Saturday, December 31, 2016

119. ලස්සන අවුරුද්දක් ගෙනාවට ඔබට ස්තූතියි 2016 ...




අද 2016 අවුරුද්දේ අන්තිම දවස... 

2016 අවුරුද්ද කියන්නෙ තුශානිගේ ජීවිතේ අමතක නොවන බොහොම වැදගත් අවුරුද්දක්. ඒ නිසාම ආපස්සට හැරිලා අවුරුද්ද දිහා බැලුවහම මතකෙට එන දේවල් බොහෝමයක් තුශානි තියෙනවා.

ජීවිතේ ගොඩාක් දුක් වෙච්ච අවස්ථා වගේම ජීවිතේ ගොඩාක් සතුටු වෙච්ච අවස්ථාත් එක්ක ජීවිතේ බෙදාගන්න ආදරණීය අත්වැලක් ලැබීම 2016 අවුරුද්ද සුවිශේෂි අවුරුද්දක් වෙන්න හේතු උනා. 

කාලයක් අසනීපෙන් හිටිය තාත්තව පූර්ණ සුව තත්වෙකට ගෙන්නත්. අම්මත් එක්ක තාත්තව දඹදිව යවලා හිතේ හැටියට වන්දනාමාන කරගෙන එන්න යවන්න පුළුවන් වීමත් 2016 වසරේ තුශානිගේ හිතේ තිබුනු හීන හැබෑ කරගත්ත අමතක නොවන අවස්ථා.  

ඒ වගේම තුශානිත් ලංකාව වටේ නොගියපු හැම තැනකම වගේ අවිද්ද අවුරුද්දකුත් මේක. ඒත් එක්කම එක එක විදිහේ බාහිර වැඩ ගොඩක් එක්ක බොහොම කාර්යබහුල වුන අවුරුද්දකුත් තමයි 2016.

ජීවිතේ සිද්වෙන සමහර දේවල් අපිට හිතා ගන්නවත් බැරි පුදුම දේවල් කියන එක තුශානි පොඩි කාලේ ඉඳලම විශ්වාස කරන දෙයක්. ඒ උනත් අපි කෙනෙක්ට වරදක් නොකරනවා නම් ඒ ආශිර්වාදය අපේ ජීවිතයට ලැබිලා අපේ ජීවිත සාර්ථක කරනවා කියන එක ගෙවුනු 2016 අවුරුද්දේ තුශානි අත්වින්ද දෙයක්. 

ඉතින් 2016 ගැන ආපස්සට හැරිලා බැලුවහම හුඟක් සතුටුයි. හීනෙකෙන් වත් නොහිතපු වසරක් අරගෙන ආවට ඔබට බොහොම ස්තූතියි 2016 

ඒ වගේම ලබන්නවූ 2017 වසර බොහොම සාදරෙයෙන් පිලිගන්නත්, මගේ බ්ලොග් යාළුවො හැම කෙනෙක්ටම 2017 වසරත් සුබම සුබ වසරක් වේවායි සුබ පතන්නත් තුශානි මේක අවස්ථාවක් කර ගන්නවා. 

 




ප.ලි. - හපොයි.... ගොඩක් දවස්කින් මුකුත් ලියන්න බැරි උන නිසා ලියන්න දැන් ටිකක් කම්මැලි වෙලාලු මම. හි..හි...

26 comments:

  1. 2017 නව වසර කම්මැලිකමෙන් තොර ලියන්නට හැකිවන සුබ නව වසරක්ම වේවා

    ReplyDelete
    Replies
    1. හි.. හි.. බොහොම ස්තූතියි...

      ඔයාටත් 2017 සුබ නව වසරක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා...

      Delete
  2. අක්කටත් 2017 නව වසර සාමය සතුට පිරුණු වසරක්ම වේවා...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිර්මාණී...

      Delete
  3. පුංචි කැකුළු මල් සුවඳ වැඩි වැඩියෙන් විහිදෙන සුභ 2017 ක් වේවා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඔයාටත් සුබම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා...

      Delete
  4. මටත් හිතයි කසාද බැඳලා බලන්න

    ReplyDelete
    Replies
    1. හි.හි.. එහෙනම් වයිෆ් ගෙන අහල බලන්නකෝ...

      Delete
  5. සුබම සුබ 2017ක් වේවා තුෂානිටත්

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කසුන්...

      Delete
  6. 2016 තුශානිගෙ ජීවිතේ වෙනස් කළ අවුරුද්දක් නිසා හොඳට මතකේ තියේවි. ඒ වගේම 2017 සුබම සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපතුමා.. බොහොම ස්තූතියි... හැලප පවුලේ සියළු දෙනාටමත් සුබම සුබ නව වසරකට ආසිරි පතනවා..

      Delete
  7. //ජීවිතේ සිද්ද වෙන සමහර දේවල් අපිට හිතා ගන්නවත් බැරි පුදුම දේවල් //

    ඒ්ක නම් 100% ක් ඇත්ත.

    //අපි කෙනෙක්ට වරදක් නොකරනවා නම් ඒ ආශිර්වාදය අපේ ජීවිතයට ලැබිලා අපේ ජීවිත සාර්ථක කරනවා//

    ඇත්තම කියනවා නම් ඔය ටික තමා මගේ ආදර්ශ පාඨය...

    සහෝදරීටත් සුභම සුභ 2017 ක් වේවා... ජය !!!

    ReplyDelete
    Replies
    1. ඔව් චතුරංග.. ඒ දේවල් මමත් හොඳට අත්විඳපු දේවල්...

      ඔයාටත් සුබම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා...

      Delete
  8. ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා කියල පතනවා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. ඔයාටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා...

      Delete
  9. සුබ ම සුබ අලුත් අවුරුද්දක් අක්කේ.. වාසනාවෙන් පිරුණු ලස්සන වසරක් වේවා ඔයාටත් මහත්තයා පොඩ්ඩටත් දෙමව්පියන්ටත්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගෝ...

      ඔයාටත් පවුලේ සියළුම දෙනාටත් සුබම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා...

      Delete
  10. පුංචි කැකුළු මල් ගොමුවෙන් බ්ලොග් ලොව සුවද කරවන්නට තුශානි ඇතුලු පුලේ සියලු දෙනාටම සියලු දුක්ඛ දෝමනස්සයන් දුරීභූතව සුබම සුබ ජයෙන් ජයම පිරි නිරෝගිමත් නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අසංග අයියේ...

      ඔයාටත් පවුලේ සියළුම දෙනාටත් එසේම වේවා.. සුබම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා...

      Delete
  11. 2016 ජයයිනේ....

    2017 ත් ඒ වගේම ප්‍රීතිමත්, සාර්ථක නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පවුලේ සියළුම දෙනාටත් සුබම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා...

      Delete
  12. නීරෝගී වාසනාවන්ත ආදරය පිරුනු සුබම සුබ නව වසරක් වේවා.ඔයා ගෙ අතින් මේ වසරෙත් ලස්සන නිර්මාන බිහිවේවා.

    ReplyDelete
    Replies
    1. පැතුමට බොහොම ස්තූතියි.. ඔයාටත් නීරෝගී වාසනාවන්ත ආදරය පිරුනු සුබම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා...

      ඒ වගේම කටකාරි අතින් ලියවෙන නිර්මාණ කියවන්නත් අපි බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා..

      Delete
  13. 2016 වගේම උදා වුන වසරත් ඔයාට අලුත් බලාපොරොත්තු පිරුන ඒ බලාපොරොත්තු ඉටුවන වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශානි... ඔයාටත් පවුලේ සියළුම දෙනාටත් සුබම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...