලය කළමනාකර ගන්න බැරි වෙනවා. ඒ නිසා තුශානිගේ උපදෙස් වටිනවා.
ReplyDeleteඔව්.. සාරිය අතට ගන්නකොට මටත් දැන් එහෙම හිතෙනවා.. ඒත් එදා නම් ඒක චුට්ටක් වත් දැනුනෙ නෑ.. කාලේ හරිම ඉක්මනට ගෙවිලා ගියා වගේ තමයි එදා තේරුනේ. මාල වලට නම් බෙල්ල චුට්ටක් තුවාල වෙලා තිබුනා. ඒක දන්නෙත් ඒවා ගලවන කොට. හි..හි...
Deleteකාල කලමනාකරණය වෙඩින් එකකදි හරි වැදගත්. අපි ඒ ගැන ගොඩක් සැලකිලිමත් වුනා. එහෙම නැතිවුනොත් බොහොම වැදගත් අවස්ථා නැති වෙලා යන්න පුළුවන්.
මගුල් ගෙදරක් කිව්වම මෙගෙ ඔලුව්ට එක්කෙ ප්‍රශ්ණ 5 යි
ReplyDelete1. ඕකට මුළු වියදම කීයක් ගියාද?
2. එච්චර සල්ලියක් කොහෙන්ද?
3. ණය වුනාද?
4. දැන් ජීවත්වෙන්නෙ කොහොමද(ඔච්චර ණයත් වෙලා)?
5. ඔබට සතුටුයිද දැන්?
:)
හි..හි.. එහෙමද
Deleteහැබැයි ඔය පළවෙනි ප්‍රශ්ණෙට දෙන උත්තරේ අනුව ඊලඟ ප්‍රශ්ණ තීරණය වෙනවා නේද .. :)
අඩුම ගණනේ ලක්ෂ 25
Deleteහෑ එතකොට එදා පාන්දර ජාමේ ඒ පැත්තේ මිනිස්සු දහ පහළොස් දෙනෙක් බය වුනා කිව්වේ ඔය සැලුන් එක ගාවින් යද්දී එක තමා , හම්මේ ඉතිං ඈ .
ReplyDeleteහැක හැක හක
ආනේ... ඔයාට රට වටේම විස්තර ආරංචි වෙනවද... :P
Deleteඔව් ඔව්.. අර මට කලින් අන්දපු බ්‍රයිඩ් එලියෙ හිටියෙ ;)
මං නං උත්සවයක් ගන්න නෙමේ හිතාගෙන ඉන්නෙ.. ඒ නිසා මේ ටික මට නම් අදාළ නොවේ..
ReplyDeleteහැමදාම සතුටින් ඉන්න එකයි වැදගත්, වෙඩින් එක දවසෙ වගේම..!
ජීවිතේ සමහර දේවල් අපි අකමැති වුනත් අනිත් අය වෙනුවෙන් කරන්න වෙන වෙලාවල් තියෙනවා. විශේෂයෙන් අම්මා , තාත්තා වෙනුවෙන්. කොහොම වුනත් තීරණය තියෙන්නෙ ඔයාගෙ අතේ...
Deleteඔව්.. මොන විදිහෙ වෙඩින් එකක් ගත්තත් සතුට හැමදාම ජීවිත වල තියා ගන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ වෙන්නේ. එහෙම නැත්තම් මොන දේ කලත් වැඩක් නෑ.
වෙඩින් කතා නම් තමයි. ඒ උනාට මේවා කොමන් කතා නොවැ.
ReplyDeleteසමස්ත වෙඩින් ගැන බැලුවොත් නම් කොමන් තමයි... ඒත් ඉතින් හැම කෙනෙක්ටම එක එක විදිහට අත්විදින්න වෙන සිද්දි ටිකක්.
Deleteකොහොම වුනත් අවදානය යොමුවෙන්න ඕනෙම තැන් ටිකක් ගැන තමයි කියන්න උත්සාහ කලේ..
ඔය හැමදේටම වෙලාවල් දෙනවා නේද එකත් මහා ඇණයක්.අපෙත් දීලා තිබ්බා පෝරුවේ නගින්න වේලාවක් විතරක් නෙමේ.ගෙදරින් එළියට බහින්න,තැල්ල තියන්න,ඔය වගේ ගොඩක් එව්වාට වෙලාවල්.ඉතින් ඔය දීලා තියෙන වෙලාවල් එක්ක වැඩ කරන්න ගියොත් මගුල ගන්න වෙන්නේ පහුවදාට නිසා අපි දෙන්නා කලේ කතා කරගෙන අපිට ඕන වෙලාවල් වලට ඒ වැඩ කරගත්තු එක.
ReplyDeleteකොච්චර සැලසුම් කරලා කෙරුවත් අමතක වෙන එව්වා ඕන තරම් තියෙනවා.මට වෙඩින් එකට ෆුල් සපෝට් එක දීපු මගේ හොඳම යාලුවෝ දෙන්නගේ පවුල් එක්ක ෆොටෝ එකක්වත් ගන්න මතක නැති වුනා.එක මතක් වුනෙත් වෙඩින් එක ඉවරවෙලා හොටෙල් එකට ආවටත් පස්සේ.කොටින්ම මම දාගෙන හිටපු සපත්තු දෙකේ ප්‍රයිස් ටැග් එක කැඩූවෙත් වෙඩින් එක ඉවරවෙලා හොටෙල් එකට ගියාට පස්සේයි.
ඒක නම් ඇත්ත මනෝජ් ... අපිත් සමහර දෙවල් කතා කරගෙන අවශ්‍ය විදිහට වෙනස් කරගත්තා.
Deleteමටත් අමතක වෙන දේවල් ලිස්ට් එකක්ම තියෙන්න තිබුනා අම්මයි, මල්ලියි, මගේ හොඳම යාළුවයි නොහිටින්න. හි..හි...
සාරිය වගේද නගා නිළමෙ ඇදුම...මම දැනට දෙපාරක්ම ඔය කෙහෙල්මල ඇන්දා යාලුවන්ට ඉදලා...ඇදුම ගැලෙව්වට පස්සෙ පහුවදාටත් ඇග රිදෙනවා..කන්න බොන්න, වාහනයක ඉදගෙන යන්න හැමදේම අමාරුයි ඒ අැදුම ඇන්දම.
ReplyDeleteමගුලට කලින් දවසෙ රාත්තිරියෙ මනමාලයා කෙල්ලගෙ ගෙවල් පැත්තෙ එන්නෙ කෙල්ල පැනලා ගිහින් නෑ කියන එක තහවුරු කරගන්න නේද ?
ඔව් ඔව් ... නිලමෙ ඇඳුම නම් ඇඳ ඉන්න එක සාරි ඇඳන් ඉන්නවට වඩා ගොඩක් අමාරු ඇති.. ඒ අතින් බැලුවහම සාරි ඇඳන් ඉන්න එක ලේසියි..
Deleteඅහ්.. මමත් ඒ කතාව අහලා තියෙනවා. එච්චරම අවිශ්වාස නම් බැඳලා වැඩක් නෑ කියලයි මම හිතන්නේ..හි.. හි...