රොබින් කියන්නේ රෝසි නෝනා හුඟක්
ආදරය කරන, දුකේදි සැපේදි රෝසි නෝනා ලඟම ඉන්න කෙනෙක්. රොබින් කිව්වේ රෝසි
නෝනගේ මහත්තය කියලා ඔන්න පටලව ගන්න එහෙම එපා..
රෝසි නෝනගෙ මහත්තයා සෑම් පෙරකදෝරු මහත්තයෙක්.රොබින් රෝසි නෝනගේ ආදරය දිනාගෙන බොහොම සැපට හැදුනු බලු රාළ කෙනෙක්.
රෝසි නෝනගෙ මහත්තයා සෑම් පෙරකදෝරු මහත්තයෙක්.රොබින් රෝසි නෝනගේ ආදරය දිනාගෙන බොහොම සැපට හැදුනු බලු රාළ කෙනෙක්.
මේ ඉන්නේ රොබින් .....
ඔන්න ඉතින් දවසක් රෝසි නෝනා රොබින් වත් එක්කරගෙන ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න මාර්කට් එකට ගියා.
එක අතකින් කුඩේත් අනිත් අතින් මාර්කට් ගෙනියන බෑග් එකත් අරගෙන අඩි උස සෙරප්පු දාගෙන රෝසි නෝනා ඇවිදින තාලෙටම රොබිනුත් රෝසි නෝන පස්සෙන් බොහොම උජාරුවෙන් තමයි මාර්කට් ගියේ.
මීට කලින් රෝසි නෝනත් එක්ක මාර්කට් ගිහින් නැති නිසා මාර්කට් ගමන රොබින්ට අලුත් අත්දැකීමක්. ඉතින් පාරේ තියෙන එක එක විදිහෙ දේවල දිහා ටිකක් ඕන කමින් බල බල ගියත් පාරේ හිටිය අනික් බලු රාළලා ලගින් යද්දි නම් රොබින් ටිකක් ආඩම්බර කමින් තමයි ගියේ.
දන්නවනේ ඉතින් කාන්තා පාර්ශවයේ අය බඩු ගන්න ගියාම කොහොමද කියලා. ඉතින් ඒ වගේ රෝසි නෝනත් එයාට උවමනා දේවල් තෝර තෝර තැනින් තැනට ගියා.
කොහොමින් කොහොමහරි ටික වෙලාවක් ගිහින් රෝසි නෝනා රොබින්ව හොයන කොට රොබින් පේන්න හිටියේ නෑ..
" රොබීන් ... රොබීබීන්.. වෙයර්ආයු... "
" රොබීන් ... රොබීබීන්.. වෙයර්ආයු... "
කිය කිය රෝසි නෝනා හැම තැනම රොබින්ව පැය ගානක් හෙව්වත් හොයාගන්න පුළුවන් වුනේ නැති නිසා අන්තිමට රෝසි නෝනා බොහොම දුකෙන් ගෙදර ගියා.
රෝසි නෝනා රොබින්ට හුඟක් ආදරෙයි කියලා මම කලින් කිව්වනේ. ඒ නිසා සල්ලි ගැන වත් හිතන්නේ නැතුව රොබින් හොයලා දුන්න කෙනෙක්ට රුපියල් 10,000.00 ක් දෙනවා කියලා ලොකු අකුරින් ලියලා පොස්ටර් එකක් ගහලා ටවුම පුරාම අලවන්න කටයුතු කළා.
ඔන්න ඔයාලටත් කොහේදිහරි රොබින්ව දකින්න හම්බුනොත් ඉක්මනින්ම රෝසි නෝනට දැනුම් දීලා සල්ලි ඉල්ල ගන්න. තාම රොබින් හම්බවුනේ නැති නිසා ඉතුරු විස්තරේ කියන්න වෙන්නේ ඊළඟ කොටසෙදි තමයි කියලා මතු සම්බන්ධයි දැම්මොත් බැනුම් කෝටියක් අහන වෙන හින්දා කතාවේ ඉතුරු ටිකත් අදම ලියන්න හිතුවා.
රෝසි නෝනව මග ඇරිලා ටවුමේ අතරමං වෙච්ච රොබින් සිරිපාල අහම්බෙන් වගේ දැක්කා.. සිරිපාල රොබින්ව දන්නේ එයා රෝසි නෝනගේ වත්තේ දවස් කීපයක් වැඩ කරන්න ගිහින් තිබුන නිසා. ඉතින් සිරිපාල රොබින් වත් එක්කගෙන රෝසි නෝනගේ ගෙදර ගියා. හැබැයි රොබින් හොයලා දෙන කෙනෙක්ට සල්ලි දෙනවා කියලා රෝසි නෝනා පෝස්ටර් ගහපු බවක් නම් සිරිපාල දැන්ගෙන හිටියේ නෑ.
රොබින්ව දැක්ක ගමන් රෝසි නෝනගේ සතුට ඉහවහ ගියා.. රොබිනුත් දුවලා දුවලා ගිහින් රෝසි නෝනා වටේ කැරකි කැරකි සතුට ප්රකාශ කලා. මේ සතුටත් එක්ක තෑග්ග ගැන රෝසි නෝනට අමතක වෙලා ගියා.. ඊටත් සිරිපාල ඒ ගැන දැනගෙන හිටියෙත් නෑ නේ.
ඉතින් ඊට දවස් කීපයකට පස්සේ සිරිපාලට මේ තෑග්ගේ කතාව දැන ගන්න ලැබිලා අපහු රෝසි නෝනා හොයාගෙන ආවා. රෝසි නෝනා තෑග්ග දෙන්න හිතුවත් එයාගේ මහත්තයා ඒකට කැමති වුනේ නෑ.එයා ඉතින් පෙරකදෝරු මහත්ත්යෙක් නේ.. එයා මේක දිහා බැලුවේ තවත් එක නඩුවක් විදිහට. එයා කිව්වේ සිරිපාල තෑග්ග ගැන දැනගෙන හිටියේ නැති නිසා එයාල අතර වලංගු ගිවිසුමක් නෑ කියලා. ඒ නිසා තෑග්ග දෙන්න ඕනේ නෑ කියලා.
තෑග්ග ලැබෙන්න නම් දෙපාර්ශවයම අතරේ වලංගු ගිවිසුමක් තියෙන්න ඕනේ.. සරළව කියනව නම් තෑග්ග ගැන සන්නිවේදනය වෙලා තියෙන්න ඕනේ.. නීතියේ හැටියට කියනව නම් වලංගු ගිවිසුමක අර්පණයක් අර්පණලාභියාට මැනවින් සන්නිවේදනය වී තියෙන්න ඕනේ.. පෙරකදෝරුතුමා විස්තර කළා.
කොහොමින් කොහොම හරි සිරිපාලට තෑග්ග නම් හම්බවුනේ නෑ.

ඒ නිසා ඔයාලත් මේ වගේ කාටහරි මොනාහරි හොයලා දීලා තෑග්ගක් ගන්න හිතාගෙන ඉන්නවනම්, තෑග්ගක් දෙනවද කියලා කලින් ටිකක් හොයලා බලලා දැන ගන්න වෙනවා :):) නැත්තම් තෑගි නෑ හොඳේ ...