Thursday, March 13, 2014

අනිද්දා ෆ්ලයිට් එකේ මම එනවා ...


හලෝ මුතූ... ඔයයි පුතයි සනීපෙන් නේද ?

ආ.. රමේෂ් .. ඔව්.. අපි සනීපෙන් .. ඔයා හෙට එනව නේද ?

 
බලන්නකෝ මුතූ.. අපේ බොස්ට චයිනා වල දාගත්ත මීටින් එකකට යන්න වෙන්නේ නෑ කියලා මට මේ ගමන්ම ඒකටත් ගිහින් එන්න කිව්වා ... 

 
අනේ රමේෂ්... එතකොට අපි අර ළමා නිවාසෙට දානේ දෙන්න දාගත්ත වැඩේට මොකද කරන්නේ ? ඔයාමනේ රමේෂ් කිව්වේ අපේ පැටියගේ  පළවෙනි උපන්දිනේ ළමා නිවාසෙක ළමයි ටිකක් එක්ක ගමු කියලා... ඔයා ඒකට නැතුව බෑනේ රමේෂ්...

ඔව් ඔව් මුතූ.. ඉතින් අහන්නකෝ... මට මේ වැඩේට යන්නම වෙනවා.. මෙහේ ඉදලා චයිනා වලට යන MH370 ෆ්ලයිට් එකේ ටිකට් එකකුත් බොස් මට බුක් කරලා.. මම හෙට මීටින් එකට ඉඳලා අනිද්දා ෆ්ලයිට් එකේ ලංකාවට එනවා.. ඔයා හොඳ ළමයා වගේ වැඩ ටික ලෑස්ති කරගන්නකෝ.. මම කෙලින්ම ළමා නිවාසෙට එන්නම්.. 

හා එහෙනම් ...  ඔයා මෙහේ වැඩ ගැන හිතන්න එපා .. මම ඒ ටික බලාගන්නම්.. අම්මලත් ඉන්නවනේ.. ඔයා කෙලින්ම ළමා නිවාසෙට එන්න එහෙනම්. 

මං අපේ පුතාටයි ළමා නිවාසේ ළමයින්ටයි චයිනා වලින් සෙල්ලම් බඩු ටිකකුත් අරන් එන්නම්.. ඔයා මං එනකන් පුතාව පරිස්සමින් බලගන්න..

මම ඊයෙ මහ නරක හීනයක් දැක්කා මුතූ.. බැරිවලාවත් මොකක් හරි වෙලා මට එන්න බැරි වුනොත් ඔයා හැමදාටම පුතාව හොඳින් බලා ගන්නව නේද ?  

මොනාද රමේෂ් මේ කියන්නේ.. ඔයා වැඩ ටික කරගෙන පරිස්සමින් අපි ගාවට එන්න.. 

මුතූ... මැලේෂියා වලින් යන්න කලින් සමහර විට මට අපහු කතා කරන්න බැරි වෙයි.. චයිනා වලට ගියාම කෝල් කරන්නම්.. 
 
හා .. කමක් නෑ.. ගිය ගමන් මට කෝල් කරන්න හොඳේ.. බායි.. බුදු සරණයි..

ඔයාටයි පැටියටයිත් බුදු සරණයි.. අම්මලත් මතක් කළා කියන්න ... බායි ... 

--------------------------------------------------------------------
 පසුදා ... 

අම්මේ දැන් නිවුස් යනව ඇති... දාන්නකෝ බලන්න ..

" මෙන්න දැන් ලැබුනු පුවතක් ... මැලේෂියාවේ සිට චීනය බලා ගමන් ගත් MH 370 මගී ගුවන් යානය අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා .. යානය සෙවීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා ........... "

 
අම්මේ ... රමේෂ්............................  



~~~~~නම් ගම් පමක් මන:කල්පිතයි~~~~~





34 comments:

  1. ඇත්තටම මේ වගේ කතන්දර කීපයක්ම වෙලා තියෙනවා. එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක්ම මේකේ ඉඳලා තියෙනවා. කෙන්ක්ගේ දරුවට වයස 10 යි. අනෙක් කෙනාගේ දරුවන්ට 4 යි, අවුරුද්දයි.. පොඩි උන් දෙන්නා අහනවලු ඇයි අම්මි අඬන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. ගුවන් යානයේ හිටපු හැම කෙනෙක්ම නොයෙක් බලාපොරොත්තු හිතේ තියාගෙන හිටිය අය වෙන්න ඇති..

      පුංචි අයට මේ දේවල කොහොම විස්තර කරලා දෙන්නද ...

      Delete
  2. මේ වාගේ කීදෙනෙක් ඉන්න ඇද්ද ඒ ප්ලේන් එකේ..

    ReplyDelete
    Replies
    1. හැම කෙනෙක් පසුපසම අඳුරු කතාවක් ඇති...

      Delete
  3. හ්ම්ම්… ඇත්තටම මේ වගේ පවුල් කීයක් අසරණ වෙන්න ඇත්ද?

    ReplyDelete
    Replies
    1. හරි තොරතුරක් නැතුව ගෙවන දවස් කොච්චර දිග ඇතිද ...

      Delete
  4. ඒ ප්ලේන් එකේ විතරක් නෙවෙයි ..මෙහෙම වුනු කීදෙනෙක් ඇත්ද මේ වෙනකොට ඔය වගේ හේතු නිසා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් ... හෙට අපිටත් මොනා වෙයිද කියලා අපි කිසි කෙනෙකුට කියන්න බෑ... අපි පිළිගන්න අකමැති වුනත් ඒක තමයි ඇත්ත...

      Delete
  5. ඇත්තටම මේක මහා අභිරහසක් මට නම්....කොච්චර හිතුවත් අභිරහසක්ම තමා...

    ReplyDelete
    Replies
    1. කොහොම වුනත් ඉක්මනින්ම මේ අභිරහස විසඳේවි...

      Delete
  6. ඒ මිනිස්සු මැරුනෙ අහසෙදි..ඒක නිසා අපායෙ ගියාද දෙව්ලොව ගියාද කියල හිතාගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ම්... මම නම් හිතන්නේ කොහෙදි මැරුනත් තමන් කරපු පින් පවු අනුව තමයි ඊට පස්සේ යන තැන තීරණය වෙන්නේ...

      Delete
  7. ~~~~~නම් ගම් පමණක් මන:කල්පිතයි~~~~~ හ්ම්ම්... මේවා එක නමකට එක ගමකට සීමා වෙච්ච දේවල් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේ පළවෙනි සිදුවීමත් අවසාන සිදුවීමත් නොවෙන්න පුළුවන්...

      Delete
  8. තුශානි වෙන්න ඇති ෆ්ලයිට් එක අතුරුදහන් වෙච්ච ගමන් කතාවක් ලියපු පළවෙනියා :D
    හොරකම් කරපු පාස්පෝට් දෙකෙන් ගිය දෙන්නා ගැන මොනවාද හිතෙන්නේ?

    ReplyDelete
    Replies
    1. :) ඒත් මේ වගේ සිදුවීම් සිද්ධ නොවෙන්න කියලයි තුශානිගේ ප්‍රාර්ථනාව...

      සමහරවිට එයාලගේ සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්.. දැනගත්ත තොරතුරුත් එක්ක බැලුවහම නම් ගුවන් නියමුවෙක්ගෙත් සම්බන්ධයක් තියෙනවා කියලා හිතෙනවා ..

      Delete
  9. ඇත්තටම ඒ පවුල් වල මිනිස්සු මොන තරම් දුකක් විදිනාවා ඇත්ද..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් .. හුඟක්ම හරි තොරතුරක් නැති නිසා ..

      Delete
  10. ඇත්තටම ඒ ෆ්ලයිට් එකේ ගිය කාගෙ හරි කතාවකට මේකත් සමාන වෙන්න පුලුවන් කියල මට හිතෙනව... ඒ මිනිස්සු කොයිතරං බලාපොරොත්තු තියන් ඇද්ද... කොයි තරං ප්‍රාර්තනා කරනව ඇද්ද...

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතා බොහෝමයක් ඇති... රට රටවල් වල මිනිස්සු විදියට අපි මෙච්චර දුක් වෙනවනම් තමන්ගේ අය නැති දුක කොහොම දැනෙනව ඇත්ද ...

      Delete
  11. මේවගේ දේවල් නොවේවා..

    ReplyDelete
    Replies
    1. අපෙත් පැතුම ඒකමයි...

      Delete
  12. හැමදාම නිව්ස් අහනවා අද හෙට ම ආරංචියක් ලැබෙයි කියලා! කෝ ඒත් තාම නෑ :( ‍මට නං හිතා ගන්න බෑ මොනවා වුණා ද කියලා. එක පාරට ම අතුරුදන් වෙන්න මොකෝ වැලි කැටයක් වගේ යැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ධාරා... අපි හැමෝටම මේක ලොකු ප්‍රශ්ණයක්... වෙන්නේ මොකද්ද කියලා බලගෙන ඉන්නව ඇර කරන්න දේකුත් නෑ..

      Delete
  13. කථාවෙ නම දකිද්දි මතක් උනේ මේ ෆ්ලයිට් එක. බලනකොට පෝස්ට් එකත් ඒ ගැනමනේ...
    ඇත්තටම තමන්ගෙ ඥාතියා, හිතවතා, ජීවතුන් අතරද නැද්ද කියලවත් හරියට දන්නෙ නැතුව ඉන්න එක මොන තරම්වේදනාවක්ද..අනාගතය කොයි තරම් නම් අවිනිශ්චිතද...

    ReplyDelete
    Replies
    1. නිතරම ෆ්ලයි එකේ තොරතුරු හොය හොය ඉන්න නිසා මේ වගේ සිදුවීමුත් වෙලා ඇති කියලා හිතුනා.. ඒකයි මෙහෙම පෝස්ට් එකක ලිව්වේ..

      ඔව්... අනාගතය කොච්චර නම් අවිනිශ්චිතද ..

      Delete
  14. ළඟදී වෙච්ච, හැමෝම දන්න සිද්ධියක් පාදක කරගෙන ලියපු කතාවක්. එළ!

    හැබැයි ෆ්ලියිට් එකට වෙච්ච දේ ගැන නම් දුකයි. එකේ හිටපු අයගේ පවුල් තාමත් කොච්චර බලාපොරොත්තු තියන් ඇත්ද.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉෂාන් ... ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා ...

      ඔව් ... ෆ්ලයිට් එකේ හිටිය අයගේ පවුල් වල අය පුදුමාකර දුකකින් ඇත්තේ...

      Delete
  15. ඇත්තටම මේක ලොකු අබිරහසක්.ඔය කියන ප්‍රදේශයෙ මේ වගෙ දේවල් මීට කලිනුත් වෙලා තිබෙනවලු. මේ වගෙ යානයක් හංගන්න පුළුවන් පොඩි දෙයක්යැ. අනික තමයි මේ තරම් දියුණුයි කියන තාක්ෂණයෙ සැබෑවත් මේකෙන් පෙනුනා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මෙච්චර තාක්ෂණය දියුණු වෙලා තිබිලත් හරි තොරතුරක් හොයා ගන්න බැරි ගැන හිතා ගන්න බෑ...

      කොහොම වුනත් යකාගේ පැමිණීම ගැන නම් තුශානිට සතුටුයි.. සාදරයෙන් පිළිගන්නවා ...

      Delete
  16. පෙබරවාරි 29 ගැන ඔබ ලියු ලිපිය කියවූ පසු ඔබ කාලීන මාතෘකා මුල් කරගෙන කතා ලියන්න දක්ෂියක් බව පෙනුන.
    මේ ලිපියෙන් එය තවත් තහවුරු වුනා.
    දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි...

      වැඩකටයුතුත් එක්ක ලියන්න ඉඩක් හොයා ගන්න එක තමයි තියන ප්‍රශ්ණේ.. එත් පුළු පුළුවන් විදියට ලියන්න උත්සාහ කරනවා ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...