සම්බුදු හිමියන්ගේ පා පහසින් පාරිශුද්ධත්වයට පත්වු කැලණි පුදබිම ලෝවැසි බෞද්ධ ජනයාගේ මුදුන් මල් කඩක් බඳු වන්දනීය පූද බිමක්. නව වසරේ ආරම්භය සනිටුහන් කරන දුරුතු මාසය කැලණි පුද බිමට බොහොම සුවිශේෂි මාසයක්. ඒ දුරුතු මහාමංගල්‍යය හෙවත් දුරුතු පෙරහැර වෙනුවෙන් සියළු කටයුතු සූදානම්වෙන නිසාවෙන්. කිරි පාටට බැබලෙමින් අහසට විහිදුනු කොත් කැරැල්ලත්, සීතල සුළඟට ලෙලදෙන බෝපත් වල අසිරියත්, සුන්දරව ගලා යන කැලණි නදියේ චමත්කාරයත්, සියසින් දකින්න අවස්ථාව තුශානිට ලැබෙන නිසා ඒ ගැන කෙටියෙන් හරි සටහනක් තියන්න ඕනේ කියලා හිතුන නිසයි මේ සටහන තියන්නේ.
කැලණි පුදබිම බොහෝ දෙනෙක් වන්දනා මාන කරලා තියෙන තැනක් වුනත් ඒ ගැන ඉතිහාස තොරතුරු දන්නේ හරිම අඩු පිරිසක්. පුරාණ වංශ කතා වලට අනුව රාම - රාවණා යුද්ධයේදී රාමාට පක්ෂව කටයුතු කරපු විභිෂණට කෘතෝපකාරයක් විදිහට රාම විසින් ලංකා රාජ්‍යය පවරාදීමෙන් අනතුරුව විභීෂණයින් කැලණිය සිය රාජධානිය කොට ගෙන පාලනය කළ කියලා රාමායනයේ සඳහන් වෙනවා. ඒ වගේම අදටත් විභීෂණ දෙවියන් ලෙසින් කැලණි පුරවරය ආරක්ෂා කරනවා කියලත් අපේ පැරැණ්නන් අතර ලොකු විශ්වාසයක් තියෙනවා.
විභීෂණ යුගයෙන් පස්සේ කැලණි රාජධානියේ අධිපතීත්වය ගන්නේ මණි අක්ඛික කියන නා රජතුමා. මිණි පළඟක් අරභයා චූලෝදර මහෝදරයන් අතර ඇතිවන්නට ගිය සටන සංසිඳුවීම සඳහා බුදු පියානන් වහන්සේ නාගදීපයට වැඩම කල අවස්ථාවේ මණිඅක්ඛික නා රජුන් කල ආරාධනාවකට අනුව බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ වෙසක් මස පුර පසලොස්වක පොහෝදවසේ රහතන් වහන්සේලා 500 නමක් සමග බුදු පියානන් වහන්සේ කැලණියට වැඩි බව මහාවංශයේ සඳහන් වෙනවා. නා රජතුමා විසින් බුදු පියානන් ධර්මය දේශනා කරපු ස්ථානයේ ස්තූපයක් කරවපු බවත් පස්සේ කාලෙක යටාලතිස්ස රජතුමා ඒ ස්ථූපය සැට රියන් උස් කොට ඉදිකලා කියලත් සඳහන් වෙනවා. මේ විදිහට විවිද අවස්ථාවල ප්‍රතිසංස්කරණය වුනු ස්ථූපය අද ධාන්‍යාකාර හැඩයකින් යුක්තවෙනවා. සැළලිහිණි සන්දේශයේ සැළලිහිනියා ගේ නෙත ගැටෙන්නට මේ කැලණි පුදබිම හේතු වන්නේත් කැලණි ස්ථූපය ගුවනට විහිදුනු ආකාරය නිසාවෙන්.
ඊට අමතරව කැලණිය ගැන සඳහන් වෙන අනිත් ප්‍රධාන අවස්ථාව තමයි කැලණි තිස්ස රජ දවස රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දවා අපවත් කරවූ ශාපයට මුහුද ගොඩ ගලපු අවස්ථාව. දේවි කුමරිය ඒ විපත්තියෙන් රට බේර ගන්න මුහුදට බිලිවීමත්, මුහුදේ පාවෙලා ගියපු දේවි කුමරිය කිරින්දේ වෙරළට ගොඩ බැහැලා කාවන්තිස්ස රජතුමා ඇයව සරණපාව ගත්ත කතාවත් බොහොම ප්‍රසිද්ධ කථා පුවතක්.
කැලණි රජමහා විහාරයේ දුරුතු පෙරහැර අරම්භ වෙන්නේ 1927 වර්ෂයේදියි. පෙරහැර උඩ මළුවේ , දෙවනි මළුවේ හා මහ මළුවේ පෙරහැර විදිහට දින 3 ක් පුරාවට පැවැත්වෙනවා. පෙරහැරේම තවත් එක් අංගයක් විදිහට පෙරහැර දින 3 ට කලින් දවසේ, දේව දූත පෙරහැරක් පවත්වලා පෙරහැරට ආශිර්වාද ලබා ගැනීම සිද්ධ කරනවා. සියළුම අංගයන් ගෙන් සමන්විත වෙන මේ දේව දූත පෙරහැරෙන් දේව දුතයකු (පන්සල ඇසුරේ පේවෙමින් සූදානම් වු පිරිමි දරුවෙක්) කැලණි විහාරයට රැගෙන යාමත් දොරකඩ අස්න හා අනුශාසනා පැවැත්වීමත් සාමාන්‍ය සිරිතයි.
හෙලේනා විජේවර්ධන ළමාතැනියගේ දායකත්වයෙන් ආරම්භවෙන කැලණි පෙරහැර අද වෙනවිට දෙවනි වන්නේ මහනුවර ඇසළ පෙරහැරට පමණක් කියලයි මම විශ්වාස කරන්නේ. දෙස් විදෙස් බොහෝ පිරිසක් පෙරහැර නරඹන්න කැලණි පුද බිමට එක්වීම ඊට සාක්ෂි දරනවා. පෙරහැරට උඩරට, පහතරට, සබරගමු යන සම්ප්‍රදායන්ට අයත් නර්තනාංග රැසකින් සමන්විත වෙන අතරෙම අලි ඇතුන් 50 කට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා.
ඉතින් අද ( 14 වෙනිදා ) කැලණි පෙරහැරේ අවසන් මහ පෙරහැර පැවත්වෙන දවස. හැකියාවක් තියෙනවනම් පෙරහැර බලන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම එන්න හැකියාවක් නැත්නම් අන්තරජාලය ඔස්සේ පෙරහැර නරඹන්න අවස්ථාවක් උදාකරගන්න කියලාත් මතක් කරනවා.
කියන්න තව බොහෝ දේ තිබුනත් අවශ්‍යවුනේ බොහොම කෙටියෙන් මේ සටහන ගෙන එන්න. කැලණි පුර වරුනත් යටගියාව පිලිබඳ තොරතුරුත් බොහෝ සේම " උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ " කියනව වගේ එක් වරක් හරි කැලණි පුද බිම වන්දනා මාන කරගන්නට ලැබීමත් මහා පින්කමක් වගේම වාසනාවක් කියලයි මම හිතන්නේ..
පින්තූර - ගූගල් ගෙන්
(Y)
ReplyDelete(Y)
ReplyDeleteෆෝන් එකෙන් නිදි පැදුරෙම කියෙව්වා.ඒකයි ලයික් එකක් දාලා ගියේ......කැලණි පන්සල් යන්න මටත් ආසාවක් තියෙනවා ඊ ලග පාර ලංකාවට ආවම යන්න හිතන් ඉන්නේ.......විස්තරේ මසුරන් වටි....බොහොම පිං....
Delete(Y)
Deleteබොහොම ස්තූතියි ශානු..
Deleteඊලඟ පාර ආවහම කොහොමහරි යන්න. ඔයා බුද්ධාගමේ කෙනෙක් නොවුනත් බලන්න හුඟක් දේවල් තියෙනවා.
බලන්න ආසයි... එන්න විදියක් නෑ....
ReplyDeleteම්... පුළුවන්කමක් තියෙනවනම් අන්තර්ජාලය ඔස්සේ පෙරහැර බලන්න...
Deleteස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට. දිගටම එන්න.
කැළණියෙම එකෙක් විදියට ගොඩක් ආශාවෙන් කියවපු පෝස්ට් එකක් තුශානි. ගොඩක් ස්තූතියි ගොඩක් කරුණු ලියලා.
ReplyDeleteO/L කරන දවස් වල එක පාරක් කැළණි පෙරහරේ ගමන් කරන්නත් ලැබුනා. මම විශ්වාස කරන විදියට මන් ජීවිතේ කර ගත්ත ලොකු පිනක් ඒක. හැබැයි මේ පාර පෙරහර බලන්න වෙන්නෑ අසනීපෙ නිසා. ඒ ගැන නම් දුකයි.
ස්තූතියි... ඔව්.. පෙරහැරේ යන්න ලැබෙන එකත් ලොකු පිනක්..
Deleteඉක්මනටම සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ඔය පෙරහැර මංගල්ල කියන්නේ අලින්ට කරන හිරිහැරයක්..
ReplyDeleteඒ ගැන ලිපියක් ලගදීම මගෙන් බලාපොරොත්තු වෙන්න...බොලා වගේ හිතන කෙනෙකු දැකීම මට අප්‍රමානව සතුටක්....
Deleteපෙරහැරවල් සඳහා යොදා ගන්නේ ස්වභාවික පරිසරයෙන් ඈත්ව මිනිස් ඇසුරේ ජීවත් වන අලි ඇතුන්. ඒ නිසා පෙරහැරේ යන එකෙන් අමුතු හිරි හැරයක් නෑ නේද?
Deleteපෙරහැරේ යාම කියන එකට නෙවෙයි හීලෑ අලි ඇතුන් ඇතිකිරීම කියන පුළුල් කාරණයට අපි විරුද්ධ වෙමු...
///පෙරහැරේ යාම කියන එකට නෙවෙයි හීලෑ අලි ඇතුන් ඇතිකිරීම කියන පුළුල් කාරණයට අපි විරුද්ධ වෙමු.../////
Deleteසහතිකෙන්ම.
උන්වත් කැලේට අතහැරියොත්?...ඒ පැතිවල පදිංචි මිනිස්සුන්ව හීලෑ කරලා අලි මුදලාලිලාට බලා ගන්න කියමු.:D
වල් අලියද අලි මහත්තයා ද කියල නෑ තුෂානි.. අලියෙක්ගෙන් අහල බලන්න ඒ විදින කරදර ගොඩ.. ඒක මහ අලි කරදරයක්ම තමා...
Deleteනගාගෙ දැනුවත් භාවය බොහොම මදි කියලා දිලා තියෙන උත්තරෙන් පේනවා...අලියා බොහොම හිරිහැර විදිනවා පෙරහැර නිසා...මම සවිස්තරව ඒ ගැන කියලා දෙන්නම්...
Deleteමම කිව්වේ මගේ අදහස. හා හා කියලා දෙන්නකෝ දැනුවත් භාවය වැඩි කරගන්න...
Deleteඅන්න හරි තුෂානි... එහෙම තමා ඉන්න ඕන. නැත්නං අර පඩි ටොක් දෙන බ්ලොග් සක්විත්තෝ කියල හිතන් ඉන්න අය වගේ වෙන්න එපා.. ඔබට සුභයි..
Deleteදේශකයගෙ කතාවට මාත් එකඟයි. පෙරහැර කියන්නෙ රටේ සංස්කෘතික අංගයක් තමයි. ඒ උනත් ඒ නිසා අලි ඇතුන්ට වෙන හිරිහැරවල අඩුවක් නෑ. අපිට ලස්සනට පෙරහැරේ යනවා වගේ පෙනුනට උන්ට සෑහෙන්න දුක් විඳින්න වෙනවා. මම ඒක හොඳටම දැකල තියෙනවා.
ReplyDeleteකැළණි විහාරේ වඳින්න මාත් ඇවිත් තියෙනවා. ඔයාගෙ සටහන මාව ඒ අතීතයටත් ටිකකට අරගෙන ගියා.
ඔයා කියන දේට මම එකඟ නොවෙනවා නෙවෙයි.. ඒකේ පැති කීපයක්ම තියෙනවා. පාරම්පරික සංස්කෘතිකමය දේ ඉදිරයටත් රැකගෙන යන්න ඒ දේවල අපිට කරන්න වෙනවා. කොහොමවුනත් හීලෑ අලි ඇතුන් ඇතිකිරීම කියන කාරණයට නම් එකඟ නෑ.
Deleteසටහන අතීත මතකයකට අරන් ගියා කියල අහන්න ලැබීම සතුටක්.
නංගි බොහොම වැදගත් කියන ලිපියක් තමයි අද ලියලා තියෙන්නෙ...එහෙත් වර්තමාන කැලණියෙ තියෙන ජරා ජීරණ වෙච්ච දේශපාලන සංස්කෘතියත් එක්ක මේ කියන විභීෂන දෙවියා ඔය පැත්තට නෑවිදින්ම ඇති කියලයි මට හිතෙන්නෙ...කප්පං කාරයො/මිනීමරුවො/චණ්ඩි තමයි දැන් ඔය පළාතෙ ප්‍රධාන දායකයො...
ReplyDeleteහුඟක් ස්තූතියි..
Deleteපූජා භූමියක් වෙලත් කැලණියට අද එල්ල වෙලා තියන දේශපාලන බලපෑම් ගැන කතා කරන එකත් ශෝචනීයයි. සිරා අයිය කිව්වත් වගේ විභීෂන දෙවියන් මේ ගැන නොබලන්නේ ඇයි කියලා මටත් හිතිලා තියෙනවා..
ගොඩක් අසාවෙන් ඉන්නෙ ඔය වගේ පෙරහරක් බලන්න..
ReplyDeleteකොහොමහරි අවස්ථාවක් හොයා ගන්න උත්සාහ කරන්න.
Deleteසජීවීව බලන්න බැරි වුනත් අන්තර්ජාලය ඔස්සේ හරි ඒ අවස්ථාව උදා කරගන්න පුලුවන්නේ...
ඇත්තම කියනවනම් පෙරහැරක් බලපු කාලයක් මතක නැහැ..
ReplyDeleteහ්ම් ... එහෙමද .. මේ අවුරුද්දෙවත් පෙරහැරක් බලන්න එහෙනම්...
Deleteමර්වින් සිල්වාව බස්නායක නිලමේ කරානම් නියම පෙරහැරක් බලන්න තිබුනා.:D
ReplyDeleteරසවත් ලිපියක්. මම කිහිප වතාවක්ම බලලා තියෙනවා. මගේ යාළුවෙක් පෙරහැරේ බෙර ගැහුවා.
දේශපාලන බලපෑම් ගැන නම් කතා කරලා වැඩක් නෑ...
Deleteබොහොමත්ම ස්තූතියි... පුංචි කාලේ ඉදන්ම පෙරහැර බලන්න මාත් හරිම ආසයි...
පෙරහැර බැලුවද තුශා....
ReplyDeleteඅපි ඉතිං දුර බැහැර ඇත්තො නෙව..
අගේ ඇති ලිපියක්...
ඔව් රෙහානි බැලුවා ...
Deleteකැලණි විහාරය වඳින්න වෙලාවක එන්න ...
අපිටත් එන්න කියන්නකෝ.. අපිත් එනවා. මොකද සිංහාරමුල්ල කාල් ගෑව කොල්ලෝ අපි හරිය...
Deleteහරි හරි දේශකතුමාත් එන්නකෝ... හැබැයි දේශිකත් එක්ක තමයි එන්න ඕනේ හොදද ..
Deleteඑතකොට තමා අවුල.. හැක් හැක්..
Deleteමම නම් ගෑල්ලමයත්තෙක්ක ගියපු තරමක් ගියේ කැළණි විහාරෙට..
ReplyDeleteපෙරහැර බලන්ඩ එන්ඩ ආසයි. ඒත් කොයි... යන්ඩ එන්ඩ වාහනයක් නෑ නේ.
ලබන අවුරුද්දෙ කොහොමහරි ගෑණු ළමයත් එක්කම එන්නකො පෙරහැර බලන්න....
Deleteමගේ ආසාව තියෙන්නේ පෙරහැර බලන්ඩ නෙමේ. ගෑල්ලමයෙකුත්තෙක්ක ශ්‍රී මහා බෝධිය වඳින්ඩ.
Deleteපෙරහැර හොඳයි කැලණිය තමයි අප්සට් දැන් හොඳවෙයි කියලා හිතනවා
ReplyDeleteම්.. ඔව්. කැලණියත් හොඳවෙයි.. අපි එහෙම ප්‍රාර්ථනා කරමු..
Delete