පෑනේ මිතුරෝ ගැන එකපාරටම මතක් වුනේ පහුගිය දවසක පොත් රාක්කේ තිබිලා හම්බවුනු ලියූම් ගොන්නක් දැක්කහමයි. ඒ අතරේ තිබ්බ ලස්සන ලස්සන පොස්ට් කාඩ්, මුද්දර, පුංචි සමරු තිලිණ, අතරේ හිරවෙලා තුශානි අවුරුදු කීපයක් ආපස්සට ගියා හරියට කාල තරණ බලයක් ලැබිලා වගේ..
පෑනේ මිතුරෝ කිව්වහම අපේ හිතට එන්නේ
ලියුම් ගනුදෙනුවකින් හඳුනගත්ත නොදුටු මිතුරෝ කියන හැඟීම. මේ නොදුටු
මිතුරුකම තමන්ගේ රට ඇතුලේ වගේම මුහුදෙන් එහා ඈත රටවල මිතුරු මිතුරියෝ එක්ක
වෙන්නත් පුළුවන්. බ්ලොග් අවකාශය තුල වුනත් හුඟක් වෙලාවට අපි එක එක්කෙනා
හැබැහින් දැකලා කතාබහ කරලා නැති නිසා ඒ මිතුරුකම වුනත් පෑනේ මිතුරුකමක්
විදිහට හඳුන්වන්න පුළුවන්.
පුංචි
කාලේදී නම් තුශානි පෑනේ මිතුරෝ කියලා හිතාගෙන හිටියේ, මුහුදෙන් එහා රටක
ජීවත් වෙන, ඉංගීරීසි පන්නෙට හැදුනු, අපිට වඩා වෙනස්ම විදිහකට ජීවත් වෙන
කට්ටියක් කියලා. ඒ හිතපු විදිහට පෑනේ මිතුරියක් හොයාගන්න ඕනේ කියන අදහස තුශානිට
ආවේ 6 පන්තියේ ඉගෙන ගනිද්දී. තුශානිගේ හොඳම යාළුවගෙන් ලැබුනු ලියුමක තිබුනු හෝඩුවාවක් තමයි ඒකට මූල බීජය වුනේ. 5 වසරේ ශිෂ්‍යත්වෙන් පස්සේ තුශානිට කොළඹ ඉස්කෝලේකට යන්න සිද්දවුන නිසා එකේ පන්තියේ ඉඳලා ලඟින්ම හිටිය හොඳම යාළුවට නිතර ලියුමක් ලියලා විස්තර අහන්න තුශානි ඒ දවස්වල පුරුදු වෙලා හිටියා. අද වගේ තාක්ෂණය එදා පුංචි ළමයි විදිහට අපි පාවිච්චි නොකරපු නිසා ලියුම් තමයි තොරතුරු අහන්න තිබුනු එකම මාධ්‍ය වුනේ.
ඉතින් ඒ විදිහට පෑනේ මිතුරන් හොයලා දෙන ජාත්‍යන්තර ආයතනයක විස්තර තමයි යාළුවගෙන් ලැබුනේ. ඒ විස්තර බලලා තුශානිත් ඒ ආයතනේට ලියුමක් දැම්මා. මාසෙකට විතර පස්සේ මෙන්න ඒ ආයතනයෙන් තුශානිට ලියුමක් ඇවිත් තිබුනා පෑනේ මිතුරියකගේ විස්තරත් එක්ක. සතුට වැඩිකමටම තුශානි එවෙලෙම පෑනේ මිතුරියට ලියුමක් ලියන්න ඕනේ කියලා ලෑස්තිවුනත් කොහොම පටන්ගන්නද, ඉස්සෙල්ලාම මොනව ලියන්නද කියලා හිතාගන්න බැරුව කොළ හත අටක් නාස්ති කරලා අන්තිමේදී යාන්තම් ඉංගිරීසි අකුරු ටිකක් ගැට ගහලා ලියුමක් ලියා ගත්තා. ඒත් ඉතින් මගේ මේ ඉංගිරීසි ඒ සුදු ළමයට තේරෙයිද දන්නේ නෑනේ. ඒ නිසා තුශානිගේ සීයාට ඒ ලියුම පෙන්නලා අඩුපාඩු ටික හදාගෙන ලියුම තැපැල් කරන්න ගිය හැටි තුශානිට අද වගේ මතකයි.

ඒ ලියුමේ මුලින්ම මම ලිව්වේ මං ගැන.
නම, ගම, වයස, ඉස්කෝලේ විනෝදාංශ, ගෙදර විස්තර ලියලා එයාගේ විස්තරත් අහුවා
කියලාත් හොඳට මතකයි. මොකද එකම ලියුම දහ පාරක් විතර ලිව්වනේ.. හි..හි.. ඊට
පස්සේ ඒ ලියුම රට ලියුම් කවරෙක දාගෙන මල් වට්ටියක් ගෙනියනව වගේ බොහොම
පරිස්සමින් අරගෙන සීයාත් එක්ක තැපැල් කන්තෝරුවට ගිහින් ලියුම තැපැල් කලා.
පිට රටකට ලියුමක් ගිහින් ඒකට උත්තරයක් එන්න සෑහෙන කල් යනව කියලා දැන ගෙන හිටියත් ලියුම තැපැල් කරපු දවසට පහුවෙනිදා ඉඳලාම තුශානි ඉස්කෝලේ ඇරිලා ගෙදරට ගොඩවුනේ අම්මගෙන ලියුමක් ආවද කියලා අහගෙනමයි. එහෙම ඇඟිලි ගැන ගැන දවස් පහුකරලා මාසෙකට විතර පස්සේ මෙන්න තුශානිගේ නමට රට ලියුමක් ඇවිත් තිබුනා. එදා හරියට තුශානිගේ ඉහේ මලක් පිපුනා වගේ. ලියුම කරකව කරකව තුන් හතර සැරයක් බලලා බොහොම පරිස්සමට තමයි ලියුම කඩලා බැලුවේ.
මුතු කැට වගේ ඉංගිරීසි අකුරෙන් රෝස පාට කොලේක ලියපු ලියුමක් ඒක ඇතුලේ පොඩියට නවලා පින්තූරයක් එක්ක තිබුන හැටි තුශානිට තාමත් මතකයි.
යුක්රේන රටේ ජීවත් වුන එයාගේ නම ඉරිනා. එයාගේ විස්තර, විනෝදාංශ වගේම රටේ විස්තරත් කෝලේ දෙපැත්තම පිරෙන්න ලියලා, ලංකාව ගැනත් විස්තර ලියලා එවන්න කියලා තමයි ලියුමේ ලියලා තිබුනේ. ම්... කීපාරක් ඒ ලියුම කියෙව්වද කියනව නම් හරියට අර කතාවක් කට පාඩම් කලා වගේ කෝලේ බලන්නේ නැතුව මුළු ලියුමම කතාවක් වගේ කියන්න තුශානිට පුළුවන්කම තිබුනා. හි..හි..
ඒ විදිහට පටන් ගත්ත මිතුරුකම අවුරුදු තුනක් විතර බොහොම හොඳින් දෙරටේම තොරතුරු, පෝස්ට් කාඩ්, පුංචි පුංචි සමරු සටහන් හුවමාරු කරගනිමින් අලුත් අත්දැකීමත් තුශානිගේ ජීවිතේට අරගෙන ආවා. ඒ වගේම ඒ මිතුරුකම නිසා තුශානිට හුඟක් දේවල් ඉගෙන ගන්නත් ලැබුනා. යාළුවා ලියලා එවන විස්තර වගේම යාළුවට ලියලා යවන්න අලුත් දේවල් හොයන්නත්, ඒ දේවල් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ලියන්නත්, ඉංග්‍රීසි භාෂාවේ අලුත් වචන, උපමා උපමේයන් ඉගෙන ගන්නත්, හැකියාව ලැබුනා. කොටින්ම කියනව නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුව වැඩි වුනේ මේ යාළුකම නිසා.
ඔය අතරේ තමයි ඉරිනාට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉතාලියට යන්න සිද්ද වුනේ. නිවාඩුවක් ලැබිලා යුක්රේනයට ආව කාල වල ඊට පස්සේත් ලියුම් කීපයක් තුශානිට ලැබුනා. ඒත් තුශානිටත් සාමාන්‍ය පෙල විභාගය තිබුන නිසා ලියුම් හුවමාරුව ටිකක් බිඳ වැටිලා ගියා. ලංකාවේ තියෙන තරඟකාරී අධ්‍යාපනය එක්ක සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන කාලා හරිම අවිවේකී කාලනේ. තුශානි ඊට අමතරව පාසලේ විෂය බාහිර වැඩ ගොඩකුත් කල නිසා හරිම කාර්යබහුලව තමයි ඒ කාල ගෙවුනේ. දිගටම ලිව්වේ නැති වුනත් ඉඳලා හිටලා හරි කොහොමහරි ලියුමක් එයාට යැව්වා. ඉරිනා ඉතාලියේ නේවාසිකව හිටිය නිසා ගෙදර ආපු වෙලාවට තමයි ඒ ලියුම් එයාගේ අතට පත් වුනේ.
මේ වෙනකොට ලියුම් ගනුදෙනු නොවුනත් ඒ සොඳුරු මතකය තුශානිගේ හිතේ තාමත් ඒ විදිහටම තියෙනවා. එදාට වඩා අද සන්නිවේදන ක්ෂේත්‍රයේ තියෙන දියුනුවත් එක්ක ලෝකේ ඕනම තැනක් ඉන්න කෙනෙක් හොයාගන්න ඒ තරම්ම අමාරු නෑනේ. ඉතින් ඒ මිතුරුකම ආපහු පටන් ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය නම් තුශානිට තියෙනවා. ඒ නිසාම මුහුණු පොතෙන් හරි ඉරිනාව හොයා ගන්න ටිකක් උත්සාහ කරලා බලන්න ඕනේ කියලා තමයි තුශානි හිතාගෙන ඉන්නේ.
ඉතින් මට වගේම ඔයාලටත් පෑනේ මිතුරු මිතුරියේ ගැන මේ වගේ සොඳුරු මතකයන් ඇති. ඒ ගැනත් පුංචි සටහනක් මේකට එකතු කරන්නකෝ එහෙනම්.