Friday, September 30, 2016

115. පොත් කියවීම සහ පොත් ඇහීම ...

ගෙවීගෙන යන්නේ සාහිත්‍ය මාසේ නිසා මේ කාලය අපි කවුරුත් පොත් පත් ගැන වැඩි උනන්දුවක් දක්වන කාලයක්. බොහෝමයක් දෙනා මේ වෙනකොට සෑහෙන පොත් ප්‍රමාණයක් මිලදී ගෙනත් ඇති කියවන්න. ඒ නිසා අද තුශානි හිතුවා මේ පොත් කියවීම ගැන වෙනස්ම විදිහෙ දෙයක් කියන්න.

හොඳයි... මම ඔයාලගෙන් ඇහුවොත් "පොතක් කියෙව්වහම මොන වගේ දෙයක් හිතට එනවද කියලා" ගොඩ දෙනෙක් කියයි, ඒක විස්තර කරන්න බැරි හැඟීමක් කියලා. ඒ කියන්නේ පොතක් කියවලා ලබන රසවින්දනය, දැනුම වචනයෙන් විස්තර කරන්න අමාරුයි කියලා ඔයාලා කියයි.  ඔව් එකම පොතක් උනත් එක එක්කෙනාට ඒ පොත දැනෙන, රසවිඳින විදි, ඒ පොතෙන් ලබා ගන්න දැනුම වෙනස්. 

ඒත් ඔයාලා කවදහරි දවසක හිතලා තියෙනවද අපි වගේ මේ විදිහට පොත් කියව කියව රස විඳින්න බැරි පිරිසකුත් අපි අතරෙම ඉන්නවා කියලා. හ්ම්.. හිතලා නැතුව ඇති සමහර විට. ඒත් අපි වගේ දෑසින් මේ පොත් රසවිඳින්න අපහසු පිරිසකුත් අපි අතරේ ඉන්නවා.  එයාලත් අපි වගේම පොත් වලට ආදරය කරන, පොත් කියවන්න බොහොම ආසාවෙන් ඉන්න පිරිසක්. 

එතකොට එයාලා කොහොමද මේ පොත් අපි වගේම රස විඳින්නේ ? හරි... ඒ ප්‍රශ්ණෙට බොහොම පැහැදිලි උත්තරයක් කසුන් මෙන්න මේ පොස්ට් එකේ දී කියලා තියෙනවා.

දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් නිර්මාණය වුනු මේ “DAISY” (Digital accessible Information System) තාක්ෂනය ගැන තුශානිත් මුල් වරට විස්තර දැන ගත්තේ කසුන්ගේ මේ ලිපිය හරහායි. 



තුශානිටත් ලොකු ආසාවක් තිබුනා මේ තාක්ෂය ඔස්සේ පුලුවන් විදිහකට යමක් අපේම යාළුවන් වෙනුවෙන් කරන්න. ඉතින් කසුන් හරහා සම්බන්ද වෙලා තුශානිත් මේ වැඩේට පුංචි දායකත්වයක් ලබා දුන්නා. 

මුලින් ටිකක් අමාරුයි වගේ හිතුනත් ටිකක් පහු වෙනකොට නම් ඒක ඒ තරම් අමාරු කාරියක් වුනේ නෑ. අපිට කරන්න තිබුනේ මේ ඩේසි තාක්ෂණය ඔස්සේ අපිට ලබා දීලා තිබ්බ පොත කියවලා පටිගත කරන එකයි. හැබැයි හැම පිටුවකම තියෙන හැම දෙයක්ම අපිට පුළුවන් උපරිමයෙන් විස්තර කරන්න කියලා අපිට උපදෙස් ලැබුනා. 

උදාහරණයක් විදිහට කියනවා නම් පිට කවරය ගත්තොත්, ඒකේ තියෙන හැම වචනයක්ම කියවිය යුතුව තිබුනා. ඒ වගේම පින්තූරයක් නම් ඒ පින්තූරය කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට විස්තර කලයුතු වුනා. පටුන , පෙරවදන වගේ දේවල් විතරක් නෙවෙයි පිටු අංක, පරිච්චේද , වරහන් වගේ තැන් පවා විශේෂයෙන් සඳහන් කල යුතුව තිබුනා.  කොටින්ම කියනවා නම් සම්පූර්ණ පොතම ගැන හඬ පටයේ ඇතුලත් වුනා. 

සමහර විට ඔයාලට මේ ගැන හිතාගන්නවත් බැරුව ඇති. ඇත්තම කියනවා නම් තුශානිටත් පුදුම හිතුනා මේ වෙනකොට පටිගත වෙලා තියෙන පොත් වල හඬ පට අහන්න ලැබුනහම.

ඉතින් කොහොමහරි පුළුවන් විදිහට තුශානිත් ඒ වැඩේට දායක වුනා. ඒ වගේම අපේ සහෝදර බ්ලොග් කරුවන් , කාරිනියන් කිහිපදෙනෙකුත් මේ වැඩේට සම්බන්ද වෙලා ඉන්නවත් දකින්න ලැබුනා. 


අන්තිමට වැඩේ ඉවර වෙනකොට නම් හිතට  දැනුනේ හරිම පුදුමාකාර සතුටක්.  මොකද තව කෙනෙක් අපේ කට හඬක් හරහා පොතක් කියවනවා කියලා හිතට දැනෙනකොට ඒ සතුට කොයිතරම් වෙන්න ඇතිද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. 

ඉතින් මේ පොත් කියවන මාසේ අපි අපිට හිතෙන හිතෙන පොත් ගොඩ ගොඩ අරගෙන කියවනකොට, ඒ පොත්ම කියවන්න ආසාවෙන් ඒත් ඒ හැකියාව නැති අයත් අපි අතරම ඉන්නවා කියන එක අමතක කරන්න හොඳ නෑ. 

ඒ නිසා ඒ වෙනුවෙන් යමක් ඔයාලටත් කරන්න පුළුවන් නම් මම හිතනවා කසුන් ඔයාලටත් ඊට අවශ්‍ය මග පෙන්වීම අනිවාර්යයෙන්ම කරයි කියලා. අදින් අවසන් වෙන මේ සාහිත්‍ය මාසේ ඒ අදහසත් හිතට අරගෙනම මේ සාහිත්‍ය මාසෙ සමු දෙන්න කියලා තුශානි මේ වෙලාවෙ බොහොම ආදරයෙන් මතක් කරනවා.



~ * ~


31 comments:

  1. නියමයි.මමත් කැමති උදව්කරන්න. මගේ නවකතා පොතත් එහෙම කරලා දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් පලකරන්න දෙන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      මේක නම් හොඳ ආරංචියක් වෙයි... අහසෙන් එන්න බ්ලොග් එක ලියන කසුන් එක්ක කතා කරලා වැඩි විස්තර දැනගන්නකෝ ...

      මේ තියෙන්නෙ කසුන්ගේ විද්‍යුත් ලිපිනය. ahasenenna@gmail.com

      Delete
  2. විය යුතු උදව්වක් කියන්න අක්කේ.අපි උදව් කරන්න සූදානම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගී... අහසෙන් එන්න බ්ලොග් එක ලියන කසුන්ව ඔයා දන්නවා ඇතිනේ..

      එයාගෙන් ඔයාට වැඩි විස්තර දැන ගන්න පුළුවන් ... ahasenenna@gmail.com

      Delete
  3. සාහිත්‍ය මාසේ වටිනාම පෝස්ට් එක, Well done

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූතියි ඉයන්..

      පොත් ගැන හැමෝම කතා කරලා තිබුනානේ ඒකයි මම මේ ගැන ලියන්න හිතුවේ..

      Delete
  4. මේ පෝස්ටුවට ගොඩක් ස්තුතී අක්කේ...
    කොයි තරම් පොත් ලියවුනත් අපිට කියවන්න පුලුවන් විදිහට ඇත්තේ බොහොම සීමිත ප්‍රමානයයි... පොත් එකතු කිරීම, කියවීම මගේ විනෝදාංශය... මේ මාසේ මං ගත්ත පොත් කීපයක්මත් ඕඩියෝ කරන්න අපේක්ෂාවෙන් ඉන්නවා... ඒ හැමෝම වෙනුවෙන්...

    මං පුංචි කතාවක් කියන්නම් ඔයාට.. ඔයා ගැහැණණු ළමයි, පිරුණු හදක්, හතුරු හිතක් වගේ පොත් කියවන්න ඇත්තේ ඔයාගෙ ඉස්කෝලේ කාලේ වෙන්න ඇති.. ඒත් ඒ පොත් තුන දෘෂ්‍යාබාධිත ගොඩක් අයට කියවන්න ලැබුනේ මේ මෑතකදී... ඉතින් ඔයාට තත්ත්වය පැහැදිලි ඇති නේද...



    අක්කේ මේ වෙලාවෙත් මං ඉන්නේ ඒ වගේ වැඩක් යන තැනක... ජයවර්ධනපුර කැම්පස් එකේ පාලි හා බෞද්ධ අධ්‍යාංශයේ ඕඩියෝ පොත් නිර්මාණය කිරීමේ ව්‍යපෘතියක් 2016 09 26 දා ආරම්ඹ කළා... කැමති අයට සහය දෙන්න මං ආරාධනා කරනවා..
    ඔයාට ආයෙත් ස්තුතී..

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි... මටත් ඔය දේවල් ගැන ඔයාලගේ ආයතනයට ගිය වෙලේ දැන ගන්න ලැබුනා..

      දැන් ඔයා කරගෙන යන ව්‍යාපෘතියටත් මම හදවතිම සුබ පතනවා

      අපිටත් කරන්න පුළුවන් දෙයක් තියෙනව නම් විස්තර කියන්න. අනිවාර්යයෙන්ම ඒ දේ තුශානි කරන්න ලෑස්තියි.

      Delete
  5. මේ ව්‍යාපෘතියේ නම “විනිවිධ" මූලික වශයෙන් කරන්නේ අධ්‍යාපනික පොත් තමයි...

    ReplyDelete
    Replies
    1. එහෙමද ... අධ්‍යාපනික පොත් ඕඩියෝ කරන එක ගොඩක් වටිනවා...

      Delete
    2. විනිවිධ කියන්නෙ විනිවිද කියන වචනෙමද නැත්නම් වෙනත් වචනයක්ද? විනිවිධ කියල වචනයක් ගැන මම දැනුවත් නැති නිසයි එහෙම ඇහුවේ.

      Delete
  6. ඕඩියෝ බුක්ස් තියෙනවා. මං අහලා තිේ‍රනවා බරක් ඔබාමා ගේ ජීවීත කතාව පොර ම කියනවා. කොටස් කිහිපයක් රේඩියෝ එකේ ගියා.

    තව ප්‍රබන්ධ සරදම් චරිතයක්වන ඔසී ක්‍රිකට් ක්‍රීඩකේ‍රකු ගැන පොතක් මා ලඟ තියෙනවා කැසට් එකක. මේවා නම් කාර් එකේ යන ගමන් අහන්න හදපු ඒවා. (අයේ අහන්න කැසට් ප්ලේයර් එකක් හොයා ගන්න එක තමයි වැඩේ!)

    ReplyDelete
    Replies
    1. මේ විස්තර නම් දැන ගෙන හිටියෙ නෑ..

      ඕඩියෝ බුක්ස් නිර්මාණයේ හොඳ ප්‍රගතියක් ඉස්සරහට දකින්න පුළුවන් වෙයි එහෙනම්...

      Delete
  7. ඉතා වැදගත් වැඩකටයි ඔබ සහයෝගය දී තියෙන්නේ.

    type අකුරු කෙලින්ම බ්‍රේල් කළ හැකි ක්‍රමයක් ගැන ලිපියක් මේ ලඟදී දැක්කා!

    ReplyDelete
    Replies
    1. ඒක මම ගොඩක් ආසාවෙන් කරපු වැඩක්.. හිතටත් ලොකු සතුටක් දැනුනා..

      ඒ වගේ ක්‍රම තවත් දියුණු වෙනවා නම් ගොඩක් වටිනවා..

      Delete
  8. මටත් ලොකු ඕනකමක් තියනවා මේ වැඩේට එකතු වෙන්න තුශානි.. ඔයා වගේ අය මෙහෙම තවත් කෙනෙකුට උදව් කරනවා දකින එකත් සතුටක්..එහෙම අය වැඩි වෙනවා නම් මේ පොත් කියවන අපි විඳින රසය අහලා කියවන්න බැරි අය විඳිවි..

    මට මතක් උනා "Reader" කියන ෆිල්ම් එක.. පුලුවන් නම් හොයාගෙන බලන්න, හැබැයි ඒක වැඩිහිටියනට පමණයි ගනයට වැටෙන ෆිල්ම් එකක්..ඔබ පුදුම වෙයි එහි එන කතා නායිකාව කියවන්න ඉගෙන ගන්න විදිහ ගැන...

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූතියි...

      අහසෙන් එන්න බ්ලොග් එක ලියන කසුන් ගෙන් වැඩි විස්තර ඔයාට දැන ගන්න පුළුවන් වෙයි.. අහලා බලන්නකෝ...

      ෆිල්ම් එක නම් බලලා නෑ.. හොයාගෙන බලන්න ඕනේ...

      Delete
  9. මමත් පොත් ගැන පෙස්ට් එකක් දාලා අනිත් අයගේ බ්ලොග් පෝස්ට් කියවනන් ආවමයි මේක දැක්කේ, ඕඩියෝ බුක්ස් ගැන අහල තිබුනා විතරයි යාන්තම් ඔයා උදාහරණ ඇතුව කියල තියෙන විදිය දැක්කම ඒක මොන ත්‍රම් අමාරු එත් සුන්දර කාර්යක් වගෙයි පේන්නේ.කියවනන් බැරි කෙනෙකුට පොතක් කියවලා දෙනවා කියන්නෙ මොන තරම් පින් සිද්ධ වෙන වැඩක්ද...?ඒ වැඩේට දායක වෙන ඔයාල ගැනත් ආඩම්බරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ශානි.. ඕඩියෝ බුක්ස් ගැන ගොඩක් දේවල් මටත් මේ වැඩෙත් එක්ක දැනගන්න ලැබුනා.. මුලින් නම් ටිකක් අමාරුයි වගේ තමයි දැනුනේ.. ඒත් ටිකක් කරගෙන යනකොට වැඩේ අල්ලගන්න පුළුවන් වුනා.

      මටත් ගොඩක් සතුටුයි මේ වැඩේට සම්බන්ද වෙන්න ලැබුන එකට .. බොහොම ස්තූතියි... :)

      Delete
  10. ඕඩියෝ බුක්ස් වගයක් මේ පසුගිය පොත් ප්‍රදර්ශනය වෙලේ හම්බ වුනා.එයින් පළමු කතාව විතරයි අහන්න ලැබුනේ."ජයලත් මනෝරත්න' හඩ දෙන්නේ ඒ කතාවට.
    අගේ ඇති වැඩක් තුශානි.

    ReplyDelete
    Replies
    1. කනට පාරක්. ගුවන් විදුලි නාට්‍ය සෙට් එකක්.

      Delete
    2. @ මනෝජ් - කසුන් කියලා තියෙන විදිහට ගුවන් විදුලි නාට්‍ය ටිකක් ද මන්දා ... කසුන් ගෙන් අහලා බලන්නකෝ..

      කොහොම වුනත් බොහොම ස්තූතියි මනෝජ්..

      Delete
  11. බොහොම ස්තූතියි ... මුද්‍රණයට නියමිත් පොත් 2ක් දැනට තියෙනවා.. ඒවාත් මේ ආකාරයට එලිදක්වන්න කැමතියි... මෑතකදි විද්‍යා ප්‍රබන්ධයක් රචනා කල මගේ යහලුවෙක් සිටිනවා... ඔහුවත් මෙයට සම්බන්ධ කරන්නම්...

    ReplyDelete
    Replies
    1. මුද්‍රිත සහ හකතන කියන මාද්‍ය දෙකෙන්ම පොත් එලිදැක්වීම එකම අවස්තාවේ කරන්න. එතකොට අනිත් කතුවරුන්ටත් ඒ හරහා යම් උත්තේජනයක් ලැබේවි. ස්තූතී. උදව් අවශ්‍ය නම් මේල් කරන්න.

      Delete
    2. @ මිතිල - මුලින්ම සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට

      බොහොම ස්තූතියි ... ඔයා වගේ හැම කෙනෙක්ම හිතනවා නම් කොයි තරම හොඳද..

      Delete
  12. ඔයා කියවපු පොත අහපු අය ඔයාටම පොත් දෙන්නැයි කියලා ඉල්ලනවා. ඒ කියන්නෙ වැඩේ ගැන තුශානි වගේම අහන අයත් සතුටුයි කියල නේද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි කසුන්.. ඇත්තම කියනවා නම් හිතේ පුංචි බයක් තිබුනා අහන අයගේ ප්‍රතිචාර මොන වගේ වෙයිද කියලා.. දැන් නම් හිතට දැනන සතුට කියා ගන්න බෑ... කට්ටියට කියන්න තුශානි ඉක්මනින්ම තව පොත් කීපයක් කරලා දෙනවා කිව්වා කියලා...

      ඔයාටත් බොහොම ස්තූතියි කසුන් මාව මේ වැඩේට සම්බන්ද කර ගත්තට..

      Delete
  13. මේ පෝස්ට් එකට පරක්කු වෙලා හරි කොමෙන්ට් කරන්න ලැබීම වාසනාවක් ගොඩාක් හොඳ වැඩක් මමත් ඒ පොත් අහන කෙනෙක් අපි වගේ අයට audio පොත් වල වටිනාකම කියල නිමකරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මමත් ඒකට සම්බන්ද වුනේ හරිම ආසාවෙන්.. ඉස්සරහටත් පුළුවන් විදිහට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.. :)

      Delete
  14. ෂාහ් නියම වැඩක් තුෂානි කරල් තියෙන්නේ. මේ පොස්ට් එක දැක්කේ නැහැ.

    ReplyDelete
    Replies
    1. :) අහසෙන් එන්න බ්ලොග් එක ලියන කසුන් තමයි අපිවත් මේ වැඩේට හවුල් කරගත්තේ.. ඉතින් බොහොම ආසාවෙන් සම්බන්ද වුනා ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...