Friday, July 8, 2016

107. සුබම සුබ උපන්දිනයක් අම්මා ....

රන් තෝඩු මා කණ පලන්දා
හැඩ බලන කොට එදා අම්මා
ඇයි අම්මේ මේ ඇහුවා මතකයි
ඇහේ සීතල කඳුළු පිහලා ...

රන් මාලයක් ගෙල පලන්දා
දෙ අත් වල රන් වලලු පලදා
සිර කරන් නෙත් අගේ කඳුලක්
දූ මගේ දැන් ලොකුයි කීවා ...

රන් තැල්ල සීරුවෙන් තියලා
දෙකොපුලේ මුදු හාදු තියලා
කඳුළු රහසේ හංග ගත්තා
සතුට එක්කම දුකක් දැනිලා ... 





මම ගෙදර නැති අඩුව වෙනදටත් වඩා අද අම්මට දැනෙනවා ඇති. කොයි තරම ඈතක හිටියත් හැමදාම වගේම මේ සැරෙත් මම සුබම සුබ උපන්දිනයකට සුබ පතන බව අම්මට දැනෙනවා කියලා මම දන්නවා.  

සුබ උපන්දිනයක් අම්මා .... 


26 comments:

  1. ආ මේ තුෂානි නේද?මඟුල් කාල හැංගිලා හිටිය නේද ?ලියන්නකො ඒ විස්තර ටික සහ ඔයාගෙ අලුත් ජීවිතය ගැන තොරතුරු.කාලෙකිං මොකුත් ලිව්වෙත් නෑ නේද?
    අම්මාට සුබ උපන් දිනයක් පතමි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... තුශානි තමයි.. හි..හි...

      ඒකනේ හැලපතුමා... පහුගිය ටිකේ මුකුත්ම ලියන්න බැරි වුනා. අනිවාර්යයෙන්ම විස්තර ලියන්නම්කෝ.... :)

      බොහොම ස්තූතියි සුබ පැතුම් වලට...

      Delete
  2. happy birthday mom , and congratzzz to Veda hamine too :P

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ... හැබැයි Congratzz කියලා හරියන්නෙ නෑ.. හොඳ වුනාම ගාන ගෙවන්න වෙයි හරිද ... :P

      Delete
  3. අම්මාට සුබ උපන් දිනයක්...!

    දුවට සුබ අනාගතයක්....!

    ReplyDelete
    Replies
    1. ඔය පුතාටත් සුභ අනාගතයක්.. කට්ටිය ඔක්කොම හිතුවේ උඹල දෙන්න බැඳලා කියලනේ.. කවුද කදප්පුලියෙක් එහෙම පෝස්ට් එකක් දාල.. හැක්..

      Delete
    2. ස්තුතියි මාමේ...:)

      ඒ පුවත වාර්තා කරපු කඩප්පුලි මාධ්‍යවේදියා ඒ ආසන්න දිනයකදීම මැර ප්‍රහාරයකට ලක් වෙලත් තිබ්බා.හැබැයි එක වර්තා කෙරුවේ නම් අනතුරක් කියලා....:D

      Delete
    3. බොහොම ස්තූතියි මනෝජ්... අලුත් ජීවිතේට ඔයාටත් සුබ පැතුම්...

      හි..හි... බැලුවහම වාර්තා වෙලා තියෙන්නෙම හරි ඒවා නෙවෙයි ද කොහෙද... ;)

      Delete
    4. @ කළන - බැරිද ඔය එහෙම කියපු කෙනාව මට පොඩ්ඩක් හොයලා දෙන්න ? ;)

      Delete
  4. සුභම සුභ උපන් දිනයක් එකක් අම්මා! රුව ඇති දුවෙක් හදපු සන්තොසේත් තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      හි..හි... කරදර ටිකක් අඩු එකට නම් සන්තෝස් ඇති... ;)

      Delete
  5. ඔබේ මෑණියන්ට සුභ උපන් දිනයක් පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩුඩ්...

      Delete
  6. අලුත් ජීවිතය සතුටින්, ආදරයෙන් පිරෙන්න කියල හදවතින්ම සුබ පතනවා තුෂා...

    ReplyDelete
    Replies
    1. අම්මටත් සුබ ම සුබ උපන්දිනයක්....

      Delete
    2. සුබ පැතුම් දෙකටම බොහොම ස්තූතියි ....

      Delete
  7. ආ මේ ඇවිත්තියෙන්නේ තුශානි අක්කා.... හොඳ වෙලාවට අම්මාගේ උපන්දිනේ ආවේ.. නැත්තන් මෙහෙමවත් ලියවෙන්නෙත් නෑනේද...

    ReplyDelete
    Replies
    1. හි..හි.. ඒක නම් ඇත්ත නිර්මාණි... :)

      Delete
  8. එක එක බාෂාවෙන් අම්මා හදුන්වන විදිහ වෙනස් උනාට හැම අම්ම කෙනෙක්ම මේවගේ තමයි...

    මට මේක කියවනකොට මගෙ අම්මා මතක් උනා...

    අම්මාට සුභම සුභ උපන්දිනයක් වේවා...

    තුශානි අක්කාටත් නව දිවිය සුන්දර වේවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ... මේ ලෝකෙ එලිය දකින්නත් කලින්, හුස්ම වැටෙන්න පටන් ගත්ත දවසෙ ඉඳලා දරුවෙක් හැදෙන්නෙ අම්මගෙ උණුසුමේ. ඒ නිසා අම්මකෙනෙක් සහ දරුවෙක් අතර හරි පුදුමාකාර බැඳීමක් ඇති වෙනවා.

      නිර්මාණිගෙ අම්මටත් මේ වගේ හිතෙන දවසක් එයි. :)

      බොහොම ස්තූතියි සුබ පැතුම් දෙකටම...

      Delete
  9. අම්මාට සුබ උපන් දිනයක්

    ReplyDelete
    Replies
    1. රෙහානි කාලේකින්... බොහොම ස්තූතියි ...

      Delete
  10. අපේ ගෑණි අපේ ගෙදර එක්කගෙන ආපු අළුත මෙන්න හිටි ගමන් හෝ ගාල අඬනවා. බැලින්නං අම්ම මතක් වෙලා. පට ගාල රෑම එක්කගෙන ගියා එහෙ.. අම්මාට සුභ උපන්දිනයක්..

    ReplyDelete
    Replies
    1. බැලුවහම හැමෝම එක වගේද කොහොද... හි.. හි... හයි වේ එකට පින් සිද්ද වෙන්න පැය බාගෙ දුර නිසා, අපිත් ඉතින් මතක් වෙනකොට ගෙදර දුවනවලු :)

      බොහොම ස්තූතියි සජ්ජා...

      Delete
  11. තුශානි අක්කගෙ අම්මට සුබම සුබ උපන්දිනයක්.. අක්කටත් වාසනාවන්ත ජීවිතයක්.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතූ.... :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...