Tuesday, February 4, 2014

සැබෑ නිදහස ...




නිම් වළලු නොපෙනෙනා ගුවන සිසාර පියඹා යන සියොතුන්
පවසාවි නිදහසේ සැහැල්ලුව

ඈත දියඹේ දඟකාරකම් කරමින් පීනා යන මත්ස්‍යයින්
පවසාවි නිදහසේ  අපූර්වත්වය

ශීත කඳු ශිකරයන් මත හුදකලාවූ තුරු පන්ති
පවසාවි නිදහසේ  චමත්කාරය 


අලුයමේ දිවාකර රශ්මියට විකසිත වු රත් පියුම්
පවසාවි නිදහසේ  සුන්දරත්වය

මද පවනෙ පහස විඳ දැල්වෙනා පහන් ටැඹ
පවසාවි නිදහසේ  ආලෝකය 


ජය කෙහෙළි ඝෝශා මැද ඉහළ නැගි ධජ පතාකයන්
පවසාවි නිදහසේ  අභිමානය

මහී කත ලෙයින් තෙත් කර දිවි පිදූ විරු පුතුන්
පවසාවි නිදහසේ  ප්‍රෞඩත්වය ...

31 comments:

  1. දැනු ඉතින් නිදහස කියන්නෙ කතා ටිකක් පවත්තල කාල බීල නටල කරල විසිරිලා යන එකටනේ....

    ReplyDelete
    Replies
    1. නිදහසේ සැබෑ අර්ථය දැන් අමතක වෙලා ගිහින් ...

      Delete
    2. ඒකනම් ඇත්ත දිලිනියෝ

      Delete
    3. ඔව් ඔමායා ... 67 වෙනි නිදහස් සැමරුමත් ඒ විදිහම වේවී..

      Delete
  2. අදවෙනකොට එකත් අවුරුද්දකට සැරයක් පවත්වන උත්සවයක් විතරයි. කොහොමත් ආණ්ඩුවයි ,ජනතාවයි දෙගොල්ලොම දයට කිරුළට උනන්දු වෙනවා මීට වඩා

    ReplyDelete
    Replies
    1. නිදහස් දවස තවත් එක නිවාඩු දවසක් පමනක් වෙලා.

      Delete
  3. Replies
    1. නිදහස නිදහසේ සමරමු ...

      Delete
  4. අනේ මන්ද ඔය කියන නිදහසේ එච්චර දෙයක් තියනවද කියල,අපි නිදහස් නොවී හිටියනං හොඳයි කියල ඔයාට හිතෙන්නෙ නැද්ද,මගෙ ගොන්කමටද මන්ද මට දැන් දැන් එහෙම හිතෙනවනෙ.
    ඔන්න මේ කතාව නං කා එක්කවත් කියන්න එපා නිර්භීත දේශප්‍රේමියො පොලු මුගුරු අරං එයි මාව මරන්න.

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ නිදහස් නොවී හිටිය නම් හොඳයි කියලා මටත් දැන් හිතෙනවා...

      ෂ්.... හැලපතුමා කෑ ගහන්න එපා නිර්භීත දේශප්‍රේමීන්ට ඇහෙයි...

      Delete
  5. තම හිතට හිතට අවංකව නිදහසක් දැනේද එදා තමයි මගේ නිදහස.

    ReplyDelete
    Replies
    1. ඔව්.... හිතට නිදහසක් දැනෙනේ නැත්නම් මොන තරම නිදහසක් තිබුනත් වැඩක් නෑ...

      Delete
  6. මොන නිදහසක්ද නගෝ...සෙබලු ටිකයි...ටීචර්ලයි...දරු දැරියොයි දවස් ගානක් අව්වෙ වේලලා...රජා සහ පුරෝහිතයො තමන්ගෙ අඹුදරුවො එක්ක අව් කණ්නාඩි දාගෙන සිහිල් සෙවනේ සිට උදාරම් ලීලාවෙන් බලා සිටිනා ඉසව්වකට නොවැ නිදහස කියලා අද කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා අයියේ.. පැය තුන හතරක වැඩේට දවස් ගානක් කට්ටිය මහන්සි වෙන හැටි නම් අත්දැකීමෙන්ම දන්නවා. ඉස්කෝලේ යන කාලේ තුශානිටත් නිදහස් උත්සවේ ජය මංගල ගාථා කියන්න යන්න අවස්ථාව ලැබුනනේ..

      Delete
  7. දැන් මිනිස්සු නිදහස ගැන වැඩිය හිතන්නේ නෑ.. සතිය මැද නිවාඩු දවසක් එනකන් බලාගෙන ඉන්නවා විතරයි..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. නිදහස් දවසක් තවත් එක නිවාඩු දවසක් වෙලා..

      Delete
  8. අනේ බොගෙ නිදහස බාං...ඔක හින්ද අවුරද්දකට සැරයක් අපි මාසයක් විතර දුක් විදිනව විතරයි හයියූ... එහෙම දවසෙත් අපිට නිදහසක් නෑනෙ.. ලෙප්ට් රයිට් ලෙප්ට් රයිට්.... තූ....

    ReplyDelete
    Replies
    1. හ්ම්...හරි හරි.. අපි හැම කෙනෙක්ම එකම විදිහට හිතන්නේ නෑනේ.. එකම දේ වුනත් එක එක්කෙනා දකින විදිහ වෙනස්..

      හැබැයි ඔයා නිදහස සමරන්නේ ටිකක් තරහෙන් කියල නම් පේනවා...

      කොහොම වුනත් සාදරෙන් පිළිගන්නවා තුශනිගේ බ්ලොග් එකට...

      Delete
  9. නිදහසේ සැමරුම නිදහසේ රැවටුමක් වෙලා නේද .......

    ReplyDelete
    Replies
    1. ඔව්.. නිදහසේ සැබෑ අර්ථය අද දකින්න නෑ.

      ඔන්න තුශානි සුභාෂ්වත් සාදරෙන් පිළිගත්තා.. දිගටම එන්න..

      Delete
  10. ඔව් දැං අපි නිදහස්... ඒකනේ තාම පොදු රාජ්‍ය මන්ඩලයද මොකක්ද එකක ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. නිදහස් නිසා වෙන්න ඇති..

      Delete
  11. මමනම් දකින්නෙ මේ දවස අපි සමරන්න ඕනෙ කියල..එත් දැන් ඒක සමරන විදිය පොඩ්ඩක් අවුල් වගේ..

    ReplyDelete
    Replies
    1. නිදහස සමරන්න ඕනේ කියන එක මමත් පිලිගන්නවා.. සමරන විදිහෙ වෙනසක් වෙන්න ඕනේ...

      Delete
  12. //ශීත කඳු ශිකර මුදුනක හුදකලාවූ තුරු පන්ති
    //පවසාවි නිදහසේ චමත්කාරය


    අපිත් ඕක අත්වින්ඳා නිදහස් දවසේ අලගල්ල නැගලා. :)

    ReplyDelete
    Replies
    1. ෂා.. හරිම ශෝක්නේ...

      විස්තර කියලා ලඟදිම පොස්ට් එකක් දාන්න..

      Delete
    2. ලියලා තියෙන්නේ... අද හවසට දාන්න ඉන්නේ.. පින්තූර ටික තාම මගනේ... :)

      Delete
  13. නිදහසේ පියා කියන ඩී.එස්.සේනනායකව යුඇන්පියෙන් සරමනවා...නිදහසේ බාප්පා කෑගල්ලේ සරමනවා. අපි සරම නවා ගෙන නිදියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්... නියම නිදහස් සැමරුමක් අද නෑ කියලයි මටත් හිතෙන්නේ...

      Delete
  14. නිදහස ලංකාවේ මිනිස්සු බුක්ති විදිනවාද ?අනේ මන්දා තව ටික කාලෙකින් ඉංග්‍රිසි\ලන්දේසි\පෘතුග්‍රිසි වගේ චීනත් ලංකාව තමන්ගේ වහල් කමට ගනී කියලයි මට හිතෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ම්... ණය ගෙවා ගන්න බැරි වුනොත් ඒ දේත් සිද්ධ වෙන්න බැරි නෑ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...