Monday, August 17, 2015

87. බෝම සැලකිලි අද මට ...


කළුවරේ පාළුවේ තනියම
දූවිල්ලේ කාමරේ මුල්ලක
හිටි කාලේ විරාමය ලැබ ගෙන
බෝම  සැලකිලි අද මට  

මකුළු දැල් පිස දාගෙන
අළුත් පැහැ තවරා ගෙන
දෝතින්ම තුරුළු කර මා ගත
ගෙන ගියා පුරුදු ගම්මානේට

පිරුවටය එළු මේසේ මත
තබා බෝ ගරු සරුව හැම දෙන
හතේ කණිසම වෙනකොට
වැඳ මනාපය දුන්නා මට  

පෝලිමේ පෙළ ගැහී හැම දෙන
මනාපය ම' වෙත දෙනවිට
ඇමති වරු මා අසල හිඳගෙන
ඡායා රූප හරි හරියට

මා දෙසම නෙත් යොමා අවසන
හතරේ කණිසම වන විට
යලිත් දෝතින්ම ගෙන මම
යයි පැතුම් පොදි බැඳගෙන

අයෙක් ජය පැන් බොන විට
කෙනෙකු පරදියි අද දින
රාජකාරිය නිම කර
මා නැවත යනවා අඳුරු කුටියට
 


25 comments:

  1. අවුරුදු පහකට වරක් ජනතාව රට වෙන දිනය.......... හැබැයි කියන්නේ නම් අපි ජනතා පරමාධිපත්‍යය හිමි ජනතාව කියලා.... හෙට ඉදලා බලාගත්ත අැහැකි පරමාධිපත්‍යය......

    ReplyDelete
    Replies
    1. :) දේශපාලනේ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. ඒකයි වෙනස් දෙයක් ලියන්න හිතුවේ..

      Delete
  2. අනේ පව්. ඔය මේ සැරේ එලියට ආවෙ මාස 8කට පස්සේ. හැබැයි ආයේ කලුවර කාඹරෙන් ලඟදිම එන්න හම්බෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. :) ඒකනේ.. ඡන්දයක් තියෙන්නම එපැයි ආපහු එලියට එන්න.

      Delete
  3. ඒ වුනාට මේ එළියෙ වෙන ඒව ඇහෙනව නං ලොවෙත් එළියට එන්න හිතන්නෙ නෑ කෙලිංම වර්ජනය කරනව හිහික්

    ReplyDelete
  4. පොලිස් රැකවරණ මැද
    කොහොමද අද උඹේ උජාරුව.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒත් හෙටින් පස්සේ අමතකයි ආපහු ඡන්දයක් එනකන්..

      Delete
  5. අම්මප අද ඕකට හොඳ සැලකිලි තමයි. මං දැක්කා අද කිරි අම්ම කෙනෙක් ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දාලා අත්දෙක එකතු කරලා වඳිනවා. පිං පෙට්ටියට වගේ. කොහොම හරි අද මටත් සැලකිලි තමයි නිරීක්ෂණෙට ගිය හින්දා....

    ReplyDelete
    Replies
    1. පංසල් වලට ආධාර කරපු පුරුද්ද බං. රතිංඤයක් අටෝපංකො කිරි අම්මගේ හුළු අත්තට.

      Delete
    2. @ ‍යශ්‍යන්ත - :) මමත් දැකලා තියෙනවා.
      රණ්ඩුවක් දෙකක් තිබුනා නම් හොඳට සැලකිලි හම්බවෙයි නේද .. :D

      Delete
    3. @ මධු - යශ්‍යන්තට රතිංඤ අටෝන වැඩ පුරුදුයි නේ හි.. හි..

      Delete
    4. මධු,
      අසමජ්ජාතියා... පව් බං කිරි අම්මා.... :D

      තුශානි,
      රන්ඩුවක් ගියානම් මං තමයි මුලින්ම ඡන්ද පොළෙන් පැනලා දුවන එකා....

      Delete
  6. Replies
    1. ආපහු කවදා දකින්න ලැබෙයිද :(

      Delete
  7. වෙනදා වගේ යහමින් ඔය පෙස්ටිය මේ පාර දූෂණය වෙලා නැතුව ඇති.

    ReplyDelete
  8. කඩදහි මනාපයෙන් මා අද
    ලැබූමුත් සැලකිලි ගරූ නෙක
    එකදු කඩදහියකින් වත් ඔබ
    ලබා දී නැත මනාපේ මට

    එහෙත් කම් නැත තරහ නැහැ මම
    හිතට දුක ඔබ මටත් නොකියම
    හොරු ගොඩක් මැද මිනිස්කම ඇති
    එකෙක් දෙන්නෙක් පත් කරන් ඇත

    ReplyDelete
    Replies
    1. අපූරුයි තෙලිදිය.. ස්තූතියි..

      Delete
  9. හම්මේ පෙට්ටිය...

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඡන්ද පෙට්ටිය..

      Delete
  10. ආපහු ළඟදීම එලියට එයි ප්‍රාදේශීය සභා තියනවනේ

    ReplyDelete
    Replies
    1. අහ්.. ඔව්නේ ඔව්නේ... ෂැගී කාලේකින් මේ පැත්තේ..

      Delete
  11. ඉන්න නරක පාලකයො වෙනුවට ඊට වඩා නරකින් අඩු අය තෝරගන්න එකට ඡන්දය කියන්නෙ. මොකද නරකක් නැති උන් අපේ දේශපාලන භූමිකාවෙ නැති නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... සාපේක්ෂව හොඳ අය තමයි තෝර ගන්න වෙන්නේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...