2014 උදාවෙලා අදට දවස් 5ක් ගතවෙලා. තඹ කම්බියක් දිගේ විදුලිය බොහොම වේගයෙන් ගමන් කරනව වගේ හරිම වේගයෙන් මේ දවස් ටික ගෙවිලා ගියා කියලයි මට හිතෙන්නේ. අද 5 වෙනිදා වුනත් තුශානි තාමත් ඉන්නේ ජනවාරි පළවෙනිදාවේ සුන්දර මතකයන් ගොඩක් එක්ක. ඒ නිසාම ටිකක් පරක්කු වෙලා වුනත් ඒ ගැන පුංචි සටහනක් හා හා පුරා කියලා මේ වසරේ ලියන මුල්ම පෝස්‍ටුවේ ලියන්න ඕනේ කියලා හිතාගෙනයි අද නම් බ්ලොග් එක පැත්තට ආවේ.
2013 ට ආයුබෝවන් කියලා 2014 පිලිගත්ත අපි අනිත් ආයතන වල වගේම ජනවාරි පළවෙනිදාව ආරම්භ කලේ ආගමික වතාවත් වලට මුල් තැන දීලා. ආගමික වතාවත් වලින් පස්සේ සුබ පැතුම් අතරේම කැවිලි පෙවිලි හිනා වෙවි තේ මේස වල හැඩ වෙලා හිටියා .ඉතින් කට්ටියම සුපුරුදු ලෙන්ගතු කමත් එක්ක අවුරුදු තේ මේසෙට එකතුවුනා. මේ හැම දෙයක්ම හැම වසරකම පුරුද්දක් විදිහට අපි කරගෙන ආපු දේවල්. ඉතින් ඒ දේට තවත් සුවිශේෂ යමක් එකතු කරන්න ඕනේ කියලා හිතපු නිසයි මේ අවුරුද්දේ අපේ කට්ටිය හිතුවේ අලුත් දේකට මුලපුරන්න ඕනේ කියලා.
ගිය වසරේ පොසොන් පෝය වෙනුවෙන් දවසක් වැඩිහිටි නිවාසයක ගතකරලා වයසක අම්මලා තාත්තලට ඕන කරන බොහෝ දේ එක්ක සවස් කාලයේ බැති ගී ප්‍රසංගයක් පවත්වලා ඒ අයට ඒ දවස ජීවිතේ තවත් සුවිශේෂ දවසක් කල අපේ කට්ටිය 1 වෙනිදාව පුංචි යාළුවෝ ගොඩක් එක්ක ගතකරන්න ඕනේ කියලා අදහස් කලේ මීට මාස කීපයකටත් කලින්.
ඉතින් සූදානම් වෙච්ච විදිහට දහවල් ආහාරයත් තෑගි ගොඩකුත් අරගෙන අපි පුංචි යාළුවෝ බලන්න ගියා. බලපොරොත්තු වුනු තොරතෝන්චියක් නැතුව කතා කරන දඟකාර පොඩිත්තන් වෙනුවට කඳුළු පිරිච්ච ඇස් වලින දහසකුත් දේ කියවෙන මුහුණු නිවාසයට ගොඩවුන අපිට දකින්න ලැබුනා.
ළමා නිවාසය පිහිටි ස්ථානය, නම වගේ තොරතුරු ලියන්න අදහසක් නැති වුනත් ඒක පරිවාසභාරයේ පිහිටි ළමා නිවාසයක් කියන එක සඳහන් කරන්න හිතුවා. අධිකරන හේතු මත අසරණ භාවයට පත් දරුවන්ට එතන නිවහනක් වෙලා තිබුනා. ඔවුන්ගේ කතාවන් බොහෝ වුවත් ඒවා නැවත හාරවුස්සමින් අඳුරු මතකයක් යලි මතක්කරවන්නට අපිට වුවමනාවක් නොතිබුනු නිසා ඒ ගැන නො අසන්නට අපි කවුරුත් වගබලා ගත්තා.
හෝරා කිහිපයක් ඔවුන් සමගින් සතුටින් ගතකරන්නට මැවූ සිහිනය ළමා නිවාසයට ගොඩ වෙන විට දැක්ක මුහුණු නිසා බොඳවෙලා යන්න හැදුවත් අපේ බලාපොරොත්තුව මල් ඵල ගන්වමින් හෝර දෙක තුනක් වෙනුවට හෝරා පහක් ඉක්මවු කාලයක් අපිටත් නොදැනීම බොහොම සුන්දරව ගතවෙලා ගියේ නොමැකෙන සොඳුරු සටහනක් අපේ ජීවිත වලටත් එක්කරමින්.
ගී හඬත් සතුටු සිනා හඬත් එක්ක තාලෙට තැබූ පාසටහන් මුළු නිවාසයම වර්ණවත් කලා. පිනි බිංදු ඉර එළියට වාශ්ප වෙලා යනව වගේ දුක් බර මුහුණු එයාලටත් හොරෙන් යන්න ගිහින් තිබුනා. සින්දු කියන්න නටන්න පොඩිත්තෝ හැම කෙනෙක්ම එක වගේ හැකියාව පෙන්නුවා.
රාජකාරිය දේව කාරිය වගේ සලකපු අපේ කට්ටියත් පාසල් යන පුංචි ළමයි වගේ පොඩිත්තන් එක්ක විනෝද වුනා. ජීවිතේ බොහෝ දේ අහිමිවී ගියත් උපන් හැකියාවන් දෝතින් රැගෙනවිත් තිබුනු නිසා වෙන්දෝ පුංචි යාළුවන්ගේ හපන්කම් අපි හැම කෙනෙකුගෙම ඇහැට කඳුලක් ගෙන ආවා.
තෑගි ගොඩක් එක්ක අවුරුද්ද පුරාවටම වගේම මුළු ජීවිතයටම සතුටත් එයාලට දීලා එන්න ඕනේ කියන අදහස ඇපේ කට්ටිය අතරේ තිබුනා. 1 වෙනිදාව තමන් වෙනුවෙන් ගෙදර අය වෙනුවෙන් කැප කිරීම පසෙක දාලා ඔවුන් මේ පොඩිත්තන්ගේ සතුට වෙනුවෙන් වු සහභාගීත්වය, මහන්සිය සැබවින්ම ප්‍රශංසනීයයි. තුශානිට ඒ ගැන තියෙන්නේ වචන වලින් විස්තර කරන්න බැරි තරම් සතුටක්.
ඒ ආශිර්වාදය අවුරුද්ද පුරාවටම අපේ ජීවිත වලටත් ලැබේවා කියක පැතුම ළමා නිවාසයෙන් නික්මෙන වෙලාවේ පොඩිත්තන්ගේ හිත් වල අපි වෙනුවෙන් තිබුනා...
පොඩිත්තන්ගේ හිත් සතුටින් පුරෝපු ඔයාලා හැමෝටම පිං.....
ReplyDeleteඅපේ හිත් වලටත් දැනෙනේ පුදුමාකාර සතුටක් ශානු..
Deleteමේ වගේ කටයුතු කරන අය ගැන බොහොම සන්තෝසයි.. මොකද ඔවුන් වෙනම ලෝකයක හුදකලා වූ පුංචිත්තන්.. ස්තුතියි ඔබට..
ReplyDeleteපුංචි වෙලාවකට හරි එයාලව හුදකලා ලෝකෙන් මුදව ගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි..
Deleteඅම්මලා තාත්තලා සිපිරි ගෙවල් වල තනිවෙද්දි පුංචි පැටව් ළමා නිවාසේ තනි වෙලා හිටියා ..
වටින සහ පින්බර වැඩක් තුශානි.
ReplyDeleteසහභාගී වෙන්න ලැබීම ගැන සතුටුයි...
Deleteඅපි නොදකින සමාජයේ පැති ගොඩක් තියෙනවා දිලිනි...
ඔයාගෙ පැතුම එලෙසම ඉටු වෙන්න ඕනි.
ReplyDelete//ප්‍රශංසනීයයි// ලස්සන, ආස වචනයක් ;)
බොහොමත්ම ස්තූතියි...
Delete//ප්‍රශංසනීයයි// ලස්සන, මමත් ආස වචනයක් ...ඒ ඒ වචනේ අපිට නිතර අහන්න ලැබෙන්නේ නැති නිසා වෙන්න ඇති. හොඳ දෙයක් කලත් කවුරුහරි ඒක ප්‍රශංසා කරන්නේ කලාතුරකින්නේ..
අගේ ඇති වැඩක් !
ReplyDeleteඒ අයගේ හිත් වලට සතුට දෙන පින ඔයාලටත් කවදා හෝ ලැබේවි !
වැඩේ අගය කලාට ස්තූතියි..
Delete1 වෙනිදාව මේ විදිහට ගතකරන්න ලැබීම ගැන හුඟාක් සතුටුයි..
පළවෙනිදා ආදර්ශවත් විදිහට ගත කරලා නේ
ReplyDelete1 වෙනිදාවට වටිනාකමක් එකතු කරගන්නයි ඕනේ වුනේ... හිතුවටත් වඩා සාර්ථකව ඒ දෙය ඉෂ්ට වුනා...
Deleteමෙන්න මෙව්වා තමයි වැඩ.
ReplyDeleteහැබැයි තුශානි මම නම් 31 බීලා නටලා හොඳටම නිදාගත්තා බොරු කියන්න ඕඅන නැහැනේ.
පුංචි දෙයක් කියන්න අහනවද ?
Deleteකාලා බීලා සතුටු වෙන එකේ වරදක් නෑ. පුළුවන් කමක් තියෙනවනම් මේ වගේ දේකටත් අවස්ථාවක් සලසගන්න. එතකොට හිතට දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න බැරි තරම් වෙයි...
බොහොම හොඳ යෝජනාවක් තුශානි.
Deleteඔය ඉල්ලීමම අපිත් ඔයා වගේ වයසෙදි අපේ වැඩිහිටි පරපුරට යෝජනා කරා. අපිත් ඔය විදිහටම ඔවැනි සමාජ සත්කාරවලට පුරෝගාමිව සම්බන්ධ වුනා. මේ තියෙන්නේ සමාජය සහ මිනිසා අතර නිරන්තරයෙන් සිදුවන ක්‍රියාවලියක්. අපි වයසත් සහ අනිකුත් වගකීම් වලින් ඉවත්වී යාමත් සමගම ඊලඟ පරපුර එය අතට ගන්නවා. තුශානිලාත් කාලයාගේ ඇවෑමෙන් ඔය යශ්ටිය තව කාට හරි බාරදෙනවා නැත්නම් කවුරු හරි බාරගන්නවා. අපි ඒ දෙස බලා ඉන්නවා. මේක තමයි නිරන්තරයෙන්ම සිදුවන ක්‍රියාදාමය. තව කාලයක් යනකොට තුශානිට එය නිකම්ම වැටහෙයි.
මගේ හිත පරණ මතකයක් ලගට හෙමීට දුවලා ගියා..
ReplyDeleteඅගය කරනවා මේ කරපු හැම දෙයක්ම..
බොහොම ස්තූතියි ....
Deleteහිත දුවලා ගිය පරණ මතකය අපිටත් කියමුද ?
maxxa wedak
ReplyDeleteස්තූතියි ! සාදරයෙන් පිලිගන්නවා තුශානිගේ බ්ලොග් එකට ...
Deleteබොහොම අගය කල යුතු වැඩක්...නව වසරක පළමු වැනිදාකම ඔබ ඇතුලු පිරිවර කරලා තියෙන්නෙ...නගා පළමු වෙනිදා ලස්සන සාරියකින් කාරිය සැරසිලා වැඩට යන්න ඇතැයි සිතමි...මමත් එකල මතකයන් එක්ක ගෙදර තනි වූනා...මොකද මේ රටේ පළමුවැනිදාව හැමදාමත් නිවාඩු නිසා...
ReplyDeleteඅගය කලාට ස්තූතියි...
Deleteඔව්... අනිත් අය වගේ අලුත් සාරියකින් තමයි සැරසිලා ගියේ... ළමා නිවාසේ සමහර පොඩිත්තන්ට මාව පෙනිලා තියෙන්නේ එයාලගේ ටීච වගේලු...
ගොඩාක් හොද වැඩක් 2013 මම පටන් ගත්තෙ ඔහොම...හැබැයි මෙ පාර බැරි වුණා....
ReplyDeleteමෙ මගේ පළමු ආගමනය වගෙයි හිතෙන්නෙ
ස්තූතියි අගය කිරීමට..
Deleteඔයාවත් සාදරයෙන් පිළිගන්නවා තුශානිගේ බ්ලොග් එකට .. දිගටම එන්න...
බොහෝම සතුටු හිතෙන දෙයක් තුෂානි...මගේ බ්ලොග් රෝල්ට ඔයාව දාගන්න විදිහක් නැහැ 300 පැනලා නිසා... ඒ නිසා එන්න බැරි වීම ගැන අහිතක් හිතන්න එපා ...
ReplyDeleteඅනේ නෑ.. අමනාපයක් නෑ... ඉඩ කඩක් තියන වෙලාවලට මේ පැත්තට ඇවිත් යන්න එන්න..
Deleteහරිම හොඳ දෙයක් ඔයාල කරල තියෙන්නෙ තුශානි..කාගෙ හරි ජීවිතයකට ටික වෙලාවකට හරි සතුට ගේන එක ලොකු පිනක්.
ReplyDeleteටික වෙලාවකට හරි එයාලගේ ජීවිත වලට සතුට ගේන්න පුළුවන් වෙච්ච එක ගැන අපිටත් හරිම සතුටුයි....
Deleteඒ වගේම තුශානිගේ බ්ලොග් එකට ඔයාගේ පැමිණීමත් සතුටක් ඉතින් ඔයාවත් ආදරයෙන් පිලිගන්නවා ...
හොද වැඩක් කරලනේ අවුරුද්ද පටන් අරගෙන තියෙන්නේ.
ReplyDeleteඅයි මේක මාතලන්ගේ සින්ඩියේ දාල නැත්තේ.
මම කියවන්නේ ඒ සින්ඩියේ තියෙන ඒවා.
ස්තූතියි අගය කලාට .. සාදරයෙන් පිළිගන්නවා තුශානිගේ බ්ලොග් එකට.. දිගටම එන්න ...
Deleteබ්ලොග් එක පටන් අරන් තාම මාස 3 ක් විතර වෙන්නේ.. ඒ නිසා තාම අලුත්. දන්න තරමින් මගේ බ්ලොග් එකත් සින්ඩියේ තියෙනවා..
මටත් වැඩිම ට්‍රැෆික් හැමදාම මාතලන් ගොයියගෙන් තමයි ,, නියමයි තුෂානි ...
Deleteදිගටම ලියන්න
හුඟක් ස්තූතියි... ඉඩකඩ ලැබෙන විදිහට ලියන්න උත්සාහ කරන්නම්කෝ.. දිගටම එන්න..
Deleteතුශානි ඔයා කරල තියෙන්නෙ ඉතාම හොද වැඩක්.. කියන්න වචන නෑ... අසරන, තනිකම, ආදරය නොලැබෙන දරුවන්ට ඔයාල ඒව එක දිනයකට හරි දීල තියෙනවා... ඒ පින ඔයාලට සදහටම ඇති...
ReplyDeleteමම දෙයක් කියන්නද?? ඔය ළමා නිවාසය ගැන කියන්න කාට හරි උදවු කරන්න හිතේවි... රූපරාමු ටිකකුත් දාන්න....
මම අවුරුදු 05 ක් ළමා නිවාසයක් අසල හිටියා... ඒ කියන්නෙ මගේ මව එහි ප්‍රධාන පාලිකාව ලෙස කටයුතු කරා....
එහි නම රුහුණු ළමා නිවාසය කිතුලම්පිටිය..
ඒකෙ ඉන්නෙ අවුරුදු 05 ට වඩා අඩු ලමයි...අඩු කියන්නෙ සමහර අවස්තා වල එක් දිනක් පැටවු පවා එහි සේවකයින්ගේ තුරුලේ ඉන්නවා...
ඇත්තටම දුකයි ඒව බලද්දි...
ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට. ඔන්න තුශානි ඔයාවත් සාදරෙන් පිලිගත්තා...
Deleteපරිවාසභාරයේ ළමා නිවාසයක් නිසයි පින්තූරවත් තොරතුරු වත් හෙලි කලේ නැත්තේ..
අසරණ ළමයින්ට අම්මකෙනෙක් වෙලා ගාලුගේ අම්මා කරන්නේ ලොකු පිනක්..