Tuesday, March 17, 2015

71. මේ මාත් එක්ක ඉන්න අය ....

ට්‍රීං ට්‍රීං ......  ට්‍රීං ට්‍රීං ......

හලෝ තුශී... ඔයා ඔෆිස් එකේද ?   

නෑ අනේ ...මම Zoo එකේ.

හපොයි... ඔයාව අල්ලගෙන ආවද එහෙනම්. හා.. හා.. මම හවසට එන්නම්කො බලන්න  හි..හි... 

ඕන් නෑ...................... මම තියනවා බායි.. 

 ----------------------------------------------------

බෑ... බෑ.. 

මට නම් මේක කරන්න බෑ.... මට මේක කොච්චර කරත් ඉගෙන ගත්තත් බෑ... බෑ...අනේ කරලා දෙන්නකෝ ප්ලී........ස්  

හෆොයි. මට මේ හුස්ම ගන්නවත් බෑ.. මම කොහොමද ඒ ටිකත් කරන්නේ. 

බෑ... අනේ ... අදට විතරක් මේ ටික කරලා පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ...

හ්ම්... හ්ම්... අදටත් මම කරන්නම්. ඔන්න ආපහු නම් බෑ. 

බෑ බෑ කියන එක නවත්තලා බලාගෙන ඉන්න ඕනේ කොහොමද ඒක කරන්නේ කියලා හරිද.



 ----------------------------------------------------

මේ .. ඔයා හරිද ?

අයියෝ තාම නෑ... 
චුට්ටක් ඉන්න මාත් එනකන්... තව ටිකක් තියෙනවා. මට ඔයාලගේ ස්පීඩ් එකට එන්න බෑනේ.

කෝ ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. මෙහෙම ගියොත් යක්කු ගස් නගින වෙලාවට තමයි ගෙදර යන්න වෙන්නේ.

හරි හරි... මේ ඉතින් මගේ උපරිම වේගේ තමයි. 



----------------------------------------------------

හප්පේ මෙයාට තියෙන කුලප්පුවක්. හෙමින් ගමනක් ඇත්තෙම නෑ.

එහෙම නැතුව මේ සේරම කොහොම කරන්නද..

දුවන්නං වාලේ ඔහොම දුවන එකනම් ඒ තරම් හොඳ නෑ හැබැයි.  

හරි හරී අද කාලේ මෙහෙම නැතුව බෑ.. ලෝකේ යන වේගේට අපිත් යන්න ඕනේ.. 




----------------------------------------------------

පැන පැන යන එක මෙයාට නවත්තන්නම බෑ නේද ? 

හි..හි... දැන් ඒක පුරුද්දට ගිහින්. පැන පැනමයි ‍යන්න හිතෙන්නේ. 

පැන පැන යන එක නවත්තලා දැන් වත් හරියට දෙයක් කරන්න ඉගෙනගන්න.  

බලමුකෝ බලමුකො ට්‍රයි කරලා..



----------------------------------------------------
මේ .... මොනාද ඔය බෙල්ල දික් කර කර  බලන්නේ ? 

ඔයාලට ඉතින් මේවා කොහේ පේනවද ? මම ඉතින් යන්තම් උස වෙලා ඉපදුන හින්දා මේවා ලේසියෙන්ම බලා ගන්න පුළුවන්.
අපි ඉතින් කියන්නේ නෑ ඔය බෙල්ල දිග කමේ වාසි.  
හරි හරි දැන් ඔය කතාව නවත්තලා අහගන්නකෝ මම දැක්ක දේවල්.


----------------------------------------------------

හරිම බඩගිනියි අප්පා...මොනාහරි කෑවා නම් හොඳයි වගේ. 

දැන් නේද දවල්ට කෑම කෑවේ ? 

පිස්සුද... දවල්ට කෑම කාලා දැන් පැයක් විතර වෙනවා. 

ඔහොම කෑම කාලා නම් කෙට්ටු වෙන්න බෑ හැබැයි. 

හරි හරි.... හෙට ඉඳලා වැඩිය කන්නේ නෑ..

ඔය හෙට නම් කවදාවත් එන හෙටක් නෙවෙයි.. හි...හි... 

ම්හ්.. ඔහොම ඉන්නකෝ මම කෙට්ටු වෙලා පෙන්නන්න.
 ----------------------------------------------------
 මම මේ අවසාන වතාවට කියන්නේ. මීට පස්සේ මේ වගේ දෙයක් වෙන්න බෑ. දන්නවනේ මම කවුද කියලා. මාත් එක්ක වැඩ කරන එක ලේසි නෑ..

නෑ.. නෑ.. අපහු එහෙම දෙයක් අපේ අතින් වෙන්නේ නෑ. අපිට තව අවස්ථාවක් දෙන්න.

මට නිදහසට කාරණා ඕනේ නෑ. හොඳට මතක තියාගන්න මේ අන්තිම වතාව. වැඩේ කොහොමහරි කෙරෙන්න ඕනේ. 

හොඳයි... අපි ඒ විදිහටම කරන්නම්. .


 ----------------------------------------------------
අපි එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. එතකොට තමයි අපිට කණ්ඩායමක් විදිහට එන ඕනම ප්‍රශ්ණේකට මූණ දෙන්න පුළුවන් වෙන්නේ. 

ඔව් .. ඔව් .. ඔයා හරි.

හැමෝගේම අදහස් දෙන්න. ඊට පස්සේ කට්ටිය කතා කරලා හොඳ අදහස් තෝර ගම්මු. ම්... වැඩ ටික බෙදාගෙන තමන්ගේ වැඩේ උපරිමයෙන් කරන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ. 

 අපි ලෑස්තියි. අපි මේ දේ  හොඳට කරමු. .  





 හ්ම්.. ඒ ටික දෙනෙක් විතරයි. මේ ඉන්නේ අනිත් කට්ටිය.



අයියෝ... නෑ නෑ... සත්තු වත්තේ කට්ටිය නෙවෙයි... අපේ ඔපීසීයේ කට්ටිය.   

අපහාස කරන්න හිතාගෙන ලිව්ව නෙවෙයි. ඔපීසියේ එක එක අය දැක්කහම තුශානිට ඔය වගේ දේවල් හිතෙනවා. ඉතින් ඇත්තනේ නැද්ද හා ? 

තුශානිවත් අනිත් අයට ඔය වගේ පේනවා ඇති නේද.. හි..හි..
                      
තුශානිට පොඩි කාලේ ඉඳලා තියෙන තාම හොඳ කරගන්න බැරි වෙච්ච දරුණු ලෙඩක් මේ. මොනව කරන්නද... ඒ නිසා ඔන්න ඔහේ පේන දේවල් ගැන ටිකක් ලියන්න ඕනේ කියලා හිතලා තමයි මේ පොස්ට් එක ලිව්වේ. :-)
 
දැන් කියන්නකෝ බලන්න ඔයාලටත් මෙහෙම දේවල් පේනවද කියලා ?


42 comments:

  1. කලින් අර නදිනි කියල එකෙක් අපිව සත්තුන්ට දාලා සාස්තර කිව්වා. තුශානිත් ඒ වගේ දෙයක් පටන් අරන් වගේ.. හැක්.. හැබෑට එක කුකුලෙක්වත් නැද්ද

    ReplyDelete
    Replies
    1. අහ්... මම මේ කිව්වේ අපේ ඔපීසියේ අය ගැන..
      ම්... දේශ්වත් දැකලා තිබුනා නම් මොනාහරි කියන්න තිබුනා හි..හි...

      හපොයි ඉන්නවා ඉන්නවා... බලන්නකෝ වැදගත්ම කෙනෙක් අමතක වෙලානේ... :D

      Delete
    2. දේශක අවා නම් හරි එ අඩුවත් සම්පුර්ණයි ...

      Delete
    3. දේශාවත් දාන්න පුළුවන්.. මොකද කුළුහරකෙක් ව දැම්මේ නෑනේ තාම

      Delete
  2. ඇත්තටම අපි තුල සත්තු ගොඩක් ඉන්නවා තුශී. එහෙම වෙන්න එපායැ ඉතිං. සත්තුත් ඉන්නවා මනුස්ස ගති තියෙන. මීට කිට්ටුවෙන් යන එකක් ලියන්න හිතුනා.
    මොනා වුනත් අලුත් අදහසක්. නිර්මාණාත්මකයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු... තැන්කූ..

      නියමයි... ඉක්මනට ලියන්නකො එහෙනම්..

      Delete
    2. මදාවිය ලග ඉන්න සතා නම් මම දන්නවා.. :P

      Delete
    3. ඌ ගැන නං කව්රුත් දංනව කොබෝ

      Delete
  3. තුෂානිත් ඉන්නෙ අර අන්තිම පොටෝ ඒකෙ. දකුණු පැත්තේ යටින්ම. :D

    අප්පේ ඔපිස් වලද නැත්තෙ අමුතු අමුතු ජාතියේ කස්ටිය..

    මට මතකයි අපි එක කාලයක් ලොක්කන්ට නම් හැදුව. දැම්මේ මහදැන මුත්තගේ සෙට් ඒකෙ නම් . රබ්බඩ අයියා. කොටු කිතයියා නම් තවම වැඩ.. තව ලොක්කෙක් හිටිය තට්ටය කියල.. පස්සේ ආව කොන්දේ වවා ගත්තා කෙනෙක්. එයා කොන්ඩයා වුණා . කොයි ඔපිස් එකෙත් ඉන්න මුට්ටියෙක් අපෙත් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ආනේ.. අර ලස්සන සුදු හාවා නේද ... තැන්කු.... :D

      මේක කියෙව්වහමයි මතක් වුනේ... ඉස්සර මමත් වෝල් පේපර් එකට දාගෙන හිටියා අපේ ටීම් එකේ කට්ටිය. හැමෝම හිතුවේ ඒක නිකන් දාපු කාටුන් පින්තූරයක් කියලා.. බොසුත් දවසක් ඒක දැකලා ලස්සනයි කිව්වා... මමනේ දන්නේ ඒ ඉන්නේ කවුද කියලා නේද හි..හි...

      Delete
    2. නෑ මං හිතන්නේ අර රෝස පාට ඊරි පැටික්කි.. හිහ්..හිහ්... :-)

      Delete
    3. කල්‍යාණ මිත්‍ර , මමත් කිව්වේ ඒක තමයි . කොහෙද ඉතින් මේ ඊරි වම දකුණ මාරු කර ගෙනනෙ :D :D

      Delete
    4. @ මල් කොබා - හෆොයි... මේ.. එහෙම ඔට්ටු නෑ හරිද. ඉතින් ඔයා කිව්වේ ෆොටෝ එකේ දකුණ කියලනේ.... ඔයාගේ දකුණ නෙවෙයිනේ..

      Delete
    5. දැන් මෙතන තුනෙන් දෙකක් කියල තියෙන්නේ ෆොටෝ ඒකෙ දකුණ ගැන නෙමෙයි. ඒක හින්ද තුනෙන් දෙකේ බලයෙන් සම්මත වෙනවා . හික් හික් :P

      Delete
    6. :O හරිම අසාධාරණයි...

      මගේ පැත්තට කවුරුවත් නැද්දෝ... ( කෙනෙක්ව හොයමින් ..... )

      Delete
  4. ඇයි ඔයාලගේ ඔෆීසියේ නැද්ද එතකොට එක එක වෙලාවට පාට වෙනස් කරන අය, දකින දකින හැම ඕන එකයි එපා එකයි අතපත ගාල කොමෙන්ට් කරන වඳුරු කුලේ අය, දවල්ට කන්න කොච්චරවත් ලේන්නු වගේ පළතුරුම හොයන අය එහෙම.. ඔෆීස් කියන්නේ නියම සත්තු වත්තක් තමයි.. :-)

    ReplyDelete
    Replies
    1. :D ඉන්නවා. ඉන්නවා..

      දන්නවද... සත්තු කීපදෙනෙකුගේ ගති ලක්ෂණ තියෙන අයත් ඉන්නවා.. හි.හි..

      Delete
  5. තුශානිගේ සත්තුවත්ත බලන්නත් ආවා . රෑට නිදි මරල දවල් ඔෆිස් ඇවිත් නිදන බස්සෝ එහෙම නැද්ද ඔය පැත්තේ ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට..

      අහ්.. ඉන්නවා ඉන්නවා. කොච්චර නිදා ගත්තත් " මාර නිදිමතයි අනේ " කියලා හිටගෙන වුනත් නිදාගන්න බස්සෙකුත් ඉන්නවා.

      Delete
  6. ඔන්න ඔයාගෙ සත්තුවත්ත බැලුවා.මරු ඈ .තවත් අමුතු අමුතු සත්තු ඉදිරියට හමුවේවා.

    ReplyDelete
    Replies
    1. තැන්කු.... මං හිතුවේ මෙහෙම එක එක විදිහට පේන ලෙඩේ ඉක්මනටම හොඳ වේවා කියලා ප්‍රාර්ථනා කරයි කියලා .. :D

      Delete
  7. බලන් ගියාම හැමතැනම දෙබස් එකවගේ නොවෑ.

    ReplyDelete
    Replies
    1. හැම තැනම කිව්වේ මම ලියලා තියෙන විදිහද ? නැත්තම් හැම ඔපීසියේමද ?

      Delete
    2. නෑ නෑ, හැම ඔපීසියේම.

      Delete
    3. :) ඒකනේ මම කලින් හිතන් හිටියේ අපේ ඔපීසියේ විතරයි මෙහෙම කියලා.

      Delete
  8. සත්තු වත්තක්ම තමා ...ඔපිසියේ අය මෙවා (නො)දකිත්වා ....හැක්

    ReplyDelete
    Replies
    1. හපොයි... එහෙම වුනොත් බ්ලොග් ලියලා හමාරයි... :(

      Delete
  9. මට නම් වැඩ කරද්දී හිතෙන්නෙම අපි සෙට් එක හරියට ස්කුබි ඩූ ගැන් එක වගේ කියලමයි.. ඇයි කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..

    ReplyDelete
    Replies
    1. අහ්.. ඔව්.. ඔව්... ඩැෆ්නියි, වෙල්මයි, ෂැගියි ඔයත් එක්ක කොහොම වැඩ කරනවා ඇතිද කියලා අපිට හිතා ගන්න පුළුවන් ... හි..හි...

      Delete
  10. මම මේ කල්පනා කෙරුවේ මාව අපේ ඔෆිස් එකේ අනෙක් අයට මොන සතා වගේ පේනවා ඇතිද කියලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඕක මටත් තියෙන ලොකූ ප්‍රශ්ණයක්.. :D

      Delete
  11. ඇයි හත්තිලව්වේ තුශානි ඉන්නෙ සත්තුවත්තක කියල කලිං නොකීවෙ
    හිහි

    ReplyDelete
    Replies
    1. හි..හි.. කලින් කිව්වා නම් ඔයාටත් එන්නද ?

      Delete
  12. අපූරු දැක්මක්නෙ. ඔෆිස් එකෙ අනිත් අයට ඔයාව පේන හැටිත් අහල බලන්න.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඔයාවත් කැකුළු ගොමුවට...

      ඔව් ඔව්... වෙලාවක කාගෙන් හරි අහලා බලන්න ඕනේ.. හැබැයි මොනවා කියයිද දන්නේ නෑ. :D

      Delete
  13. නියමයි............. අදහස වැදගත්.... අගෙයි තුශානි

    ReplyDelete
  14. ජිරාෆ්ගෙ බෙල්ල දික් උනේ ඇයි දන්නවද..ජිරාෆ්ගෙ ඔලුව ශරීරයේ ඉදන් ගොඩාක් උසින්...ඒ නිසා මේ දෙපැත්ත සම්බන්ධ කරන්න දිග බෙල්ලක් උවමනා උනා.

    ReplyDelete
    Replies
    1. ම්... මම අහල තියෙන කතාව නම් මීට වෙනස්.. වෙලාවක පොස්ට් එකකින්ම ඒ කතාවත් කියන්නම්කෝ... :-)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...