Friday, October 7, 2016

116. අවුරුදු තුනයි ... ( 3rd Blog anniversary)



අද ඔක්තෝම්බර් මාසෙ හත් වෙනිදා ...  

අදට තුශානි බ්ලොග් ලියන්න පටන් අරගෙන අවුරුදු තුනක් සම්පූර්ණ වෙනවා. අවුරුදු තුනක් කියන්නෙ ලොකු කාලයක් නම් නෙවෙයි ඒත් පොඩි කාලෙකුත් නෙවෙයි. 

කොහොම වුනත් අහම්බෙන් බ්ලොග් ලියන්න පටන් අරගෙන මේ තරම් දුරක් එන්න ලැබුන එක ගැන නම් තුශානිට හිතේ ලොකු සතුටක් තියෙනවා.

වසර තුනක් වෙනකන් තුශානි බ්ලොග් අවකාශයේ සැරිසැරුවා නම් ඒ කැකුළු ගොමුවට ආගිය ඔබ සැමදෙනා නිසාමයි. තුශානි ලියපු දෙයක්, කෙනෙක් කියවලා ඒ ගැන යමක් කිව්වා නම් ඒ කියපු දේ  තමයි තුශානිට ඊලඟ පියවර තියන්න ශක්තිය වුනේ. එහෙම අඩිය තිය තිය තමයි තුශානි අද අවුරුදු තුනේ කඩයිමට ආවේ.

දෙයක් ලියන්න නම් හිතේ සන්සුන්, නිදහස් බවක් තියෙන්න ඕනෙනෙ. එහෙම නැතිකොට කොච්චර උත්සාහ කලත් තුශානිගෙ අතින් කිසිම දෙයක් ලියවෙන්නෙ නෑ. ඉතින් ලියන්න බෑ කියලා අත ඇරලා දාපු අවස්තා කීපයක්ම තියෙනවා.
 
තුශානි ගොඩක් වෙලාවට උත්සාහ කලේ කෙනෙක්ට කියවලා පුංචි හරි දෙයක් ලබා ගන්න පුළුවන් විදිහේ යමක් ලියන්න. ඒ වගේම කවුරුත් නොහිතන පැති ගැන ලියන්නත් තුශානි ගොඩක් කැමතියි. ඉතින් ඒ උත්සාහයන් යම්තාක් දුරකට හරි මේ අවුරුදු තුන තුලදී සාර්ථක කරගන්න ලැබුනා කියලා තුශානි විශ්වාස කරනවා.    

පහුගිය අවුරුදු තුන දිහාවට ආපස්සට හැරිලා බලනකොට නෙළුම් යායා වේදිකාවට ගොඩවලා සම්මානයක් ලබා ගන්න හැකි වීම මේ බ්ලොග් අවකාශයේ තුශානිගේ අමරණීය මතකයක්.  බ්ලොග් ලෝකයේ විශිෂ්ටයින් අතර තුශානි බොහොම අධුනිකයෙක් නිසා ඒ අවස්තාව තුශානිට ගොඩක් වටින අවස්ථාවක් වුනා.

බ්ලොග් අවකාශයේ මේ ගෙවුනු අවුරුදු තුන පුරාවට තුශානිට විවිධ අය හඳුනගන්න ලැබුනා.  හඳුනගන්න ලැබුනු අය අතරේ බොහෝ දෙනෙක් හදවතින්ම උදව් කරපු, ආශිර්වාද කරපු, හොඳ නරක කියලා දීපු අය. එහෙම නැති අයත් හමු නොවුනාම නෙවෙයි. ජීවිතයෙත් සැබෑ හිතවතුන් හැමදාමත් ඉන්නවා, ව්‍යාජ හිතවතුන් අයින් වලා යනවා වගේ බ්ලොග් අවකාශය තුලත් සැබෑම හිතවතුන් හැමදාමත් තුශානිත් එක්ක හිටියා. එහෙම නොවුනා නම් අද මේ වගේ අවුරුදු තුනක් සමරන පොස්ට් එකක් තුශානිගෙ අතින් නොලියවෙන්නත් තිබුනා. ඉතින් ඒ  හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි. 

අලුත් ජීවිතෙත් එක්ක ගෙදර වැඩයි, ඔපීසියෙ වැඩයි, කරන අනිත් අමතර වැඩයි නිසා බ්ලොග් කියවන්න, ලියන්න කාලය වෙන කර ගන්න එක නම් ටිකක් ලොකු අභියෝගයක්.  ඒත් මේ හැම දෙයක්ම බාදාවක් නැතුව හොඳින් කරගෙන බ්ලොග් කියවන්න, ලියන්නත් පුළුවන්කම ලැබිලා තියෙන එක තුශානි ලබපු ලොකු භාග්‍යයක් කියලයි විශ්වාස කරන්නේ.

ඉතින් මේ අවුරුදු තුන පුරාවට වගේම ඉදිරියටත් තුශානි ලියන ඒවා කියවන්න, ඒ ගැන අදහස් දක්වන්න කැකුළුගොමුවට ගොඩවදින්න කියලා තුශානි බොහොම ලෙන්ගතුව අද දවසෙදිත් ආරාධනා කරනවා..

39 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි මෙඩූසා...

      Delete
  2. තෙවැනි වසරට සුබපතමි. තව තවත් ලියන්නට ශක්තිය හැකියාව ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුදු පූසෝ...

      Delete

  3. තුන් සිත පහදවා
    තුන්කල් බලා ලියූ
    තුන් වසරට සුභ පැතුම්!

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමින්ද...

      Delete
  4. බ්ලොග් එකට අවුරුදු තිහක් වෙච්චි දවසට පාටියක් දාමු..:) ජයවේවා!

    ReplyDelete
    Replies
    1. එච්චර කල් ලිව්වොත් අනිවාර්යයෙන්ම පාටියක් දාමු ;)

      බොහොම ස්තූතියි කළණ..

      Delete
  5. බ්ලොග් එකට තුනයි තුශාණිට හැටයි නම්, බ්ලොග් එකට හැට වෙනකොට තුශාණිගේ වයස කීයද?

    සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මොකක් කිව්වා තුශානිට හැටයි ??? ඒ ඉතින් තව අවුරුදු තිස් ගානකින් තමයි.. හි..හි...

      බොහොම ස්තූතියි ඉයන්...

      Delete
    2. ඉයන් ශේප් එකේ තුෂානිගේ වයස දැන ගත්ත නේද?

      Delete
    3. හපොයි හපොයි.. දැන්නේ තේරුනේ...

      Delete
  6. පුංචි පුංචි මුතුකැට අකුරු ඇමුනූවා
    රසකතා කවි පදවැල් අප සිත් පිනවූවා
    කැකුළු ගොමුවට කවුරුත් ගොඩවූවා
    දිගු ගමනක් යන්නට ජයවේවා

    ReplyDelete
    Replies
    1. කොළොම්පුරේ සිරි අරගෙන ඔබ මෙහි ආවා
      ලියන කියන දේ ගැන අදහස් දැක්වුවා
      මේ තුති මල් තුශානි අද දින ගෙන ආවා
      ඔබේ ගමනටත් පතනවා ජය බෝ වේවා


      Delete
  7. සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ් ....

      Delete
  8. සුබ පැතුම් තුශානි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... කාලේකින් නේද මේ පැත්තේ...

      Delete
  9. හැපි උපන්දිනයක් වේවා.

    වෙල්ඩන්..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ දිනේෂ් ...

      Delete
  10. තුශානිට තවත් අවුරුදු තිහක් බ්ලොග් ලියන්නට සුබ පැතුම්!!! ඒක නෙවෙයි ඔයාගෙ මහත්තයත් බ්ලොග් කියවනවද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපතුමා ...

      ඔව්.. කාර්යබහුල නිසා නිතරම නම් කියවන්න ලැබෙන්නේ නෑ ... ඒත් ඉඩ ලැබෙන වෙලාවට කියවනවා. ගොඩක් වෙලාවට මම හොඳ පොස්ට් එකක් කියෙව්වොත් ඒකේ ලින්ක් එක එයාට E-mail කරනවා එතකොට එයාට වෙලාවක් ලැබුන ගමන් කියවන්න පුලුවන්නේ.


      Delete
  11. සුබ පැතුම් ... දිගු ගමනකට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශානි ...

      Delete
  12. සුබ පැතුම් තුශානි...
    මමත් කවදද ලියන්න පටන් ගත්තෙ කියල හොයල බලන්න ඕනේ... ;)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකු අයියා...

      බලන්න බලන්න.. නැත්තම් දන්නෙම නැතුව උපන්දිනේ පහුවෙයි... :)

      Delete
  13. ඔයාගේ ආරාධනාව පිළිඅරන් ලියන තාක්කල් කැකුළුගොමුවට එනවා කියවන්න ඉඩ ලැබෙන විදිහට.. :) :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හීන දකින්නී.. දිගටම එන්න ..

      Delete
  14. සුබ උපන් දිනක් තුශානි අක්කෝ...))))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගෝ...

      Delete
  15. තෙවසරක බ්ලොග් කෙරුවාවට මගේ සුභ පැතුම් නගේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා අයියේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...