Wednesday, March 2, 2016

98. හිනා වෙන මිනිස්සු ...




කෙනෙක් හිනා වෙන විදි ගොඩක් තියෙනවා.

ඇස් වලින් හිනා වෙනවා
දත් පේන්න හිනා වෙනවා
දත් නොපෙනෙන්න හිනා වෙනවා
කෑ ගහලා හිනා වෙනවා
කිසිම සද්දයක් කරන්නේ නැතුව හිනා වෙනවා

ලැජ්ජාවෙන් මුණ රතු කරගෙන හිනා වෙනවා
අතින් කට වහගෙන හිනා වෙනවා

ඇස් දෙකේ කඳුලු පුරෝගෙන හිනා වෙනවා
බඩ අල්ලගෙන හිනා වෙනවා

එහෙම නේද ?  


ඒ වගේම කෙකෙන් ඇයි හිනා වෙන්නේ කියලා ඇහුවොත් හිනා වෙන්නේ ඇයි කියන්න හේතු ගොඩකුත් තියෙනවා

හිතේ සතුටට හිනා වෙනවා
අපහාසෙට හිනා වෙනවා
තරහ ගස්සන්න හිනා වෙනවා
හිතින් වට්ටන්න හිනා වෙනවා
දුක වහ ගන්න හිනා වෙනවා
බොරුවට
හිනා වෙනවා

මූනිච්චාවට හිනා වෙනවා

එහෙම නේද ?  
 
එකම කෙනෙක් එකම අවස්ථාවකදී මේ කිව්ව විදි කීපයකින් වුනත් හිනා වෙන්න පුළුවන්.

ඔව්..  ලස්සන හිනාවක් දකින්න අපි කවුරුත් කැමතියි. හැම තිස්සෙම මූණේ හිනාවක් තියෙන එකත් බොහොම හොඳයි. ඒත් ඒ හිනාව තව කෙනෙක්ට වේදනාවක් දෙන හිනාවක් නොවෙනවා නම් තමයි ඒ හිනාව හුඟක් වටින්නේ. මොකද හිනාවකට පුළුවන් කෙනෙක්ව සතුටු කරන්න වගේම තවත් කෙනෙක් අඬවන්න. 

ඒ නිසා හැම තිස්සෙම හැම දේටම හිනා වෙනවට වඩා හදවතින්ම හිනා වෙන්න පුළුවන් නම් විතරක් හිනා වෙන එක නේද හොඳ. 

ටිකක් හිතලා බලන්නකෝ...

23 comments:

  1. ලංකාවේ මිනිස්සු කොහොමත් හිනාවෙන්න හරි ප්‍රියයිලු... නිකං දෙන්න හැකි දේ කියලානේ ඕකට කියන්නේ...... මොනවා වුණත් හිතේ සිනහවක් නැතුව නං හිනාවීම ටිකක් අවුල් තමා....

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුටු... මාත් හිතන්නේ ඕන දේටයි එපා දේටයි දෙකටම හිනා වෙන එක සුදුසු නෑ කියලා ...

      Delete
  2. මම නම් ඉතිං ඔයාලව එහෙම දැක්කත් හිනාවෙන්නේ නෑ, අපි ආඩම්බර පොරවල් , ඕ යේස්

    ReplyDelete
    Replies
    1. අහ්... ඒ ආඩම්බර කමටද ?

      මන් හිතුවේ හිනා වෙන්න දන්නේ නැති නිසා වෙන්න ඇති කියලා හිනා වුනේ නැත්තේ :P

      Delete
    2. නෑ මේ ගෙම්බගේ දත් නැලු හිනා වෙන්න

      Delete
  3. ඔය හිනාව කියන එක මා ලඟ ඇත්තෙම නෑ. හිනා වෙන්නෙත් නෑ. හිනා වෙන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. :O එහෙමද ... බලමුකෝ ආපහු හම්බුනාම....

      Delete
  4. පොඩි හිනාවක් දාලා කොන්දොස්තරගෙන් ඉතිරි රුපියල (කවදාවත් නොදෙන) ඉල්ලගත්ත බ්ලොග් කාරයොත් ඉන්න රටක් නේ මේක..

    ReplyDelete
  5. ඔය එක එක ආකාරෙ හිනා ගැන මර්සි එදිරිසිංහ මහත්මිය කියපු වීඩියෝ එකක් නෙට් එකේ කොහේ හරි තිබිල දැක්කා.

    ReplyDelete
    Replies
    1. එහෙමද... ටිකක් හොයලා බලන්න ඕනේ... ස්තූතියි තොරතුරට..

      Delete
  6. ඔව් අනේ. දුකටත් බොනවා, සතුටටත් බොනවා, ඒ මොකුත් නැතුව for the hell of it කියලත් බොනවා. ඒ බීලත් one for the road කියලා තවත් එකක් දාගෙන වැනි වැනී හිනා වෙවී යනවා.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ඩූඩ්...

      අන්තිමට මොකක් හරි වුනාම " අනේ මම ඒ ගැන එච්චර හිතලා කලේ නෑ.. " කියලා තමයි කියන්නේ..

      Delete
  7. හිනාවෙලා ඉන්න අනේ. හිනාවෙන්නේ නැති ගෑණුළමයි හෙන හපුටුයි. අර මනෝ මන්දිරයා මේ පැත්තේ ආවනම් හතර හිනා ගැන ලස්සනට කියලාදෙයි.

    ReplyDelete
    Replies
    1. හි..හි... හැබැයි ඉතින් හිනා වෙවී ඉන්න ගිහින් වෙන ඇබැද්දිත් එමටයි...

      කිව්වත් වගේ මනෝ මන්දිර පේන්න නෑ නේද ...

      Delete
  8. දැන් කවුද ඔයාට එහෙම හිනා උනේ......?

    ReplyDelete
    Replies
    1. ඔය හැම විදිහටම මටත් හිනා වෙන අය ඕන තරම් ඉන්නවා උන්නැහේ...

      Delete
  9. කාලෙකට කලින් රුපවාහිනී වැඩසටහනකට ආපු "මර්සි එදිරිසිංහ" ඔය තුශානි කියලා තියෙන එක එක විදියට හිනාවෙලා පෙන්නුවා මතකයි.

    කාටවත් හිනා නොවී හදවතින් හිනා වෙන්නයි මමත් කැමති.

    ReplyDelete
    Replies
    1. ඒ වැඩසටහන නම් දැකලා නෑ...

      මර්සි එදිරිසිංහ කියන්නේ හඬ හැසිරවීමේ කලාවේ ඉදිරියෙන්ම හිටිය බොහොම දක්ෂ ශිල්පිනියක්. ඇයත් එක්ක කටයුතු කරන්න මටත් අවස්තාව ලැබුන නිසා ඇගේ මේ හැකියාවන් සජීවීව දකින්න නම් මට පුළුවන් වුනා...

      ඔව් මනෝජ්... කාටවත් හිනා නොවී හදවතින් හිනා වෙන්නයි අපි උත්සාහ කරන්න ඕනේ..

      Delete
  10. මම නම් ඕං හදවතින් හිනා වෙන කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් හොඳයි... එහෙම අය අද හරි අඩුයි...

      Delete
  11. කතා නොකලත් අපිත් දකින දකින හැමෝමත් එක්ක හිනා වෙනවා. හිනාව නිසා අපිට ගොඩක් දේවල් හම්බ වෙනවා කියලා මන් අහලා තියෙනවා. ආයුශත් වැඩි වෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්... හැබැයි ඒ හදවතින්ම හිනා වුනොත් විතරයි..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...