Saturday, November 5, 2016

118. හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව ...



සප්ත ස්වරයේ රටා අතරින්
මැවුනු ඔබෙ හඬ මනහරයි
ගීතයේ හැඟුමන් එකින් එක
මතුවු ඔබෙ රුව පින් බරයි

කලා කෙත අස්වාද්දාලන්නට
කළ මෙහෙය ඔබෙ අනර්ඝයි

අඩුව පිරවිය නොහැක අද දින
අප ඔබට බෝ ණය ගැතියි


දැයෙන් සමුගෙන ගියත් ඔබ අද
මෙලෙස නිසසල වු ගතින්
අමර ගී හඬ අමරණීයයි

සමග ඔබෙ රුව හදවතේ



ගුරු පියාණනි
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි
ඔබට නිවන් සුව ... 


12 comments:

  1. යලි යලිත් මේ දෙරනේම අපේ හිත් සනසන්න අප අතරම ඉපදේවා

    ReplyDelete
  2. හෙළයේ මහා ගාන්ධර්වයා තනතුර වේකන්ට් නිසා ඉරාජ් වීරරත්න එයට පත්කල යුතු යැයි යෙජනා කරමි.

    ReplyDelete
  3. කුසලාන පුරෝගෙන හිඳී සේකරාණෝ
    සැක නෑර යන්න සුබ ගමන් දේවයාණෝ..

    අපි හුඟක් දුක් වෙද්දි
    සේකරට සතුටු ඇති
    ලියූ පද පොදි ගහන්
    මඟ බලන් ඉන්නවැති...

    ගොළු වෙච්ච වීණාවේ
    තත් හෙමින් හඬනවැති
    ඒ ලොවේ මෙයින් මතු
    මියුරු සර නිමක් නැති...

    ReplyDelete
    Replies
    1. ඔව් ශානි ... මහගමසේකරයන්, කේමදාසයන් , අමරදේවයන් ඉන්න දිව්‍ය ලෝකය දැන් හරිම සුන්දර ඇති...

      Delete
  4. සදා අමරණීය අමරදේවයන්ට නිවන් සුව පතමු...

    ReplyDelete
    Replies
    1. ඒත් නිවන් යන්න කලින් තව එක පාරක් හරි අපි අතරට එන්න පුළුවන් නම්

      Delete
  5. අපේ පැතුමත් එයයි තුශානී.............

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුටු යාළුවනේ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...